පමාදසුත්තං
6. 1. 6.
6. 1. 6.
පමාදසුත්තං
පමාද සූත්‍රය
177. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
177. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
තෙන ඛො පන සමයෙන භගවා දිවාවිහාරගතො හොති පටිසල්ලීනො. අථ ඛො සුබ්රහ්මා ච පච්චෙකබ්රහ්මා සුද්ධාවාසො ච පච්චෙකබ්රහ්මා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා පච්චෙකං ද්වාරබාහං උපනිස්සාය අට්ඨංසු. අථ ඛො සුබ්රහ්මා පච්චෙකබ්රහ්මා සුද්ධාවාසං පච්චෙකබ්රහ්මානං එතදවොච: අකාලො ඛො තාව මාරිස භගවන්තං පයිරුපාසිතුං. දිවාවිහාරගතො භගවා පටිසල්ලීනො ච. අසුකො ච බ්රහ්මලොකො ඉද්ධො චෙව ඵීතො ච. බ්රහ්මා ච තත්ර පමාදවිහාරං විහරති. ආයාම මාරිස යෙන සො බ්රහ්මලොකො තෙනුපසඞ්කමිස්සාම. උපසඞ්කමිත්වා තං බ්රහ්මානං සංවෙජෙය්යාමාති. එවං මාරිසාති ඛො සුද්ධාවාසො පච්චෙකබ්රහ්මා සුබ්රහ්මුනො පච්චෙකබ්රහ්මුනො පච්චස්සොසි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහරණය පැමිණිසේක් චිත්තවිවේකයෙන් වැඩහුන් සේක. ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම ද පච්චේක බ්‍රහ්ම වූ සුද්ධාවාස ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ වෙන වෙන ම දොර බා ඇසුරු කොට සිටියහ. ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාසහට “නිදුකානෙනි, භාග්‍යවතුන් වහන්සේ දිවාවිහාර ගත වූ සේක් චිත්තවිවේකයෙන් වැඩහුන් සේක. (එහෙයින් ඒ) භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්නට තව කල් නොවේ. “අසුවල් බඹලොව (ධ්‍යානසුඛයෙන්) සමෘද්ධවූයේත් (අභිඥා පුෂ්පයෙන්) පිපියේත් වෙයි. බ්‍රහ්ම තෙමේ ද එහි ප්‍රමාදවිහරණයෙන් වාසය කෙරෙයි. නිදුකානෙනි, යම්හ ඒ බඹලොව කරා එළඹෙන්නෙමු. එළඹ ඒ බඹහට සංවේග දනවන්නෙමු”යි මෙය කීය. පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ නිදුකානෙනි, එසේය යි පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්මහට පිළිවදන් ඇස්වීය.
අථ ඛො සුබ්රහ්මා ච පච්චෙකබ්රහ්මා සුද්ධාවාසො ච පච්චෙකබ්රහ්මා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය එවමෙව භගවතො පුරතො අන්තරහිතා තස්මිං බ්රහ්මලොකෙ පාතුරහෙසුං.
ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ ද පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ ද යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි අතුරුදහන් වූවාහු ඒ බඹලොව පහළ වූහ.
අද්දසා ඛො සො බ්රහ්මා තෙ බ්රහ්මානො දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන තෙ බ්රහ්මානො එතදවොච: හන්ද කුතො නු තුම්හෙ මාරිසා ආගච්ඡථාති.
ඒ බ්‍රහ්ම තෙමේ එන්නා වූ බ්‍රහ්මයන් දුරදී ම දැක්කේය. දැක ඒ බ්‍රහ්මයන්ට “නිදුකානෙනි, දැන් තෙපි කොහි සිට එවු දැ”යි මෙය කීය.
අථ ඛො මයං මාරිස ආගච්ඡාම තස්ස භගවතො සන්තිකා අරහතො සම්මාසම්බුද්ධස්ස. ගච්ඡෙය්යාසි පන ත්වං මාරිස තස්ස භගවතො උපට්ඨානං අරහතො සම්මාසම්බුද්ධස්සාති.
එකල්හි නිදුකානෙනි, අපි ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ සමීපයෙහි සිට එමු. නිදුකානෙනි, තෙපි ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට උවටැන් කිරීමට යන්නාහු ද?
එවං වුත්තො ඛො සො බ්රහ්මා තං වචනං අනධිවාසෙන්තො සහස්සක්ඛත්තුං අත්තානං අභිනිම්මිනිත්වා සුබ්රහ්මානං පච්චෙකබ්රහ්මානං එතදවොච: පස්සසි මෙ නො ත්වං මාරිස එවරූපං ඉද්ධානුභාවන්ති.
මෙසේ කියන ලද ඒ බඹ තෙමේ ඒ වදන නො ඉවසමින් දහස් වරක් තමා මවා ගෙණ පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්මහට නිදුකානෙනි, තෙපි මාගේ මෙබඳු වූ ඍද්ධ්‍යානුභාවය නො දකිවු දැ යි මෙය කීය.
