යෙදුමෙන් කියවන්න

2. මොළියඵග‍්ගුනසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. මොළියඵග‍්ගුනසුත‍්තවණ‍්ණනා

2. මොළියඵග්ගුන සූත්‍ර වර්ණනාව

දුතියෙ සම‍්භවෙසීනං වා අනුග‍්ගහායාති ඉමස‍්මිංයෙව ඨානෙ භගවා දෙසනං නිට‍්ඨාපෙසි. කස‍්මා? දිට‍්ඨිගතිකස‍්ස නිසින‍්නත‍්තා. තස‍්සඤ‍්හි පරිසති මොළියඵග‍්ගුනො නාම භික‍්ඛු දිට‍්ඨිගතිකො නිසින‍්නො. අථ සත්‍ථා චින‍්තෙසි – “අයං උට‍්ඨහිත්‍වා මං පඤ‍්හං පුච‍්ඡිස‍්සති, අථස‍්සාහං විස‍්සජ‍්ජෙස‍්සාමී”ති පුච‍්ඡාය ඔකාසදානත්‍ථං දෙසනං නිට‍්ඨාපෙසි. මොළියඵග‍්ගුනොති මොළීති චූළා වුච‍්චති. යථාහ –

දෙවන සූත්‍රයේ “සම්භවෙසීනං වා අනුග්ගාය” යනු මෙතැනදී ම භාග්‍යවතුන් වහන්සේ දේශනාව නැවැත්වූ සේක. කුමක් හෙයින්ද? මිසදිටු ගත්තෙකු එම පිරිසේ හුන් බැවිනි. ඒ සඟ පිරිසේ මිසදිටුගත් මොළිය ඵග්ගුණ නම් භික්ෂුවක් හුන්නේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙසේ සිතූ සේක. “මොහු නැගිට මගෙන් ප්‍රශ්නයක් විචාරන්නේය. එවිට මම එය විසඳන්නෙමි” යි උන්වහන්සේට ප්‍රශ්නයක් ඇසීමට ඉඩදීම සඳහා දේශනාව නැවැත්වූ සේක. “මොළිය ඵග්ගුණෝ” යනුවෙන් ‘මොළී’ යනු හිස මුදුනේ ඇති කෙස්‍රොදයි මෙසේ කියන ලද බැවිනි -

“ඡෙත්‍වාන මොළිං වරගන්‍ධවාසිතං වෙහායසං උක‍්ඛිපි සක්‍යපුඞ‍්ගවො; රතනචඞ‍්කොටවරෙන වාසවො, සහස‍්සනෙත‍්තො සිරසා පටිග‍්ගහී”ති.

ජෙත්වාන මොළිං වර ගන්ධ වාසිතං වෙහාසයං උක්ඛිපි සක්‍ය පුංගවො සහස්ස නෙත්තො සිරසා පටිගහී සුවණ්ණ චංගා චරෙන වාසවො

“ඒ ශ්‍රේෂ්ඨ ශාක්‍ය වංශිකයා, තම උතුම් වූ සුවඳ කවන ලද කේශ කලාපය සිඳ - අහසට දැමුවේය. ‘වාසව’ නම් වූ දහසක් නෙත් ඇති ශක්‍රයා එය රන් කරඬුවකින්, ශීර්ෂ ප්‍රණාමයෙන් පිළිගත්තේය.”

සා තස‍්ස ගිහිකාලෙ මහන‍්තා අහොසි. තෙනස‍්ස “මොළියඵග‍්ගුනො”ති සඞ‍්ඛා උදපාදි. පබ‍්බජිතම‍්පි නං තෙනෙව නාමෙන සඤ‍්ජානන‍්ති. එතදවොචාති දෙසනානුසන්‍ධිං ඝටෙන‍්තො එතං “කො නු ඛො, භන‍්තෙ, විඤ‍්ඤාණාහාරං ආහාරෙතී”ති වචනං අවොච. තස‍්සත්‍ථො – භන‍්තෙ, කො නාම සො, යො එතං විඤ‍්ඤාණාහාරං ඛාදති වා භුඤ‍්ජති වාති?

