විභඞ්ගසුත්තං
1. 1. 2.
1. 1. 2.
විභඞ්ගසුත්තං
විභඞ්ග සූත්‍රය
2. සාවත්ථියං–
2. සැවැත්නුවර–
පටිච්චසමුප්පාදං වො භික්ඛවෙ, දෙසිස්සාමි. විභජිස්සාමි. තං සුණාථ. සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මහණෙනි, තොපට පටිච්චසමුප්පාදය දේශනා කරමි. බෙදා දක්වමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවු. කියමි. “එසේ ය වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
කතමො ච භික්ඛවෙ, පටිච්චසමුප්පාදො? අවිජ්ජාපච්චයා භික්ඛවෙ, සඞ්ඛාරා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං. විඤ්ඤාණපච්චයා නාමරූපං. නාමරූපපච්චයා සළායතනං. සළායතනපච්චයා ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා. තණ්හාපච්චයා උපාදානං. උපාදානපච්චයා භවො. භවපච්චයා ජාති. ජාතිපච්චයා ජරාමරණං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
මහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද? මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
කතමඤ්ච භික්ඛවෙ, ජරාමරණං? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, අයං වුච්චති ජරා.
මහණෙනි, ජරාමරණ කවරේ ද? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායයෙහි යම් දිරීමෙක් දිරණබවෙක් දත් වැටීමෙක් කෙහෙ පැසීමෙක් ඇඟ රැළි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන්ගේ පැසීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ, මරණං? යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භෙදො කලෙබරස්ස නික්ඛෙපො ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදො. ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං, ඉදං වුච්චති භික්ඛවෙ, ජරාමරණං.
මහණෙනි, මරණය කවරේ ද? ඒ ඒ සත්ත්වනිකායයෙන් ඒ ඒ සත්ත්වයන්ගේ යම් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්චු නම් වූ මරණයෙක් කාලක්‍රියාවෙක් (සම්මුතිමරණයෙක්) ස්කන්ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් ජීවිතේන්ද්රියයාගේ සිඳී යෑමෙක් වේ ද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද යන මෙය, මහණෙනි, ජරාමරණ ය යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, ජාති? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති නිබ්බත්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො. අයං වුච්චති භික්ඛවෙ, ජාති.
මහණෙනි, ජාතිය කවරේ ද? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායයෙහි හටගැණීමෙක් පිරිපුන් හටගැණීමෙක් කුසට බැස ගැන්මෙක් ඉපැද්මෙක් වෙසෙස් ඉපැද්මෙක් ස්කන්ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ පිළිලැබීමෙක් වේ ද, මහණෙනි, මේ ජාති ය යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ, භවො? තයොමෙ භික්ඛවෙ, භවා: කාමභවො රූපභවො අරූපභවො. අයං වුච්චති භික්ඛවෙ, භවො.
මහණෙනි, භවය කවරේ ද? මහණෙනි, කාමභවය, රූපභවය, අරූපභවය යි මේ භව තුණෙකි. මහණෙනි, මේ භව ය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ උපාදානං? චත්තාරිමානි භික්ඛවෙ, උපාදානානි: කාමුපාදානං දිට්ඨුපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානං. ඉදං වුච්චති භික්ඛවෙ, උපාදානං.
මහණෙනි, උපාදාන කවරේ ද? මහණෙනි, කාමඋපාදානය දිට්ඨිඋපාදානය සීලබ්බතඋපාදානය අත්තවාදඋපාදාන ය යි මේ උපාදාන සතරෙකි. මහණෙනි, මේ උපාදාන ය යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ තණ්හා? ඡයිමෙ භික්ඛවෙ, තණ්හාකායා: රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. අයං වුච්චති භික්ඛවෙ තණ්හා.
මහණෙනි, තෘෂ්ණාව කවරේ ද? මහණෙනි, රූපතෘෂ්ණාව ශබ්දතෘෂ්ණාව ගන්ධතෘෂ්ණාව රසතෘෂ්ණාව ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව ධර්මතෘෂ්ණාව යි මේ තෘෂ්ණාරාශි සයෙකි. මහණෙනි, මේ තෘෂ්ණා යයි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ වෙදනා? ඡයිමෙ භික්ඛවෙ, වෙදනාකායා: චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා. අයං වුච්චති භික්ඛවෙ වෙදනා.
