9. යඤ්ඤසුත්තවණ්ණනා අට්ඨකථා
9. යඤ්ඤසුත්තවණ්ණනා
9. යඤ්ඤ සූත්‍ර වර්ණනාව
නවමෙ ථූණූපනීතානීති ථූණං උපනීතානි, ථූණාය බද්ධානි හොන්ති. පරිකම්මානි කරොන්තීති එත්තාවතා තෙහි භික්ඛූහි රඤ්ඤො ආරද්ධයඤ්ඤො තථාගතස්ස ආරොචිතො. කස්මා පන රඤ්ඤා අයං යඤ්ඤො ආරද්ධො? දුස්සුපිනපටිඝාතාය. එකදිවසං කිර රාජා සබ්බාලඞ්කාරප්පටිමණ්ඩිතො හත්ථික්ඛන්ධවරගතො නගරං අනුසඤ්චරන්තො වාතපානං විවරිත්වා ඔලොකයමානං එකං ඉත්ථිං දිස්වා තස්සා පටිබද්ධචිත්තො තතොව පටිනිවත්තිත්වා අන්තෙපුරං පවිසිත්වා එකස්ස පුරිසස්ස තමත්ථං ආරොචෙත්වා “ගච්ඡ තස්සා සස්සාමිකභාවං වා අස්සාමිකභාවං වා ජානාහී”ති පෙසෙසි. සො ගන්ත්වා පුච්ඡි. සා “එසො මෙ සාමිකො ආපණෙ නිසින්නො”ති දස්සෙසි. රාජපුරිසො රඤ්ඤො තමත්ථං ආචික්ඛි. රාජා තං පුරිසං පක්කොසාපෙත්වා “මං උපට්ඨහා”ති ආහ. “නාහං, දෙව, උපට්ඨහිතුං ජානාමී”ති ච වුත්තෙ “උපට්ඨානං නාම න ආචරියස්ස සන්තිකෙ උග්ගහෙතබ්බ”න්ති බලක්කාරෙන ආවුධඵලකං ගාහාපෙත්වා උපට්ඨාකං අකාසි. උපට්ඨහිත්වා ගෙහං ගතමත්තමෙව ච නං පුන පක්කොසාපෙත්වා “උපට්ඨාකෙන නාම රඤ්ඤො වචනං කත්තබ්බං, ගච්ඡ ඉතො යොජනමත්තෙ අම්හාකං සීසධොවනපොක්ඛරණී අත්ථි, තතො අරුණමත්තිකඤ්ච ලොහිතුප්පලමාලඤ්ච ගණ්හිත්වා එහි. සචෙ අජ්ජෙව නාගච්ඡසි, රාජදණ්ඩං කරිස්සාමී”ති වත්වා පෙසෙසි. සො රාජභයෙන නික්ඛමිත්වා ගතො.
නව වැන්නේ - ථූණුපනීතානි ටැඹට (කණුවට) ගෙනෙන ලද්දාහු, ටැඹට ගැට ගසන ලද්දාහු වෙත්; පරිකම්මානි කරොන්ති මෙපමණකින් ඒ භික්ෂූන් විසින් රජුගේ ඇරඹූ යාගය (ගැන) තථාගතයන් වහන්සේට සැළ කරන ලදි. කුමක් නිසා රජතුමා විසින් මේ යාගය අරඹන ලද්දේ ද? නරක සිහිනයක් නැසීම පිණිස ය. එක් දිනක් රජතුමා සර්වාලංකාර ප්‍රතිමණ්ඩිත වූයේ උතුම් ඇතකු පිට නැගුනේ නගරයේ සැරිසරන්නේ කවුළුව ඇර බලන එක් ස්ත්‍රියක දැක ඇය පිළිබඳ සිතක් ඇති වූයේ එතැනින් ම නැවතී අන්තඃපුරයට පිවිස එක් පුරුෂයෙකුට එය පවසා “යව, ඇය සස්වාමික බව හෝ අස්වාමික බව දැන ගනුව” යි යැවී ය. හේ ගොස් ඇසී ය. ඕ තොමෝ “මගේ ඒ සැමියා වෙළෙඳ සැලෙහි සිටින්නේ ය” යි පෙන්වූවා ය. රාජ පුරුෂයා ඒ බැව් රජුට දැන්වී ය: රජතුමා ඔහු කැඳවා “මට උපස්ථාන කරව” යි කී ය. “දේවයිනි, මම උපස්ථාන කිරීමට නො දනිමි” යි කී කල්හි ද “උපස්ථාන කිරීම ගුරුවරයකු ළඟ උගත යුත්තක් නො වේ” යි බලාත්කාරයෙන් ආයුධ පුවරුව ඔහු ලවා අල්ලවා ගෙන උපස්ථායක කරවී ය. උපස්ථාන කොට නිවසට ගිය පමණින් ඔහු යළි කැඳවා “උපස්ථායකයා විසින් රජුගේ වචන (කියන දෑ) කළ යුතු ය. යව, මෙයින් යොදුනක් පමණ වූ තැන අපගේ හිස ධෝවනය කරන පොකුණක් ඇත. එයින් අරුණු වන් මැටි ද රතු උපුල් මල් ද ගෙන එව ඉදින් අද ම නො එන්නෙහි නම් තොපට රාජ දණ්ඩනය (නියම) කරමි” යි කියා යැවී ය. හේ රාජභය නිසා පිටත් ව ගියේ ය.
