යෙදුමෙන් කියවන්න

9. කොණ‍්ඩඤ‍්ඤසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

9. කොණ‍්ඩඤ‍්ඤසුත‍්තවණ‍්ණනා

9. කොණ්ඩඤ්ඤ සූත්‍ර වර්ණනාව

නවමෙ අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤොති පඨමං ධම‍්මස‍්ස අඤ‍්ඤාතත‍්තා එවං ගහිතනාමො ථෙරො. සුචිරස‍්සෙවාති කීවචිරස‍්ස? ද‍්වාදසන‍්නං සංවච‍්ඡරානං. එත‍්තකං කාලං කත්‍ථ විහාසීති. ඡද‍්දන‍්තභවනෙ මන්‍දාකිනිපොක‍්ඛරණියා තීරෙ පච‍්චෙකබුද‍්ධානං වසනට‍්ඨානෙ. කස‍්මා? විහාරගරුතාය. සො හි පඤ‍්ඤවා මහාසාවකො. යථෙව භගවතො, එවමස‍්ස දසසහස‍්සචක‍්කවාළෙ දෙවමනුස‍්සානං අබ‍්භන‍්තරෙ ගුණා පත්‍ථටාව. දෙවමනුස‍්සා තථාගතස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ගන්‍ධමාලාදීහි පූජං කත්‍වා “අග‍්ගධම‍්මං පටිවිද‍්ධසාවකො”ති අනන‍්තරං ථෙරං උපසඞ‍්කමිත්‍වා පූජෙන‍්ති. සන‍්තිකං ආගතානඤ‍්ච නාම තථාරූපා ධම‍්මකථා වා පටිසන්‍ථාරො වා කාතබ‍්බො හොති. ථෙරො ච විහාරගරුකො, තෙනස‍්ස සො පපඤ‍්චො විය උපට‍්ඨාති. ඉති විහාරගරුතාය තත්‍ථ ගන‍්ත්‍වා විහාසි.

නව වැන්නේ - අඤ්ඤාකොණ්ඩඤ්ඤො පළමුවෙන් ධර්මය දැන ගත් බැවින් මෙසේ ගන්නා ලද නම් ඇති තෙරුන් වහන්සේ, සුචිරස්සෙව කොපමණ කල් ගත වීමකින් ද? අවුරුදු දොළහක් ය. මෙ පමණ කලක් කොහේ විසුවේ ද? ඡද්දන්ත වනයෙහි මන්දාකිනී පොකුණු තෙර පසේ බුදුවරුන් වසන ස්ථානයෙහි ය. මක් නිසා ද? විහාර ගරුක බව නිසා ය. උන්වහන්සේ ප්‍රඥාවන්ත මහා ශ්‍රාවකයා ය. භාග්‍යවතුන් වහන්සේගේ මෙන් මුන් වහන්සේගේ ගුණ ද දස දහසක් සක්වළ දෙව්මිනිසුන් අතර පැතිරී තිබේ. දෙව් මිනිස්සු, තථාගතයන් වහන්සේ වෙත ගොස් සුවඳ මල්මාලා ආදියෙන් පූජා කොට, අග්‍ර ධර්මය ප්‍රතිවේධ කළ ශ්‍රාවකයාණන් වහන්සේ යි නිරතුරු ව ම තෙරුන් වෙත පැමිණ පූජා කරත්. ළඟට පැමිණියවුනට ද සුදුසු ධර්ම කථා හෝ පිළිසඳර කථා හෝ කළ යුත්තේ වෙයි. තෙරුන් වහන්සේ ද විහාර ගරුක ය. එහෙයින් එය ප්‍රපංචයක් (ප්‍රමාද බාධකයක්) මෙන් සිටියි. මෙසේ විහාරගරුක භාවයෙන් එහි ගොස් විසූ හ.

අපරම‍්පි කාරණං – භික‍්ඛාචාරවෙලායං තාව සබ‍්බසාවකා වස‍්සග‍්ගෙන ගච‍්ඡන‍්ති. ධම‍්මදෙසනාකාලෙ පන මජ‍්ඣට‍්ඨානෙ අලඞ‍්කතබුද‍්ධාසනම‍්හි සත්‍ථරි නිසින‍්නෙ දක‍්ඛිණහත්‍ථපස‍්සෙ ධම‍්මසෙනාපති, වාමහත්‍ථපස‍්සෙ මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරො නිසීදති, තෙසං පිට‍්ඨිභාගෙ අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරස‍්ස ආසනං පඤ‍්ඤාපෙන‍්ති. සෙසා භික‍්ඛූ තං පරිවාරෙත්‍වා නිසීදන‍්ති. ද‍්වෙ අග‍්ගසාවකා අග‍්ගධම‍්මපටිවිද‍්ධත‍්තා ච මහල‍්ලකත‍්තා ච ථෙරෙ සගාරවා ථෙරං මහාබ්‍රහ‍්මං විය අග‍්ගික‍්ඛන්‍ධං විය ආසීවිසං විය ච මඤ‍්ඤමානා ධුරාසනෙ නිසීදන‍්තා ඔත‍්තප‍්පන‍්ති හරායන‍්ති. ථෙරො චින‍්තෙසි – “ඉමෙහි ධුරාසනත්‍ථාය කප‍්පසතසහස‍්සාධිකං අසඞ‍්ඛ්‍යෙය්‍යං පාරමියො පූරිතා, තෙ ඉදානි ධුරාසනෙ නිසීදන‍්තා මම ඔත‍්තප‍්පන‍්ති හරායන‍්ති, ඵාසුවිහාරං නෙසං කරිස‍්සාමී”ති. සො පතිරූපෙ කාලෙ තථාගතං උපසඞ‍්කමිත්‍වා “ඉච‍්ඡාමහං, භන‍්තෙ, ජනපදෙ වසිතු”න‍්ති ආහ, සත්‍ථා අනුජානි.