ඒ කේශකලාපය ඔහුගේ ගිහිකාලයේදී ඉතා විශාල විය. එනිසා ඔහුට “මොළිය ඵග්ගුණ” නාමය ඇතිවිය. පැවිදි වූ පසුවත් ඔහු එනමින්ම හැඳින්විණි. “එතදවොච” යනු දේශනාවේ ගැලපීම් ඇතිකරමින් මේ “කොනු ඛො භන්තෙ! විඤ්ඤාණාහාරං ආහාරෙ” යන වචනය කියන ලදී. එහි අර්ථ මෙසේය. “ස්වාමීනි! මේ විඤ්ඤාණාහාරය ආහාරයට ගනුයේ හෝ අනුභව කරනුයේ කවර තැනැත්තෙක් ද?”

කස‍්මා පනායං ඉතරෙ තයො ආහාරෙ අපුච‍්ඡිත්‍වා ඉමමෙව පුච‍්ඡතීති? ජානාමීති ලද‍්ධියා. සො හි මහන‍්තෙ පිණ‍්ඩෙ කත්‍වාව කබළීකාරාහාරං භුඤ‍්ජන‍්තෙ පස‍්සති, තෙනස‍්ස තං ජානාමීති ලද‍්ධි. තිත‍්තිරවට‍්ටකමොරකුක‍්කුටාදයො පන මාතුසම‍්ඵස‍්සෙන යාපෙන‍්තෙ දිස‍්වා “එතෙ ඵස‍්සාහාරෙන යාපෙන‍්තී”ති තස‍්ස ලද‍්ධි. කච‍්ඡපා පන අත‍්තනො උතුසමයෙ මහාසමුද‍්දතො නික‍්ඛමිත්‍වා සමුද‍්දතීරෙ වාලිකන‍්තරෙ අණ‍්ඩානි ඨපෙත්‍වා වාලිකාය පටිච‍්ඡාදෙත්‍වා මහාසමුද‍්දමෙව ඔතරන‍්ති. තානි මාතුඅනුස‍්සරණවසෙන න පූතීනි හොන‍්ති. තානි මනොසඤ‍්චෙතනාහාරෙන යාපෙන‍්තීති තස‍්ස ලද‍්ධි. කිඤ‍්චාපි ථෙරස‍්ස අයං ලද‍්ධි, න පන එතාය ලද‍්ධියා ඉමං පඤ‍්හං පුච‍්ඡති. දිට‍්ඨිගතිකො හි උම‍්මත‍්තකසදිසො. යථා උම‍්මත‍්තකො පච‍්ඡිං ගහෙත්‍වා අන‍්තරවීථිං ඔතිණ‍්ණො ගොමයම‍්පි පාසාණම‍්පි ගූථම‍්පි ඛජ‍්ජඛණ‍්ඩම‍්පි තං තං මනාපම‍්පි අමනාපම‍්පි ගහෙත්‍වා පච‍්ඡියං පක‍්ඛිපති. එවමෙව දිට‍්ඨිගතිකො යුත‍්තම‍්පි අයුත‍්තම‍්පි පුච‍්ඡති. සො “කස‍්මා ඉමං පුච‍්ඡසී”ති න නිග‍්ගහෙතබ‍්බො, පුච‍්ඡිතපුච‍්ඡිතට‍්ඨානෙ පන ගහණමෙව නිසෙධෙතබ‍්බං. තෙනෙව නං භගවා “කස‍්මා එවං පුච‍්ඡසී”ති අවත්‍වා ගහිතගාහමෙව තස‍්ස මොචෙතුං නො කල‍්ලො පඤ‍්හොතිආදිමාහ.

