අපරාදිට්ඨිසුත්තං
6. 1. 5.
6. 1. 5.
අපරාදිට්ඨිසුත්තං.
අපරාදිට්ඨි සූත්‍රය
176. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස බ්රහ්මුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති. නත්ථි සො සමණො වා බ්රාහ්මණො වා යො ඉධ ආගච්ඡෙය්යාති.
176. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි එක්තරා බඹකුට යමෙක් මෙහි පැමිණෙන්නේ නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැතැයි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියෙක් උපන්නේ වෙයි.
අථ ඛො භගවා තස්ස බ්රහ්මුනො චෙතසා චෙතොපරිවිතක්ක මඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො භගවා තස්ස බ්රහ්මුනො උපරි වෙහාසං පල්ලඞ්කෙන නිසීදි තෙජොධාතුං සමාපජ්ජිත්වා.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ බඹහුගේ චිත්තපරිවිතර්කය (තම) සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූ සේක් ඒ බඹලොව්හි පහළ වූ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තෙජොධාතු සමවතට සමවැද ඒ බඹහුගේ මත්තෙහි අහස පලක් බැඳ වැඩ හුන් සේක.
අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි: කහං නු ඛො භගවා එතරහි විහරතීති. අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසින්නං තෙජොධාතුං සමාපන්නං. දිස්වාන සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි.
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසන සේක් දැයි මේ සිත විය. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතු සමවතට සමවැද පලඟින් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්මවා පැවැති පිරිසිදු දිවැසින් දුටුහ. දැක යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද; දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ.
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො පුරත්ථිමං දිසං නිස්සාය තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසීදි, තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තේජෝධාතු සමවතට සමවැද පෙරදිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේ යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි පලඟින් වැඩ හුන්හ.
අථ ඛො ආයස්මතො මහාකස්සපස්ස එතදහොසි: කහං නු ඛො භගවා එතරහි විහරතීති. අද්දසා ඛො ආයස්මා මහාකස්සපො භගවන්තං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසින්නං තෙජොධාතුං සමාපන්නං. දිස්වාන සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා මහාකස්සපො දක්ඛිණං දිසං නිස්සාය තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසීදි, තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
ඉක්බිති ආයුෂ්මත් මහාකස්සප තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසන සේක් දැයි මේ සිත විය. ආයුෂ්මත් මහාකස්සප තෙරණුවෝ තේජෝධාතු සමවතට සමවැද ඒ බඹහුගේ මත්තෙහි අහස පර්‍ය්‍යඞ්කයෙන් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්මවා පැවැති පිරිසිදු දිවැසින් දුටුහ. දැක යම් සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ. එකල්හි ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ දකුණු දිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේ යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතු සමවතට සමවැද පර්‍ය්‍යඞ්කයෙන් වැඩ හුන්හ.
අථ ඛො ආයස්මතො මහාකප්පිනස්ස එතදහොසි: කහං නු ඛො භගවා එතරහි විහරතීති. අද්දසා ඛො ආයස්මා මහාකප්පිනො භගවන්තං දිබ්බෙන චක්ඛුනා -පෙ- බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසින්නං තෙජොධාතුං සමාපන්නං. දිස්වාන සෙය්යථාපි නාම බලවා පුරිසො -පෙ- එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා මහාකප්පිනො පච්ඡිමං දිසං නිස්සාය තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසීදි, තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
ඉක්බිති ආයුෂ්මත් මහාකප්පින තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසන සේක් දැයි මේ සිත විය. ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ තේජෝධාතු සමවතට සමවැද ඒ බඹහුගේ මත්තෙහි අහස පලඟින් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ … දිවසින් දුටුහ. දැක යම්සේ බලවත් පුරුෂයෙක් ... එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ පැසුලු දිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේට යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතුවට සමවැද පලඟින් වැඩ හුන්හ.
අථ ඛො ආයස්මතො අනුරුද්ධස්ස එතදහොසි: කහං නු ඛො භගවා එතරහි විහරතීති. අද්දසා ඛො ආයස්මා අනුරුද්ධො භගවන්තං දිබ්බෙන -පෙ- අථ ඛො ආයස්මා අනුරුද්ධො උත්තරං දිසං නිස්සාය තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසීදි, තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවෙසෙන සේක් දැයි මේ සිත වි ය. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ … දිවැසින් දුටුහ … ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ උතුරුදිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේට යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතු සමවතට සමවැද පලඟින් වැඩ හුන්හ.
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං බ්රහ්මානං ගාථාය අජ්ඣභාසි:
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරුවෝ ඒ බඹහට ගාථායෙන් වදාළහ.
අජ්ජාපි තෙ ආවුසො සා දිට්ඨි යා තෙ දිට්ඨි පුරෙ අහු, පස්සසි වීතිවත්තන්තං බ්රහ්මලොකෙ පභස්සරන්ති.
ඇවැත්නි, පෙර තාගේ යම් දෘෂ්ටියෙක් වී ද, තාගේ ඒ දෘෂ්ටිය අදත් තිබේ ද, බඹලොව (ප්‍රභා) මැඩ පවත්වමින් බුදුරජානන් වහන්සේ දකිහි.
