බහුධීතුසුත්තං
7. 1. 10.
7. 1. 10.
බහුධීතුසුත්තං.
බහුධීතු සූත්‍රය
196. එකං සමයං භගවා කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භාරද්වාජගොත්තස්ස බ්රාහ්මණස්ස චතුද්දස බලිවද්දා නට්ඨා හොන්ති. අථ ඛො භාරද්වාජගොත්තො බ්රාහ්මණො තෙ බලිවද්දෙ ගවෙසන්තො යෙන සො වනසණ්ඩො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අද්දස භගවන්තං තස්මිං වනසණ්ඩෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
196. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩ වසන සේක. එකල්හි එක්තරා භාරද්වාජ ගෝත්‍ර බමුණු කෙනකුගෙන් ගොන්හු තුදුස් දෙනෙක් නටුවාහු වෙත්, ඉක්බිති ඒ භාරද්වාජ ගෝත්‍ර බමුණු තෙමේ ඒ ගොනුන් සොයමින් ඒ වනලැහැබට පැමිණියේ ය. එළඹ ඒ වනලැහැබෙහි උඩු කය කෙළින් තබා (කමටහන්=) අභිමුඛ කොට සිහි එළවා පලක් බැඳ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය.
න හි නූනිමස්ස සමණස්ස බලිවද්දා චතුද්දස, අජ්ජ සට්ඨි න දිස්සන්ති තෙනායං සමණො සුඛී.
(මාගේ) ගොන්හු තුදුස්දෙනෙක් අදට සදවසක් මුළුල්ලෙහි නො දක්නා ලැබෙත්. මේ මහණහු ඒකාන්තයෙන් (එබන්දෙක්) නැත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
න හි නූනිමස්ස සමණස්ස තිලා ඛෙත්තස්මිං පාපකා, එකපණ්ණා දුපණ්ණා ච තෙනායං සමණො සුඛී.
යම් හෙයකින් මේ මහණහට ලාමකවූ තල ද කොළ එකක් දෙකක් පමණ ඉතිරි වූ තල ද ඒකාන්තයෙන් නැත් ද, එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
න හි නූනිමස්ස සමණස්ස තුච්ඡකොට්ඨස්මිං මූසිකා, උස්සොළ්හිකාය නච්චන්ති තෙනායං සමණො සුඛී.
(මාගේ) හිස් වූ ධාන්‍යාගාරයෙහි මීයෝ අධිකෝත්සාහයෙන් නටත්. මේ මහණහට ඒකාන්තයෙන් (එබන්දෙක්) නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
න හි නූනිමස්ස සමණස්ස, සන්ථාරො සත්තමාසිකො, උප්පාටකෙහි සංඡන්නො තෙනායං සමණො සුඛී.
සත්මසක් පමණ වූ (මාගේ) තණ ඇතිරිය එහි ම හටගත් ප්‍රාණීන්ගෙන් ගැවසී ගත්තේ ය. මේ මහණහට ඒකාන්තයෙන් (එබන්දෙක්) නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සැප ඇත්තෙකි.
න හි නූනිමස්ස සමණස්ස විධවා සත්තධීතරො, එකපුත්තා දුපුත්තා ච තෙනායං සමණො සුඛී.
එක පුතකු ඇත්තාවූ ද පුතුන් දෙදෙනකුන් ඇත්තාවූ ද, වැන්දඹු වූ දුහු සත් දෙනෙක් (මට මෙන්) මේ මහණහට ඒකාන්තයෙන් නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
න හි නූනිමස්ස සමණස්ස පිඞ්ගලා තිලකාහතා, සොත්තං පාදෙන බොධෙති තෙනායං සමණො සුඛී.
පිඟුවන් වූ තලකැලලින් ගැවසී ගත් සිරුර ඇති (මාගේ බැමිණි තොමෝ) නිදිගත් මා පයින් ගසා පුබුදුවයි. මේ මහණහට ඒකාන්තයෙන් එබන්දෙක් නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
න හි නූනිමස්ස සමණස්ස පච්චූසම්හි ඉණායිකා, දෙථ දෙථාති චොදෙන්ති තෙනායං සමණො සුඛීති.
අලුයම්හි නය හිමියෝ දෙවු, දෙවු යයි මේ මහණහට (මට මෙන්) ඒකාන්තයෙන් චෝදනා නො ම කෙරෙත්. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
[භගවා:]
[භගවත්හු:]
න හි මය්හං බ්‍රාහ්මණ බලිවද්දා චතුද්දස, අජ්ජ සට්ඨි න දිස්සන්ති තෙනාහං බ්රාහ්මණා සුඛී.
