බන්ධනසුත්තං
3. 1. 10.
3. 1. 10.
බන්ධනසුත්තං.
බන්ධන සූත්‍රය
121. සාවත්ථියං–
121. සැවැත්නුවර–
තෙන ඛො පන සමයෙන රඤ්ඤා පසෙනදිකොසලෙන මහාජනකායො බන්ධාපිතො හොති, අප්පෙකච්චෙ රජ්ජූහි අප්පෙකච්චෙ අන්දූහි අප්පෙකච්චෙ සඞ්ඛලිකාහි.
එකල්හි පසේනදි කොසොල් රජු විසින් ඇතැම්හු රැහැණින් ද, ඇතැම්හු යදමින් ද, ඇතැම්හු හැකිල්ලෙන් දැ යි මෙසේ මහාජන පිරිස් බඳවන ලද්දාහු වෙත්.
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ රඤ්ඤා පසෙනදිකොසලෙන මහාජනකායො බන්ධාපිතො අප්පෙකච්චෙ රජ්ජූහි අප්පෙකච්චෙ අන්දූහි අප්පෙකච්චෙ සඞ්ඛලිකාහීති.
එකල්හි බොහෝ භික්ෂූහු පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි පසේනදි කොසොල්රජු විසින් ඇතැම්හු රැහැණින් ද, ඇතැම්හු යදමින් ද, ඇතැම්හු හැකිල්ලෙන් දැ යි මෙසේ මහාජන පිරිස් බඳවන ලද්දාහු ය” යි තෙල සැළ කළහ.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාවන් වදාළ සේක.
න තං දළ්හං බන්ධනමාහු ධීරා යදායසං දාරුජං බබ්බජඤ්ච, සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා.
යමුවා වූ ද දැවමුවා වූ ද බබුස්තණමුවා වූ ද යම් බන්ධනයෙක් වේ ද, ඒ බන්ධනය දැඩි ය යි ප්‍රාඥයෝ නො කියත්. මිණිකොඬොල්හි ද දරුවන් කෙරෙහි ද අඹුවන් කෙරෙහි ද දැඩිඇලුමින් ඇලුනු යම් අපේක්ෂායෙක් වේ ද,
එතං දළ්හං බන්ධනමාහු ධීරා ඔහාරිනං සිථිලං දුප්පමුඤ්චං, එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනො කාම සුඛං පහායාති.
යට (=සිවු අපායට) ඇද ලන ලිහිල් වූ මිදීමට දුෂ්කර වූ මේ බන්ධනය දැඩි ය යි නුවණැත්තෝ කියත්. කාමයන්හි අපේක්ෂා නැත්තාහු මේ බන්ධනය ද සිඳ කම්සුව හැර දමා ගිහිගෙය හැර යෙත්.
බන්ධනවග්ගො පඨමො.
බන්ධනවර්ගය පළමුවැනි යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
දහරො පුරිසො රාජාපියං අත්තානරක්ඛිතො, අප්පකා අත්ථකරණා මල්ලිකා යඤ්ඤබන්ධනන්ති.
දහර, පුරිස, රාජ, පිය, අත්තරක්ඛිත, අප්පකා, අත්ථකරණ, මල්ලිකා, යඤ්ඤ, බන්ධන ය යි සූත්‍ර දශයෙකි.