මල්ලිකාසුත්තං
3. 1. 8.
3. 1. 8.
මල්ලිකාසුත්තං.
මල්ලිකා සූත්‍රය
119. සාවත්ථියං–
119. සැවැත්නුවර–
තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො මල්ලිකං දෙවිං එතදවොච: අත්ථි නු ඛො තෙ මල්ලිකෙ කො චඤ්ඤො අත්තනා පියතරොති?
එකල්හි පසේනදි කොසොල් රජ මල්ලිකාදේවිය සමග උතුම් පහයෙහි මතුමහලට ගියේ වෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ මල්ලිකා දේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ” යි තෙල කී ය.
නත්ථි ඛො මෙ මහාරාජ කො චඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන මහාරාජ අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරොති? මය්හම්පි ඛො මල්ලිකෙ නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරොති.
මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට නැත. මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්ද? මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට ද නැත.
අථ ඛො රාජා පසෙනදි කොසලො පාසාදා ඔරොහිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො මල්ලිකං දෙවිං එතදවොචං: “අත්ථි නු ඛො තෙ මල්ලිකෙ කො චඤ්ඤො අත්තනා පියතරො”ති. එවං වුත්තෙ භන්තෙ මල්ලිකාදෙවී මං එතදවොච: “නත්ථි ඛො මෙ මහාරාජ කො චඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන මහාරාජ අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො”ති. එවං වුත්තාහං භන්තෙ මල්ලිකං දෙවිං එතදවොචං. “මය්හම්පි ඛො මල්ලිකෙ නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරොති.
ඉක්බිති පසේනදි කොසොල්රජ පහයෙන් බැස භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස, මෙහි මම මල්ලිකාදේවිය සමග උතුම් පහාතලමත අරා සිටියෙම් මල්ලිකාදේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ”යි තෙල කීමි. වහන්ස, මෙසේ කී කල්හි මල්ලිකා දේවිය මට “මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මට නැත. මහරජ, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ” යි තෙල බස් කිවු ය. වහන්ස, මෙසේ කියන ලද මම මල්ලිකාදේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්‍රිය වූ අන් කිසිවෙක් මටත් නැතැ”යි තෙල කීයෙමි.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි:
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාව වදාළ සේක:
සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි, එවං පියො පුථු අත්තා පරෙසං තස්මා න හිංසෙ පරං අත්තකාමොති.
සියලු දිගුන් සිතින් අනුගමනය කොට තමහට වඩා ඉතා ප්‍රිය වූවකු කිසි තැනෙක නො ම ලදිමි. මෙසේ අන් බොහෝ දෙනාට ද තෙමේ ප්‍රිය ය. එහෙයින් තමහට වැඩ කැමැත්තේ මෙරමා නො පෙළන්නේ ය.