යෙදුමෙන් කියවන්න

විපස‍්සීසුත‍්තං

1. 1. 4.

1. 1. 4.

විපස‍්සීසුත‍්තං

විපස්සී සූත්‍රය

4. සාවත්‍ථියං–

4. සැවැත්නුවර–

විපස‍්සිස‍්ස භික‍්ඛවෙ, භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පුබ‍්බෙව සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො එතදහොසි: “කිච‍්ඡං වතායං ලොකො ආපන‍්නො ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ‍්ජති ච. අථ ච පනිමස‍්ස දුක‍්ඛස‍්ස නිස‍්සරණං නප‍්පජානාති ජරාමරණස‍්ස. කුදස‍්සු නාම ඉමස‍්ස දුක‍්ඛස‍්ස නිස‍්සරණං පඤ‍්ඤායිස‍්සති ජරාමරණස‍්සා”ති.

මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අරහත් විපස්සී සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් විය: “මේ ලෝවැසි තෙමේ දුක්පත් ම ය. උපදියි. දිරයි. මියෙයි චුත වෙයි. (නැවතත්) උපදියි. එහෙත් මේ ජරාමරණ දුකෙහි නික්ම යෑම නො දනී. කවදා නම් මේ ජරාමරණ දුකෙහි නික්ම යාමෙක් පෙණෙන්නේ දැ” යි.

අථ ඛො භික‍්ඛවෙ විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො සති ජරාමරණං හොති? කිම‍්පච‍්චයා ජරාමරණ”න‍්ති? අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “ජාතියා ඛො සති ජරාමරණං හොති, ජාතිපච‍්චයා ජරාමරණ”න‍්ති.

ඉක්බිති විපස්සී බෝධිසත්ත්‍වයන් වහන්සේට “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද? කිනම් ප්‍රත්‍යයයකින් ජරාමරණ වේ දැ”?යි මේ අදහස පහළ විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්‍වයන් වහන්සේට නුවණින් මෙනෙහි කිරීමෙන් ද ප්‍රඥායෙන්ද “ඉපදීම ඇති කල්හි ජරාමරණ වෙයි. ඉපදීම ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ” යි අවබෝධ වි ය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො සති ජාති හොති? කිම‍්පච‍්චයා ජාතී”ති? අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “භවෙ ඛො සති ජාති හොති, භවපච‍්චයා ජාතී”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්‍වයන් වහන්සේට “කුමක් ඇති කල්හි ඉපැද්ම වේ ද? කිනම් ප්‍රත්‍යයයකින් ඉපැද්ම වේ දැ”?යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්‍වයන් වහන්සේට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “භවය ඇති කල්හි ඉපැද්ම වෙයි. භවය ප්‍රත්‍යයකොට ඉපැද්ම වේ”යි අවබෝධ වී ය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො සති භවො හොති? කිම‍්පච‍්චයා භවො”ති? අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “උපාදානෙ ඛො සති භවො හොති, උපාදානපච‍්චයා භවො”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්‍වයන් වහන්සේට “කුමක් ඇති කල්හි භවය වේ ද? කිනම් ප්‍රත්‍යයයකින් භවය වේ දැ?”යි මේ අදහස වීය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්‍වයන් වහන්සේට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “උපාදාන ඇති කල්හි භවය වෙයි. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ” යි අවබෝධ වී ය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො සති උපාදානං හොති? කිම‍්පච‍්චයා උපාදාන”න‍්ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “තණ‍්හාය ඛො සති උපාදානං හොති. තණ‍්හාපච‍්චයා උපාදාන”න‍්ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්‍වයන්ට “කුමක් ඇති කල්හි උපාදාන වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් උපාදාන වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “තෘෂ්ණාව ඇති කල්හි උපාදාන වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ” යි අවබෝධ වී ය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො සති තණ‍්හා හොති? කිම‍්පච‍්චයා තණ‍්හා”ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “වෙදනාය ඛො සති තණ‍්හා හොති. වෙදනාපච‍්චයා තණ‍්හා”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් තෘෂ්ණාව වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “වේදනාව ඇති කල්හි තෘෂ්ණාව වෙයි. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ” යි අවබෝධ වී ය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො සති වෙදනා හොති? කිම‍්පච‍්චයා වෙදනා”ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “ඵස‍්සෙ ඛො සති වෙදනා හොති. ඵස‍්සපච‍්චයා වෙදනා”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි වේදනාව වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් වේදනාව වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ස්පර්‍ශය ඇති කල්හි වේදනාව වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ” යි අවබෝධ වී ය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො සති ඵස‍්සො හොති? කිම‍්පච‍්චයා ඵස‍්සො”ති: අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “සළායතනෙ ඛො සති ඵස‍්සො හොති. සළායතනපච‍්චයා ඵස‍්සො”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි ස්පර්‍ශය වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් ස්පර්‍ශය වේ දැ?”යි මේ අදහස වීය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ෂඩායතනය ඇති කල්හි ස්පර්‍ශය වෙයි. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ” යි අවබෝධ වී ය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො සති සළායතනං හොති? කිම‍්පච‍්චයා සළායතන”න‍්ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො සති සළායතනං හොති. නාමරූපපච‍්චයා සළායතන”න‍්ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි ෂඩායතනය වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් ෂඩායතනය වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “නාමරූප ඇති කල්හි ෂඩායතනය වෙයි. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ” යි අවබෝධ වී ය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො සති නාමරූපං හොති? කිම‍්පච‍්චයා නාමරූප”න‍්ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “විඤ‍්ඤාණෙ ඛො සති නාමරූපං හොති. විඤ‍්ඤාණපච‍්චයා නාමරූප”න‍්ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇතිකල්හි නාමරූප වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් නාමරූප වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “විඥානය ඇති කල්හි නාමරූප වෙයි. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ” යි අවබෝධ වී ය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො සති විඤ‍්ඤාණං හොති? කිම‍්පච‍්චයා විඤ‍්ඤාණ”න‍්ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “සඞ‍්ඛාරෙසු ඛො සති විඤ‍්ඤාණං හොති. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණ”න‍්ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි විඤ්ඤාණය වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් විඤ්ඤාණය වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “සංස්කාරය ඇති කල්හි විඥානය වෙයි. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ” යි අවබෝධ වී ය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො සති සඞ‍්ඛාරා හොන‍්ති. කිම‍්පච‍්චයා සඞ‍්ඛාරාති? අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “අවිජ‍්ජාය ඛො සති සඞ‍්ඛාරා හොන‍්ති. අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇතිකල්හි සංස්කාරයෝ වෙත් ද? කිනම් ප්‍රත්‍යයයෙකින් සංස්කාරයෝ වෙත් ද?” යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙත්. අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති”යි අවබෝධ වී ය.