මහණෙනි, වේදනාව කවරේ ද? ඇසෙහි (අරමුණ) ගැටීමෙන් වන වේදනා ය, කණෙහි ගැටීමෙන් වන වේදනා ය, නැහැයෙහි ගැටීමෙන් වන වේදනා ය, දිවෙහි ගැටීමෙන් වන වේදනා ය, සිතෙහි ගැටීමෙන් වන වේදනා ය යි මේ වේදනාරාශී සයෙකි. මහණෙනි, මේ වේදනා ය යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ ඵස්සො? ඡයිමෙ භික්ඛවෙ, ඵස්සකායා: චක්ඛුසම්ඵස්සො, සොතසම්ඵස්සො, ඝානසම්ඵස්සො, ජිව්හාසම්ඵස්සො, කායසම්ඵස්සො, මනොසම්ඵස්සො. අයං වුච්චති භික්ඛවෙ, ඵස්සො.
මහණෙනි, ස්පර්ශය කවරේ ද? මහණෙනි, ඇසෙහි (අරමුණ) ගැටීම ය, කණෙහි ගැටීම ය, නැහැයෙහි ගැටීම ය, දිවෙහි ගැටීම ය, කයෙහි ගැටීම ය, සිතෙහි ගැටීම ය යි මේ ස්පර්ශරාශි සයෙකි. මහණෙනි, මේ ස්පර්ශ ය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ සළායතනං? චක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං. ඉදං වුච්චති භික්ඛවෙ, සළායතනං.
මහණෙනි, ෂඩායතන කවරේ ද? චක්ඛුආයතනය, සෝතආයතනය, ඝාණආයතනය, ජිව්හාආයතනය, කායආයතනය, මනආයතනය, මහණෙනි, මේ ෂඩායතන ය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ නාමරූපං? වෙදනා සඤ්ඤා චෙතනා ඵස්සො මනසිකාරො, ඉදං වුච්චති නාමං. චත්තාරො ච මහාභූතා, චතුන්නං ච මහාභූතානං උපාදායරූපං. ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං. ඉදං වුච්චති භික්ඛවෙ, නාමරූපං.
මහණෙනි, නාමරූප කවරේ ද? වේදනා ය, සංඥා ය, චේතනා ය, ස්පර්ශ ය, මනස්කාර ය යන මෙය නාම ය යි කියනු ලැබේ. සතර මහාභූතයෝ ද සතර මහාභූතයන්ගේ උපාදායරූප ද යන මෙය රූප ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමය ද රූපය ද යන මේ නාමරූප ය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ විඤ්ඤාණං? ඡයිමෙ භික්ඛවෙ, විඤ්ඤාණකායා: චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොවිඤ්ඤාණං. ඉදං වුච්චති භික්ඛවෙ, විඤ්ඤාණං.
මහණෙනි, විඤ්ඤාණය කවරේ ද? මහණෙනි, චක්ඛුවිඤ්ඤාණය, සෝතවිඤ්ඤාණය, ඝාණවිඤ්ඤාණය, ජිව්හාවිඤ්ඤාණය, කායවිඤ්ඤාණය, මනෝවිඤ්ඤාණ ය, යි මේ විඤ්ඤාණ රාශි සයෙකි. මහණෙනි, මෙය විඤ්ඤාණය යි කියනු ලැබේ.
කතමෙ ච භික්ඛවෙ සඞ්ඛාරා? තයොමෙ භික්ඛවෙ, සඞ්ඛාරා: කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරො. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, සඞ්ඛාරා.
මහණෙනි, සංස්කාරයෝ කවරහු ද? මහණෙනි, කායසංස්කාර ය, වාක්සංස්කාර ය, චිත්තසංස්කාර ය යි මේ සංස්කාර තුණෙකි. මහණෙනි, මොහු සංස්කාරයෝ ය යි කියනු ලැබෙත්.
කතමා ච භික්ඛවෙ අවිජ්ජා? යං ඛො භික්ඛවෙ දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං. අයං වුච්චති භික්ඛවෙ, අවිජ්ජා.
මහණෙනි, අවිද්‍යාව කවරේ ද? මහණෙනි, දුඃඛසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛසමුදයසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛනිරෝධසත්‍යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි යම් නො දැනීමෙක් වේ ද, මහණෙනි, මේ අවිද්‍යා ය යි කියනු ලැබේ.
ඉති ඛො භික්ඛවෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
මහණෙනි, මෙසේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ හටගණිත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. … මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
අවිද්‍යාවගේ ම අශේෂවිරාග නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. … මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.