යෙදුමෙන් කියවන්න

පියසුත‍්තං

3. 1. 4.

3. 1. 4.

පියසුත‍්තං

පිය සූත්‍රය

115. සාවත්‍ථියං–

115. සැවැත්නුවර–

එකමන‍්තං නිසින‍්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන‍්තං එතදවොච: ඉධ මය‍්හං භන‍්තෙ, රහොගතස‍්ස පටිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි: කෙසං නු ඛො පියො අත‍්තා, කෙසං අප‍්පියො අත‍්තාති.

එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස: මෙහි රහසිගත වූ එකලාව හුන් මාගේ සිත්හි “කිනම් කෙනකුන්ට තෙමේ ප්‍රිය” වේ ද? කිනම් කෙනකුන්ට තෙමේ අප්‍රිය වේ දැ? යි මෙබඳු විතර්‍කයෙක් පහළ විය.

තස‍්ස මය‍්හං භන‍්තෙ, එතදහොසි: යෙ ච ඛො කෙචි කායෙන දුච‍්චරිතං චරන‍්ති, වාචාය දුච‍්චරිතං චරන‍්ති, මනසා දුච‍්චරිතං චරන‍්ති, තෙසං අප‍්පියො අත‍්තා, කිඤ‍්චාපි තෙ එවං වදෙය්‍යුං “පියො නො අත‍්තා”ති, අථ ඛො තෙසං අප‍්පියො අත‍්තා. තං කිස‍්ස හෙතු: යං හි අප‍්පියො අප‍්පියස‍්ස කරෙය්‍ය, තං තෙ අත‍්තනාව අත‍්තනො කරොන‍්ති. තස‍්මා තෙසං අප‍්පියො අත‍්තා.

වහන්ස, ඒ මට තෙල අදහස විය: යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙත් ද, වචනයෙන් දුසිරිත් කෙරෙත් ද, සිතින් දුසිරිත් කෙරෙත් ද, ඔවුන්ට තෙමේ අප්‍රිය ය. ඔවුන් “අපට තෙමේ ප්‍රිය ය”යි මෙසේ කියතුදු වැලිත් ඔවුන්ට තෙමේ අප්‍රිය ය. ඒ කවර හෙයින් යත්: අප්‍රිය නැතැත්තේ අප්‍රිරියයාට යමක් කරන්නේ ඔහු එය තුමූ ම තමන්ට කෙරෙති. එහෙයින් ඔවුන්ට තෙමේ අප්‍රිය ය.

යෙ ච ඛො කෙචි කායෙන සුචරිතං චරන‍්ති, වාචාය සුචරිතං චරන‍්ති, මනසා සුචරිතං චරන‍්ති, තෙසං පියො අත‍්තා, කිඤ‍්චාපි තෙ එවං වදෙය්‍යුං “අප‍්පියො නො අත‍්තාති” අථ ඛො තෙසං පියො අත‍්තා. තං කිස‍්ස හෙතු: යං හි පියො පියස‍්ස කරෙය්‍ය, තං තෙ අත‍්තනාව අත‍්තනො කරොන‍්ති. තස‍්මා තෙසං පියො අත‍්තා.

යම් කෙනෙක් කයින් සුසිරිත් කෙරෙත් ද, වචනයෙන් සුසිරිත් කෙරෙත් ද, සිතින් සුසිරිත් කෙරෙත් ද, ඔවුන්ට තෙමේ ප්‍රිය ය. ඔහු “අපට තෙමේ අප්‍රිය ය”යි මෙසේ කියන්නාහු නමුදු, වැලිත් ඔවුන්ට තෙමේ ප්‍රිය ය. ඒ කවර හෙයින් යත්: ප්‍රිය නැතැත්තේ ප්‍රියයාට යමක් කරන්නේ නම් ඔහු එය තුමූ ම තමන්ට කෙරෙති. එහෙයින් ඔවුන්ට තෙමේ ප්‍රිය ය.

එවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, යෙ හි කෙචි මහාරාජ, කායෙන දුච‍්චරිතං චරන‍්ති, වාචාය දුච‍්චරිතං චරන‍්ති, මනසා දුච‍්චරිතං චරන‍්ති, තෙසං අප‍්පියො අත‍්තා. කිඤ‍්චාපි තෙ එවං වදෙය්‍යුං, “පියො නො අත‍්තා”ති. අථ ඛො තෙසං අප‍්පියො අත‍්තා. තං කිස‍්ස හෙතු: යං හි මහාරාජ, අප‍්පියො අප‍්පියස‍්ස කරෙය්‍ය, තං තෙ අත‍්තනාව අත‍්තනො කරොන‍්ති. තස‍්මා තෙසං අප‍්පියො අත‍්තා.

මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, යම් කිසි කෙනෙක් කයින් දුසිරිත් කෙරෙත් ද, වචනයෙන් දුසිරිත් කෙරෙත් ද, සිතින් දුසිරිත් කෙරෙත් ද, ඔවුන්ට තෙමේ අප්‍රිය ය. කිසිසෙයෙකින් ඔහු “අපට තෙමේ ප්‍රිය ය”යි මෙසේ කියන්නාහු නමුදු, ඔවුන්ට තෙමේ අප්‍රිය ය. ඒ කවර හෙයින යත්: මහරජ, අප්‍රිය නැතැත්තේ අප්‍රිරියයාට යමක් කරන්නේ නම් ඔහු එය තුමූ ම තමන්ට කෙරෙති. එහෙයින් ඔවුන්ට තෙමේ අප්‍රිය ය.

යෙ ච ඛො කෙචි මහාරාජ, කායෙන සුචරිතං චරන‍්ති, වාචාය සුචරිතං චරන‍්ති, මනසා සුචරිතං චරන‍්ති, තෙසං පියො අත‍්තා. කිඤ‍්චාපි තෙ එවං වදෙය්‍යුං “අප‍්පියො නො අත‍්තාති”, අථ ඛො තෙසං පියො අත‍්තා. තං කිස‍්ස හෙතු: යං හි මහාරාජ, පියො පියස‍්ස කරෙය්‍ය, තං තෙ අත‍්තනාව අත‍්තනො කරොන‍්ති. තස‍්මා තෙසං පියො අත‍්තාති.

මහරජ, යම් කිසි කෙනෙක් කයින් සුසිරිත් කෙරෙද්ද, වචනයෙන් සුසිරිත් කෙරෙද්ද, සිතින් සුසිරිත් කෙරෙද්ද, ඔවුන්ට තෙමේ ප්‍රිය ය. කිසිසේ ඔහු “අපට තෙමේ අප්‍රිය ය”යි මෙසේ කියන්නාහු නමුදු, වැලිත් ඔවුන්ට තෙමේ ප්‍රිය ය. ඒ කවර හෙයින යත්: මහරජ, ප්‍රිය නැතැත්තේ ප්‍රියයාට යමක් කෙරේ නම් ඔහු එය තුමූ ම තමන්ට කෙරෙත්. එහෙයින් තෙමේ තමන්ට ප්‍රිය ය.

අත‍්තානං චෙ පියං ජඤ‍්ඤා න නං පාපෙන සංයුජෙ, න හි තං සුලභං හොති සුඛං දුක‍්කතකාරිනා.

ඉදින් ‘ආත්මය ප්‍රිය ය’ යි දන්නේ නම් ඒ ආත්මය පව හා නො යොදන්නේ ය. පව් කරන්නහු විසින් ඒ සුවය සුව සේ නො ලද හැකි ය.

අන‍්තකෙනාධිපන‍්නස‍්ස ජහතො මානුසං භවං, කිං හි තස‍්ස සකං හොති කිඤ‍්ච ආදාය ගච‍්ඡති, කිඤ‍්චස‍්ස අනුගං හොති ඡායාව අනපායිනී?.

මරුවා විසින් වැතිරෙන ලද, මිනිස්භවය හැර දමන ඔහුට කිමෙක් තමන්ගේ වේ ද? කිමෙක් රැගෙණ යේ ද? වෙන් නො වන සෙවනැල්ල මෙන් කිමෙක් ඔහු අනු ව යන්නේ වේ ද?

උභො පුඤ‍්ඤඤ‍්ච පාපඤ‍්ච යං මච‍්චො කුරුතෙ ඉධ, තං හි තස‍්ස සකං හොති තඤ‍්ච ආදාය ගච‍්ඡති, තං චස‍්ස අනුගං හොති ඡායාව අනපායිනී. තස‍්මා කරෙය්‍ය කල්‍යාණං නිචයං සම‍්පරායිකං, පුඤ‍්ඤානි පරලොකස‍්මිං පතිට‍්ඨා හොන‍්ති පාණිනන‍්ති.

මිනිස් තෙමේ මෙලෙව්හි යම් පින්පව් දෙකක් කෙරේ ද, එය ඔහුට සිය දෑ වෙයි. එය ම රැගෙණ යෙයි. වෙන් නො වන සෙවනැල්ල මෙන් එය ම ඔහු අනු ව යන්නේ වෙයි. එහෙයින් පරලොවට හිත දෑ රැස් කරන්නේ පින් කරන්නේ ය. පින් පරලෙව්හි දී සත්‍වයන්ට පිහිට වෙයි.