යෙදුමෙන් කියවන්න

සුද‍්ධිකසුත‍්තං

7. 1. 7.

7. 1. 7.

සුද‍්ධිකසුත‍්තං.

සුද්ධික සූත්‍රය

193. සාවත්‍ථියං–

193. සැවැත්නුවර–

අථ ඛො සුද‍්ධිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සුද‍්ධිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකල්හි සුද්ධිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුද්ධිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කී ය.

න බ්‍රාහ‍්මණො සුජ‍්ඣති කොචි ලොකෙ සීලවාපි තපොකරං, විජ‍්ජාචරණසම‍්පන‍්නො සො සුජ‍්ඣති න අඤ‍්ඤා ඉතරා පජාති.

ලෝකයේ කිසි බමුණෙක් සිල්වත් ද, තපස්කම් කරන්නේ ද, (එපමණින්) පිරිසිදු නො වේ. ඒ බමුණු තෙමේ විද්‍යායෙන් හා චරණධර්‍මයන්ගෙන් යුක්ත වූයේ පිරිසිදු වේ. මෙයින් අන්‍ය වූ සෙසු ප්‍රජාව පිරිසිදු නො වේ.

[භගවා:]

[භගවත්හු:]

බහුම‍්පි පලපං ජප‍්පං න ජච‍්චා හොති බ්‍රාහ‍්මණො, අන‍්තො කසම‍්බුසංකිලිට‍්ඨො කුහනං උපනිස‍්සිතො.

බොහෝ ප්‍රලාප බෙණෙන්නේ ඇතුළත (කෙලෙසින්) කුණු වූයේ කිලිටි වූයේ කොහොන් බැව් ඇසුරු කෙළේ ජාතිමාත්‍රයෙන් බමුණෙක් නො වේ.

ඛත‍්තියො බ්‍රාහ‍්මණො වෙස‍්සො සුද‍්දො චණ‍්ඩාලපුක‍්කුසො, ආරද‍්ධවිරියො පහිතත‍්තො නිච‍්චං දළ‍්හපරක‍්කමො, පප‍්පොති පරමං සුද‍්ධිං එවං ජානාහි බ්‍රාහ‍්මණාති.

පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති නිති දැඩි පැරකුම් ඇති ක්‍ෂත්‍රියයා ද බ්‍රාහ්මණයා ද වෛශ්‍යයා ද ශුද්‍රයා ද සැඬොලා ද පුප්සඬුවා ද උත්තම සුද්ධි සඞ්ඛ්‍යාත නිවණට පැමිණෙත්. බමුණ, මෙසේ දනුව යි.

එවං වුත‍්තෙ සුද‍්ධිකභාරද‍්වාජො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම -පෙ- අඤ‍්ඤතරො ච පනායස‍්මා භාරද‍්වාජො අරහතං අහොසීති.

මෙසේ වදාළ කල්හි සුද්ධිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, … ආයුෂ්මත් සුද්ධිකභාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.