තවත් කාරණයකි : භික්ෂාචාර වේලාවෙහි සියලු ශ්‍රාවකයෝ වස් පිළිවෙලින් යත්. ධර්ම දේශනා කාලයෙහි මධ්‍ය ස්ථානයක (මැද) අලංකාර කරන ලද බුද්ධාසනයෙහි බුදුන් වහන්සේ වැඩ සිටින කල්හි, දකුණු අත පැත්තේ ධර්ම සේනාපති (සැරියුත් හිමියෝ)ත්, වම් අත පැත්තේ මහමුගලන් තෙරණුවෝත් අසුන් ගෙන සිටිති. උන්වහන්සේලාට පිටුපස අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුනට ආසනය පනවති. සෙසු භික්ෂූහු උන් වහන්සේලා පිරිවරා වැඩ සිටිති. දෑගසව්වෝ, අග්‍ර ධර්මය ප්‍රතිවේධ කළ බැවින් ද මහලු බව නිසා ද තෙරුන් කෙරෙහි ගෞරව සහිත වූවාහු තෙරුන් මහා බ්‍රහ්මයා මෙන්, ගිනි සිළුවක් මෙන්, සර්පයකු මෙන් ද සිතන්නාහු ධුරාසනයෙහි (ධුරයට හිමි අසුනෙහි) සිටිමින් තැවෙත්; ලජ්ජා වෙත්. තෙරණුවෝ (මෙසේ) සිතති. මුන් වහන්සේලා විසින් ධුරාසන පිණිස අසංඛ්‍ය කල්ප ලක්ෂයකට අධික කාලයක් පාරමී පුරන ලදි. උන්වහන්සේලා දැන් ධුරාසනයෙහි වැඩ සිටින්නාහු මා ගැන තැවෙති; ලජ්ජා වෙති; උන්වහන්සේලාට පහසු විහරණයක් කරන්නෙමි.”

ථෙරො සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරමාදාය ඡද‍්දන‍්තභවනෙ මන්‍දාකිනිතීරං ගතො. පුබ‍්බෙ පච‍්චෙකබුද‍්ධානං පාරිචරියාය කතපරිචයා අට‍්ඨසහස‍්සා හත්‍ථිනාගා ථෙරං දිස‍්වාව “අම‍්හාකං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ආගත”න‍්ති නඛෙහි චඞ‍්කමනං නිත‍්තිණං කත්‍වා ආවරණසාඛා හරිත්‍වා ථෙරස‍්ස වසනට‍්ඨානං පටිජග‍්ගිත්‍වා වත‍්තං කත්‍වා සබ‍්බෙ සන‍්නිපතිත්‍වා මන‍්තයිංසු – “සචෙ හි මයං ‘අයං ථෙරස‍්ස කත‍්තබ‍්බං කරිස‍්සති, අයං කරිස‍්සතී’ති පටිපජ‍්ජිස‍්සාම, ථෙරො බහුඤාතිකගාමං ගතො විය යථාධොතෙනෙව පත‍්තෙන ගමිස‍්සති, වාරෙන නං පටිජග‍්ගිස‍්සාම, එකස‍්ස පන වාරෙ පත‍්තෙ සෙසෙහිපි නප‍්පමජ‍්ජිතබ‍්බ”න‍්ති වාරං ඨපයිංසු. වාරිකනාගො පාතොව ථෙරස‍්ස මුඛොදකඤ‍්ච දන‍්තකට‍්ඨඤ‍්ච ඨපෙති, වත‍්තං කරොති.