රාජාපි තස්මිං ගතෙ දොවාරිකං පක්කොසාපෙත්වා, “අජ්ජ සායන්හෙයෙව ද්වාරං පිදහිත්වා ‘අහං රාජදූතො’ති වා ‘උපරාජදූතො’ති වා භණන්තානම්පි මා විවරී”ති ආහ. සො පුරිසො මත්තිකඤ්ච උප්පලානි ච ගහෙත්වා ද්වාරෙ පිහිතමත්තෙ ආගන්ත්වා බහුං වදන්තොපි ද්වාරං අලභිත්වා පරිස්සයභයෙන ජෙතවනං ගතො. රාජාපි රාගපරිළාහෙන අභිභූතො කාලෙ නිසීදති, කාලෙ තිට්ඨති, කාලෙ නිපජ්ජති, සන්නිට්ඨානං අලභන්තො යත්ථ කත්ථචි නිසින්නකොව මක්කටනිද්දාය නිද්දායති.
රජතුමා ඔහු ගිය කල්හි දොරටු පාලයා කැඳවා “අද හවස ම දොරටු වසා, මම රාජදූතයෙක්මි යි කියන්නවුන්ට වත් (දොරටු) නො අරිනු යි කී ය. ඒ පුරුෂයා මැටි ද උපුල් මල් ද ගෙන දොරටු වැසූ මොහොතේ ම පැමිණ බොහෝ (කරුණු) කියන්නේ වුව ද දොර (අරිනු) නො ලැබන අනතුරට (රාජදණ්ඩනයට) ඇති බියෙන් ජේතවනයට ගියේ ය. රජතුමා ද බලවත් පීඩාවෙන් මැඩුනේ ටික වේලාවක් හිඳගෙන සිටියි; ටික වේලාවක් සිටගෙන සිටියි; ටික වේලාවක් නිදයි; සිටින තැනක් නො ලබන්නේ ඒ ඒ තැන හිඳින්නේ ම වඳුරු නින්දෙන් නිදා ගනියි.
පුබ්බෙ ච තස්මිංයෙව නගරෙ චත්තාරො සෙට්ඨිපුත්තා පරදාරිකකම්මං කත්වා නන්දොපනන්දාය නාම ලොහකුම්භියා නිබ්බත්තිංසු. තෙ ඵෙණුද්දෙහකං පච්චමානා තිංසවස්සසහස්සානි හෙට්ඨා ගච්ඡන්තා කුම්භියා තලං පාපුණන්ති, තිංසවස්සසහස්සානි උපරි ගච්ඡන්තා මත්ථකං පාපුණන්ති. තෙ තං දිවසං ආලොකං ඔලොකෙත්වා අත්තනො දුක්කටභයෙන එකෙකං ගාථං වත්තුකාමා වත්තුං අසක්කොන්තා එකෙකං අක්ඛරමෙව ආහංසු. එකො ස-කාරං, එකො සො-කාරං, එකො න-කාරං, එකො දු-කාරං ආහ. රාජා තෙසං නෙරයිකසත්තානං සද්දං සුතකාලතො පට්ඨාය සුඛං අවින්දමානොව තංරත්තාවසෙසං වීතිනාමෙසි.
පෙර ද මේ නගරයේ ම සිටු පුත්‍රයෝ සතර දෙනෙක් පරදාර කර්ම කොට නන්දෝපනන්ද නම් ලෝකුඹු නිරයෙහි උපන්හ. ඔවුහු පෙන නගින කුඹයෙහි පැසවන්නාහු වසර තිස් දහසක් පහතට යමින් කළයෙහි පතුළට යති. වසර තිස් දහසක් උඩට එන්නාහු මතු පිටට එති. ඔවුහු ඒ දවස්හි ආලෝකය බලා තමන්ගේ පාපකර්මය පිළිබඳ වූ බියෙන් එක් එක් ගාථාවක් කියනු කැමැත්තෝ (එසේ) කීමට නො හැකි වෙමින් එක් එක් අකුරක් ම කීහ. එකෙක් ‘ස’ කාරය, එකෙක් ‘සො’ කාරය, එකෙක් ‘න’ කාරය, අනිකා ‘දු’ කාරය කී ය. රජතුමා ඒ නිරි සතුන්ගේ ශබ්දය ඇසූ වේලේ පටන් සුවයක් නො විඳිමින් රෑ ඉතිරි කොටස ගත කළේ ය.
