යෙදුමෙන් කියවන්න

තුදුබ්‍රහ‍්මසුත‍්තං

6. 1. 9.

6. 1. 9.

තුදුබ්‍රහ‍්මසුත‍්තං.

තුදුබ්‍රහ්ම සූත්‍රය

180. සාවත්‍ථියං–

180. සැවැත්නුවර–

තෙන ඛො පන සමයෙන කොකාලිකො භික‍්ඛු ආබාධිකො හොති දුක‍්ඛිතො බාළ‍්හගිලානො. අථ ඛො තුදුපච‍්චෙකබ්‍රහ‍්මා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණො කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙන කොකාලිකො භික‍්ඛු තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා වෙහාසං ඨිතො කොකාලිකං භික‍්ඛුං එතදවොච: පසාදෙහි කොකාලික සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං. පෙසලා සාරිපුත‍්තමොග‍්ගල‍්ලානාති.

එකල්හි කෝකාලික මහණ තෙමේ හටගත් අබාධ ඇත්තේ දුකට පැමිණියේ අධිමාත්‍ර කොට ගිලන් වූයේ වේ. ඉක්බිති මනා ඡවිවර්‍ණ ඇති තුදු නම් පච්චේකබ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා කෝකාලික මහණ වෙත එළඹියේ ය. එළඹ අහස සිටියේ කෝකාලික මහණහට මෙය කී ය. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ප්‍රියශීලී හ යි.

කොසි ත්‍වං ආවුසොති? අහං තුදුපච‍්චෙකබ්‍රහ‍්මාති. න නු ත්‍වං ආවුසො භගවතා අනාගාමී බ්‍යාකතො. අථ කිඤ‍්චරහි ඉධාගතො. පස‍්ස යාවඤ‍්ච තෙ ඉදං අපරද‍්ධන‍්ති.

ඇවැත්නි, තෝ කවරෙහි ද? මම තුදුපච්චේකබ්‍රහ්ම වෙමි. ඇවැත්නි, තෝ අනාගාමී යයි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ නො වේ ද? එසේ ඇති කල්හි කුමකට මෙහි ආයෙහි ද? තා විසින් මේ කොතරම් අපරාධයෙක් කරණ ලද්දේ දැයි බලව.

පුරිසස‍්ස හි ජාතස‍්ස කුඨාරී ජායතෙ මුඛෙ, යාය ඡින්‍දති අත‍්තානං බාලො දුබ‍්භාසිතං භණං.

අඥාන තෙමේ දුබැසි බෙණෙමින් යමෙකින් තමා සිඳී ද? උපන් (එබඳු) මිනිසා ගේ මුවෙහි (ඒ තමා නසන) කෙටේරිය හට ගණී.

යො නින්‍දියං පසංසති තං වා නින්‍දති යො පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්‍දති.

යමෙක් නින්‍දා කටයුත්තා පසසා ද, යමෙක් පැසසිය යුත්තේ නම් ඔහුට නින්‍දා හෝ කෙරේ ද, හෙ තෙමේ මුවෙන් පව් රැස් කෙරේ. ඒ පවින් සුවයක් නො විඳී.

අප‍්පමත‍්තො අයං කලි යො අක‍්ඛෙසු ධනපරාජයො, සබ‍්බස‍්සාපි සහාපි අත‍්තනා අයමෙව මහන‍්තතරො කලි යො සුගතෙසු මනං පදොසයෙ.

දූකෙළීම් ආදියෙහි යම් වස්තු පරාජයෙක් වේ ද, තමනුත් සමග සියලු දේ සම්බන්‍ධ (යම් පරිහාණියෙකුත් වේ ද,) ඒ අපරාධය ඉතා ස්වල්ප ය. යමෙක් ශෝභන ගති ඇත්තවුන් කෙරෙහි සිත දුෂ්ට කරන්නේ ද, මෙය ම ඉතා මහත් අපරාධ යයි.

සතං සහස‍්සානං නිරබ‍්බුදානං ඡත‍්තිංසති පඤ‍්ච ච අබ‍්බුදානි, යමරියගරහී නිරයං උපෙති වාචං මනඤ‍්ච පණිධාය පාපකන‍්ති.

ආර්‍ය්‍යයන්ට ගරහන පුද්ගල තෙමේ ලාමක වූ වචන ද, සිත ද පිහිටුවා (ඒ හේතුවෙන්) යම් නිරයකට පැමිණේ ද, (එහි ආයුෂ) නිරබ්බුද ලක්‍ෂයෙක් ද සතිසෙක් ද, අබ්බුද පසෙක් ද වෙත්.