තෙරුන් වහන්සේ සුදුසු අවස්ථාවෙහි තථාගතයන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, මම ඡද්දන්ත වනයෙහි විසීමට කැමැත්තෙමි’යි” පැවසූහ. බුදුහු අනුමත කළහ. තෙරුන් වහන්සේ සයනාසයන නවා තබා පාත්‍ර සිවුරු රැගෙන ඡද්දන්ත වනයෙහි මන්දාකිනී ඉවුරට වැඩියහ. පෙර පසේ බුදුවරුන්ගේ සිරිතට අනුව ඇති කර ගත් පුරුද්ද සහිත අට දහසක් ඇත්හු තෙරුන් දැකලා ම අපගේ පින් කෙත පැමිණියේ ය යි නියවලින් තණ කොළ නොමැති සක්මනක් (සක්මන් මළුවක්) කොට ආවරණ ශාඛා ගෙනැවිත් තෙරුනට වාසය කිරීමට ස්ථානයක් සකස් කොට වතාවත් කොට සියල්ලෝ ම එක් රැස් ව (මෙසේ) සාකච්ඡා කළහ. ඉදින් අපි, ‘මොහු තෙරුනට කළ යුතු (මේ) දේ කරන්නේ ය; මොහු (මේ දේ) කරන්නේ ය’යි ගිවිස ගනිමු නම්, තෙරුන් වහන්සේ බොහෝ නෑයින් සිටින ගමට ගියාක් මෙන් මැනවින් සෝදන ලද පාත්‍රයෙන් යුතු ව යනු ඇත. (දාන) මුරය බැගින් උන්වහන්සේ හා ගිවිස ගන්නෙමු. එක් එක් අයගේ මුරය ආ කල අන්‍යයන් විසින් ද ප්‍රමාද නො විය යුතු යයි මුර තබා ගත්හ. මුරයට පැමිණි හස්තියා හිමිදිරියෙන් ම තෙරුනට මුව දෝනා වතුර ද දැහැටි කුරු ද තබයි. වතාවත් කරයි.

මන්‍දාකිනිපොක‍්ඛරණී නාම චෙසා පණ‍්ණාසයොජනා හොති. තස‍්සා පඤ‍්චවීසතියොජනමත‍්තෙ ඨානෙ සෙවාලො වා පණකං වා නත්‍ථි, ඵලිකවණ‍්ණං උදකමෙව හොති. තතො පරං පන කටිප‍්පමාණෙ උදකෙ අඩ‍්ඪයොජනවිත්‍ථතං සෙසපදුමවනං පණ‍්ණාසයොජනං සරං පරික‍්ඛිපිත්‍වා ඨිතං. තදනන‍්තරං තාව මහන‍්තමෙව රත‍්තපදුමවනං, තදනන‍්තරං රත‍්තකුමුදවනං, තදනන‍්තරං සෙතකුමුදවනං, තදනන‍්තරං නීලුප‍්පලවනං, තදනන‍්තරං රත‍්තුප‍්පලවනං, තදනන‍්තරං සුගන්‍ධරත‍්තසාලිවනං, තදනන‍්තරං එළාලුකලාබුකුම‍්භණ‍්ඩාදීනි මධුරරසානි වල‍්ලිඵලානි, තදනන‍්තරං අඩ‍්ඪයොජනවිත්‍ථාරමෙව උච‍්ඡුවනං, තත්‍ථ පූගරුක‍්ඛක‍්ඛන්‍ධප‍්පමාණා උච‍්ඡූ, තදනන‍්තරං කදලිවනං, යතො දුවෙ පක‍්කානි ඛාදන‍්තා කිලමන‍්ති, තදනන‍්තරං චාටිප‍්පමාණඵලං පනසවනං, තදනන‍්තරං ජම‍්බුවනං, තදනන‍්තරං අම‍්බවනං, තදනන‍්තරං කපිත්‍ථවනන‍්ති. සඞ‍්ඛෙපතො තස‍්මිං දහෙ ඛාදිතබ‍්බයුත‍්තකං ඵලං නාම නත්‍ථීති න වත‍්තබ‍්බං.

මන්දාකිනී නම් වූ මේ විල යොදුන් පනහක් වේ. එහි යොදුන් විසි පහක් පමණ වූ තැන දිය සෙවල හෝ පණක හෝ නැත. පළිඟු වන් ජලය ම වේ. ඉන් ඔබ්බට ඉඟටිය ප්‍රමාණ වූ ජලයෙහි අඩ යොදුනක් පැතිරී සුදු නෙළුම් වනය යොදුන් පනහක් වූ විල වට කොට සිටියේ ය. ඉන් අනතුරු ව එපමණ මහත් රත් නෙළුම් වනය ය; ඉන් ඔබ්බට රන් කුමුදු වනය ය; ඉන් අතුරු ව සුදු කුමුදු වනයය; ඉන් අනතුරු ව නිලුපුල් වනය ය. ඉන් අනතුරු ව රතුපුල් වනය ය. ඉන් අනතුරු ව සුවඳ රත් සල් වනය ය. ඉන් අනතුරු ව කැකිරි, ලබු, කොමඩු ආදි මිහිරි රසයෙන් යුත් වැල් පල ය. ඉන් අනතුරු ව අඩ යොදුනක් පැතිරි උක් වනය ය. එහි පුවක් ගසක කඳ ප්‍රමාණ වූ උක් ය. ඉන් අනතුරු ව කෙසෙල් වනය ය. එයින් ගෙඩි දෙකක් කන්නෝ වෙහෙසට පත් වෙති. ඉන් අනතුරු ව හැලියක් පමණ ගෙඩි ඇති කොස් වනය ය. ඉන් පසු අඹ වනය ය. ඉන් පසු දඹ වනය ය. ඉන් අනතුරු ව දිවුල් වනය ය. කෙටියෙන් ම ඒ විලෙහි කෑ යුතු ඵලයක් නම් නැතැයි නො කිව යුතුය.