අරුණෙ උට්ඨිතෙ පුරොහිතො ආගන්ත්වා තං සුඛසෙය්යං පුච්ඡි. සො “කුතො මෙ, ආචරිය, සුඛ”න්ති ? වත්වා, “සුපිනෙ එවරූපෙ සද්දෙ අස්සොසි”න්ති ආචික්ඛි. බ්රාහ්මණො – “ඉමස්ස රඤ්ඤො ඉමිනා සුපිනෙන වුඩ්ඪි වා හානි වා නත්ථි, අපිච ඛො පන යං ඉමස්ස ගෙහෙ අත්ථි, තං සමණස්ස ගොතමස්ස හොති, ගොතමසාවකානං හොති, බ්රාහ්මණා කිඤ්චි න ලභන්ති, බ්රාහ්මණානං භික්ඛං උප්පාදෙස්සාමී”ති, “භාරියො අයං, මහාරාජ, සුපිනො තීසු ජානීසු එකා පඤ්ඤායති, රජ්ජන්තරායො වා භවිස්සති ජීවිතන්තරායො වා, දෙවො වා න වස්සිස්සතී”ති ආහ. කථං සොත්ථි භවෙය්ය ආචරියාති? “මන්තෙත්වා ඤාතුං සක්කා, මහාරාජාති. ගච්ඡථ ආචරියෙහි සද්ධිං මන්තෙත්වා අම්හාකං සොත්ථිං කරොථා”ති.
අරුණ නැගි කල පුරෝහිතයා පැමිණ රජතුමාගෙන් සුවසේ නිදා ගැනීම ගැන විමසී ය. හේ “ආචාර්යයෙනි, සුවයක් කොයින් ද? යි කියා සිහිනෙන් මෙ බඳු ශබ්ද ඇසීමි යි පැවසී ය. බ්‍රාහ්මණයා “මේ රජුට මේ ස්වප්නයෙන් වෘද්ධියක් හෝ හානියක් හෝ නො වේ. එසේ වුවත් මොහුගේ ගෙහි යමක් ඇත් ද එය ගෞතම ශ්රමණයන් වහන්සේටත් ගෞතම ශ්රාවකයන්ටත් වේ. බ්‍රාහ්මණයෝ කිසිවක් නො ලබත්. බ්‍රාහ්මණයනට භික්ෂාව උපයා දෙන්නෙමි’යි; “මහරජතුමනි, මේ සිහිනය බරපතළ ය. හානි තුනකින් එකක් පෙනේ. (එනම්) රාජ්‍ය අන්තරායක් හෝ වන්නේ ය. ජීවිත අන්තරායක් හෝ වන්නේ ය. වැස්ස හෝ නො වසින්නේ ය යි කී ය. “ආචාර්යයෙනි, කෙසේ නම් යහපතක් වන්නේ ද?” මහරජ, ආචාර්යයන් හා සාකච්ඡා කොට දැන ගැනීමට හැකි ය.” යනු මැනවි (ආචාර්යයන් හා) සාකච්ඡා කොට අපට යහපතක් කරව” යි,
සො සිවිකසාලායං බ්රාහ්මණෙ සන්නිපාතෙත්වා තමත්ථං ආරොචෙත්වා, “විසුං විසුං ගන්ත්වා එවං වදථා”ති තයො වග්ගෙ අකාසි. බ්රාහ්මණා පවිසිත්වා රාජානං සුඛසෙය්යං පුච්ඡිංසු. රාජා පුරොහිතස්ස කථිතනියාමෙනෙව කථෙත්වා “කථං සොත්ථි භවෙය්යා”ති පුච්ඡි. මහාබ්රාහ්මණා – “සබ්බපඤ්චසතං යඤ්ඤං යජිත්වා එතස්ස කම්මස්ස සොත්ථි භවෙය්ය, එවං, මහාරාජ, ආචරියා කථෙන්තී”ති ආහංසු. රාජා තෙසං සුත්වා අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තුණ්හී අහොසි. අථ දුතියවග්ගබ්රාහ්මණාපි ආගන්ත්වා තත්ථෙව කථෙසුං. තථා තතියවග්ගබ්රාහ්මණාපි. අථ රාජා “යඤ්ඤං කරොන්තූ”ති ආණාපෙසි. තතො පට්ඨාය බ්රාහ්මණා උසභාදයො පාණෙ ආහරාපෙසුං. නගරෙ මහාසද්දො උදපාදි. තං පවත්තිං ඤත්වා මල්ලිකා රාජානං තථාගතස්ස සන්තිකං පෙසෙසි. සො ගන්ත්වා භගවන්තං වන්දිත්වා එකමන්තං නිසීදි. අථ නං භගවා – “හන්ද කුතො නු ත්වං, මහාරාජ, ආගච්ඡසි දිවාදිවස්සා”ති ආහ. රාජා – “අජ්ජ මෙ, භන්තෙ, සුපිනකෙ චත්තාරො සද්දා සුතා, සොහං බ්රාහ්මණෙ පුච්ඡිං. බ්රාහ්මණා ‘භාරියො, මහාරාජ, සුපිනො, සබ්බපඤ්චසතං යඤ්ඤං යජිත්වා පටිකම්මං කරොමාති ආරද්ධා’”ති ආහ. කින්ති තෙ, මහාරාජ, සද්දා සුතාති. සො යථාසුතං ආරොචෙසි. අථ නං භගවා ආහ – පුබ්බෙ, මහාරාජ, ඉමස්මිංයෙව නගරෙ චත්තාරො සෙට්ඨිපුත්තා පරදාරිකා හුත්වා නන්දොපනන්දාය ලොහකුම්භියා නිබ්බත්තා සට්ඨිවස්සසහස්සමත්ථකෙ උග්ගච්ඡිංසු.
