ගොතමසුත්තං
1. 1. 10.
1. 1. 10.
ගොතමසුත්තං
ගොතම සූත්‍රය
10. පුබ්බෙව මෙ භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: “කිච්ඡං වතායං ලොකො ආපන්නො. ජායති ච, ජීයති ච, මීයති ච, චවති ච, උපපජ්ජති ච. අථ ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරාමරණස්ස. කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරාමරණස්සා”ති.
10. මහණෙනි, බුදු වීමට පෙර ම බුදු නො වූ බෝසත් වූ මට මේ සිත පහල විය: “ඒකාන්තයෙන් මේ ලෝකයා දුකට පැමිණියේ ය. උපදී. දිරයි. මියෙයි. ච්‍යුත වෙයි. නැවතත් උපදී. එහෙත් දිරීම මැරීම පිළිබඳ දුකින් නික්ම යෑමක් නො දනී. කවර කලෙක නම් ජරාමරණ සඞ්ඛ්‍යාත මේ දුකින් නික්ම යෑමෙක් පෙණේ දැ”යි.
තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො සති ජරාමරණං හොති? කිම්පච්චයා ජරාමරණ?”න්ති. තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ජාතියා ඛො සති ජරාමරණං හොති. ජාතිපච්චයා ජරාමරණ”න්ති.
මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද? කිනම් ප්‍රත්‍යයයෙකින් ජරාමරණ වේ දැ?”යි මේ අදහස පහළ විය. මහණෙනි, ඒ මට උපාය මනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “ඉපදීම ඇති කල්හි ජරාමරණ වෙයි. ඉපදීම්ප්රත්යයයෙන් ජරාමරණ වේ ය”යි අවබෝධ විය.
තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො සති ජාති හොති? -පෙ- භවො - උපාදානං - තණ්හා -වෙදනා - ඵස්සො - සළායතනං - නාමරූපං - විඤ්ඤාණං - සඞ්ඛාරා හොන්ති? කිම්පච්චයා සඞ්ඛාරා”ති? තස්ස මය්හං භික්ඛවෙ යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “අවිජ්ජාය ඛො සති සඞ්ඛාරා හොන්ති. අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”ති.
මහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ඉපැද්ම වේද? … භවය - උපාදාන - තෘෂ්ණාව - වේදනාව - ස්පර්ශය - ෂඩායතන - නාමරූප - විඥානය - සංස්කාරයෝ වෙද් ද? කිනම් ප්‍රත්‍යයයෙකින් සංස්කාරයෝ හටගණිද්දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඒ මට උපායමනස්කාරයෙන් ද ප්‍රඥායෙන් ද “අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ හටගනිති”යි අවබෝධ විය.
ඉති හිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
මෙසේ මේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්, සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය හටගණී. …. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
“සමුදයො සමුදයො”ති ඛො මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි. ඤාණං උදපාදි. පඤ්ඤා උදපාදි. විජ්ජා උදපාදි. ආලොකො උදපාදි.
මහණෙනි, “සමුදය සමුදය”යි පෙර නො ඇසූවිරූ දහම්හි මට දර්ශනය පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො අසති ජරාමරණං න හොති? කිස්ස නිරොධා ජරාමරණනිරොධො?”ති. තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ජාතියා ඛො අසති ජරාමරණං න හොති. ජාතිනිරොධා ජරාමරණනිරොධො”ති.
මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ජරාමරණ නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ජරාමරණනිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් ද ප්‍රඥායෙන් ද “ඉපැද්ම නැති කල්හි ජරාමරණ නො වේ. ඉපැද්ම නිරුද්ධ වීමෙන් ජරාමරණනිරෝධය වේ”යි අවබෝධ විය.
තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො අසති ජාති න හොති? -පෙ- භවො - උපාදානං - තණ්හා - වෙදනා - ඵස්සො - සළායතනං - නාමරූපං - විඤ්ඤාණං - සඞ්ඛාරා න හොන්ති? කිස්ස නිරොධා සඞ්ඛාරනිරොධො?”ති. තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “අවිජ්ජාය ඛො අසති සඞ්ඛාරා න හොන්ති. අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො”ති.
මහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ඉපැද්ම නො වේ ද?” … භවය - උපාදාන - තෘෂ්ණාව - වේදනාව - ස්පර්ශය - ෂඩායතන - නාමරූප - විඥානය - සංස්කාරයෝ නො වෙද් ද? කුමක් නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ දැ”?යි මේ අදහස විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් ද ප්‍රඥායෙන් ද “අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙත්. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ”යි අවබෝධ විය.
ඉති හිදං අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
මෙසේ මේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානනිරෝධය වේ. …. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
“නිරොධො නිරොධො”ති ඛො මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි. ඤාණං උදපාදි. පඤ්ඤා උදපාදි. විජ්ජා උදපාදි. ආලොකො උදපාදීති.
මහණෙනි, “නිරෝධය නිරෝධය”යි පෙර නො ඇසූවිරූ දහම්හි මට දර්ශනය පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
බුද්ධවග්ගො පඨමො.
බුද්ධවර්‍ගය පළමුවැනි යි
තස්සුද්දානං:
උද්දානය:
දෙසනා විභඞ්ග පටිපදා ච විපස්සී සිඛී ච වෙස්සභූ, කකුසන්ධො කොණාගමනො ච කස්සපො (මහායසො සක්‍යමුනී ච) ගොතමොති
දේසනා, විභඞ්ග, පටිපදා, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්ධ, කෝණාගමන, කස්සප, (මහායස සක්‍යමුනි) ගොතම ය යි සූත්‍ර දශයෙකි.