කුසුමානං පුප‍්ඵනසමයෙ වාතො රෙණුවට‍්ටිං උට‍්ඨාපෙත්‍වා පදුමිනිපත‍්තෙසු ඨපෙති, තත්‍ථ උදකඵුසිතානි පතන‍්ති. තතො ආදිච‍්චපාකෙන පච‍්චිත්‍වා පක‍්කපයොඝනිකා විය තිට‍්ඨති, එතං පොක‍්ඛරමධු නාම, තං ථෙරස‍්ස ආහරිත්‍වා දෙන‍්ති. මුළාලං නඞ‍්ගලසීසමත‍්තං හොති, තම‍්පි ආහරිත්‍වා දෙන‍්ති. භිසං මහාභෙරිපොක‍්ඛරප‍්පමාණං හොති, තස‍්ස එකස‍්මිං පබ‍්බෙ පාදඝටකප‍්පමාණං ඛීරං හොති, තං ආහරිත්‍වා දෙන‍්ති. පොක‍්ඛරට‍්ඨීනි මධුසක‍්ඛරාය යොජෙත්‍වා දෙන‍්ති. උච‍්ඡුං පාසාණපිට‍්ඨෙ ඨපෙත්‍වා පාදෙන අක‍්කමන‍්ති. තතො රසො පග‍්ඝරිත්‍වා සොණ‍්ඩිආවාටෙ පූරෙත්‍වා, ආදිච‍්චපාකෙන පච‍්චිත්‍වා ඛීරපාසාණපිණ‍්ඩො විය තිට‍්ඨති, තං ආහරිත්‍වා දෙන‍්ති. පනසකදලිඅම‍්බපක‍්කාදීසු කථාව නත්‍ථි.

මල් පිපෙන කල්හි වාතය රේණු වැටි නංවා පියුම් විල කොළවල හෙළයි. එහි ජලය බින්දු වී වැටේ. ඉන් පසු හිරු රැස් ගින්නෙන් රත් වී රත් වුණු යකඩ ගුලියක් මෙන් වේ. එය ‘පුෂ්කරමධු’ නමි. එය තෙරුන් වහන්සේට ගෙනැවිත් දෙති. නෙළුඹු දැලි නගුලිස පමණ වේ. එය ද ගෙනැවිත් දෙත්; නෙළුම් රිකිලි දවුල්හමක් පමණ වේ. එහි එක පුරුකක කළයක් පමණ වූ කිරි වේ. එය ගෙනැවිත් දෙති. නෙළුම් ඇට මිහිරි සකුරු සමග යොදා දෙති. උක් දඬු ගල්තලාවේ තබා පයින් පාගති. එයින් යුෂ ගලා විත් ගල් වළේ පුරවා අව්වෙන් රත් වී කිරිගරුඬ ගුලියක් මෙන් වෙයි. එය ගෙනැවිත් දෙති. කොස්, කෙසෙල්, අඹ ගෙඩි ආදිය ගැන කථාවක් ම නැත.

කෙලාසපබ‍්බතෙ නාගදත‍්තො නාම දෙවපුත‍්තො වසති. ථෙරො කාලෙන කාලං තස‍්ස විමානද‍්වාරං ගච‍්ඡති. සො නවසප‍්පිපොක‍්ඛරමධුචුණ‍්ණයුත‍්තස‍්ස නිරුදකපායාසස‍්ස පත‍්තං පූරෙත්‍වා දෙති. සො කිර කස‍්සපබුද‍්ධකාලෙ වීසතිවස‍්සසහස‍්සානි සුගන්‍ධසප‍්පිනා ඛීරසලාකං අදාසි. තෙනස‍්සෙතං භොජනං උප‍්පජ‍්ජති.

කෛලාස පර්වතයෙහි නාගදත්ත නම් දිව්‍ය පුත්‍රයෙක් වසයි. තෙරුන් වහන්සේ කලින් කල ඔහුගේ විමන් දොරට යන සේක. හේ අළුත් ගිතෙල්, නෙළුම් රේණු පැණි සුණු සහිත දිය මඳ කිරිබතින් පාත්‍රය පුරවා දෙයි. හේ කාශ්‍යප බුදුන් සමයෙහි වර්ෂ විසි දහසක් සුවඳ ගිතෙලින් යුත් කිරිසලාකයක් දුන්නේ ය. එයින් ඔහුට මේ භෝජන ඇති වේ.