හේ සිවිකා ශාලාවට බ්‍රාහ්මණයන් කැඳවා ඒ බැව් දන්වා, වෙන වෙන ම ගොස් මෙසේ කියන්නැයි කණ්ඩායම් තුනක් කළේ ය. බ්‍රාහ්මණයෝ පිවිස රජුගෙන් සුවසේ නිදා ගැනීම ගැන විමසූහ. රජතුමා පුරෝහිතයාට කී පරිද්දෙන් ම පවසා, කෙසේ යහපතක් වන්නේ දැයි විමසී ය. බ්‍රාහ්මණයෝ සර්ව පඤ්ච ශත (පන්සිය) යාගය මැද මේ කර්මයෙන් යහපතක් වන්නේ ය. මහරජ (පෙර) ආචාර්යවරු මෙසේ කියති යි පැවසූහ. රජතුමා ඔවුන්ගේ කථාව අසා නො සතුටට පත්ව ප්‍රතික්ෂේප නො කොට නිහඬ ව සිටියේ ය. ඉක්බිති දෙවන කණ්ඩායමේ බ්‍රාහ්මණයෝ ද පැමිණ එලෙස ම කීහ. පසුව තෙවන කණ්ඩායම ද (එසේ කළහ). ඉක්බිති රජතුමා ‘යාගය’ කරත්වා යි අණ කළේ ය. එතැන් පටන් බ්‍රාහ්මණයෝ වෘෂභ ආදි සතුන් රැස් කළෝ ය. නගරයෙහි මහා ඝෝෂාවක් ඇති විය. ඒ පුවත දැන මල්ලිකා දේවිය රජතුමා තථාගතයන් වහන්සේ වෙත යැවුවා ය. හේ ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව සිටියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට “මහරජ, ඔබ මහ දවල් කොහි සිට එන්නෙහි ද? යි ඇසූහ. රජතුමා “ස්වාමීනි, අද මට සිහිනෙන් ශබ්ද සතරක් ඇසිණි. ඒ මම බ්‍රාහ්මණයන් විමසීමි. බ්‍රාහ්මණයෝ, මහරජ, සිහිනය බරපතළ ය. සර්ව පඤ්ච ශත යාගය යැද ප්‍රතිකර්ම කරමු යි (එය) අරඹන ලදී යයි කී ය. “මහරජ ඔබ විසින් අසන ලද ශබ්ද මොනවා ද?” හේ ඇසූ පරිදි දැන්වී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට කී සේක. “මහරජ, පෙර මේ නගරයෙහි ම සිටු පුත්තු සතර දෙනෙක් පරදාර කර්මයෙහි යෙදුනාහු නන්දෝපනන්ද ලෝකුඹු නිරයෙහි උපන්නාහු වසර සැට දහසක් මතුයෙහි ඉහළට නැඟුනාහ.
තත්ථ එකො –
එහි එකෙක් -
“සට්ඨිවස්සසහස්සානි, පරිපුණ්ණානි සබ්බසො; නිරයෙ පච්චමානානං, කදා අන්තො භවිස්සතී”ති.(පෙ· ව· 802; ජා· 1.4.54) –
“සට්ඨිවස්සසහස්සානි පරිපුණ්ණානි සබ්බසො නිරයෙ පච්චමානානං කදා අන්තො භවිස්සති”
(වසර සැට දහසක් හැමතින් ම සම්පූර්ණ විය. නිරයෙහි පැසවන්නවුනට කෙදිනක නම් කෙළවරක් වේ ද?)