ඉති හිදං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. “සමුදයො සමුදයො”ති ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි. ඤාණං උදපාදි. පඤ‍්ඤා උදපාදි. විජ‍්ජා උදපාදි. ආලොකො උදපාදි.

මෙසේ මේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙයි … මෙසේ මේ හුදු දුක්රැසෙහි හට ගැණීම වෙයි. මහණෙනි, විපස්සී බෝසතුන්ට “සමුදය ය, සමුදය ය” යි පෙර නො ඇසූවිරූ දහම්හි දර්‍ශනය පහළ විය. නුවණ පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො අසති ජරාමරණං න හොති? කිස‍්ස නිරොධා ජරාමරණනිරොධො?”ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “ජාතියා ඛො අසති ජරාමරණං න හොති. ජාතිනිරොධා ජරාමරණනිරොධො”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ජරා මරණ නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ජරාමරණනිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ඉපැද්ම නැති කල්හි ජරාමරණ නො වේ. ඉපැද්ම නිරුද්ධ වීමෙන් ජරාමරණ නිරෝධය වේ”යි අවබෝධ විය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො අසති ජාති න හොති? කිස‍්ස නිරොධා ජාතිනිරොධො?”ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “භවෙ ඛො අසති ජාති න හොති. භවනිරොධා ජාතිනිරොධො”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ඉපැද්ම නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ඉපැද්ම නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “භවය නැති කල්හි ඉපැද්ම නො වේ. භවය නිරුද්ධ වීමෙන් ඉපැද්ම නිරුද්ධ වේ”යි අවබෝධ විය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො අසති භවො න හොති? කිස‍්ස නිරොධා භවනිරොධො?”ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “උපාදානෙ ඛො අසති භවො න හොති. උපාදානනිරොධා භවනිරොධො”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි භවය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “උපාදාන නැති කල්හි භවය නො වේ. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ”යි අවබෝධ විය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො අසති උපාදානං න හොති? කිස‍්ස නිරොධා උපාදානනිරොධො?”ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “තණ‍්හාය ඛො අසති උපාදානං න හොති. තණ‍්හානිරොධා උපාදානනිරොධො”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි උපාදාන නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “තණ්හාව නැති කල්හි උපාදාන නො වේ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානනිරෝධය වේ”යි අවබෝධ විය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො අසති තණ‍්හා න හොති? කිස‍්ස නිරොධා තණ‍්හානිරොධො?”ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “වෙදනාය ඛො අසති තණ‍්හා න හොති. වෙදනානිරොධා තණ‍්හානිරොධො”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි තණ්හාව නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “වේදනාව නැති කල්හි තණ්හාව නො වේ. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හානිරෝධය වේ”යි අවබෝධ විය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො අසති වෙදනා න හොති? කිස‍්ස නිරොධා වෙදනානිරොධො?”ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “ඵස‍්සෙ ඛො අසති වෙදනා න හොති. ඵස‍්සනිරොධා වෙදනානිරොධො”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි වේදනාව නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් වේදනානිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ස්පර්‍ශය නැති කල්හි වේදනාව නො වේ. ස්පර්‍ශය නිරුද්ධ වීමෙන් වේදනානිරෝධය වේ”යි අවබෝධ විය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො අසති ඵස‍්සො න හොති? කිස‍්ස නිරොධා ඵස‍්සනිරොධො?”