අත‍්තරක‍්ඛිතසුත‍්තං
3. 1. 5.
3. 1. 5.
අත‍්තරක‍්ඛිතසුත‍්තං
අත්තරක්ඛිත සූත්‍රය
116. සාවත්‍ථියං–
116. සැවැත්නුවර–
එකමන‍්තං නිසින‍්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන‍්තං එතදවොච: “ඉධ මය‍්හං භන‍්තෙ, රහොගතස‍්ස පටිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: “කෙසං නු ඛො රක‍්ඛිතො අත‍්තා, කෙසං අරක‍්ඛිතො අත‍්තා”ති.
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස: මෙහි රහසිගත වූ එකලාව හුන් මගේ සිත්හි “කවුරුන් විසින් ආත්මය රක්නා ලද්දේ ද, කවුරුන් විසින් ආත්මය නො රක්නා ලද්දේ දැ?” යි මෙබඳු විතර්‍කයෙක් පහළ විය.
තස‍්ස මය‍්හං භන‍්තෙ, එතදහොසි: යෙ ඛො කෙචි කායෙන දුච‍්චරිතං චරන‍්ති, වාචාය දුච‍්චරිතං චරන‍්ති, මනසා දුච‍්චරිතං චරන‍්ති, තෙසං අරක‍්ඛිතො අත‍්තා. කිඤ‍්චාපි තෙ හත්‍ථිකායො වා රක‍්ඛෙය්‍ය, අස‍්සකායො වා රක‍්ඛෙය්‍ය, රථකායො වා රක‍්ඛෙය්‍ය, පත‍්තිකායො වා රක‍්ඛෙය්‍ය, අථ ඛො තෙසං අරක‍්ඛිතො අත‍්තා. තං කිස‍්ස හෙතු: බාහිරා හෙසා රක‍්ඛා, නෙසා රක‍්ඛා අජ‍්ඣත‍්තිකා. තස‍්මා තෙසං අරක‍්ඛිතො අත‍්තා. යෙ ච ඛො කෙචි කායෙන සුචරිතං චරන‍්ති, වාචාය සුචරිතං චරන‍්ති, මනසා සුචරිතං චරන‍්ති, තෙසං රක‍්ඛිතො අත‍්තා. කිඤ‍්චාපි තෙ නෙව හත්‍ථිකායො රක‍්ඛෙය්‍ය, න අස‍්සකායො රක‍්ඛෙය්‍ය, න රථකායො රක‍්ඛෙය්‍ය, න පත‍්තිකායො රක‍්ඛෙය්‍ය, අථ ඛො තෙසං රක‍්ඛිතො අත‍්තා. තං කිස‍්ස හෙතු: අජ‍්ඣත‍්තිකා හෙසා රක‍්ඛා, නෙසා රක‍්ඛා බාහිරා. තස‍්මා තෙසං රක‍්ඛිතො අත‍්තාති.
වහන්ස, ඒ මට මේ අදහස් විය: යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙද් ද, වචනයෙන් දුසිරිත් කෙරෙද් ද, සිතින් දුසිරිත් කෙරෙද්ද, ඔවුන් විසින් තෙමේ නොරක්නා ලද්දේ ය. කිසිසේ ඔවුන් ඇත්මුළු හෝ රක්නේ නම්, අස්කැල හෝ රක්නේ නම්, රියපෙල හෝ රක්නේ නම්, පාබළ සෙනඟ හෝ රක්නේ නම්, වැලිත් ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. ඒ කවරහෙයින: මේ රැක්ම බැහැර ය. මේ රැක්ම ඇතුළත නො වේ. එහෙයින් ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. යම් කිසි කෙනෙක් කයින් සුසිරිත් කෙරෙද් ද, වචනයෙන් සුසිරිත් කෙරෙද්ද, සිතින් සුසිරිත් කෙරෙද්ද, ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය. කිසිසේසෙයකින් ඔවුන් ඇත් මුළ නො ම රක්නේ නම්, අස්කැල නො ම රක්නේ නම්, රියපෙල නො ම රක්නේ නම්, පාබලසෙනඟ නො ම රක්නේ නම්’ වැලිත් ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය. ඒ කවරහෙයින: මේ රැක්ම ඇතුළත ය, මේ රැක්ම බැහැර නො වේ. එහෙයින් ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය.
එවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, යෙ හි කෙචි මහාරාජ, කායෙන දුච‍්චරිතං චරන‍්ති -පෙ- තෙසං අරක‍්ඛිතො අත‍්තා. කිඤ‍්චාපි තෙ හත්‍ථිකායො වා රක‍්ඛෙය්‍ය, -පෙ- පත‍්තිකායො වා රක‍්ඛෙය්‍ය, අථ ඛො තෙසං අරක‍්ඛිතො අත‍්තා. තං කිස‍්ස හෙතු: බාහිරා හෙසා මහාරාජ රක‍්ඛා, නෙසා රක‍්ඛා අජ‍්ඣත‍්තිකා. තස‍්මා තෙසං අරක‍්ඛිතො අත‍්තා. යෙ ච ඛො කෙචි මහාරාජ, කායෙන සුචරිතං චරන‍්ති, -පෙ- මනසා සුචරිතං චරන‍්ති, තෙසං රක‍්ඛිතො අත‍්තා. කිඤ‍්චාපි තෙ නෙව හත්‍ථිකායො රක‍්ඛෙය්‍ය, -පෙ- න පත‍්තිකායො රක‍්ඛෙය්‍ය, අථ ඛො තෙසං රක‍්ඛිතො අත‍්තා. තං කිස‍්ස හෙතු: අජ‍්ඣත‍්තිකා හෙසා මහාරාජ, රක‍්ඛා, නෙසා රක‍්ඛා බාහිරා. තස‍්මා තෙසං රක‍්ඛිතො අත‍්තාති.
මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙද් ද,... ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. කිසිසේත් ඔවුන් ඇත්මුළ හෝ රක්නේ ද, ... පාබලසෙනඟ හෝ රක්නේ නම් වැලිත් ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. ඒ කවර හෙයින: මහරජ, මේ රැක්ම බැහැර ය. මේ රැක්ම ඇතුළත නො වේ. එහෙයින් ඔවුන් විසින් තෙමේ නො රක්නා ලද්දේ ය. මහරජ, යම් කිසි කෙනෙක් කයින් සුසිරිත් කෙරෙත් ද, ... සිතින් සුසිරිත් කෙරෙද් ද, ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය. කිසි සේත් ඔවුන් ඇත් සෙනඟ නො ම රක්නේ නම්, … පාබලසෙනඟ නො ම රක්නේ නම් එහෙත් ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය. ඒ කවරහෙයින: මහරජ, මේ රැක්ම ඇතුළත ය, මේ රැක්ම බැහැර නො වේ. එහෙයින් ඔවුන් විසින් තෙමේ රක්නා ලද්දේ ය.
කායෙන සංවරො සාධු සාධු වාචාය සංවරො, මනසා සංවරො සාධු සාධු සබ‍්බත්‍ථ සංවරො, සබ‍්බත්‍ථ සංවුතො ලජ‍්ජී රක‍්ඛිතොති පවුච‍්චතීති.
කයින් සංවරය මැනවි. වචනයෙන් සංවරය මැනවි. සිතින් සංවරය මැනවි. හැම තන්හි සංවරය මැනවි. හැම තන්හි සංවෘත වූ ලජ්ජා ඇත්තේ රැකුනේ ය යි කියනු ලැබේ.