ඉමං ගාථං වත්ථුකාමො අහොසි. දුතියො –
මේ ගාථාව කියනු කැමැත්තේ විය. දෙවැන්නා -
“සොහං නූන ඉතො ගන්ත්වා, යොනිං ලද්ධාන මානුසිං; වදඤ්ඤූ සීලසම්පන්නො, කාහාමි කුසලං බහු”න්ති. (පෙ· ව· 805; ජා· 1.4.56) –
“සොහං නූන ඉතො ගන්ත්වා යොනිං ලද්ධාන මානුසිං වදඤ්ඤූ සීලසම්පන්නො කාහාමි කුසලං බහුං”
(ඒ මම මෙයින් ගොස් මනුෂ්‍ය යෝනිය ලැබ, නිර්ලෝභී ශීලසම්පන්න වී බොහෝ කුසල් කරන්නෙමි)
ඉමං ගාථං වත්ථුකාමො අහොසි. තතියො –
මේ (ගාථාව) ය. තෙවැන්නා -
“නත්ථි අන්තො කුතො අන්තො, න අන්තො පටිදිස්සති; තදා හි පකතං පාපං, මම තුය්හඤ්ච මාරිසා”ති. (පෙ· ව· 803; ජා· 1.4.55) –
“නත්ථි අන්තො කුතො අන්තො න අන්තො පටිදිස්සති තදා හි පකතං පාපං මම තුය්හඤ්ච මාරිස”
(කෙළවරක් නැත. කෙළවරක් කොයින් ද? කෙළවරක් නො පෙනේ. නිදුකාණෙනි, මගේත් ඔබගේත් කරන ලද පාපය පෙනේ).
ඉමං ගාථං වත්ථුකාමො අහොසි. චතුත්ථො –
මේ (ගාථාව) ය. සිවු වැන්නා -
“දුජ්ජීවිතමජීවිම්හා, යෙ සන්තෙ න දදම්හසෙ; විජ්ජමානෙසු භොගෙසු, දීපං නාකම්හ අත්තනො”ති. (පෙ· ව· 804; ජා· 1.4.53) –
“දුජ්ජීවිතමජීවිම්හා යෙ සන්තො න අදම්හසෙ විජ්ජමානෙසු භොගෙසු දීපං නාකම්හ අත්තනො”
(නරක ජීවිතයක් ගත කළෙමු. යම් කෙනෙක් ශාන්ත වූවාහු ද, ඔවුනට නො දුනිමු. භෝග ඇති කල්හි අපට ම පහනක් නො කර ගතිමු.)
ඉමං. තෙ ඉමා ගාථා වත්තුං අසක්කොන්තා එකෙකං අක්ඛරං වත්වා තත්ථෙව නිමුග්ගා. ඉති, මහාරාජ, තෙ නෙරයිකසත්තා යථාකම්මෙන විරවිංසු. තස්ස සද්දස්ස සුතපච්චයා තුය්හං හානි වා වුඩ්ඪි වා නත්ථි. එත්තකානං පන පසූනං ඝාතනකම්මං නාම භාරියන්ති නිරයභයෙන තජ්ජෙත්වා ධම්මකථං කථෙසි.
මේ (ගාථාව) ය. ඔවුහු මේ ගාථා කීමට නො හැකි වූවෝ එක් එක් අක්ෂරයක් කියා එහි ම ගිලුනාහ. මෙසේ මහරජ, ඔවුහු-නිරිසත්ත්වයෝ කර්මානුරූප ව හඬ නැඟූහ. ඒ ශබ්ද ඇසීම් හේතුවෙන් ඔබට අයහපතක් හෝ යහපතක් හෝ නැත. මෙපමණ සිවුපාවුන්ගේ ඝාතන කර්මය නම් බරපතළ යයි, අපා බියෙන් බිය ගන්වා ධර්ම කථා පැවසූ සේක.
රාජා දසබලෙ පසීදිත්වා, “මුඤ්චාමි, නෙසං ජීවිතං දදාමි, හරිතානි චෙව තිණානි ඛාදන්තු, සීතලානි ච පානීයානි පිවන්තු, සීතො ච නෙසං වාතො උපවායතූ”ති වත්වා, “ගච්ඡථ හාරෙථා”ති මනුස්සෙ ආණාපෙසි. තෙ ගන්ත්වා බ්රාහ්මණෙ පලාපෙත්වා තං පාණසඞ්ඝං බන්ධනතො මොචෙත්වා නගරෙ ධම්මභෙරිං චරාපෙසුං.
