යෙදුමෙන් කියවන්න

පඤ‍්චරාජසුත‍්තං

3. 2. 2.

3. 2. 2.

පඤ‍්චරාජසුත‍්තං.

පඤ්චරාජ සූත්‍රය

123. සාවත්‍ථියං–

123. සැවැත්නුවර–

තෙන ඛො පන සමයෙන පඤ‍්චන‍්නං රාජූනං පසෙනදිපමුඛානං පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතානං සමඞ‍්ගීභූතානං පරිචාරයමානානං අයමන‍්තරා කථා උදපාදි: කින‍්නු ඛො කාමානං අග‍්ගන‍්ති?

එකල්හි පස්කම්ගුණයෙන් පිණා ගියා වූ එයින් යුක්ත වූ ඉඳුරන් පිණවන්නා වූ පසේනදි කොසොල් රජුන් ප්‍රමුඛ කොට ඇති පස් රජුන් අතර “කාමවස්තු අතුරෙන් කුමක් අග්‍ර ද?” යන මේ අතුරු කතාව පහළ විය.

තත්‍රෙකච‍්චෙ එවමාහංසු: රූපා කාමානං අග‍්ගන‍්ති. එකච‍්චෙ එවමාහංසු: සද‍්දා කාමානං අග‍්ගන‍්ති. එකච‍්චෙ එවමාහංසු: ගන්‍ධා කාමානං අග‍්ගන‍්ති. එකච‍්චෙ එවමාහංසු: රසා කාමානං අග‍්ගන‍්ති. එකච‍්චෙ එවමාහංසු: ඵොට‍්ඨබ‍්බා කාමානං අග‍්ගන‍්ති. යතො ඛො තෙ රාජානො නාසක‍්ඛිංසු අඤ‍්ඤමඤ‍්ඤං සඤ‍්ඤාපෙතුං. අථ ඛො රාජා පසෙනදි කොසලො තෙ රාජානො එතදවොච: ආයාම මාරිසා යෙන භගවා තෙනුපසඞ‍්කමිස‍්සාම. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතමත්‍ථං පටිපුච‍්ඡිස‍්සාම. යථා නො භගවා ව්‍යාකරිස‍්සති තථා නං ධාරෙස‍්සාමාති

එහි ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් රූපයෝ අග්‍රහ යි මෙසේ කී හ. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් ශබ්දයෝ අග්‍රහ යි මෙසේ කී හ. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් ගන්‍ධයෝ අග්‍රහ යි මෙසේ කී හ. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් රසයෝ අග්‍රහ යි මෙසේ කී හ. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් ස්ප්‍රෂ්ටව්‍යයෝ අග්‍රහ යි මෙසේ කී හ. යම් හෙයකින් ඒ රජවරු ඔවුනොවුන් හඟවන්නට නො හැකි වූහු ද? එකල පසේනදි කොසොල් රජ තෙමේ ඒ රජවරුන්ට “නිදුකානෙනි, යම්හ, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙම්හ. එළඹ භාග්‍යවතුන් වහන්සේගෙන් මේ කරුණ විචාරන්නමෝ යම් පරිද්දෙකින් භාග්‍යවතුන් වහන්සේ අපට විසඳන සේක් ද, එපරිද්දෙන් එය දරන්නෙමු”යි තෙල කී ය.

එවං මාරිසාති ඛො තෙ රාජානො රඤ‍්ඤො පසෙනදිස‍්ස කොසලස‍්ස පච‍්චස‍්සොසුං. අථ ඛො තෙ පඤ‍්ච රාජානො පසෙනදිප‍්පමුඛා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන‍්තං එතදවොච: “ඉධ භන‍්තෙ අම‍්හාකං පඤ‍්චන‍්නං රාජූනං පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතානං සමඞ‍්ගීභූතානං පරිචාරයමානානං අයමන‍්තරා කථා උදපාදි: කින‍්නු ඛො කාමානං අග‍්ගන‍්ති? එකච‍්චෙ එවමාහංසු: රූපා කාමානං අග‍්ගන‍්ති. එකච‍්චෙ එවමාහංසු: සද‍්දා -පෙ- ඵොට‍්ඨබ‍්බා කාමානං අග‍්ගන‍්ති. කින‍්නු ඛො භන‍්තෙ කාමානං අග‍්ග”න‍්ති?