පස්සාමි ඛො ත්යාහං මාරිස එවරූපං ඉද්ධානුභාවන්ති.
නිදුකානෙනි, මම තොපගේ මෙබඳු ඍද්ධ්‍යානුභාවය දකිම් ම ය.
සො ඛ්වාහං මාරිස එවං මහිද්ධිකො එවං මහානුභාවො කස්ස අඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා උපට්ඨානං ගමිස්සාමීති.
නිදුකානෙනි, ඒ මම මෙබඳු මහත් ඍද්ධි ඇත්තෙම් මෙබඳු මහත් අනුභාව ඇත්තෙම් අන් කවර මහණකුට හෝ බමුණකුට හෝ උවටැන් කිරීමට යන්නෙම් ද?
අථ ඛො සුබ්රහ්මා පච්චෙකබ්රහ්මා ද්විසහස්සක්ඛත්තුං අත්තානං අභිනිම්මිනිත්වා තං බ්රහ්මානං එතදවොච: පස්සසි මෙ නො ත්වං මාරිස එවරූපං තං ඉද්ධානුභාවන්ති.
ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ දෙදහස් වරක් තමා මවා ගෙණ ඒ බඹහට නිදුකානෙනි, තෙපි මාගේ මෙබඳු ඍද්ධ්‍යානුභාවය නො දකිවු දැ’යි මෙය කීය.
පස්සාමි ඛො ත්යාහං මාරිස එවරූපං ඉද්ධානුභාවන්ති.
නිදුකානෙනි, මම තොපගේ මෙබඳු ඍද්ධ්‍යානුභාවය දකිම් ම ය.
තයා ච ඛො මාරිස මයා ච ස්වෙව භගවා මහිද්ධිකතරො චෙව මහානුභාවතරො ච. ගච්ඡෙය්යාසි ත්වං මාරිස තස්ස භගවතො උපට්ඨානං අරහතො සම්මාසම්බුද්ධස්සාති.
නිදුකානෙනි, තොපට ද අපට ද වඩා ඒ භාග්‍යවතුන් වහන්සේ ම මහත් ඍද්ධිත් ඇති සේක. මහත් අනුභාවත් ඇති සේක. නිදුකානෙනි, තෙපි ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ උවටැනට යවු.
අථ ඛො සො බ්රහ්මා සුබ්රහ්මානං පච්චෙකබ්රහ්මානං ගාථාය අජ්ඣභාසි:
ඉක්බිති ඒ බඹ තෙමේ පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්මහට ගාථායෙන් කී ය.
තයො සුපණ්ණා චතුරො ච හංසා බ්යග්ඝීනිසා පඤ්චසතා ච ඣායිනො, තයිදං විමානං ජලතෙ ච බ්රහ්මෙ ඔභාසයං උත්තරස්සං දිසායන්ති.
තුන්සියක් ගුරුළුරූ නොහොත් ගුරුළුපඞ්ක්ති ද, හාරසීයක් හංසරූප නොහොත් හංසපඞ්ක්ති ද, පන්සියක් ව්‍යාඝ්‍රසදෘශ මෘගරූප නොහොත් වගවැළ ද ධ්‍යායී වූ මාගේ (විමානයෙහි වෙත්) බ්‍රහ්මය, ඒ මේ විමන උතුරුදික්හි ආලෝක කරමින් බබලයි. (මෙසේ ඉසුරුමත් මම අන්කවරකුට නම් උවටැන් කරන්නෙම් ද?)
කිඤ්චාපි තෙ තං ජලතෙ විමානං ඔභාසයං උත්තරස්සං දිසායං, රූපෙ රණං දිස්වා සදා පවෙධිතං තස්මා න රූපෙ රමතී සුමෙධොති.
වැලි තොපගේ මේ විමන උතුරුදික්හි ආලෝක කෙරෙමින් බබාලා ද (එහෙත්) රූපයෙහි දෝෂය ද, හැමකල්හි කම්පිත බවද දැක එහෙයින් මනා නුවණැත්තේ රූපයෙහි නො ඇලෙයි.
අථ ඛො සුබ්රහ්මා ච පච්චෙකබ්රහ්මා සුද්ධාවාසො ච පච්චෙකබ්රහ්මා තං බ්රහ්මානං සංවෙජෙත්වා තත්ථෙවන්තරධායිංසු. අගමාසි ච ඛො සො බ්රහ්මා අපරෙන සමයෙන භගවතො උපට්ඨානං අරහතො සම්මාසම්බුද්ධස්සාති.
ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම ද පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාද ද ඒ බඹහට සංවේගය දන්වා එහි ම අතුරුදන් වූහ. පසු කලෙක ඒ බඹ තෙමේ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ උවටැනට ගියේ ද විය.