ගග්ගරාසුත්තං
8. 1. 11.
8. 1. 11.
ගග්ගරාසුත්තං
ගග්ගරා සූත්‍රය
219. එකං සමයං භගවා චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සත්තහි ච උපාසකසතෙහි අනෙකෙහි ච දෙවතාසහස්සෙහි. ත්යාස්සුදං භගවා අතිරොචති වණ්ණෙන චෙව යසසා ච.
219. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර පන්සියක් පමණ වූ බික්සඟන ද සත්සියක් උවසුවන් ද නොයෙක් දහස්ගණන් දෙවියන් ද සමග වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ශරීර වර්ණයෙන් ද, යශසින් ද, ඔවුන් අබිබවා බබලන සේක.
අථ ඛො ආයස්මතො වඞ්ගීසස්ස එතදහොසි: අයං ඛො භගවා චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සත්තහි ච උපාසකසතෙහි අනෙකෙහි දෙවතාසහස්සෙහි. ත්යාස්සුදං භගවා අතිරොචති වණ්ණෙන චෙව යසසා ච. යන්නූනාහං භගවන්තං සම්මුඛා සරූපාය ගාථාය අභිත්ථවෙය්යන්ති.
එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ට “මේ භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර පන්සියක් පමණ වූ බික්සඟන ද සත්සියක් උවසුවන් ද නොයෙක් දහස්ගණන් දෙවියන් ද සමග වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ශරීර වර්ණයෙන් ද, යශසින් ද, ඔවුන් අබිබවා බබලන සේක. මම සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට හමුවෙහි ප්‍රශංසා කරන්නෙම් නම් මැනවැයි මේ අදහස විය.
අථ ඛො ආයස්මා වඞ්ගීසො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා පටිභාති මං සුගතාති. පටිභාතු තං වඞ්ගීසාති භගවා අවොච.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා!යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
අථ ඛො ආයස්මා වඞ්ගීසො භගවන්තං සම්මුඛා සරූපාය ගාථාය අභිත්ථවි:
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට ඉදිරියෙහි පැසසී ය.
චන්දො යථා විගතවලාහකෙ නභෙ විරොචති විගතමලො ව භාණුමා, එවම්පි අඞ්ගීරස ත්වං මහාමුනි අතිරොචසි යසසා සබ්බලොකන්ති.
පහව ගිය වලාකුළු ඇති අහස්හි සඳුත් නිර්මල වූ හිරුත් යම්සේ බබලද්ද, මහාමුනි වූ බුදුරජානන් වහන්ස, මුබවහන්සේ ද, එසේ ම යශසින් සියලු ලෝකයා අබිබවා බබලන සේක.