රජතුමා බුදුන් වහන්සේ කෙරෙහි පැහැදී, “මොවුන් මුදවමි, මොවුනට ජීවිතය දෙමි, හරිත වන් තණ කොට කත්වා, සිසිල් දිය පානය කරත්වා. ඔවුනට සිසිල් වාතය හමාවා යි කියා, “යවු මුදා හරිවු” යි මිනිසුනට අණ කළේ ය. ඔවුහු ගොස් බ්‍රාහ්මණයන් පළවා හැර ඒ ප්‍රාණී සමූහාය බන්ධනයෙන් මුදා හැර නගරයෙහි ධර්ම භෙරිය පැවැත්වූහ.
අථ රාජා දසබලස්ස සන්තිකෙ නිසින්නො ආහ – “භන්තෙ, එකරත්ති නාම තියාමා හොති, මය්හං පන අජ්ජ ද්වෙ රත්තියො එකතො ඝටිතා විය අහෙසු”න්ති. සොපි පුරිසො තත්ථෙව නිසින්නො ආහ – “භන්තෙ, යොජනං නාම චතුගාවුතං හොති, මය්හං පන අජ්ජ ද්වෙ යොජනානි එකතො කතානි විය අහෙසු”න්ති. අථ භගවා – “ජාගරස්ස තාව රත්තියා දීඝභාවො පාකටො, සන්තස්ස යොජනස්ස දීඝභාවො පාකටො, වට්ටපතිතස්ස පන බාලපුථුජ්ජනස්ස අනමතග්ගසංසාරවට්ටං එකන්තදීඝමෙවා”ති රාජානඤ්ච තඤ්ච පුරිසං නෙරයිකසත්තෙ ච ආරබ්භ ධම්මපදෙ ඉමං ගාථං අභාසි –
ඉක්බිති රජතුමා බුදුන් වහන්සේගේ සමීපයෙහි සිටින්නේ (මෙසේ) කී ය: “ස්වාමීනි, එක් රැයක් යාම තුනක් නම් වේ. මට අද රෑ දෙකක් එකට එකතු කළාක් මෙන් විය. (අරුණුවන් මැටි ගෙනා) පුරුෂයා ද එහි ම සිටිමින් (මෙසේ) කී ය: “ස්වාමීනි, යොදුන නම් ගව් සතරක් වේ. මට අද යොදුන් දෙකක් එකට එකතු කළාක් මෙන් විය’යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “නිදිවරන්නකුට රාත්‍රියේ දිගු බව ප්‍රකට ය. ශාන්ත වූවෙකුට (විඩාවට පත්වූවෙකුට) යොදුන දිග බව ප්‍රකට ය. සසරට වැටුණු බාල පෘථග්ජනයාට අනමතග්ග සංසාර වට්ටය ඒකාන්ත ලෙස ම දීර්ඝ ය යි රජුත් ඒ පුරුෂයාත් නිරි සතුනුත් අරභයා ධම්මපදයේ මේ ගාථාව වදාළ සේක.
“දීඝා ජාගරතො රත්ති, දීඝං සන්තස්ස යොජනං; දීඝො බාලානං සංසාරො, සද්ධම්මං අවිජානත”න්ති. (ධ· ප· 60);
“දීඝා ජාගරතො රත්ති දීඝං සන්තස්ස යොජනං දීඝො බාලානං සංසාරො සද්ධම්මං අවිජානතං”
(නිදි වරන්නාට රැය දිගු ය. ගමන් ගොස් වෙහෙසුණහුට යොදුන දිග ය. බණ නොදන්නා වූ මෝඩයන්ට සසර දිග ය.)
ගාථාපරියොසානෙ සො ඉත්ථිසාමිකො පුරිසො සොතාපත්තිඵලෙ පතිට්ඨහි. එතමත්ථං විදිත්වාති එතං කාරණං ජානිත්වා.
