යෙදුමෙන් කියවන්න

ගොධිකසුත‍්තං

4. 3. 3.

4. 3. 3.

ගොධිකසුත‍්තං.

ගෝධික සූත්‍රය

159. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ගොධිකො ඉසිගිලිපස‍්සෙ විහරති කාළසිලායං. අථ ඛො ආයස‍්මා ගොධිකො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො සාමයිකං චෙතොවිමුත‍්තිං ඵුසි. අථ ඛො ආයස‍්මා ගොධිකො තාය සාමයිකාය චෙතොවිමුත‍්තියා පරිහායි.

159. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඉසිගිලි පවු ඇළයෙහි කළුගල් තලායෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නාහු ලෞකික සමවතක් ලැබූහ. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික සමවතින් පිරිහුනහ.

දුතියම‍්පි ඛො ආයස‍්මා ගොධිකො අප‍්පමත‍්තො -පෙ- විහරන‍්තො සාමයිකං චෙතොවිමුත‍්තිං ඵුසි. දුතියම‍්පි ඛො ආයස‍්මා ගොධිකො තාය සාමයිකාය චෙතොවිමුත‍්තියා පරිහායි. තතියම‍්පි ඛො ආයස‍්මා ගොධිකො -පෙ- පරිහායි. චතුත්‍ථම‍්පි ඛො ආයස‍්මා ගොධිකො -පෙ- පරිහායි. පඤ‍්චමම‍්පි ඛො ආයස‍්මා ගොධිකො -පෙ- පරිහායි. ඡට‍්ඨම‍්පි ඛො ආයස‍්මා ගොධිකො -පෙ- පරිහායි.

දෙවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නො පමාව … වසන්නාහු ලෞකික සමවත ලැබූහ. දෙවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික සමවතින් පිරිහුනහ. තෙවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ. සිවුවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ. පස්වනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ. සවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ.

සත‍්තමම‍්පි ඛො ආයස‍්මා ගොධිකො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො සාමයිකං චෙතොවිමුත‍්තිං ඵුසි. අථ ඛො ආයස‍්මතො ගොධිකස‍්ස එතදහොසි: යාව ඡට‍්ඨං ඛ‍්වාහං සාමයිකාය චෙතොවිමුත‍්තියා පරිහීනො. යන‍්නූනාහං සත්‍ථං ආහරෙය්‍යන‍්ති.

සත්වනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නො පමා ව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නාහු ලෞකික සමවත ලැබූහ. ඉක්බිති ආයුෂ්මත් ගෝධික තෙරණුවන්ට “මම සවනවට තෙක් ලෞකික සමවතින් පිරිහිනිමි. මම සැත් අරනෙම් නම්, මනා නො!”යි මේ සිත වි ය.

අථ ඛො මාරො පාපිමා ආයස‍්මතො ගොධිකස‍්ස චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං ගාථාහි අජ‍්ඣභාසි:

ඉක්බිති පවිටු මාර තෙමේ තම සිතින් ආයුෂ්මත් ගෝධික තෙරණුවන් ගේ චිත්තපරිවිතර්‍කය දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් කී ය.

මහාවීර මහාපඤ‍්ඤ ඉද‍්ධියා යසසා ජලං, සබ‍්බවෙරභයාතීත පාදෙ වන්‍දාමි චක‍්ඛුම.

මහාවීරයෙනි, මහපණැතියෙනි, ඍද්ධියෙන් හා පිරිවරින් බබලනුවෙනි, සියලු (පාණාතිපාතාදි) වෙර හා බිය ඉක්ම වූ තැනැත්තෙනි, පසැස් ඇතියෙන්, පා වඳිමි.

සාවකො තෙ මහාවීර මරණං මරණාභිභූ, ආකඞ‍්ඛති චෙතයති තං නිසෙධ ජුතින්‍ධර.

මරණය මැඩලන සුලු මහාවීරයෙනි, මුබගේ සව්වෙක් මරණය කැමති වෙයි. පියෝ කෙරෙයි. මහතෙදැතියෙනි, එය වළක්වනු මැනවි.

