යෙදුමෙන් කියවන්න

පටිපදාසුත‍්තං

1. 1. 3.

1. 1. 3.

පටිපදාසුත‍්තං

පටිපදා සූත්‍රය

3. සාවත්‍ථියං–

3. සැවැත්නුවර–

මිච‍්ඡාපටිපදඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි සම‍්මාපටිපදඤ‍්ච. තං සුණාථ. සාධුකං මනසි කරොථ. භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මහණෙනි, තොපට මිථ්‍යාප්‍රතිපදාව ද, සම්‍යක්ප්‍රතිපදාව ද දේශනා කිරීම. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. වහන්ස එසේ ය යි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

කතමා ච භික‍්ඛවෙ, මිච‍්ඡාපටිපදා? අවිජ‍්ජාපච‍්චයා භික‍්ඛවෙ, සඞ‍්ඛාරා. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ, මිච‍්ඡාපටිපදා.

මහණෙනි, මිථ්‍යාප්‍රතිපදාව කවරේ ද? මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ හටගණිත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. …. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. මහණෙනි, මේ මිථ්‍යාප්‍රතිපදා යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ, සම‍්මාපටිපදා? අවිජ‍්ජාය ත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො. සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ, සම‍්මාපටිපදාති.

මහණෙනි, සම්‍යක්ප්‍රතිපදාව කවරේද? අවිද්‍යාවගේ ම අනවශේෂ විරාග නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. … මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ සම්‍යක්ප්‍රතිපදා යි කියනු ලැබේ.