එවං ථෙරො ද‍්වාදස වස‍්සානි වසිත්‍වා අත‍්තනො ආයුසඞ‍්ඛාරං ඔලොකෙන‍්තො පරික‍්ඛීණභාවං ඤත්‍වා “කත්‍ථ පරිනිබ‍්බායිස‍්සාමී”ති චින‍්තෙත්‍වා – “හත්‍ථිනාගෙහි මං ද‍්වාදස වස‍්සානි උපට‍්ඨහන‍්තෙහි දුක‍්කරං කතං, සත්‍ථාරං අනුජානාපෙත්‍වා එතෙසංයෙව සන‍්තිකෙ පරිනිබ‍්බායිස‍්සාමී”ති ආකාසෙන භගවතො සන‍්තිකං අගමාසි. තෙන වුත‍්තං “සුචිරස‍්සෙව යෙන භගවා තෙනුපසඞ‍්කමී”ති.

මෙසේ තෙරුන් වහන්සේ දොළොස් වසක් වැස තමාගේ ආයු සංස්කාරය බලන සේක් (ආයු) ගෙවී ගිය බැව් දැන කොතැන පිරිනිවන් පාන්නෙම් දැයි සිතා ඇතුන් විසින් මා හට දොළොස් වසරක් උපස්ථාන කරමින් දුෂ්කර දෙයක් කරන ලදි. බුදුන් වහන්සේ ලවා අනු දන්වාගෙන ඔවුන් සමීපයෙහි පිරිනිවන් පාන්නෙමි යි අහසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියහ. එහෙයින් සුචිරස්සෙව යෙන භගවා තෙනුපසංකමි’ යි කියන ලදි.

නාමඤ‍්චාති කස‍්මා නාමං සාවෙති? ථෙරඤ‍්හි කෙචි සඤ‍්ජානන‍්ති, කෙචි න සඤ‍්ජානන‍්ති. තත්‍ථ ථෙරො චින‍්තෙසි – “යෙ මං අජානන‍්තා ‘කො එස පණ‍්ඩරසීසො ඔභග‍්ගො ගොපානසිවඞ‍්කො මහල‍්ලකො සත්‍ථාරා සද‍්ධිං පටිසන්‍ථාරං කරොතී’ති චිත‍්තං පදූසෙස‍්සන‍්ති, තෙ අපායපූරකා භවිස‍්සන‍්ති. යෙ පන මං ජානන‍්තා – ‘දසසහස‍්සචක‍්කවාළෙ සත්‍ථා විය පඤ‍්ඤාතො පාකටො මහාසාවකො’ති චිත‍්තං පසාදෙස‍්සන‍්ති, තෙ සග‍්ගූපගා භවිස‍්සන‍්තී”ති, සත‍්තානං අපායමග‍්ගං පිදහිත්‍වා සග‍්ගමග‍්ගං විවරන‍්තො නාමං සාවෙති.

නාමඤ්ච කුමක් නිසා නාමය අස්වයි ද? සමහරු තෙරුන් වහන්සේ දනිති, සමහරු නොදනිති. එහි දී තෙරුන් වහන්සේ (මෙසේ) සිතූහ. “යමෙක් මා නො හඳුනන්නාහු ද ඔවුහු “බුදුන් වහන්සේ සමග පිළිසඳරෙහි යෙදෙන සුදු හිස (කෙස්) ඇති, වක ගැසුණු, ගොණැස්සක් මෙන් නැමුණු මේ මහල්ලා කවරෙක් දැයි සිතා සිත දූෂණය කරගන්නාහු ය. ඔවුහු අපාය පුරවන්නෝ වෙත්. යමෙක් මා දනිත් ද ඔවුහු දසදහසක් සක්වළ බුදුන් වහන්සේ මෙන් ප්‍රසිද්ධ මහාශ්‍රාවකයන් වහන්සේ’යි සිතා සිත පහදා ගත්තාහු ය, ඔවුහු දෙව් ලෝ යන්නාහු වෙත්” සත්ත්වයන්ගේ අපා මග වසා දෙව් ලෝ මග අරවමින් නම ඇස්සවීම කරවයි.

