රාජසුත්තං
3. 1. 3.
3. 1. 3.
රාජසුත්තං.
රාජ සූත්‍රය
114. සාවත්ථියං–
114. සැවැත්නුවර–
එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: අත්ථි නු ඛො භන්තෙ ජාතස්ස අඤ්ඤත්ර ජරාමරණාති?
එකත්පසෙක සිටි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, උපන්නහුට ජරාමරණ හැර අනෙකෙක් ඇද්දැ” යි තෙල සැළ කළේ ය.
නත්ථි ඛො මහාරාජ ජාතස්ස අඤ්ඤත්ර ජරාමරණා. යෙපි තෙ මහාරාජ ඛත්තියමහාසාලා අඩ්ඪා මහද්ධනා මහාභොගා පහූතජාතරූපරජතා පහූතවිත්තූපකරණා පහූතධනධඤ්ඤා. තෙසම්පි ජාතානං නත්ථි අඤ්ඤත්ර ජරාමරණා. යෙපි තෙ මහාරාජ බ්රාහ්මණමහාසාලා -පෙ- යෙපි තෙ මහාරාජ ගහපතිමහාසාලා අඩ්ඪා මහද්ධනා මහාභොගා පහූතජාතරූපරජතා පහූතවිත්තූපකරණා පහූතධනධඤ්ඤා. තෙසම්පි ජාතානං නත්ථි අඤ්ඤත්ර ජරාමරණා. යෙපි තෙ මහාරාජ භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසඤ්ඤොජනා සම්මදඤ්ඤාවිමුත්තා. තෙසම්පායං කායො භෙදනධම්මො නික්ඛෙපනධම්මොති.
මහරජ, උපන්නහුට ජරාමරණ හැර අනෙකෙක් නැත. මහරජ, ආඪ්‍ය වූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ විතී හා උවරණ (චස්තුපකරණ) බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කෙනෙකුත් වෙද්ද: උපන් ඔවුන ට ද ජරාමරණ හැර අනෙකෙක් නැත. මහරජ, යම් ඒ බමුණුමහසල් කෙනෙකුත් වෙද්ද? … මහරජ, ආඪ්‍ය වු මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ චස්තුපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති ගැහැවිමහසල් කෙනෙකුත් වෙද්ද? උපන් ඔවුන්ට ද ජරාමරණ හැර අනෙකෙක් නැත. මහරජ, රහත් වූ ක්ෂය කළ ආස්‍රවයන් ඇති මගබඹසර වැස නිම වූ කළ සිවුමග කිස ඇති බහා තැබූ කෙලෙස් බර ඇති පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති ක්ෂය කළ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුනු යම් රහත් මහණ කෙනෙකුත් වෙද්ද? ඔවුන්ගේ ද මේ කය බිඳෙන ස්වභාව ඇත්තේ ය. බැහැර ලිය යුතු ස්වභාව ඇත්තේ ය යි.
ජීරන්ති වෙ රාජරථා සුචිත්තා අථො සරීරම්පි ජරං උපෙති, සතඤ්ච ධම්මො න ජරං උපෙති සන්තො හවෙ සබ්භි පවෙදයන්ති.
විසිතුරු වූ රාජ රථයෝ ඒකාන්තයෙන් දිරත්. තවද සිරුර ද දිරීමට පැමිණේ. සත්පුරුෂයන්ගේ ධර්මය දිරීමට නො පැමිණේ. සත්පුරුෂයෝ ඒකාන්තයෙන් සත්පුරුෂයන් සමග මෙසේ ප්‍රකාශ කෙරෙත්.