දොණපාකසුත්තං
3. 2. 3.
3. 2. 3.
දොණපාකසුත්තං.
දෝණපාක සූත්‍රය
124. සාවත්ථියං–
124. සැවැත්නුවර–
තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො දොණපාකං සුදං පරිභුඤ්ජති. අථ ඛො රාජා පසෙනදි කොසලො භුත්තාවී මහස්සාසී යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ තිඹක්සාලෙහි බත අනුභව කෙරෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ අනුභව කළේ මහත් කොට සුසුම් හෙළන සුලු වූයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.
අථ ඛො භගවා තං රාජානං පසෙනදිං කොසලං භුත්තාවිං මහස්සාසිං විදිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පසේනදි කොසොල් රජු, අනුභව කළහු, මහත් කොට සුසුම් හෙළන්නහු දැන ඒ වේලාවෙහි මේ ගාථාව වදාළ සේක:
මනුජස්ස සදා සතීමතො මත්තං ජානතො ලද්ධභොජනෙ, තනු තස්ස භවන්ති වෙදනා සනිකං ජීරති ආයුපාලයන්ති.
හැම කල්හි සිහි ඇති, ලද බොජුන්හි පමණ දන්නා ඒ මිනිසාගේ (දුඃඛ) වේදනාවෝ තුනී වෙත්. (වැළඳු අහර) සෙමෙන් දිරයි. ආයුෂ රක්නේ ය.
තෙන ඛො පන සමයෙන සුදස්සනො මාණවො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පිට්ඨිතො ඨිතො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො සුදස්සනං මාණවං ආමන්තෙසි: “එහි ත්වං, තාත සුදස්සන, භගවතො සන්තිකෙ ඉමං ගාථං පරියාපුණිත්වා මම භත්තාභිහාරෙ භාස. අහඤ්ච තෙ දෙවසිකං කහාපණසතං නිච්චභික්ඛං පවත්තයිස්සාමීති.” එවං දෙවාති ඛො සුදස්සනො මාණවො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පටිස්සුත්වා භගවතො සන්තිකෙ ඉමං ගාථං පරියාපුණිත්වා පසෙනදිස්ස කොසලස්ස භත්තාභිහාරෙ සුදං භාසති:
එකල්හි සුදස්සන මාණවක තෙමේ කොසොල් රජු පිටිපස සිටියේ වෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ සුදස්සන මාණවකයා ඇමතී ය. දරුව, සුදස්සන, එව තෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය පිරිවහා මා බත් වළඳන කල්හි කියව. මම ද තට දවස් පතා කහවණු සියයක් නිත්‍ය භික්ෂාවක් (=වැටුපක්) පවත්වන්නෙමි යි. එසේ ය, දේවයන් වහන්සැ යි සුදස්සන මාණවක තෙමේ පසේනදී කොසොල් රජහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව පිරිවහා පසේනදි කොසොල් රජ බත් වළඳන කල්හි කියයි:
“මනුජස්ස සදා සතීමතො මත්තං ජානතො ලද්ධභොජනෙ, තනු තස්ස භවන්ති වෙදනා සනිකං ජීරති ආයුපාලයන්ති.”
“හැම කල්හි සිහි ඇති, ලද බොජුන්හි පමණ දන්නා ඒ මිනිසාගේ (දුඃඛ) වේදනාවෝ තුනී වෙත්. (වැළඳු අහර) සෙමෙන් දිරයි. ආයුෂ රක්නේයි.”
අථ ඛො රාජා පසෙනදි කොසලො අනුපුබ්බෙන නාළිකොදනපරමතාය සණ්ඨාසි. අථ ඛො රාජා පසෙනදි කොසලො අපරෙන සමයෙන සල්ලිඛිතගත්තො පාණිනා ගත්තානි අනුමජ්ජන්තො තායං වෙලායං ඉමං උදානං උදානෙසි: “උභයෙන වත මං සො භගවා අත්ථෙන අනුකම්පි, දිට්ඨධම්මිකෙන චෙව අත්ථෙන සම්පරායිකෙන චා”ති.
ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ පිළිවෙළින් සහල් නැළියක බත වැඩි ම ආහාරය කොට ඇති බැව්හි සිටියේ ය. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ පසු කලෙක සැහැල්ලු සිරුරු ඇත්තේ අතින් ශරීරාවයවයන් පිරිමදනේ ඒ වේලාවෙහි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙලොව අභිවෘද්ධියෙන් ද, පරලොව අභිවෘද්ධියෙන් ද යන උභයාර්‍ත්‍ථයෙන් ම මට අනුකම්පා කළ සේකැ” යි මේ ප්‍රීති වාක්‍යය පහළ කළේ ය.