යෙදුමෙන් කියවන්න

කොකාලිකසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

6. 1. 7.

6. 1. 7.

කොකාලිකසුත‍්තං.

කෝකාලික සූත්‍රය

178. සාවත්‍ථියං–

178. සැවැත්නුවර–

තෙන ඛො පන සමයෙන භගවා දිවාවිහාරගතො හොති පටිසල‍්ලීනො. අථ ඛො සුබ්‍රහ‍්මා ච පච‍්චෙකබ්‍රහ‍්මා සුද‍්ධාවාසො ච පච‍්චෙකබ්‍රහ‍්මා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා පච‍්චෙකං ද‍්වාරබාහං නිස‍්සාය අට‍්ඨංසු. අථ ඛො සුබ්‍රහ‍්මා පච‍්චෙකබ්‍රහ‍්මා කොකාලිකං භික‍්ඛුං ආරබ‍්භ භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහාරය පිණිස වැඩිසේක් විවේකී වූ සේක. එකල්හි පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ ද පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ වෙන් වෙන් දොරබා ඇසුරු කොට සිටියහ. ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ කෝකාලික මහණ ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.

අප‍්පමෙය්‍යං පමිනන‍්තො කො’ධ විද‍්වා විකප‍්පයෙ, අප‍්පමෙය්‍යං පමායිනං නිවුතං තං මඤ‍්ඤෙ පුථුජ‍්ජනන‍්ති.

මේ ලෝකයෙහි කවර නම් නුවණැත්තෙක් අප්‍රමේය වූ ක්‍ෂීණාස්‍රවයා පමණ කෙරෙමින් කල්පනා කරන්නේ ද, අප්‍රමේය වූ ක්‍ෂීණාස්‍රවයන් පමණ කරන්නාවූ ඒ පෘතග්ජනයා අවකුජ්ජපඤ්ඤ පුද්ගලයෙකැයි හඟිමි.

6. 1. 8.

6. 1. 8.

කතමොරකතිස‍්සසුත‍්තං.

කතමෝරකතිස්ස සූත්‍රය

179. සාවත්‍ථියං–

179. සැවැත්නුවර–

තෙන ඛො පන සමයෙන භගවා දිවාවිහාරගතො හොති පටිසල‍්ලීනො. අථ ඛො සුබ්‍රහ‍්මා ච පච‍්චෙකබ්‍රහ‍්මා සුද‍්ධාවාසො ච පච‍්චෙකබ්‍රහ‍්මා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා පච‍්චෙකං ද‍්වාරබාහං නිස‍්සාය අට‍්ඨංසු. අථ ඛො සුද‍්ධාවාසො පච‍්චෙකබ්‍රහ‍්මා කතමොරකතිස‍්සං භික‍්ඛූකං ආරබ‍්භ භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහාරය පිණිස වැඩිසේක් විවේකී වූ සේක. එකල්හි පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ ද පච්චේකැබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ වෙන් වෙන් දොරබා ඇසුරු කොට සිටිය හ. ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ කතමෝරකතිස්සක මහණහු ඇරබ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කී ය.

අප‍්පමෙය්‍යං පමිනන‍්තො කො’ධ විද‍්වා විකප‍්පයෙ, අප‍්පමෙය්‍යං පමායිනං නිවුතං තං මඤ‍්ඤෙ අකිස‍්සවන‍්ති.

මේ ලෝකයෙහි කවර නම් නුවණැත්තෙක් අප්‍රමේය වූ ක්‍ෂීණාස්‍රවයා පමණ කෙරෙමින් කල්පනා කරන්නේ ද, අප්‍රමේය වූ ක්‍ෂීණාස්‍රවයන් පමණ කරන්නා වූ ඔහු අවකුජ්ජපඤ්ඤ වූ අඥානයෙකැ යි හඟිමි.