යෙදුමෙන් කියවන්න

සත‍්තජටිලසුත‍්තං

3. 2. 1.

3. 2. 1.

සත‍්තජටිලසුත‍්තං.

සත්තජටිල සූත්‍රය

122. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබ‍්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො බහිද‍්වාරකොට‍්ඨකෙ නිසින‍්නො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ‍්කමි; උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි.

122. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පුවරම් නම් මුවරමා පහයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටිසේක් බිහිදොරකොටුවෙහි වැඩහුන් සේක. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.

තෙන ඛො පන සමයෙන සත‍්ත ච ජටිලා සත‍්ත ච නිගණ‍්ඨා සත‍්ත ච අචෙලකා සත‍්ත ච එකසාටකා සත‍්ත ච පරිබ‍්බාජකා පරූළ‍්හකච‍්ඡනඛලොමා ඛාරිවිවිධමාදාය භගවතො අවිදූරෙ අතික‍්කමන‍්ති. අථ ඛො රාජා පසෙනදි කොසලො උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා දක‍්ඛිණජාණුමණ‍්ඩලං පඨවියං නිහන‍්ත්‍වා යෙන තෙ සත‍්ත ච ජටිලා සත‍්ත ච නිගණ‍්ඨා සත‍්ත ච අචෙලකා සත‍්ත ච එකසාටකා සත‍්ත ච පරිබ‍්බාජකා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා තික‍්ඛත‍්තුං නාමං සාවෙසි: රාජාහං භන‍්තෙ පසෙනදි කොසලො, -පෙ- රාජාහං භන‍්තෙ පසෙනදි කොසලොති.

එකල්හි වැඩුනු කැසනියලොම් ඇති ජටිලයෝ සත් දෙනෙක් ද, නිගණ්ඨයෝ සත් දෙනෙක් ද, අචේලකයෝ සත් දෙනෙක් ද, ඒකසාටකයෝ සත් දෙනෙක් ද, පරිව්‍රාජකයෝ සත් දෙනෙක් ද නන් තවුස්පිරිකර ගෙණ භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි (එ පෙදෙස) ගෙවා යෙති. ඉක්බිති පසේනදි කොසොල්රජ හුනස්නෙන් නැගිට උතුරුසළුව එකස් කොට දකුණු දණමඬල පොළොවෙහි හැන ජටිලයන් සත්දෙන ද නිගණ්ඨයන් සත්දෙන ද, අචේලකයන් සත්දෙන ද, ඒකසාටකයන් සත්දෙන ද පරිව්‍රාජකයන් සත්දෙන ද වෙත ඇඳිලි බැඳ “වහන්ස, මම පසේනදි කොසොල් රජ වෙමි. … වහන්ස, මම පසේනදි කොසොල් රජ වෙමි”යි තෙවරක් නම ඇස්වී ය.

අථ ඛො රාජා පසෙනදි කොසලො අචිරපක‍්කන‍්තෙසු තෙසු සත‍්තසු ච ජටිලෙසු සත‍්තසු ච නිගණ‍්ඨෙසු සත‍්තසු ච අචෙලකෙසු සත‍්තසු ච එකසාටකෙසු සත‍්තසු ච පරිබ‍්බාජකෙසු යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන‍්තං එතදවොච: යෙ තෙ භන‍්තෙ ලොකෙ අරහන‍්තො වා අරහත‍්තමග‍්ගං වා සමාපන‍්නා එතෙ තෙසං අඤ‍්ඤතරාති.

ඉක්බිති ඒ ජටිලයන් සත්දෙන ද නිගණ්ඨයන් සත්දෙන ද අචේලකයන් සත්දෙන ද ඒකසාටකයන් සත්දෙන ද පරිව්‍රාජකයන් සත්දෙන ද ගිය නොබෝ වෙලෙහි පසේනදි කොසොල්රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ලොව යම් ඒ කෙනෙක් රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු හෝ වෙත් ද, තුලුහු ඔවුනතරැ එක්තරා කෙනෙකැ”යි තෙල සැළ කෙළේ ය.

දුජ‍්ජානං ඛො එතං මහාරාජ තයා ගිහිනා කාමභොගිනා පුත‍්තසම‍්බාධසයනං අජ‍්ඣාවසන‍්තෙන කාසිකචන්‍දනං පච‍්චනුභොන‍්තෙන මාලාගන්‍ධවිලෙපනං ධාරයන‍්තෙන ජාතරූපරජතං සාදියන‍්තෙන ‘ඉමෙ වා අරහන‍්තො, ඉමෙ වා අරහත‍්තමග‍්ගං සමාපන‍්නා’ති.

මහරජ, ගිහි වූ කම්සැප විඳින දරුවන්ගෙන් පළිබෝධ ඇති යහන්හි වෙසෙන සිනිඳු සඳුන් ගල්වන මල්ගඳවිලෙවුන් දරණ රන්රිදී ඉවසන තොප විසින් ‘මොහු රහත්හු ය කියා හෝ මොහු රහත්මගට පිළිපන්නෝ ය යි’ කියා හෝ තෙල නොදත හැකි ය.

