දුබ‍්බණ‍්ණියසුත‍්තං
11. 3. 2.
11. 3. 2.
දුබ‍්බණ‍්ණියසුත‍්තං
දුබ්බණ්ණිය සූත්‍රය
268. සාවත්‍ථියං–
268. සැවැත්නුවර–
භූතපුබ‍්බං භික‍්ඛවෙ, අඤ‍්ඤතරො යක‍්ඛො දුබ‍්බණ‍්ණො ඔකොටිමකො සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස ආසනෙ නිසින‍්නො අහොසි. තත්‍ර සුදං භික‍්ඛවෙ දෙවා තාවතිංසා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො, අයං යක‍්ඛො දුබ‍්බණ‍්ණො ඔකොටිමකො සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස ආසනෙ නිසින‍්නොති යථා යථා ඛො භික‍්ඛවෙ, දෙවා තාවතිංසා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, තථා තථා සො යක‍්ඛො අභිරූපතරො චෙව හොති දස‍්සනීයතරො ච පාසාදිකතරො ච.
මහණෙනි, පෙර වූවක් කියමි. දුර්වර්‍ණ වූ මිටි වූ එක්තරා යකෙක් සක්දෙවිඳුගේ අසුන්හි හුන්නේ විය. මහණෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. දුර්වර්‍ණ වූ මිටි වූ මේ යක්‍ෂ තෙමේ සක් දෙවිඳුගේ අස්නෙහි හුන්නේ ය”යි නින්‍දා කෙරෙත්, දොස් කියත්, අවමන් කෙරෙත්. මහණෙනි, තව්තිසා වැසි දෙවියෝ යම් යම් පරිද්දකින් නින්‍දා කෙරෙත් ද, දොස් කියද්ද, අවමන් කෙරෙද්ද, ඒ ඒ පරිද්දෙන් ඒ යක්‍ෂ තෙමේ ඉතා විශිෂ්ට රූ ඇත්තේ ද ඉතා දැකුම්කලු වූයේ ද අතිශයින් ප්‍රසාද එළවන්නේ ද වෙයි.
අථ ඛො භික‍්ඛවෙ දෙවා තාවතිංසා යෙන සක‍්කො දෙවානමින්‍දො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා සක‍්කං දෙවානමින්‍දං එතදවොචුං: ඉධ තෙ මාරිස අඤ‍්ඤතරො යක‍්ඛො දුබ‍්බණ‍්ණො ඔකොටිමකො තුම‍්හාකං ආසනෙ නිසින‍්නො. තත්‍ර සුදං මාරිස දෙවා තාවතිංසා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: අච‍්ඡරියං වත භො අබ‍්භුතං වත භො අයං යක‍්ඛො දුබ‍්බණ‍්ණො ඔකොටිමකො සක‍්කස‍්ස දෙවානමින්‍දස‍්ස ආසනෙ නිසින‍්නොති. යථා යථා ඛො මාරිස දෙවා තාවතිංසා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, තථා තථා සො යක‍්ඛො අභිරූපතරො චෙව හොති දස‍්සනීයතරො ච පාසාදිකතරො චාති. සො හි නූන මාරිසා කොධභක‍්ඛො යක‍්ඛො භවිස‍්සතී ති.
මහණෙනි, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ සක්දෙවිඳු වෙත එළඹියහ. එළඹ සක්දෙවිඳුහට මෙය සැළ කළහ. නිදුකානෙනි, මෙහි දුර්වර්‍ණ වූ මිටි වූ එක්තරා යකෙක් මුබගේ අස්නෙහි හුන්නේ ය. නිදුකානෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. දුර්වර්‍ණ වූ මිටි වූ මේ යක්‍ෂ තෙමේ සක්දෙවිඳුගේ අස්නෙහි හුන්නේ ය”යි නින්‍දා කෙරෙත්. දොස් කියත්. අගුණ පතුරුවත්. නිදුකානෙනි, තව්තිසා වැසි දෙවියෝ යම් යම් පරිද්දෙකින් නින්‍දා කෙරෙත් ද, දොස් කියත් ද, නුගුණ පතුරුවත් ද, ඒ ඒ පරිද්දෙන් ඒ යක්‍ෂ තෙමේ ඉතා මනහර රූ ඇත්තේ ද ඉතා දැකුම්කලු වූයේ ද අතිශයින් ප්‍රසාද එළවන්නේ ද වේ ම ය. පින්වත්නි, හෙ තෙමේ ඒකාන්තයෙන් ක්‍රෝධය බුදින යක්‍ෂයෙක් වන්නේ ය”යි.