නිදුකානෙනි, එසේ ය යි ඒ රජවරු පසේනදි කොසොල්රජහට පිළිතුරු දුන්හ. ඉක්බිති පසේනදි කොසොල්රජ ප්‍රමුඛ කොට ඇති ඒ පස් රජහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස, මෙහි පස්කම්ගුණෙන් පිණාගියා වූ එයින් යුක්ත වූ ඉඳුරන් හසුරුවන්නා වූ අප පස් රජුන් අතර කාමවතූන් අතුරෙන් කිමෙක අග්‍ර ද” යන මේ අතුරු කතාව පහළ විය. ඇතැම් කෙනෙක් කාමවස්තූන් අතුරෙන් රූපයෝ අග්‍රහ යි මෙසේ කීහ. ඇතැම් කෙනෙක් ශබ්දයෝ … කාමවස්තූන් අතුරෙන් ස්ප්‍රෂ්ටව්‍යයෝ අග්‍රහ යි මෙසේ කී හ. වහන්ස, කාමවස්තූන් අතුරෙන් කිමෙක් අග්‍ර ද?

මනාපපරියන‍්තං ඛ‍්වාහං මහාරාජ පඤ‍්චසු කාමගුණෙසු අග‍්ගන‍්ති වදාමි. තෙ’ව මහාරාජ රූපා එකච‍්චස‍්ස මනාපා හොන‍්ති. තෙ’ව රූපා එකච‍්චස‍්ස අමනාපා හොන‍්ති. යෙහි ච යො රූපෙහි අත‍්තමනො හොති. පරිපුණ‍්ණසඞ‍්කප‍්පො, සො තෙහි රූපෙහි අඤ‍්ඤං රූපං උත‍්තරිතරං වා පණීතතරං වා න පත්‍ථෙති. තෙ තස‍්ස රූපා පරමා හොන‍්ති. තෙ තස‍්ස රූපා අනුත‍්තරා හොන‍්ති.

මහරජ, මම වනාහි පඤ්චකාමගුණයන් අතුරෙන් මනාපය කෙළවර කොට ඇත්තේ අග්‍රය යි කියමි. මහරජ, ඒ රූපයෝ ම ඇතැමකුට මනාප වෙත්. ඒ රූපයෝ ම ඇතැමකුට අමනාප වෙත්. යමෙක් යම් රූපවලින් සතුටු සිත් ඇත්තේ පිරිපුන් සඞ්කල්ප ඇත්තේ වේ ද, හෙ තෙමේ ඒ රූපයන්ට වඩා ඉතා උසස් වූ හෝ ඉතා ප්‍රණීත වූ හෝ අන් රූපයක් නො පතයි. ඔහුට ඒ රූපයෝ උතුම් වෙත්. ඔහුට ඒ රූපයෝ අනුත්තර වෙත්.

තෙ’ව මහාරාජ සද‍්දා -පෙ- තෙ’ව මහාරාජ ගන්‍ධා -පෙ- තෙ’ව මහාරාජ රසා -පෙ- තෙ’ව මහාරාජ ඵොට‍්ඨබ‍්බා එකච‍්චස‍්ස මනාපා හොන‍්ති. තෙ’ව ඵොට‍්ඨබ‍්බා එකච‍්චස‍්ස අමනාපා හොන‍්ති. යෙහි ච යො ඵොට‍්ඨබ‍්බෙහි අත‍්තමනො හොති පරිපුණ‍්ණසඞ‍්කප‍්පො, සො තෙහි ඵොට‍්ඨබ‍්බෙහි අඤ‍්ඤං ඵොට‍්ඨබ‍්බං උත‍්තරිතරං වා පණීතතරං වා න පත්‍ථෙති. තෙ තස‍්ස ඵොට‍්ඨබ‍්බා පරමා හොන‍්ති. තෙ තස‍්ස ඵොට‍්ඨබ‍්බා අනුත‍්තරා හොන‍්තීති.