බුද‍්ධානුබුද‍්ධොති පඨමං සත්‍ථා චත‍්තාරි සච‍්චානි බුජ‍්ඣි, පච‍්ඡා ථෙරො, තස‍්මා බුද‍්ධානුබුද‍්ධොති, වුච‍්චති. තිබ‍්බනික‍්කමොති බාළ‍්හවීරියො. විවෙකානන‍්ති තිණ‍්ණං විවෙකානං. තෙවිජ‍්ජො, චෙතොපරියායකොවිදොති ඡසු අභිඤ‍්ඤාසු චතස‍්සො වදති. ඉතරා ද‍්වෙ කිඤ‍්චාපි න වුත‍්තා, ථෙරො පන ඡළභිඤ‍්ඤොව. ඉමිස‍්සා ච ගාථාය පරියොසානෙ පරිසා සන‍්නිසීදි. පරිසාය සන‍්නිසින‍්නභාවං ඤත්‍වා ථෙරො සත්‍ථාරා සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා “පරික‍්ඛීණා මෙ, භන‍්තෙ, ආයුසඞ‍්ඛාරා, පරිනිබ‍්බායිස‍්සාමී”ති, පරිනිබ‍්බානකාලං අනුජානාපෙසි. කත්‍ථ පරිනිබ‍්බායිස‍්සසි කොණ‍්ඩඤ‍්ඤාති? උපට‍්ඨාකෙහි මෙ, භන‍්තෙ, හත්‍ථිනාගෙහි දුක‍්කරං කතං, තෙසං සන‍්තිකෙති. සත්‍ථා අනුජානි.

බුද්ධානුබුද්ධො බුදුන් වහන්සේ පළමු ව සත්‍ය සතර අවබෝධ කළ සේක. පසු ව (මේ) තෙරුන් වහන්සේ ය. එහෙයින් “බුද්ධානුබුද්ධො” (බුද්ධ අනුබුද්ධ) යි කියනු ලැබේ. තිබ්බනික්කමො බලවත් වීර්ය ඇති, විවෙකානං විවේක තුනේ, තෙවිජ්ජො චෙතොපරියායකොවිදො අභිඥා සය අතර සතරක් කියයි. එහෙත් සෙසු දෙක නො කියන ලදි. තෙරුන් වහන්සේ ෂඩ් අභිඥා ඇත්තාහු ම වෙත්. මේ ගාථා අවසානයේ පිරිස සංසුන් වූහ. පිරිස සංහුන් වූ බැව් දැන තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ සමග පිළිසඳර කථා පවත්වා “ස්වාමීනි, මාගේ ආයුසංස්කාරය ගෙවී ගොසිනි. පිරිනිවන් පාන්නෙමි. පරිනිර්වාණ කාලය අනුදැන වදාළ මැනවි.” “කොණ්ඩඤ්ඤයනි, කොතැන පිරිනිවන් පාන්නෙහි ද?” “ස්වාමීනි, මාගේ උපස්ථායකයන් වන ඇතුන් විසින් දුෂ්කර කාර්යයක් කරන ලද්දේ ය; ඔවුන් සමීපයෙහි ය” බුදුන් වහන්සේ අනුදැන වදාළ සේක.

ථෙරො දසබලං පදක‍්ඛිණං කත්‍වා – “පුබ‍්බං තං මෙ, භන‍්තෙ, පඨමදස‍්සනං, ඉදං පච‍්ඡිමදස‍්සන”න‍්ති පරිදෙවන‍්තෙ මහාජනෙ සත්‍ථාරං වන්‍දිත්‍වා නික‍්ඛමිත්‍වා, ද‍්වාරකොට‍්ඨකෙ ඨිතො – “මා සොචිත්‍ථ, මා පරිදෙවිත්‍ථ, බුද‍්ධා වා හොන‍්තු බුද‍්ධසාවකා වා, උප‍්පන‍්නා සඞ‍්ඛාරා අභිජ‍්ජනකා නාම නත්‍ථී”ති මහාජනං ඔවදිත්‍වා පස‍්සන‍්තස‍්සෙව මහාජනස‍්ස වෙහාසං අබ‍්භුග‍්ගම‍්ම මන්‍දාකිනිතීරෙ ඔතරිත්‍වා පොක‍්ඛරණියං න‍්හත්‍වා නිවත්‍ථනිවාසනො කතුත‍්තරාසඞ‍්ගො සෙනාසනං සංසාමෙත්‍වා ඵලසමාපත‍්තියා තයො යාමෙ වීතිනාමෙත්‍වා බලවපච‍්චූසසමයෙ පරිනිබ‍්බායි. ථෙරස‍්ස සහපරිනිබ‍්බානා හිමවති සබ‍්බරුක‍්ඛා පුප‍්ඵෙහි ච ඵලෙහි ච ඔනතවිනතා අහෙසුං.

