අප්පකාසුත්තං
3. 1. 6.
3. 1. 6.
අප්පකාසුත්තං.
අප්පකා සූත්‍රය
117. සාවත්ථියං–
117. සැවැත්නුවර–
එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “අප්පකා තෙ සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා න චෙව මජ්ජන්ති, න ච පමජ්ජන්ති, න ච කාමෙසු ගෙධං ආපජ්ජන්ති, න ච සත්තෙසු විප්පටිපජ්ජන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා මජ්ජන්ති චෙව පමජ්ජන්ති ච, කාමෙසු ච ගෙධං ආපජ්ජන්ති, සත්තෙසු ච විප්පටිපජ්ජන්තී”ති.
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස: මෙහි රහසිගත ව එකලා ව හුන් මගේ සිත්හි මෙබඳු විතර්කයෙක් පහළ විය. යම් කෙනෙක් ප්‍රණීත වූත් බොහෝ වූත් මහත් මහත් භෝගයන් ලැබ නො ම මත් වෙත් ද, නො ම පමා වෙත් ද, කාමයන්හි ගිජුබවටත් නො ද පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් වරදවා නො පිළිපදිද්ද, ඒ සත්වයෝ ලොව ස්වල්පයහ. වැලිදු යම් කෙනෙක් ප්‍රණීත වූත් බොහෝ වූත් මහත් මහත් භෝගයන් ලැබ මත් වෙත් ද, පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවටත් පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් වරදවා පිළිපදිද්ද, මේ සත්වයෝ ම ලොව ඉතා බොහෝහ.
එවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, අප්පකා තෙ මහාරාජ, සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා න චෙව මජ්ජන්ති, න ච පමජ්ජන්ති, න ච කාමෙසු ගෙධං ආපජ්ජන්ති, න ච සත්තෙසු විප්පටිපජ්ජන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා ලොකස්මිං යෙ උළාරෙ උළාරෙ භොගෙ ලභිත්වා මජ්ජන්ති චෙව පමජ්ජන්ති ච, කාමෙසු ච ගෙධං ආපජ්ජන්ති, සත්තෙසු ච විප්පටිපජ්ජන්තීති.
මහරජ, එසේ ය. මහරජ, එසේ ය. මහරජ, යම් කෙනෙක් ප්‍රණීතවූත් බොහෝ වූත් තෙල මහත් මහත් භෝගයන් ලැබ නො ම මත් වෙද්ද, නො ම පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවට නො ද මහත් මහත් පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් නො ද වරදවා පිළිපදිද් ද, ඒ සත්වයෝ ලොව ඉතා ස්වල්පයහ. වැලිදු යම් කෙනෙක් ප්‍රණීත වූත් බොහෝ වූත් භෝගයන් ලැබ මත් වෙද්ද, පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවටත් පැමිණෙත් ද, සතුන් කෙරෙහිත් වරදවා පිළිපදිද්ද, ඒ සත්වයෝ ම ලොව ඉතා බොහෝහ.
සාරත්තා කාමභොගෙසු ගිද්ධා කාමෙසු මුච්ඡිතා, අතිසාරං න බුජ්ඣන්ති මිගා කූටංව ඔඩ්ඩිතං, පච්ඡාසං කටුකං හොති විපාකො හිස්ස පාපකොති.
කාමවස්තූන්හි ඇලුනු කාමයන්හි ගිජු වූ මුසපත් වූ සත්වයෝ කුසල් සීමාව ඉක්ම යෑම නො දනිත්. දමන ලද පාසය නො දන්නා මුවන් මෙනි. පසු ව ඔවුන්ට දුක වෙයි. එහි විපාකය ඒකාන්තයෙන් ලාමක ය යි.