දුතියසඞ‍්ගාමසුත‍්තං
3. 2. 5.
3. 2. 5.
දුතියසඞ‍්ගාමසුත‍්තං.
දුතීය සඞ්ගාම සූත්‍රය
126. සාවත්‍ථියං–
126. සැවැත්නුවර–
අථ ඛො රාජා මාගධො අජාතසත‍්තු වෙදෙහිපුත‍්තො චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නය‍්හිත්‍වා රාජානං පසෙනදිං කොසලං අබ‍්භුය්‍යාසි යෙන කාසි. අස‍්සොසි ඛො රාජා පසෙනදි කොසලො රාජා කිර මාගධො අජාතසත‍්තු වෙදෙහිපුත‍්තො චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නය‍්හිත්‍වා මමං අබ‍්භුය්‍යාතො යෙන කාසීති.
එකල්හි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ පසේනදි කොසොල් රජුහට විරුද්ධ ව කසීගම කරා ඉදිරියට ගියේ ය. පසේනදි කොසොල් තෙමේ “මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මට විරුද්ධ ව කසීගම කරා ඉදිරියට පැමිණියේ යැ යි” ඇසීය.
අථ ඛො රාජා පසෙනදි කොසලො චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නය‍්හිත්‍වා රාජානං මාගධං අජාතසත‍්තුං වෙදෙහිපුත‍්තං පච‍්චුය්‍යාසි යෙන කාසි. අථ ඛො රාජා ච මාගධො අජාතසත‍්තු වෙදෙහිපුත‍්තො රාජා ච පසෙනදි කොසලො සඞ‍්ගාමෙසුං. තස‍්මිං ඛො පන සඞ‍්ගාමෙ රාජා පසෙනදි කොසලො රාජානං මාගධං අජාතසත‍්තුං වෙදෙහිපුත‍්තං පරාජෙසි, ජීවග‍්ගාහඤ‍්ච නං අග‍්ගහෙසි.
ඉක්බිති පසේනදි කොසොල්රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාසත්තු රජුහට විරුද්ධ ව කසීගම කරා ඉදිරියට ගියේ ය. එකල්හි මගධාධිපති වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ ද පසේනදි කොසොල්රජ තෙමේ ද යුද කළහ. ඒ යුදෙහි දී පසේනදි කොසොල්රජ තෙමේ මගධාධිපති වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජු පැරද විය. ජීවග්‍රාහයෙන් ද ඔහු අල්ලා ගත්තේ ය.
අථ ඛො රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස එතදහොසි: කිඤ‍්චාපි ඛො ම්‍යායං රාජා මාගධො අජාතසත‍්තු වෙදෙහිපුත‍්තො අදුබ‍්භන‍්තස‍්ස දුබ‍්භති. අථ ච පන මෙ භාගිනෙය්‍යො හොති. යන‍්නූනාහං රඤ‍්ඤො මාගධස‍්ස අජාතසත‍්තුනො වෙදෙහිපුත‍්තස‍්ස සබ‍්බං හත්‍ථිකායං පරියාදියිත්‍වා සබ‍්බං අස‍්සකායං පරියාදියිත්‍වා සබ‍්බං රථකායං පරියාදියිත්‍වා සබ‍්බං පත‍්තිකායං පරියාදියිත්‍වා ජීවන‍්තමෙව නං ඔස‍්සජ‍්ජෙය්‍යන‍්ති.
එකල්හි පසේනදි කොසොල් රජහට මේ අදහස විය: මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ කිසිසේත් ද්‍රෝහ නො කරණ මට ද්‍රෝහ කෙරෙයි. එතකුදු වුවත් මාගේ බෑනනුවෝ වෙති. මම මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජහුගේ සියලු ඇත්සෙනඟ පැහැර ගෙණ , සියලු අස්සෙනඟ පැහැර ගෙණ, සියලු රිය සෙනඟ පැහැර ගෙණ, සියලුපාබල සෙනඟ පැහැර ගෙණ ඔහු ජීවත් වන්නහු ම මුදා හරණෙම් නම් මැනව යි කියා යී.
අථ ඛො රාජා පසෙනදි කොසලො රඤ‍්ඤො මාගධස‍්ස අජාතසත‍්තුනො වෙදෙහිපුත‍්තස‍්ස සබ‍්බං හත්‍ථිකායං පරියාදියිත්‍වා -පෙ- ජීවන‍්තමෙව නං ඔස‍්සජ‍්ජි.
ඉක්බිති පසේනදි කොසොල්රජ තෙමේ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජුගේ සියලු ඇත් සෙනඟ පැහැර ගෙණ … ඔහු ජීවත්වන්නහු ම මුදා හළේ ය.
අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පවිසිංසු. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං:
ඉක්බිති බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ:
ඉධ භන‍්තෙ, රාජා මාගධො අජාතසත‍්තු වෙදෙහිපුත‍්තො චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නය‍්හිත්‍වා රාජානං පසෙනදිං කොසලං අබ‍්භුය්‍යාසි යෙන කාසි. අස‍්සොසි ඛො භන‍්තෙ, රාජා පසෙනදි කොසලො -පෙ- කාසීති. අථ ඛො භන‍්තෙ, රාජා පසෙනදි කොසලො චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නය‍්හිත්‍වා රාජානං මාගධං අජාතසත‍්තුං වෙදෙහිපුත‍්තං පච‍්චුය්‍යාසි යෙන කාසි. අථ ඛො භන‍්තෙ, රාජා ච මාගධො අජාතසත‍්තු වෙදෙහිපුත‍්තො රාජා ච පසෙනදි කොසලො සඞ‍්ගාමෙසුං. තස‍්මිං ඛො පන භන‍්තෙ, සඞ‍්ගාමෙ රාජා පසෙනදි කොසලො රාජානං මාගධං අජාතසත‍්තුං වෙදෙහිපුත‍්තං පරාජෙසි, ජීවග‍්ගාහඤ‍්ච නං අග‍්ගහෙසි.