සංවාසෙන ඛො මහාරාජ සීලං වෙදිතබ‍්බං. තඤ‍්ච ඛො දීඝෙන අද‍්ධුනා න ඉත‍්තරං. මනසිකරොතා නො අමනසිකරොතා. පඤ‍්ඤවතා නො දුප‍්පඤ‍්ඤෙන. සංවොහාරෙන ඛො මහාරාජ සොචෙය්‍යං වෙදිතබ‍්බං. තඤ‍්ච ඛො දීඝෙන අද‍්ධුනා න ඉත‍්තරං. මනසිකරොතා නො අමනසිකරොතා. පඤ‍්ඤවතා නො දුප‍්පඤ‍්ඤෙන. ආපදාසු ඛො මහාරාජ ථාමො වෙදිතබ‍්බො. සො ච ඛො දීඝෙන අද‍්ධුනා න ඉත‍්තරං. මනසිකරොතා නො අමනසිකරොතා. පඤ‍්ඤවතා නො දුප‍්පඤ‍්ඤෙන. සාකච‍්ඡාය ඛො මහාරාජ පඤ‍්ඤා වෙදිතබ‍්බා. සා ච ඛො දීඝෙන අද‍්ධුනා න ඉත‍්තරං. මනසිකරොතා නො අමනසිකරොතා. පඤ‍්ඤවතා නො දුප‍්පඤ‍්ඤෙනාති.

මහරජ, එක් ව විසීමෙන් ශීලය දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නොමෙනෙහි කරන්නහු විසින් නො වේ. පැණැත්තහු විසිනි. පැණනැතියහු විසින් නො වේ. මහරජ, කථාව්‍යවහාරයෙන් පවිත්‍රබව දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නො මෙනෙහි කරන්නහු විසින් නො වේ. නුවණැත්තහු විසිනි. නුවණ නැතියහු විසින් නො වේ. මහරජ, විපතෙහි දී ඥානශක්තිය දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නො මෙනෙහි කරන්නහු විසින් නොවේ. නුවණැත්තහු විසිනි. මුඪයා විසින් නො වේ. මහරජ, සාකච්ඡා යෙන් නුවණ දත යුතු ය. එ ද දිගුකලෙකිනි. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසිනි. නො මෙනෙහි කරන්නහු විසින් නො වේ. නුවණැත්තහු විසිනි. ඥානහීනයා විසින් නො වේ.

අච‍්ඡරියං භන‍්තෙ අබ‍්භුතං භන‍්තෙ, යාව සුභාසිතමිදං භන‍්තෙ භගවතා: ‘දුජ‍්ජානං ඛො එතං මහාරාජ තයා ගිහිනා කාමභොගිනා -පෙ- පඤ‍්ඤවතා නො දුප‍්පඤ‍්ඤෙනා’ති.

වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහන්ස, “,මහරජ ගිහි වූ කම්සැප විඳින තොප විසින් මෙය දුකසේ දතයුතුය … නුවණැත්තහු විසිනි. නුනුවණහු විසින් නො වේ ය” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනවින් දේශනා කරණ ලදි.

එතෙ භන‍්තෙ මම පුරිසා චාරා ඔචරකා ජනපදං ඔචරිත්‍වා ආගච‍්ඡන‍්ති. තෙහි පඨමං ඔචිණ‍්ණං අහං පච‍්ඡා ඔයායිස‍්සාමි. ඉදානි තෙ භන‍්තෙ රජොජල‍්ලං පවාහෙත්‍වා සුන‍්හාතා සුවිලිත‍්තා කප‍්පිතකෙසමස‍්සූ ඔදාතවත්‍ථවසනා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතා සමඞ‍්ගීභූතා පරිචාරයිස‍්සන‍්තීති.

වහන්ස, මොහු මාගේ පවත් විමසන චරපුරුෂයෝ ය. ජනපදය විමසා එති. ඔවුන් පළමු කොට විමසන ලද පෙදෙසට මම පසු ව බැස ගන්නෙමි. වහන්ස, දැන් ඔහු රජස්දැලි සෝදා හැර මොනවට නෑවාහු මොනවට සුවඳවිලෙවුන් ගැල්වූවාහු අන්දම් තබා සැරසූ කෙස්රවුළු ඇත්තාහු සුදුවත් හැඳ ගැත්තාහු පස්කම්ගුණයෙන් පිණා ගියාහු යුක්ත වූවාහු ඉඳුරන් හසුරු වන්නාහ.

අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ගාථාවන් වදාළ සේක:

න වණ‍්ණරූපෙන නරො සුජානො න විස‍්සසෙ ඉත‍්තරදස‍්සනෙන, සුසඤ‍්ඤතානං හි වියඤ‍්ජනෙන අසඤ‍්ඤතා ලොකමිමං චරන‍්ති.

මිනිස් තෙමේ රූපසටහන් මැනවින් නො දත හැකි ය. ස්වල්පමාත්‍ර දර්‍ශනයෙන් නො අදහන්නේ ය. ඒ එසේ මැයි. සංයම නැත්තෝ මනාසංයම ඇත්තන්ගේ පරිෂ්කාරභාණ්ඩලක්‍ෂණයෙන් යුක්ත ව මෙලොව හැසිරෙත්.

පතිරූපකො මත‍්තිකා කුණ‍්ඩලොව ලොහඩ‍්ඪමාසොව සුවණ‍්ණඡන‍්නො, චරන‍්ති එකෙ පරිවාරඡන‍්නා අන‍්තො අසුද‍්ධා බහි සොභමානාති.

ඇතුළත අපිරිසිදු වූ පිටත හොබනා වූ ඇතැම් කෙනෙක් ස්වර්‍ණප්‍රතිරූපක වූ මැටිමුවා කොඬොලක් මෙන් ද, රනින් වැසුනු ලොහොමුවා අඩමස්සක් මෙන් ද පිරිවරින් වැසුනාහු හැසිරෙත්.