තෙරුන් වහන්සේ බුදුන් පැදකුණු කොට “ස්වාමීනි, ඒ මාගේ පෙර වූ පළමු දැක්ම යි; දැන් අවසාන දැකීම යි” මහජනයා වැළපෙද්දී බුදුන් වහන්සේ වැඳ පිටත් ව දොරටුවෙහි සිටිමින්, “ශෝක නො කරව්, නො වැළපෙව්, බුදුන් වහන්සේ ලා වැඩ සිටියා හෝ බුද්ධ ශ්‍රාවකයන් වැඩ සිටියා හෝ වේවා උපන් සංස්කාරයෝ නො බිඳෙන්නාහු නම් නො වෙත්” යි මහජනයාට අවවාද කොට මහා ජනයා බලා සිටියදී ම අහසට නැග මන්දාකිනී තීරයේ බැස විලෙහි නා හැඳ පෙරවා උත්තරාසංග කළ සේක්, ශයනාසනය නවා තබා ඵලසමාපත්තියෙන් යාම තුන ඉක්මවා හිමිදිරි කාලයේ ම පිරිනිවන් පෑ සේක. තෙරුන් වහන්සේගේ පරිනිර්වාණයත් සමග හිමවතේ සියලු වෘක්ෂයෝ මල්වලින් හා ගෙඩිවලින් නැමුණහ.

වාරිකනාගො ථෙරස‍්ස පරිනිබ‍්බුතභාවං අජානන‍්තො පාතොව මුඛොදකදන‍්තකට‍්ඨානි උපට‍්ඨපෙත්‍වා වත‍්තං කත්‍වා ඛාදනීයඵලානි ආහරිත්‍වා චඞ‍්කමනකොටියං අට‍්ඨාසි. සො යාව සූරියුග‍්ගමනා ථෙරස‍්ස නික‍්ඛමනං අපස‍්සන‍්තො “කිං නු ඛො එතං? පුබ‍්බෙ අය්‍යො පාතොව චඞ‍්කමති, මුඛං ධොවති. අජ‍්ජ පන පණ‍්ණසාලතොපි න නික‍්ඛමතී”ති කුටිද‍්වාරං කම‍්පෙත්‍වා ඔලොකෙන‍්තො ථෙරං නිසින‍්නකමෙව දිස‍්වා හත්‍ථං පසාරෙත්‍වා පරාමසිත්‍වා අස‍්සාසපස‍්සාසෙ පරියෙසන‍්තො තෙසං අප‍්පවත‍්තිභාවං ඤත්‍වා – “පරිනිබ‍්බුතො ථෙරො”ති සොණ‍්ඩං මුඛෙ පක‍්ඛිපිත්‍වා මහාරවං විරවි. සකලහිමවන‍්තො එකනින‍්නාදො අහොසි. අට‍්ඨනාගසහස‍්සානි සන‍්නිපතිත්‍වා ථෙරං ජෙට‍්ඨකනාගස‍්ස කුම‍්භෙ නිසීදාපෙත්‍වා සුපුප‍්ඵිතරුක‍්ඛසාඛා ගහෙත්‍වා පරිවාරෙත්‍වා සකලහිමවන‍්තං අනුවිචරිත්‍වා සකට‍්ඨානමෙව ආගතා.

මුරය හිමි හස්තියා තෙරුන් පිරිනිවි බැව් නො දන්නේ හිමිදිරියේ ම මුවදෙවීම් දිය, දැහැටි කූරු තබා වතාවත් කොට අනුභව කළ යුතු ඵල ගෙනැවිත් තබා සක්මන කෙළවර සිාටියේ ය. හේ හිරු නැගීම තෙක් තෙරුන්ගේ නික්මීමත් නො දක්නේ මේ කිම? පෙර ආර්යයන් වහන්සේ හිමිදිරියේ ම සක්මන් කරති. මුව දොවති; අද පන්සලෙනුදු නො නික්මෙති’ යි කුටියේ දොර ඇර බලන්නේ තෙරුන් හිටි ලෙස ම හිඳිනු දැක හොඬවැල දිග හැර පිරිමැද ආශ්වාස ප්‍රශ්වාස පරීක්ෂා කරන්නේ ඒවාහි පැවැත්මක් නොමැති බැව් දැන, තෙරුන් වහන්සේ පිරිනිවියහ යි හොඬවැල මුවෙහි රුවා මහ හඬින් හැඬී ය. මුළු හිමවත ම එකනින්නාද විය. ඇත්තු අට දහසක් රැස් ව තෙරුන් වහන්සේ ජ්‍යෙෂ්ඨ හස්තියාගේ කුම්භයෙහි වඩා හිඳුවා සුපුෂ්පිත වෘක්ෂ ශාඛාවක් ගෙන පිරිවරා මුළු හිමවත ම සැරිසරා තම ස්ථානයට ම පැමිණියහ.