[බ්රහ්මා:]
[බ්‍රහ්මයා:]
න මෙ මාරිස සා දිට්ඨි යා මෙ දිට්ඨි පුරෙ අහු, පස්සාමි වීතිවත්තන්තං බ්රහ්මලොකෙ පභස්සරං, ස්වාහං අජ්ජ කථං වජ්ජං අහං නිච්චොම්හි සස්සතොති.
නිදුකානෙනි, පෙර මාගේ යම් දෘෂ්ටියෙක් වී ද, ඒ දෘෂ්ටිය (දැන්) නැත. මේ බඹලොව (ප්‍රභා) මැඩ සිටුමින් බබලන බුදුරජානන් වහන්සේ දකිමි. ඒ මම අද නිත්‍ය වෙමියි ශාශ්වත වෙමියි කෙසේ කියම් ද.
අථ ඛො භගවා තං බ්රහ්මානං සංවෙජෙත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය එවමෙව තස්මිං බ්රහ්මලොකෙ අන්තරහිතො ජෙතවනෙ පාතුරහොසි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ බඹහට සංවේග දනවා යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම ඒ බඹලොව අතුරුදන් වූ සේක් දෙව්රම්හි පහළ වූ සේක.
අථ ඛො සො බ්රහ්මා අඤ්ඤතරං බ්රහ්මපාරිසජ්ජං ආමන්තෙසි: එහි ත්වං මාරිස යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එවං වදෙහි: අත්ථි නු ඛො මාරිස මොග්ගල්ලාන අඤ්ඤෙපි තස්ස භගවතො සාවකා එවං මහිද්ධිකා එවං මහානුභාවා, සෙය්යථාපි නාම භවං මොග්ගල්ලානො කස්සපො කප්පිනො අනුරුද්ධොති. එවං මාරිසාති ඛො සො බ්රහ්මපාරිසජ්ජො තස්ස බ්රහ්මුනො පටිස්සුත්වා යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: අත්ථි නු ඛො මාරිස මොග්ගල්ලාන අඤ්ඤෙපි තස්ස භගවතො සාවකා එවං මහිද්ධිකා එවං මහානුභාවා, සෙය්යථාපි භවං මොග්ගල්ලානො කස්සපො කප්පිනො අනුරුද්ධොති.
ඉක්බිති ඒ බ්‍රහ්ම තෙමේ එක්තරා අතැවැසි බ්‍රහ්මයකු ඇමතීය. “නිදුකානෙනි, ඒව තෝ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වෙත එළඹෙව. එළඹ මහමුගලන් තෙරුන්ට නිදුකානෙනි, මොග්ගල්ලානයෙනි, භවත් මොග්ගල්ලාන, කස්සප, කප්පින අනුරුද්ධ තෙරවරුන්ට වැනි මෙසේ මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති ඒ භාග්‍යවතුන් වහන්සේගේ වෙනත් සව්වොත් ඇද්දැයි මෙසේ කියව”යි. ඒ අතැවැසි බඹ තෙමේ නිදුකානෙනි, එසේ යයි ඒ බඹහට පිළිතුරු දී ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට “නිදුකානෙනි මොග්ගල්ලානයෙනි, භවත් මොග්ගල්ලාන කස්සප කප්පින අනුරුද්ධ තෙරවරුන් මෙන් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති භාග්‍යවතුන් වහන්සේගේ වෙනත් සව්වොත් ඇද්දැ”යි මෙය කී ය.
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං බ්රහ්මපාරිසජ්ජං ගාථාය අජ්ඣභාසි:
ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ අතැවැසි බඹහට ගාථායෙන් වදාළහ.
තෙවිජ්ජා ඉද්ධිප්පත්තා ච චෙතොපරියායකොවිදා, ඛීණාසවා අරහන්තො බහූ බුද්ධස්ස සාවකාති.
ත්‍රිවිද්‍යා ඇති ඍද්ධිවිධඥානයට පැමිණි පරසිත් දැනීමෙහි දක්ෂ වූ ක්ෂය කළ ආස්‍රව ඇති රහත් වූ බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ හ.
අථ ඛො සො බ්රහ්මපාරිසජ්ජො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා යෙන සො බ්රහ්මා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං බ්රහ්මානං එතදවොච: ආයස්මා මාරිස මහාමොග්ගල්ලානො එවමාහ:
ඉක්බිති ඒ අතැවැසි බඹ තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ගේ වචනය පිළිගෙණ අනුමෝදන් ව ඒ බඹු වෙත එළඹියේ ය. එළඹ ඒ බඹුහට මෙය කීය. නිදුකානෙනි, ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙසේ කීහ.
“තෙවිජ්ජා ඉද්ධිප්පත්තා ච, චෙතොපරියායකොවිදා, ඛීණාසවා අරහන්තො බහූ බුද්ධස්ස සාවකා”ති.
“ත්‍රිවිද්‍යා ඇති ඍද්ධිවිධඥානයට පැමිණි පරසිත් දැනීමෙහි දක්ෂ වූ ක්ෂය කළ ආස්‍රව ඇති රහත් වූ බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ හ”යි.
ඉදමවොච සො බ්රහ්මපාරිසජ්ජො. අත්තමනො ච සො බ්රහ්මා තස්ස බ්රහ්මපාරිසජ්ජස්ස භාසිතං අභිනන්දීති.
ඒ අතැවැසි බඹ තෙමේ මෙය කීය. සතුටු සිත් ඇති ඒ බඹ තෙමේ ඒ අතැවැසි බඹහුගේ භාෂිතය පිළිගත්තේ ය.