අථ ඛො භික‍්ඛවෙ, සක‍්කො දෙවානමින්‍දො යෙන සො කොධභක‍්ඛො යක‍්ඛො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා දක‍්ඛිණජාණුමණ‍්ඩලං පඨවියං නිහන‍්ත්‍වා යෙන සො කොධභක‍්ඛො යක‍්ඛො තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා තික‍්ඛත‍්තුං නාමං සාවෙති: සක‍්කො’හං මාරිස දෙවානමින්‍දො, සක‍්කො’හං මාරිස දෙවානමින්‍දොති.
මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු ඒ කෝධභක්ඛ යකු වෙත එළඹියේ ය. එළඹ උතුරුසළුව එකස් කොට දකුණු දණමඬල පොළොවෙහි හැන ඒ කෝධභක්ඛ යකු වෙත ඇඳිලි බැඳ “නිදුකානෙනි, මම සක් දෙවිඳුමි. නිදුකානෙනි, මම සක් දෙවිඳුමි”යි තෙවරක් නම ඇස්වී ය.
යථා යථා ඛො භික‍්ඛවෙ, සක‍්කො දෙවානමින්‍දො නාමං සාවෙති තථා තථා සො යක‍්ඛො දුබ‍්බණ‍්ණතරො චෙව අහොසි ඔකොටිමකතරො ච දුබ‍්බණ‍්ණතරො චෙව හුත්‍වා ඔකොටිමකතරො ච තත්‍ථෙවන‍්තරධායීති.
මහණෙනි, සක්දෙවිඳු යම් යම් පරිද්දෙන් නම අස්වා ද, ඒ යක්‍ෂ තෙමේ ඒ ඒ පරිද්දෙන් අතිශයින් දුර්වර්‍ණ ද, ඉතා මිටි ද වූයේ ය ඉතා දුර්වර්‍ණ ද, ඉතා මිටි ද වී එහි ම අතුරුදන් විය.
අථ ඛො භික‍්ඛවෙ සක‍්කො දෙවානමින්‍දො සකෙ ආසනෙ නිසීදිත්‍වා දෙවෙ තාවතිංසෙ අනුනයමානො තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
මහණෙනි, එකල්හි සක්දෙවිඳු සිය අස්නෙහි හිඳ තව්තිසා වැසි දෙවියන් සතුටු කරමින් ඒ වෙලාවෙහි මේ ගාථා කී ය:
න සූපහතචිත‍්තො’ම‍්හි නාවත‍්තෙන සුවානයො, න වො චිරාහං කුජ‍්ඣාමි කොධො මයි නාවතිට‍්ඨති.
නො ඝැටුනු සිත් ඇත්තෙම් වෙමි. කෝවැටුමෙන් සුවසේ ගෙණ ඉය නො හෙමි. මම බොහෝ කලක් නො කිපෙමි. මා කෙරෙහි ක්‍රෝධය නො පිහිටයි.
කුද‍්ධො’හං ඵරුසං බ්‍රූමි න ච ධම‍්මානි කිත‍්තයෙ, සන‍්නිග‍්ගණ‍්හාමි අත‍්තානං සම‍්පස‍්සං අත්‍ථමත‍්තනොති.
මම කිපියෙම් රළුබස් නො බෙණෙමි. දැහැමිබස් පවසමි. ආත්මාර්‍ත්‍ථය දකිමින් අතිශයින් තමා නිගනිමි.