වහන්ස, මෙහි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ පසේනදි කොසොල්රජුට විරුද්ධව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, පසේනදි කොසොල් රජ තෙමේ … කසීගම කරා ඉදිරියට පැමිණියේ ය යි ඇසී ය. වහන්ස, ඉක්බිති පසේනදි කොසොල්රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මගධාධිපති වේදේහිපුත්‍ර අජාතසත්තු රජුට විරුධ ව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, ඉක්බිති මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ ද, පසේනදි කොසොල් රජ තෙමේ ද යුධ කළ හ. වහන්ස, ඒ යුදෙහි දි පසේනදි කොසොල් රජ තෙමේ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජු පැරද විය. ඔහු ජීවග්‍රාහයෙන් ද අල්ලා ගත්තේ ය.
අථ ඛො භන‍්තෙ, රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස එතදහොසි: කිඤ‍්චාපි ඛො ම්‍යායං රාජා මාගධො අජාතසත‍්තු වෙදෙහිපුත‍්තො අදුබ‍්භන‍්තස‍්ස දුබ‍්භති, අථ ච පන මෙ භාගිනෙය්‍යො හොති. යන‍්නූනාහං රඤ‍්ඤො මාගධස‍්ස අජාතසත‍්තුනො වෙදෙහිපුත‍්තස‍්ස සබ‍්බං හත්‍ථිකායං පරියාදියිත්‍වා සබ‍්බං අස‍්සකායං සබ‍්බං රථකායං පරියාදියිත්‍වා සබ‍්බං පත‍්තිකායං පරියාදියිත්‍වා ජීවන‍්තමෙව නං ඔස‍්සජ‍්ජෙය්‍යන‍්ති. අථ ඛො භන‍්තෙ, රාජා පසෙනදි කොසලො රඤ‍්ඤො මාගධස‍්ස අසතජාතසත‍්තුනො වෙදෙහිපුත‍්තස‍්ස සබ‍්බං හත්‍ථිකායං පරියාදියිත්‍වා සබ‍්බං අස‍්සකායං පරියාදියිත්‍වා සබ‍්බං රථකායං පරියාදියිත්‍වා සබ‍්බං පත‍්තිකායං පරියාදියිත්‍වා ජීවන‍්තමෙව නං ඔස‍්සජ‍්ජි.
වහන්ස, ඉක්බිති පසේනදි කොසොල් රජහට මේ අදහස විය: “මගධාධිපති වේදේහිපුත්‍ර මේ අජාතසත්තුරජ තෙමේ කිසිසේත් ද්‍රෝහ නො කරන්නා වූ මට ද්‍රෝහ කෙරෙයි. එතෙකුදු වුවත් මාගේ බෑනනුවෝ වෙති. මම මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජහුගේ සියලු ඇත්සෙනඟ පැහැර ගෙණ , සියලු අස්සෙනඟ පැහැර ගෙණ, සියලු රියසෙනඟ පැහැර ගෙණ, සියලු පාබළ සෙනඟ පැහැර ගෙණ ඔහු ජීවත්වන්නහු ම මුදා හරණෙම් නම් මැනවැ” යි කියා යි. වහන්ස, ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජුගේ සියලු ඇත්සෙනඟ පැහැර අල්ලා ගෙණ, සියලු අස්සෙනඟ පැහැර අල්ලා ගෙණ, සියලු රිය සෙනඟ පැහැර අල්ලා ගෙණ, සියලු පාබලසෙනඟ පැහැර අල්ලා ගෙණ ඔහු ජීවත් වන්නහු ම මුදා හළේ ය.
අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි දී මේ ගාථා වදාළ සේක:
විලුම‍්පතෙව පුරිසො යාවස‍්ස උපකප‍්පති, යදා චඤ‍්ඤෙ විලුම‍්පන‍්ති සො විලුත‍්තො විලුප‍්පති.
යම් තාක් ඔහුට හැකි වේ ද, (ඒ තාක්) පුරුෂ තෙමේ වනසා ම ය. යම් කලෙක අන්‍යයෝ (තමා) නසද්ද, එකල්හි ඒ (මෙරමා) නැසූ පුද්ගල තෙමේ (මෙරමා විසින්) නසනු ලැබේ.
ඨානං හි මඤ‍්ඤති බාලො යාව පාපං න පච‍්චති, යදා ච පච‍්චති පාපං අථ බාලො දුක‍්ඛං නිගච‍්ඡති.
යම් තාක් පාපය විපාක නො දේ ද, (ඒ තාක්) අඥාන තෙමේ (සතුටට) කරුණකැ යි හඟී. යම් කලෙකත් පාපය විපාක දේ ද, එකල්හි අඥාන තෙමේ දුකට පැමිණේ.
හන‍්තා ලභති හන‍්තාරං ජෙතාරං ලභතෙ ජයං, අක‍්කොසකො ච අක‍්කොසං රොසෙතාරඤ‍්ච රොසකො, අථ කම‍්මවිවට‍්ටෙන සො විලුත‍්තො විලුප‍්පතීති.
(මෙරමා) නසන්නා (තමා) නසන්නකු ලබයි, (මෙරමා) දිනන්නා (තමා) දිනන්නකු ලබයි. ආක්‍රෝශ කරන්නා ආක්‍රෝශ කරන්නකු ලබයි. කිපෙන්නා කිපෙන්නකු ලබයි. තව ද කර්‍මය මිහි කිරීමෙන් ඒ (මෙරමා) නැසූ පුද්ගල තෙමේ (මෙරමා විසින්) නසනු ලැබේ.