10. බන්ධනසුත්තවණ්ණනා අට්ඨකථා
10. බන්ධනසුත්තවණ්ණනා
10. බන්ධන සූත්‍ර වර්ණනාව
දසමෙ ඉධ, භන්තෙ, රඤ්ඤාති ඉදං තෙ භික්ඛූ තෙසු මනුස්සෙසු ආනන්දත්ථෙරස්ස සුකතකාරණං ආරොචෙන්තා ආරොචෙසුං. රඤ්ඤො කිර සක්කෙන කුසරාජස්ස දින්නො අට්ඨවඞ්කො මණි පවෙණියා ආගතො. රාජා අලඞ්කරණකාලෙ තං මණිං ආහරථාති ආහ. මනුස්සා “ඨපිතට්ඨානෙ න පස්සාමා”ති ආරොචෙසුං. රාජා අන්තොඝරචාරිනො “මණිං පරියෙසිත්වා දෙථා”ති බන්ධාපෙසි. ආනන්දත්ථෙරො තෙ දිස්වා මණිපටිසාමකානං එකං උපායං ආචික්ඛි. තෙ රඤ්ඤො ආරොචෙසුං. රාජා “පණ්ඩිතො ථෙරො, ථෙරස්ස වචනං කරොථා”ති. පටිසාමකමනුස්සා රාජඞ්ගණෙ උදකචාටිං ඨපෙත්වා සාණියා පරික්ඛිපාපෙත්වා තෙ මනුස්සෙ ආහංසු – “සාටකං පාරුපිත්වා එත්ථ ගන්ත්වා හත්ථං ඔතාරෙථා”ති. මණිචොරො චින්තෙසි – “රාජභණ්ඩං විස්සජ්ජෙතුං වා වලඤ්ජෙතුං වා න සක්කා”ති. සො ගෙහං ගන්ත්වා මණිං උපකච්ඡකෙ ඨපෙත්වා සාටකං පාරුපිත්වා ආගම්ම උදකචාටියං පක්ඛිපිත්වා පක්කාමි. මහාජනෙ පටික්කන්තෙ රාජමනුස්සා චාටියං හත්ථං ඔතාරෙත්වා මණිං දිස්වා ආහරිත්වා රඤ්ඤො අදංසු. “ආනන්දත්ථෙරෙන කිර දස්සිතනයෙන මණි දිට්ඨො”ති මහාජනො කොලාහලං අකාසි. තෙ භික්ඛූ තං කාරණං තථාගතස්ස ආරොචෙන්තා ඉමං පවත්තිං ආරොචෙසුං. සත්ථා – “අනච්ඡරියං, භික්ඛවෙ, යං ආනන්දො මනුස්සානං හත්ථාරුළ්හමණිං ආහරාපෙය්ය, යත්ථ පුබ්බෙ පණ්ඩිතා අත්තනො ඤාණෙ ඨත්වා අහෙතුකපටිසන්ධියං නිබ්බත්තානං තිරච්ඡානගතානම්පි හත්ථාරුළ්හං භණ්ඩං ආහරාපෙත්වා රඤ්ඤො අදංසූ”ති වත්වා –
දස වැන්නේ - ඉධ භන්තෙ රඤ්ඤා ඒ භික්ෂූන් වහන්සේලා ඒ මිනිසුන් අතර (සිටින) අනඳ තෙරුන්ට මනා කරුණක් දන්වන්නාහු (මෙය) දැන්වූහ. ශක්‍රයා විසින් කුස රජුට දෙන ලද අෂ්ටවංක මාණික්‍යය රජුට ප්‍රවේණියෙන් ලැබී තිබේ. රජතුමා සැරසෙන වේලාවෙහි “ඒ මාණික්‍යය ගෙනෙනු’ යි කී ය. මිනිස්සු “තිබූ තැන (එය) නො දකිමු’යි දැන්වූහ. රජතුමා නිවස ඇතුළෙහි ගැවසෙන්නන් ‘මැණික සොයා දෙනු’ යි බැඳ දැම්මවී ය. අනඳ තෙරණුවෝ එවුන් දැක මැණික තැන්පත් කළ (ඇසුරුම් කළ) අයට එක් උපායක් වදාළහ. ඔවුහු රජුට දැන්වූවෝ ය. රජතුමා “තෙරුන් වහන්සේ පණ්ඩිතය හ. තෙරුන්ගේ වචන අනුව කරවු’ යි කී ය. ඇසුරුම් කරන්නෝ රජ මිදුලෙහි දිය සැළියක් තබවා