අත්ථකරණසුත්තං
3. 1. 7.
3. 1. 7.
අත්ථකරණසුත්තං.
අත්ථකරණ සූත්‍රය
118. සාවත්ථියං–
118. සැවැත්නුවර–
එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ අත්ථකරණෙ නිසින්නො පස්සාමි ඛත්තියමහාසාලෙපි බ්රාහ්මණමහාසාලෙපි ගහපතිමහාසාලෙපි අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං සම්පජානමුසා භාසන්තෙ. තස්ස මය්හං භන්තෙ එතදහොසි: අලන්දානි මෙ අත්ථකරණෙන, භද්රමුඛොදානි අත්ථකරණෙ න පඤ්ඤායිස්සතීති.
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස: මෙහි මම විනිශ්චයාසනයෙහි හුන්නෙම් අඪ්‍ය වූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වූ මනවඩන දෑ ඇති බොහෝ ධනධ්‍යාන ඇති කැත් මහසලුන් ද, බමුණු මහසලුන් ද, ගැහැවි මහසලුන් ද කාමයන් හේතු කොට ගෙණ කාමයන් නිදාන කොට ගෙණ කාමයන් කරුණු කොට ගෙණ දැන දැන මුසා බණන්නවුන් දකිමි. වහන්ස, ඒ මට “දන් මා විසින් නඩු විසඳීමෙන් කම් නැත. දැන් නඩුහලෙහි සොඳුරුමුව ඇත්තෙක් නො පෙණේ ය” යි මේ අදහස විය.
යෙ පි තෙ මහාරාජ ඛත්තියමහාසාලා බ්රාහ්මණමහාසාලා ගහපති මහාසාලා අඩ්ඪා මහද්ධනා මහාභොගා පහූතජාතරූපරජතා පහූතවිත්තූපකරණා පහූතධනධඤ්ඤා කාමහෙතු කාමනිදානං කාමාධිකරණං සම්පජානමුසා භාසන්ති, තෙසං තං භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛායාති.
මහරජ අඪ්යවූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ වූ රන්රිදී ඇති බොහෝ වූ මනවඩන වස්තූපකරණ ඇති බොහෝ වූ ධනධ්‍යාන ඇති යම් ඒ කැත්මහසල්ලුත්, බමුණු මහසල්ලුත්, ගැහැවි මහසල්ලුත් කාමයන් හේතු කොට ගෙණ කාමයන් නිදාන කොට ගෙණ කාමයන් කරුණු කොට ගෙණ දැන දැන මුසා බෙණෙද්ද, ඔවුන්ට එය බොහෝ කලක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය.
සාරත්තා කාමභොගෙසු ගිද්ධා කාමෙසු මුච්ඡිතා, අතිසාරං න බුජ්ඣන්ති මච්ඡා ඛිපංව ඔඩ්ඩිතං, පච්ඡාසං කටුකං හොති විපාකො හිස්ස පාපකොති.
කාමවස්තූන්හි ඇලුනු කාමයන්හි ගිජු වූ මුසපත් වූ සත්වයෝ කුසල් ඉම ඉක්ම යෑම නො දනිත්. අටවන ලද කෙමිනට තමන් වදනා බව නො දන්නා මසුන් මෙනි. පසු ව ඔවුන්ට දුක වේ. එහි විපාකය ඒකාන්තයෙන් ලාමක ය.