ගාථාවසානයේ දී ඒ ස්ත්‍රිය හිමි පුරුෂයා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. එතමත්ථං විදිත්වා මේ කාරණය දැන:
අස්සමෙධන්තිආදීසු – පොරාණරාජකාලෙ කිර සස්සමෙධං පුරිසමෙධං සම්මාපාසං වාචාපෙය්යන්ති චත්තාරි සඞ්ගහවත්ථූනි අහෙසුං, යෙහි රාජානො ලොකං සඞ්ගණ්හිංසු. තත්ථ නිප්ඵන්නසස්සතො දසමභාගග්ගහණං සස්සමෙධං නාම, සස්සසම්පාදනෙ මෙධාවිතාති අත්ථො. මහායොධානං ඡමාසිකං භත්ත-වෙතනානුප්පදානං පුරිසමෙධං නාම, පුරිසසඞ්ගණ්හනෙ මෙධාවිතාති අත්ථො. දලිද්දමනුස්සානං හත්ථතො ලෙඛං ගහෙත්වා තීණි වස්සානි විනාව වඩ්ඪියා සහස්සද්විසහස්සමත්තධනානුප්පදානං සම්මාපාසං නාම. තඤ්හි සම්මා මනුස්සෙ පාසෙති, හදයෙ බන්ධිත්වා විය ඨපෙති, තස්මා සම්මාපාසන්ති වුච්චති. “තාත මාතුලා”තිආදිනා නයෙන සණ්හවාචාභණනං වාචාපෙය්යං නාම, පියවාචාති අත්ථො. එවං චතූහි සඞ්ගහවත්ථූහි සඞ්ගහිතං රට්ඨං ඉද්ධඤ්චෙව හොති ඵීතඤ්ච පහූතඅන්නපානං ඛෙමං නිරබ්බුදං. මනුස්සා මුදා මොදමානා උරෙ පුත්තෙ නච්චෙන්තා අපාරුතඝරද්වාරා විහරන්ති. ඉදං ඝරද්වාරෙසු අග්ගළානං අභාවතො නිරග්ගළන්ති වුච්චති. අයං පොරාණිකා පවෙණී.
අස්සමෙධං පෙර රජ දවස ශස්යමේධය, පුරුෂමේධය, සම්මාපාස, වාචපෙය්‍ය යි සතර සංග්‍රහ වස්තුවක් විය. ඒවායින් රජවරු ලෝකයාට සංග්‍රහ කළහ. එහි නිපදවූ අස්වැන්නෙන් දහයෙන් කොටසක් ගැනීම ශස්‍ය මේධය නමි. ශස්‍ය (අස්වනු) සම්පාදනයෙහි බුද්ධිමත් බව යනු අරුත යි. මහා යෝධයනට මාස හයක් ආහාර වැටුප් දීම පුරුෂ මේධය නමි, පුරුෂයනට සංග්‍රහ කිරීමේ බුද්ධිමත් බව යන අරුත යි. දිළිදු මිනිසුන්ගෙන් ලිපි (ගිවිසුම්) ගෙන තුන් වසරක් පොළී රහිත ව දහස දෙදහස පමණ ධනය දීම සම්මාපාස නමි. එය මැනවින් මිනිසුන් බැඳ තබයි. හදවතෙහි බැඳ තබා ගත්තාක් මෙන් තබයි. එහෙයින් ‘සම්මාපාස’ යි කියනු ලැබේ. තාත (පුත) ‘මාතුල’ (මාමාණනි) ආදී ක්‍රමයට මුදු වචන පැවසීම වාචපෙය්‍ය නමි. ප්‍රිය වචන ඇත්තේ යනු අරුත යි. මේ සතර සංග්‍රහ මගින් සංග්‍රහ කරන ලද රට සමෘද්ධිමත් වෙයි, පොහොසත් වෙයි, බොහෝ ආහාර පාන සහිත, ක්ෂේම වූ අර්බුද නොමැති මිනිස්සු සතුටු වූවාහු. ප්‍රීිති වූවාහු දරුවන් උරෙහි නටවමින් දොරවල් නො වැසුවෝ ම කල් යවති. ගේදොරවල අගුලු නොමැති බැවින් මෙය ‘නිරග්ගල’ යි කියනු ලැබේ. මෙය පෞරාණික සම්ප්රදාය යි.