තිරයකින් වට කොට ඒ මිනිසුන්ට කීහ. “සාටකයක් පෙරවා එහි ගොස් අත් ඔබනු” යි. මැණික් සොරා (මෙසේ) සිතී ය: රාජ භාණ්ඩය ඉවත දමන්නට හෝ පාවිච්චි කරන්නට හෝ නො හැක්කේ ය. හේ ගෙට ගොස් මැණික කිසිල්ලේ තබා සාටකය පෙරවා පැමිණ දිය සැළියෙහි දමා පිටත් ව ගියේය. මහජනයා ආපසු ගිය විට රාජ පුරුෂයෝ සැළියෙහි අත ඔබා මැණික දැක ගෙනැවිත් රජුට දුන්හ. “ආනන්ද තෙරුන් විසින් පෙන්වා දෙන ලද ක්‍රමයෙන් මැණික දක්නා ලදී” යි මහජනයා හඬ නැඟූහ. ඒ භික්ෂූහු ඒ කාරණය තථාගතයන් වහන්සේට දන්වන්නෝ මේ ප්‍රවෘත්තිය දැක්වූහ. බුදුන් වහන්සේ “මහණෙනි, ආනන්දයන් මිනිසුන්ගේ අත තිබූ මැණික ගෙන දීම ආශ්චර්යයක් නො වේ. පෙර පණ්ඩිතයෝ තම නැණෙහි පිහිටා අහේතුක ප්රතිසන්ධියෙහි පහළ වූ තිරිසන් ගත වූවන්ගේ අතෙහි වූ භාණ්ඩයක් වුව ද රැගෙන රජුට දුන්හ යි කියා,
“උක්කට්ඨෙ සූරමිච්ඡන්ති, මන්තීසු අකුතූහලං; පියඤ්ච අන්නපානම්හි, අත්ථෙ ජාතෙ ච පණ්ඩිත”න්ති. (ජා· 1.1.92) –
“උක්කට්ඨෙ සූරමිච්ඡන්ති මන්තෙසු අකුතූහලං පියඤ්ච අන්නපානම්හි අත්ථෙ ජාතෙ ච පණ්ඩිතං”
මහාසාරජාතකං කථෙසි.
යි මහාසාර ජාතකය වදාළ සේක.
න තං දළ්හන්ති තං බන්ධනං ථිරන්ති න කථෙන්ති. යදායසන්ති යං ආයසා කතං. සාරත්තරත්තාති සුට්ඨු රත්තරත්තා, සාරත්තෙන වා රත්තා සාරත්තරත්තා, සාරං ඉදන්ති මඤ්ඤනාය රත්තාති අත්ථො. අපෙක්ඛාති ආලයො නිකන්ති. ආහූති කථෙන්ති. ඔහාරිනන්ති චතූසු අපායෙසු ආකඩ්ඪනකං. සිථිලන්ති න ආයසාදිබන්ධනං විය ඉරියාපථං නිවාරෙත්වා ඨිතං. තෙන හි බන්ධනෙන බද්ධා පරදෙසම්පි ගච්ඡන්තියෙව. දුප්පමුඤ්චන්ති අඤ්ඤත්ර ලොකුත්තරඤාණෙන මුඤ්චිතුං අසක්කුණෙය්යන්ති.
න තං දළ්හං ඒ බන්ධනය ස්ථිර එකකැයි නො කියති, යදායසං ‘යං අයසා කතං’ (යමක් යකඩින් කරන ලද ද) සාරත්තරත්තා දැඩි ඇල්මෙන් ඇළුණ, සාරත්වයෙන් ඇළුණු හෝ, හරය මෙය යි සිතමින් ඇළුණු යන අරුතයි. අපෙක්ඛා උපේක්ෂාව, තෘෂ්ණාව ආහු කියත්. ඔහාරිනං සතර අපායෙහි ඇද දමන සිථිල යකඩ ආදී බැඳුමින් මෙන් නොව ඉරියව් නවත්වා සිටි, ඒ බැඳුමෙන් බැඳුනාහු අන් දේශයකට හෝ සයුරෙන් එපිටට ද යත් ම ය. දුප්පමුඤ්චං ලෝකෝත්තර ඥානයෙන් හැර මිදීමට නො හැක්කේ යි.
දසමං.
දස වැනි සූත්‍රය යි.
පඨමො වග්ගො.
ප්‍රථම වර්ගය යි.