බමුණ, (තාගේ) ගොන්හු තුදුස් දෙනෙක් අදට සදවසක් මුළුල්ලෙහි නො දක්නා ලැබෙත්. මට (එබන්දෙක්) නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
න හි මය්හං බ්‍රාහ්මණ තිලාඛෙත්තම්හි පාපකා, එකපණ්ණා දුපණ්ණා ච තෙනාහං බ්රාහ්මණා සුඛී.
බමුණ, කෙතෙහි ලාමක වූ තල ද එකක් දෙකක් කොළ ඉතිරි වූ තල ද මට නොම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
න හි මය්හං බ්‍රාහ්මණ තුච්ඡකොට්ඨස්මිං මූසිකා, උස්සොළ්හිකාය නච්චන්ති තෙනාහං බ්රාහ්මණා සුඛී.
බමුණ, (තාගේ) හිස් වූ ධාන්‍යාගාරයෙහි මීයෝ මහත් උත්සාහයෙන් නටත්. මට එබන්දෙක් නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
න හි මය්හං බ්‍රාහ්මණ සන්ථාරො සත්තමාසිකො, උප්පාටකෙහි සඤ්ඡන්නො තෙනාහං බ්රාහ්මණා සුඛී.
බමුණ, සත්මසක් වූ (තාගේ) තණඇතිරිය එහි ම උපන් ප්‍රාණීන්ගෙන් ගැවසී ගත්තේ ය. මට (එබන්දෙක්) නො ම ඇත්තේ ය. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
න හි මය්හං බ්‍රාහ්මණ විධවා සත්තධීතරො, එකපුත්තා දුපුත්තා ච තෙනාහං බ්රාහ්මණා සුඛී.
බමුණ, එක් පුතකු ඇත්තාවූ ද, දෙපුතු කෙනකුන් ඇත්තාවූ ද වැන්දඹු වූ දූහු සත්දෙනෙක් (තට මෙන්) මට නොම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
න හි මය්හං බ්‍රාහ්මණ පිඞ්ගලා තිලකාහතා, සොත්තං පාදෙන බොධෙති තෙනාහං බ්රාහ්මණා සුඛී.
පිඟුවන් වූ තලකැලලින් ගැවසී ගත් සිරුරු ඇති (තාගේ බැමිණිය) නිදි ගත් තා පයින් ගසා පුබුදුවයි. මට එබන්දෙක් නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
න හි මය්හං බ්‍රාහ්මණ පච්චූසම්හි ඉණායිකා, දෙථ දෙථාති චොදෙන්ති තෙනාහං බ්රාහ්මණා සුඛීති.
බමුණ, අලුයම නයහිමියෝ දෙවූ දෙවූ යයි (තට) චෝදනා කෙරෙත්. මට එබන්දෙක් නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
එවං වුත්තෙ භාරද්වාජගොත්තො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්ති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යං උපසම්පදන්ති.
මෙසේ වදාළ කල්හි භාරද්වාජගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මං මුළාවූවකුට මඟ කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දකින්නාහ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියායෙන් දහම් පවසන ලදී. මේ මම භවත් ගොයුම්හු ද දහම ද බික්සඟන ද සරණ යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබම් වා. උපසපුව ලබම්වා යි.
අලත්ථ ඛො භාරද්වාජගොත්තො බ්රාහ්මණො භගවතො සන්තිකෙ පබ්බජ්ජං අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ච පනායස්මා භාරද්වාජො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
භාරද්වාජගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබීය ය. උපසපුව ලැබීය. උපසපන් වූ නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ එකලාව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙමින් කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට යෙත් ද, මගබඹසර කෙළවර කොට ඇති ඒ නිරුත්තර වූ රහත්බව නොබෝ කලෙකින් ම දුටුදැමියෙහි තමා විසින් ම විසිතුරු නුවණින් පසක් කොට එයට පැමිණ විසූහ. ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැන ගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ.
අරහන්තවග්ගො පඨමො.
අරහන්තවර්ගය පළමුවැනි යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
ධනඤ්ජානී ච අක්කොසං අසුරින්දං බිලඞ්ගිකං, අහිංසකං ජටා චෙව සුද්ධිකඤ්චෙ ව අග්ගිකා, සුන්දරිකං බහුධීතුකෙන ච තෙ දසාති.
ධනඤ්ජානි, අක්කෝස, අසුන්දරි, බිලඞ්ගික, අහිංසක, ජටා, සුද්ධික, අග්ගික, සුන්දරික, බහුධීතු සූත්‍රය යි ඒ දශයෙකි.