අපරභාගෙ පන ඔක්කාකරාජකාලෙ බ්රාහ්මණා ඉමානි චත්තාරි සඞ්ගහවත්ථූනි ඉමඤ්ච රට්ඨසම්පත්තිං පරිවත්තෙත්වා උද්ධංමූලකං කත්වා අස්සමෙධං පුරිසමෙධන්ති ආදිකෙ පඤ්ච යඤ්ඤෙ නාම අකංසු. තෙසු අස්සමෙත්ථ මෙධන්ති වධන්තීති අස්සමෙධො. ද්වීහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස එකවීසතියූපස්ස එකස්මිං මජ්ඣිමදිවසෙයෙව සත්තනවුතිපඤ්චපසුසතඝාතභිංසනස්ස ඨපෙත්වා භූමිඤ්ච පුරිසෙ ච අවසෙසසබ්බවිභවදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං. පුරිසමෙත්ථ මෙධන්තීති පුරිසමෙධො. චතූහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස සද්ධිං භූමියා අස්සමෙධෙ වුත්තවිභවදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං. සම්මමෙත්ථ පාසෙන්තීති සම්මාපාසො. දිවසෙ දිවසෙ සම්මං ඛිපිත්වා තස්ස පතිතොකාසෙ වෙදිං කත්වා සංහාරිමෙහි යූපාදීහි සරස්සතිනදියා නිමුග්ගොකාසතො පභුති පටිලොමං ගච්ඡන්තෙන යජිතබ්බස්ස සත්රයාගස්සෙතං අධිවචනං. වාජමෙත්ථ පිවන්තීති වාජපෙය්යො. එකෙන පරියඤ්ඤෙන සත්තරසහි පසූහි යජිතබ්බස්ස බෙලුවයූපස්ස සත්තරසකදක්ඛිණස්ස යඤ්ඤස්සෙතං අධිවචනං. නත්ථි එත්ථ අග්ගළාති නිරග්ගළො. නවහි පරියඤ්ඤෙහි යජිතබ්බස්ස සද්ධිං භූමියා ච පුරිසෙහි ච අස්සමෙධෙ වුත්තවිභවදක්ඛිණස්ස සබ්බමෙධපරියායනාමස්ස අස්සමෙධවිකප්පස්සෙවෙතං අධිවචනං. මහාරම්භාති මහාකිච්චා මහාකරණීයා. සම්මග්ගතාති සම්මා පටිපන්නා බුද්ධාදයො. නිරාරම්භාති අප්පත්ථා අප්පකිච්චා. යජන්ති අනුකුලන්ති අනුකුලෙසු යජන්ති, යං නිච්චභත්තාදි පුබ්බපුරිසෙහි පට්ඨපිතං, තං අපරාපරං අනුපච්ඡින්නත්තා මනුස්සා දදන්තීති අත්ථො.
පසු කලෙක ඔක්කාක රජ සමයේ බ්‍රාහ්මණයෝ මේ සතර සංග්‍රහ වස්තූත් මේ රාජ්‍ය සම්පත්තියත් පෙරළා දමා මුල් උදුරා දමා අශ්වමේධ, පුරුෂමේධ ආදී යාග පහ නම් කළහ. ඒවා අතර මෙහි අස්සං (අශ්වයා) “මෙධන්ති (නසත්) යි අස්සමෙධො; උසස් යාග දෙකකින් යාග කළ යුතු එක් විසි යාග ස්ථම්භයකට එක ම දවසක මද්දහනේ ගවයින් පස් දෙනෙකු මැරීමෙන් භීෂණය වූ, බිමත් මිනිසුනුත් හැර අවශේෂ සියලු සම්පත් පුදන යාගයට මෙය සමාන වචනයකි. පුරුෂයා මෙහි මරතියි = පුරිසමෙධ ය. භූමිය සහිත ව, උසස් යාග සතරකින් යාග කළයුතු, අශ්වමේධය පිළිබඳ ව කියන ලද ධනය පුදන යාගයට මෙය සමාන වචනයකි. සම්මං = යාග උපකරණ මෙහි බැඳ දමති යි (ගැට ගසති යි) සම්මාපාසො. දහවල් හි (ශම්‍යා) යාග උපකරණය වීසි කොට එය පතිත වූ ස්ථානයෙහි වේදිකාවක් තනා, එහා මෙහා ගෙන යා හැකි යාගස්ථම්භ ආදියෙන් (යුතු ව) සරස්වතී නදියෙහි එබී ලද ඉඩෙහි පටන් ප්‍රතිලෝම ලෙස (ආ පස්සට) යමින් යාග කළ යුතු යාගයට සමාන වචනයකි. වාජ (ශක්තිය) මෙහි පානය කරතියි = වාජපෙය්‍ය. එක් උසස් යාගයකින් (හා) සිවුපාවුන් දාහතකින් බෙලි කණුවක කෙරෙන පූජා දාහතක් යාග කළ යුතු යාගයට සමාන වචනයකි මෙය. මෙහි දොර අගුල් නැතැයි නිරග්ගලො. අශ්වමෙධ යාගයෙහි පවසන ලද භූමියත් මිනිසුනුත් සහිත ව උසස් යාග නවයකින් යාග කළ යුතු වූ ‘මේධ’ විකල්ප වූ සර්වමෙධ පර්යාය නාම වූ යාගයට සමාන වචනයකි. මහාරම්හා මහත් කෘත්‍ය, කළ යුතු මහත් දේ. සම්මග්ගතා මැනවින් පිළිපන් බුද්ධාදීහු: නිරාරම්හා ස්වල්පයෙහි පිහිටි - (හිරිහැර රහිත), අල්ප කෘත්‍ය; යජන්ති අනුකූලං කුලයක් පාසා යාග කරති. ආදි කාලීන පුරුෂයන් විසින් පිහිටුවන ලද නිතිපතා බත් දීම ආදි යමක් වේ ද එය අගමුල නො සිඳමින් මිනිස්සු දෙත් යනු අර්ථ යි.
නවමං.
නව වැනි සූත්‍රය යි.