කථං හි භගවා තුය‍්හං සාවකො සාසනෙ රතො, අප‍්පත‍්තමානසො සෙඛො කාලං කයිරා ජනෙසුතාති.

ජනයා කෙරෙහි ප්‍රසිද්ධ වූ භාග්‍යවතුන් වහන්ස, සස්නෙහි ඇලුනු නොපත් රහත්ඵල ඇති ශෛක්‍ෂ වූ මුබ සව්වෙක් කෙසේ නම් කලුරිය කරන්නේ ද?

තෙන ඛො පන සමයෙන ආයස‍්මතො ගොධිකෙන සත්‍ථං ආහරිතං හොති.

එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවන් විසින් සැත් අරනලද්දේ වෙයි.

අථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්‍වා මාරං පාපිමන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරුයයි දැන පවිටු මරුහට ගාථායෙන් වදාළ සේක.

එවං හි ධීරා කුබ‍්බන‍්ති නාවකඞ‍්ඛන‍්ති ජීවිතං, සමූලං තණ‍්හං අබ‍්බුය‍්හ ගොධිකො පරිනිබ‍්බුතොති.

නුවණැත්තෝ මෙසේ ද කෙරෙත්. දිවි නො පතත්. ගෝධික තෙමේ මුල්සහිත තෘෂ්ණාව උපුටා හැර පිරිනිවියේ ය. (සමසීසී වැ පිරිනිවියෙන් ස්කන්‍ධපරිනිර්‍වාණයෙන් පිරිනිවියේ ය)

අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: ආයාම භික‍්ඛවෙ යෙන ඉසිගිලිපස‍්සං කාළසිලා තෙනුපසඞ‍්කමිස‍්සාම, යත්‍ථ ගොධිකෙන කුලපුත‍්තෙන සත්‍ථං ආහරිතන‍්ති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. අථ ඛො භගවා සම‍්බහුලෙහි භික‍්ඛූහි සද‍්ධිං යෙන ඉසිගිලිපස‍්සං කාළසිලා තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො භගවා ආයස‍්මන‍්තං ගොධිකං දූරතොව මඤ‍්චකෙ විවත‍්තක‍්ඛන්‍ධං සෙමානං

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමුතූ සේක. මහණෙනි, යම්හ, යම්තැනෙක දී ගෝධික කුලපුතු විසින් සැත් අරන ලද්දේ නම් ඒ ඉසිගිලි ඇළය කළුගල්තලාව වෙත එළඹෙන්නෙමු, වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග ඉසිගිලිපවුපස කළුගල්තලාව වෙත එළඹි සේක. භාග්‍යවතුන් වහන්සේ පෙරළුනු කඳ ඇති ඇඳෙහි උඩුකුරු ව හෝනා ආයුෂ්මත් ගෝධික තෙරුන් දුර දී ම දුටු සේක.

තෙන ඛො පන සමයෙන ධූමායිතත‍්තං තිමිරායිතත‍්තං ගච‍්ඡතෙව පුරිමං දිසං, ගච‍්ඡති පච‍්ඡිමං දිසං, ගච‍්ඡති උත‍්තරං දිසං, ගච‍්ඡති දක‍්ඛිණං දිසං, ගච‍්ඡති උද‍්ධං, ගච‍්ඡති අධො, ගච‍්ඡති අනුදිසං.

එකල්හි ධූමායිත බවෙක් තිමිරායිත බවෙක් (දුමක්හු, අඳුරක්හු සෙයින් හැසිරෙන සෙයක් = මාරාවේශ අවතාර රූප) පෙරදිගට යෙ ම ය. පැළදිගට යේ ම ය උතුරුදිගට යේ ම ය. දකුණුදිගට යේ ම ය. උඩට යේ ම ය. යටට යේ ම ය. අනුදිගට යේ ම ය.

අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: පස‍්සථ නො තුම‍්හෙ භික‍්ඛවෙ එතං ධූමායිතත‍්තං තිමිරායිතත‍්තං. ගච‍්ඡතෙව පුරිමං දිසං, ගච‍්ඡති පච‍්ඡිමං දිසං, ගච‍්ඡති උත‍්තරං දිසං, ගච‍්ඡති දක‍්ඛිණං දිසං, ගච‍්ඡති උද‍්ධං, ගච‍්ඡති අධො, ගච‍්ඡති අනුදිසන‍්ති. එවං භන‍්තෙ. එසො ඛො භික‍්ඛවෙ මාරො පාපිමා ගොධිකස‍්ස කුලපුත‍්තස‍්ස විඤ‍්ඤාණං සමන‍්නෙසති, කත්‍ථ ගොධිකස‍්ස කුලපුත‍්තස‍්ස විඤ‍්ඤාණං පතිට‍්ඨිතන‍්ති. අප‍්පතිට‍්ඨිතෙන ච භික‍්ඛවෙ විඤ‍්ඤාණෙන ගොධිකො කුලපුත‍්තො පරිනිබ‍්බුතොති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි තෙල දකිවු ද? ධූමයිත බවෙක් තිමිරායිත බවෙක් (දුමක්හු, අඳුරක්හු සෙයින් හැසිරෙන සෙයක් = මාරාවේශ අවතාර රූප) පෙරදිගට යේ ම ය. පැසුලුදිගට යේ ම ය. උතුරුදිගට යේ ම ය. දකුණුදිගට යේ ම ය. උඩට යේ ම ය. යටට යේ ම ය. අනුදිගට යේ ම ය. වහන්ස, එසේ ය, මහණෙනි, මේ පවිටු මාර තෙමේ “ගෝධික කුලපුතුගේ විඤ්ඤාණය කොහි පිහිටියේ දැයි ගෝධික කුලපුතුගේ විඥානය සොයයි. මහණෙනි, ගෝධික කුලපුත් තෙමේ නොපිහිටි විඥානයෙන් පිරිනිවියේ ය.

අථ ඛො මාරො පාපිමා බෙලුවපණ‍්ඩුවීණමාදාය යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

ඉක්බිති පවිටු මාර තෙමේ බේලුවපණ්ඩු (විලිකුන් බෙල්පක් පැහැබඳු පැහැ ඇති රන් මුවා) මහවෙණ ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:

උද‍්ධං අධො ච තිරියඤ‍්ච දිසා අනුදිසාස‍්වහං, අන්‍වෙසං නාධිගච‍්ඡාමි ගොධිකො සො කුහිං ගතොති?

මම උඩ ද, යට ද, සරස ද, සිවුදිග හා අනුදිග ද ඒ ගෝධික තෙමේ කොහි ගියේ දැයි සොයන්නෙම් නොලබමි.

[භගවා:]

[භගවත්හු:]

සො ධීරො ධිතිසම‍්පන‍්නො ඣායී ඣානරතො සදා, අහොරත‍්තං අනුයුඤ‍්ජං ජීවිතං අනිකාමයං. ජෙත්‍වාන මච‍්චුනො සෙනං අනාගන‍්ත්‍වා පුනබ‍්භවං, සමූලං තණ‍්හමබ‍්බුය‍්හ ගොධිකො පරිනිබ‍්බුතොති.

නුවණැති ධෘතිමත් වූ ධ්‍යානකරණ සුලු හැමකල්හි ධ්‍යානයෙහි ඇලුනු ඒ ගෝධික තෙමේ දිවි නොතකමින් දවරෑ දෙක්හි පිළිවෙත් කරනුයේ මරසෙනඟ සිඳ පුනර්‍භවයට නො පැමිණ තෘෂ්ණාව සහමුලු කොට උපුටා හැර පිරිනිවියේ ය.

[ථෙරා:]

[තෙරහු:]

තස‍්ස සොකපරෙතස‍්ස වීණා කච‍්ඡා අභස‍්සථ, තතො සො දුම‍්මනො යක‍්ඛො තත්‍ථෙවන‍්තරධායථාති.

ශෝකයෙන් මැඩුනු ඒ මාරයාගේ කැසින් වීණාව ගිලිහුනේ ය. එයින් නොසතුටු සිත් ඇති ඒ මාර තෙමේ එහි ම අතුරුදහන් විය.