මහරජ, ඒ ශබ්දයෝ ම … මහරජ, ඒ ගන්‍ධයෝ ම … මහරජ, ඒ රසයෝ ම … මහරජ, ඒ ස්ප්‍රෂ්ටව්‍යයෝ ම ඇතමකුට මනාප වෙත්. ඒ ස්ප්‍රෂ්ටව්‍යයෝ ම ඇතැමකුට අමනාප වෙත්. යමෙක් යම් ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් සතුටු සිත් ඇත්තේ පිරිපුන් සඞ්කල්ප ඇත්තේ වේ ද, හෙ තෙමේ ඒ ස්ප්‍රෂ්ටව්‍යයන්ට වඩා ඉතා උසස් වූ හෝ ඉතා ප්‍රණීත වූ හෝ අන් ස්ප්‍රෂ්ටව්‍යයක් නො පතයි. ඔහුට ඒ ස්ප්‍රෂ්ටව්‍යයෝ උතුම් වෙත්. ඔහුට ඒ ස්ප්‍රෂ්ටව්‍යයෝ අනුත්තර වෙත්.

තෙන ඛො පන සමයෙන චන්‍දනඞ‍්ගලිකො උපාසකො තස‍්සං පරිසායං නිසින‍්නො හොති. අථ ඛො චන්‍දනඞ‍්ගලිකො උපාසකො උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා භගවන‍්තං එතදවොච: පටිභාති මං භගවා, පටිභාති මං සුගතාති.

එකල්හි චන්‍දනඞ්ගලික උපාසක තෙමේ ඒ පිරිස්හි හුන්නේ වේ. ඉක්බිති චන්‍දනඞ්ගලික උපාසක තෙමේ හුනස්නෙන් නැගිට උතුරුසළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි, සුගතයන් වහන්ස, මට වැටහේ ය” යි තෙල සැළ කෙළේ ය:

“පටිභාතු තං චන්‍දනඞ‍්ගලිකා”ති භගවා අවොච.

“චන්‍දනඞ්ගලික , තොපට වැටහේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

අථ ඛො චන්‍දනඞ‍්ගලිකො උපාසකො භගවතො සම‍්මුඛා තදනුරූපාය ගාථාය අභිත්‍ථවි:

ඉක්බිති චන්‍දනඞ්ගලික උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ඊට සුදුසු ගාථායෙන් ස්තුති කළේ ය.

පදුමං යථා කොකනදං සුගන්‍ධං පාතො සියා ඵුල‍්ලමවීතගන්‍ධං, අඞ‍්ගීරසං පස‍්ස විරොචමානං තපන‍්තමාදිච‍්චමිවන‍්තලික‍්ඛෙති.

සුවඳ ඇති රත් පියුම අලුයම පිපුනේ යම්සේ පහ නො වූ සුවඳ ඇත්තේ වන්නේ ද, එසෙයින් අහසෙහි බබලන හිරු මෙන් විරාජමාන වූ බුදුරජානන් වහන්සේ බලව.

අථ ඛො තෙ පඤ‍්ච රාජානො චන්‍දනඞ‍්ගලිකං උපාසකං පඤ‍්චහි උත‍්තරාසඞ‍්ගෙහි අච‍්ඡාදෙසුං. අථ ඛො චන්‍දනඞ‍්ගලිකො උපාසකො තෙහි පඤ‍්චහි උත‍්තරාසඞ‍්ගෙහි භගවන‍්තං අච‍්ඡාදෙසීති.

ඉක්බිති ඒ පස් රජහු උතුරුසළු පසෙකින් චන්‍දනඞ්ගලික උපාසකයා හැඳවූහ. ඉක්බිති චන්‍දනඞ්ගලික උපාසක තෙමේ ඒ උතුරුසළු පසින් භාග්‍යවතුන් වහන්සේ පිදී ය.