යඤ්ඤසුත්තං
3. 1. 9.
3. 1. 9.
යඤ්ඤසුත්තං.
යඤ්ඤ සූත්‍රය
120. සාවත්ථියං–
120. සැවැත්නුවර–
තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස මහායඤ්ඤො පච්චුපට්ඨිතො හොති. පඤ්ච ච උසභසතානි පඤ්ච ච වච්ඡතරසතානි පඤ්ච ච වච්ඡතරීසතානි පඤ්ච ච අජසතානි පඤ්ච ච උරබ්භසතානි ථූණූපනීතානි හොන්ති යඤ්ඤත්ථාය. යෙ පිස්ස තෙ හොන්ති දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා තෙපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්ති.
එකල්හි පසේනදි කොසොල් රජහට මහායාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියක් ගොන්නු ද, පන්සියක් නහඹුහු ද, පන්සියක් නැහැඹියෝද, පන්සියක් එළුවෝ ද, පන්සියක් තිරෙළුවෝ ද යාගය පිණිස ටැඹ ඇරැ බඳනා ලද්දාහු වෙත්. ඔහුගේ දාසයෝ ය කියා හෝ දූතයෝ ය කියා හෝ කම්කරුවෝය කියා හෝ යම් ඒ කෙනෙක් වෙත්නම් ඔහුත් දඬුවමින් තැති ගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුළු වැකුනු මුහුණු ඇත්තාහු අඬමින් පිරියම් කෙරෙත්.
අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ, රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස මහායඤ්ඤො පච්චුපට්ඨිතො හොති, පඤ්ච ච උසභසතානි පඤ්ච ච වච්ඡතරසතානි පඤ්ච ච වච්ඡතරීසතානි පඤ්ච ච අජසතානි පඤ්ච ච උරබ්භසතානි ථූණූපනීතානි හොන්ති යඤ්ඤත්ථාය. යෙපිස්ස භන්තෙ තෙ හොන්ති දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා තෙපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්තීති.
ඉක්බිති බොහෝ භික්ෂූහු පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවර පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ. වහන්ස, මෙහි පසේනදි කොසොල් රජහට මහායාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියක් ගොන්නු ද, පන්සියක් නහඹු වස්සෝ ද, පන්සියක් නහඹු වැස්සෝ ද, පන්සියක් එළුවෝ ද, පන්සියක් ලදරු මැඬහු ද යාගය පිණිස ටැඹ ඇරැ බඳන ලදුවෝ වෙත්. ඔහුගේ දාසයෝ ය කියා හෝ දූතයෝ ය කියා හෝ කම්කරුවෝය කියා හෝ යම් ඒ කෙනෙක් වෙත් නම් ඔහුත් දඬුවමින් තැති ගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුලු වැකුනු මුහුණු ඇත්තාහු හඬමින් පිරියම් කෙරෙත්.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාවන් වදාළ සේක:
අස්සමෙධං පුරිසමෙධං සම්මාපාසං වාජපෙය්යං නිරග්ගලං, මහායඤ්ඤා මහාරම්භා න තෙ හොන්ති මහප්ඵලා.
අස්සමේධ ය, පුරිසමේධ ය, සම්මාපාස ය, වාජපෙය්‍ය ය, නිරග්ගල ය යන (කෘත්‍ය වශයෙන්) මහත් ආරම්භ ඇති ඒ මහායාගයෝ මහත්ඵල නො වෙත්.
අජෙළකා ච ගාවො ච විවිධා යත්ථ හඤ්ඤරෙ, න තං සම්මග්ගතා යඤ්ඤං උපයන්ති මහෙසිනො.
යම් යාගයක් නන්වැදෑරුම් වූ එළුතිරෙළුවෝ ද, ගෙරිහු ද නසන ලැබෙත් නම් ඒ යාගයට සම්‍යක්ප්‍රතිපන්න වූ බුද්ධාදි මහර්ෂීහු නො පැමිණෙත්.
යෙ ච යඤ්ඤා නිරාරම්භා යජන්ති අනුකුලං සදා, අජෙළකා ච ගාවො ච විවිධා නෙත්ථ හඤ්ඤරෙ
යම් යාග කෙනෙක් අල්පාරම්හ ඇත්තාහු ද, (එබඳු යාගයන්) කුලයක් පාසා හැම කල්හි කෙරෙත්. මෙහි නන්වැදෑරුම් වූ එළුතිරෙළුවෝ ද, ගෙරිහු ද නො නසනු ලැබෙත්.
එතං සම්මග්ගතා යඤ්ඤං උපයන්ති මහෙසිනො, එතං යජෙථ මෙධාවී එසො යඤ්ඤො මහප්ඵලො.
සම්‍යක්ප්‍රතිපන්න වූ බුද්ධාදි මහර්ෂීහු මේ යාගයට පැමිණෙත්. නුවණැත්තේ තෙල යාගය කරන්නේ ය. තෙල යාගය මහත්ඵල ය.
එතං හි යජමානස්ස සෙය්යො හොති න පාපියො, යඤ්ඤො ච විපුලො හොති පසීදන්ති ච දෙවතාති.
තෙල යාගය කරන්නහුට වැඩීමෙක් වේ. පිරිහීමෙක් නො වේ. යාගය ද විපුල වේ, දෙවියෝත් පහදිති.