ති. අථ ඛො භික‍්ඛවෙ විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “සළායතනෙ ඛො අසති ඵස‍්සො න හොති. සළායතනනිරොධා ඵස‍්සනිරොධො”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ස්පර්‍ශය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ස්පර්‍ශනිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ෂඩායතනය නැති කල්හි ස්පර්‍ශය නො වේ. ෂඩායතනය නිරුද්ධ වීමෙන් ස්පර්‍ශනිරෝධය වේ”යි අවබෝධ විය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො අසති සළායතනං න හොති? කිස‍්ස නිරොධා සළායතනනිරොධො?”ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො අසති සළායතනං න හොති. නාමරූපනිරොධා සළායතනනිරොධො”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ෂඩායතනය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ෂඩායතනනිරෝධය වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපාය ප්‍රඥායෙන් ද “නාමරූප නැති කල්හි ෂඩායතනය නො වේ. මනස්කාරයෙන්ද නාමරූප නිරුද්ධ වීමෙන් ෂඩායතනනිරෝධය වේ”යි අවබෝධ විය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො අසති නාමරූපං න හොති? කිස‍්ස නිරොධා නාමරූපනිරොධො?”ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “විඤ‍්ඤාණෙ ඛො අසති නාමරූපං න හොති. විඤ‍්ඤාණනිරොධා නාමරූපනිරොධො”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි නාමරූප නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “විඤ්ඤාණය නැති කල්හි නාමරූප නො වේ. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූපනිරෝධය වේ”යි අවබෝධ වී ය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො අසති විඤ‍්ඤාණං න හොති? කිස‍්ස නිරොධා විඤ‍්ඤාණනිරොධො?”ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “සඞ‍්ඛාරෙසු ඛො අසති විඤ‍්ඤාණං න හොති. සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො”ති.

මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි විඤ්ඤාණය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “සංස්කාර නැති කල්හි විඤ්ඤාණය නො වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණනිරෝධය වේ”යි අවබෝධ විය.

අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස එතදහොසි: “කිම‍්හි නු ඛො අසති සඞ‍්ඛාරා න හොන‍්ති? කිස‍්ස නිරොධා සඞ‍්ඛාරනිරොධො?”ති. අථ ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස යොනිසො මනසිකාරා අහු පඤ‍්ඤාය අභිසමයො: “අවිජ‍්ජාය ඛො අසති සඞ‍්ඛාරා න හොන‍්ති. අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධො”ති.

මහණෙනි, ඉක්බිති විපස්සීබෝසතුන්ට “කුමක් නැති කල්හි සංස්කාර නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “අවිද්‍යාව නැති කල්හි සංස්කාර නො වේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධයවේ ය”යි අවබෝධ වී ය.

ඉති හිදං අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධො. සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොති.

මෙසේ මේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානනිරෝධය වේ. - … - මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.

“නිරොධො නිරොධො”ති ඛො භික‍්ඛවෙ, විපස‍්සිස‍්ස බොධිසත‍්තස‍්ස පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි. ඤාණං උදපාදි. පඤ‍්ඤා උදපාදි. විජ‍්ජා උදපාදි. ආලොකො උදපාදීති.

මහණෙනි, විපස්සී බෝසතුන්ට “නිරෝධය නිරෝධය” යි පෙර නො ඇසූවිරූ දහම්හි දර්‍ශනය පහළ වි ය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

(සත‍්තන‍්නම‍්පි බුද‍්ධානං එවං විත්‍ථාරෙතබ‍්බො).

(සත් බුදුවරයන් වහන්සේ පිළිබඳ ව ම මෙසේ විස්තර කටයුතු ය.)