පඨමසඞ්ගාමසුත්තං
3. 2. 4.
3. 2. 4.
පඨමසඞ්ගාමසුත්තං.
පඨමසඞ්ගාම සූත්‍රය
125. සාවත්ථියං–
125. සැවැත්නුවර–
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං පසෙනදිං කොසලං අබ්භුය්යාසි යෙන කාසි.
එකල්හි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාසත්තු රජ තෙමේ සිවුරඟ සෙනග (සන්නාහ) සන්නද්ධ කොට ගෙණ පසේනදි කොසොල් රජුට විරුද්ධ ව යුධ පිණිස කසී ගම කරා ඉදිරියට ගියේ ය.
අස්සොසි ඛො රාජා පසෙනදි කොසලො “රාජා කිර මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මමං අබ්භුය්යාතො යෙන කාසී”ති. අථ ඛො රාජා පසෙනදි කොසලො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පච්චුය්‍යාසි යෙන කාසි.
පසේනදි කොසොල් රජ තෙමේ “මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ සිවුරඟ සෙනඟ සරසා ගෙන මට විරුද්ධ ව යුධ පිණිස කසී ගම කරා පැමිණියේ ය”යි ඇසී ය. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසවා ගෙණ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජුට විරුද්ධ ව කසී ගම කරා යුධ පිණිස ඉදිරියට ගියේ ය.
අථ ඛො රාජා ච මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජා ච පසෙනදි කොසලො සඞ්ගාමෙසුං. තස්මිං ඛො පන සඞ්ගාමෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජානං පසෙනදිං කොසලං පරාජෙසි. පරාජිතො ච රාජා පසෙනදි කොසලො සකමෙව රාජධානිං සාවත්ථිං පායාසි.
මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ ද, පසේනදි කොසොල්රජ තෙමේ ද යුධ කළ හ. ඒ යුදෙහි දී මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ පසේනදි කොසොල්රජු පැරදවී ය. පැරදුනු පසේනදි කොසොල්රජ තෙමේ ස්වකීය රාජධානිය වූ සැවැත්නුවර ම පෙරළා ගියේ ය.
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං:
ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරු හැඳ පොරොව පා සිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත් පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
ඉධ භන්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං පසෙනදිං කොසලං අබ්භුය්යාසි යෙන කාසි. අස්සොසි ඛො භන්තෙ රාජා පසෙනදි කොසලො “රාජා කිර මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මමං අබ්භුය්යාතො යෙන කාසී”ති. අථ ඛො භන්තෙ රාජා පසෙනදි කොසලො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පච්චුය්‍යාසි යෙන කාසි. අථ ඛො භන්තෙ රාජා ච මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජා ච පසෙනදි කොසලො සඞ්ගාමෙසුං.
වහන්ස, මෙහි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ පසේනදි කොසොල් රජුට විරුද්ධව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, පසේනදි කොසොල් රජ තෙමේ “මගධේශ්වර වූ වේදේහිතපුත්ර අජාතසත්තු තෙමේ මට විරුද්ධව යුධ පිණිස සිවුරඟ සෙනඟ සරසා ගෙණ කසීගම කරා ඉදිරියට ගියේ ය”යි ඇසී ය. වහන්ස, ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සිවුරඟ සෙනඟ සරසා ගෙණ මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තු රජුට විරුද්ධ ව යුධ පිණිස කසීගම කරා ඉදිරියට ගියේ ය. වහන්ස, එකල්හි මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ ද, පසේනදි කොසොල් රජ තෙමේ ද යුද කළ හ.
තස්මිං ඛො පන භන්තෙ, සඞ්ගාමෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජානං පසෙනදිං කොසලං පරාජෙසි. පරාජිතො ච භන්තෙ, රාජා පසෙනදි කොසලො සකමෙව රාජධානිං සාවත්ථිං පායාසීති.
වහන්ස, ඒ යුදෙහි දී මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ පසේනදි කොසොල් රජ පැරද වීය. වහන්ස, පැරදුන පසේනදි කොසොල් රජ තෙමේ සිය රාජධානිය වූ සැවැත්නුවරට ම පෙරළා ගියේ ය.
රාජා භික්ඛවෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො පාපමිත්තො පාපසහායො පාපසම්පවඞ්කො. රාජා ච ඛො භික්ඛවෙ, පසෙනදි කොසලො කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. අජ්ජතඤ්ච භික්ඛවෙ රාජා පසෙනදි කොසලො ඉමං රත්තිං දුක්ඛං සෙස්සති පරාජිතොති.
මහණෙනි, මගධේශ්වර වූ වේදේහිපුත්‍ර අජාතසත්තුරජ තෙමේ පවිටු මිතුරන් ඇත්තේ ය. පවිටු යහළුවන් ඇත්තේ ය. පවිටන් කෙරෙහි නැමුනේ ය. මහණෙනි, පසේනදි කොසොල් රජ තෙමේ කලණ මිතුරන් ඇත්තේ ය. කලණ යහළුවන් ඇත්තේ ය. කලණයන් කෙරෙහි නැමුනේ ය. මහණෙනි, පසේනදි කොසොල්රජ තෙමේ පැරදුනේ අද මේ රැයත් දුක සේ හොවින්නේ ය.
ජයං වෙරං පසවති දුක්ඛං සෙති පරාජිතො, උපසන්තො සුඛං සෙති හිත්වා ජයපරාජයන්ති.
දිනන්නේ වෛරී ජනයා ලබයි. පැරදුනේ දුක සේ වෙසෙයි. දිනුම් පැරදුම් දෙක හැර සන්සිදුනේ සුව සේ වෙසෙයි.