සක‍්කො විස‍්සකම‍්මං ආමන‍්තෙසි – “තාත, අම‍්හාකං ජෙට‍්ඨභාතා පරිනිබ‍්බුතො, සක‍්කාරං කරිස‍්සාම, නවයොජනිකං සබ‍්බරතනමයං කූටාගාරං මාපෙහී”ති. සො තථා කත්‍වා ථෙරං තත්‍ථ නිපජ‍්ජාපෙත්‍වා හත්‍ථිනාගානං අදාසි. තෙ කූටාගාරං උක‍්ඛිපිත්‍වා තියොජනසහස‍්සං හිමවන‍්තං පුනප‍්පුනං ආවිජ‍්ඣිංසු. තෙසං හත්‍ථතො ආකාසට‍්ඨකා දෙවා ගහෙත්‍වා සාධුකීළිතං කීළිංසු. තතො වස‍්සවලාහකා සීතවලාහකා උණ‍්හවලාහකා චාතුමහාරාජිකා තාවතිංසාති එතෙනුපායෙන යාව බ්‍රහ‍්මලොකා කූටාගාරං අගමාසි, පුන බ්‍රහ‍්මානො දෙවානන‍්ති අනුපුබ‍්බෙන හත්‍ථිනාගානංයෙව කූටාගාරං අදංසු. එකෙකා දෙවතා චතුරඞ‍්ගුලමත‍්තං චන්‍දනඝටිකං ආහරි, චිතකො නවයොජනිකො අහොසි. කූටාගාරං චිතකං ආරොපයිංසු. පඤ‍්ච භික‍්ඛුසතානි ආකාසෙනාගන‍්ත්‍වා සබ‍්බරත‍්තිං සජ‍්ඣායමකංසු. අනුරුද‍්ධත්‍ථෙරො ධම‍්මං කථෙසි, බහූනං දෙවතානං ධම‍්මාභිසමයො අහොසි. පුනදිවසෙ අරුණුග‍්ගමනවෙලායමෙව චිතකං නිබ‍්බාපෙත්‍වා සුමනමකුළවණ‍්ණානං ධාතූනං පරිසාවනං පූරෙත්‍වා භගවති නික‍්ඛමිත්‍වා වෙළුවනවිහාරකොට‍්ඨකං සම‍්පත‍්තෙ ආහරිත්‍වා සත්‍ථු හත්‍ථෙ ඨපයිංසු. සත්‍ථා ධාතුපරිසාවනං ගහෙත්‍වා පථවියා හත්‍ථං පසාරෙසි, මහාපථවිං භින්‍දිත්‍වා රජතබුබ‍්බුළසදිසං චෙතියං නික‍්ඛමි. සත්‍ථා සහත්‍ථෙන චෙතියෙ ධාතුයො නිධෙසි. අජ‍්ජාපි කිර තං චෙතියං ධරතියෙවාති.

ශක්‍රයා විශ්වකර්මයා ඇමතී ය. “පුත, අපගේ වැඩි මහල් සොහොයුරා පිරිනිවියේ ය, සත්කාර කරන්නෙමු. නව යොදුන් රන් මුවා කූටාගාරයක් (මහල් නිවසක්) මවව” හේ එසේ කොට තෙරුන් වහන්සේ එහි හොවා හස්තීනට දුන්නේ ය. ඔවුහු මහල් නිවස උසුළා යොදුන් තුන් දහසක් ඇති හිමවතට යළි යළිත් හෙළුහ. ඔවුන් අතින් ආකාශස්ථ දේවතාවෝ එය ගෙන පුණ්‍ය සැණකෙළියක් කළහ. ඉන්පසු වස්සවලාහක, ශීත වළාහක, උෂ්ණ වළාහක, චාතුර්මහාරාජික, තාවතිංස යන මේ ආකාරයට බ්‍රහ්ම ලෝකය දක්වා කූටාගාරය ගියේ ය. බ්‍රහ්මයෝ යලි ඒ දෙවියන්ට ය ආදි පිළිවෙලට හස්තීන්ට ම කූටාගාරය දුන්හ. එක් එක් දේවතාවෙක් ඇඟිලි හතරක් පමණ වූ සඳන් ගැට රැගෙන ආයේ ය. චිතකය නව යොදුන් විය. කූටාගාරය චිතකයට නැංවූහ. පන්සියයක් භික්‍ෂූහු අහසින් පැමිණ මුළු රෑ සජ්ඣායනා කළහ. අනුරුද්ධ තෙරුන් වහන්සේ ධර්මකථා පැවැත්වූහ. බොහෝ දේවතාවනට ධර්මාභිසමය වී ය. පසු දින අරුණෝද්ගමන වේලාවෙහි ම චිතකය නිවා දෑසමන් පොහොට්ටුවල වර්ණය ඇති ධාතූන්ගේ පෙරහන් කඩක් පුරවා, බුදුන් වහන්සේ නික්මී වෙළුවන විහාර දොරටුවට සම්ප්‍රාප්ත වූ කල්හි, ගෙනැවිත් බුදුන් වහන්සේගේ හස්තයෙහි තැබූහ. බුදුන් වහන්සේ ධාතු පෙරහන ගෙන පොළවට අත දිග හැරි සේක, මහ පොළොව බිඳි රිදී බුබුළක් සම චෛත්‍යයක් මතු විය. බුදුන් වහන්සේ ස්වකීය හස්තයෙන් ම චෛත්‍යයෙහි ධාතු නිදන් කළ සේක. අදත් ඒ චෛත්‍යය පවතී.

නවමං.

නව වැනි සූත්‍රය යි.