මෙහිදී සෙසු ආහාර තුන පිළිබඳව නොපවසා විඤ්ඤාණාහාරය පමණක් විචාළේ ඇයි? “එය දනිමි” යි යන පිළිගැනීම ඇති බැවිනි. ඔහු මහත් පිඬු වශයෙන් ගෙන කබළිංකාර ආහාරය අනුභව කරයි. එබැවින් එය ඔහුට මැනවින් පෙනේ. එනිසා ඒ පිළිබඳව “දනිමි” යි යන විශ්වාසය උන්වහන්සේට ඇත. වටු, මොණර, කුකුළු ආදී පැටවු මවුගේ ස්පර්ශයෙන් යැපෙනු දැක - “මොවුහු ඵස්සාහාරයෙන් යැපෙන්නෝයැ” යි ඔහුට විශ්වාසයක් ඇතිවේ. කැසිබුවෝ තම සෘතු සමයන්හි මහමුහුදින් ගොඩබිමට පැමිණ, මුහුදුතෙර වැලිකතර බිජු දමා - එය වැලිවලින් වසා - නැවත මුහුදට යති. ඒ බිජු මවගේ සිහිකිරීම් හේතුවෙන් කුණු නොවේ. ඒ බිත්තර “මනෝසඤ්චේතනා-හාරයෙන් යැපෙන්නේය” යන ඇදහීම - පිළිගැනීම එවිට ඇතිවේ. ඵග්ගුණ තෙරුන්ට මෙසේ මේ ආහාර තුන පිළිබඳව ම දැනීම (ප්‍රත්‍යක්ෂ) ඇති නමුත් විඤ්ඤාණාහාරය පිළිබඳව එවැනි ප්‍රත්‍යක්ෂ දැනුමක් නැති බැවින් මේ ප්‍රශ්නය අසන ලදී. දෘෂ්ටිගතිකයා හෙවත් යම් දෘෂ්ටියක් පිළිගත් තැනැත්තා - උම්මත්තකයෙකු වැනිය. යම්සේ උමතු මිනිසෙකු කූඩයක් රැගෙන වීථියට පැමිණ ගොම ද ගල් ද අශූචි ද කැබලි ආදී ආහාර ද්‍රව්‍ය ද යනාදී තමාට අවශ්‍ය අනවශ්‍ය සෑම දෙයක් ම කූඩයට දාගනු ලබන්නේ ද, එමෙන්ම දෘෂ්ටිගතිකයාත් සුදුසු - නුසුදුසු සෑම දෙයම අසයි. ඔහුට “මම කුමක් නිසා මේ ප්‍රශ්න අසන්නෙම්ද?” යන්න නිගමනය කළ නොහැක. ඇසූ ඇසූ ප්‍රශ්නයෙහි ඔහුගේ සිත අවුල් වේ. එනිසා ඉන් වැලකිය යුතුයි. මේ හේතුවෙන් ඵග්ගුණ හිමිගේ ප්‍රශ්නයේදී භාග්‍යවතුන් වහන්සේ “ඔබ කුමක් නිසා මේ ප්‍රශ්න ඇසීද?” යි නොවදාරා, දැඩිව ගත් දෘෂ්ටියෙන් ඔහු මිදවීමට කැමති සේක් - “නො කල්ලො පඤ්හො” යනුවෙන් දේශනා කළ සේක.

තත්‍ථ නො කල‍්ලොති අයුත‍්තො. ආහාරෙතීති අහං න වදාමීති අහං කොචි සත‍්තො වා පුග‍්ගලො වා ආහාරෙතීති න වදාමි. ආහාරෙතීති චාහං වදෙය්‍යන‍්ති යදි අහං ආහාරෙතීති වදෙය්‍යං. තත්‍රස‍්ස කල‍්ලො පඤ‍්හොති තස‍්මිං මයා එවං වුත‍්තෙ අයං පඤ‍්හො යුත‍්තො භවෙය්‍ය. කිස‍්ස නු ඛො, භන‍්තෙ, විඤ‍්ඤාණාහාරොති, භන‍්තෙ, අයං විඤ‍්ඤාණාහාරො කතමස‍්ස ධම‍්මස‍්ස පච‍්චයොති අත්‍ථො. තත්‍ර කල‍්ලං වෙය්‍යාකරණන‍්ති තස‍්මිං එවං පුච‍්ඡිතෙ පඤ‍්හෙ ඉමං වෙය්‍යාකරණං යුත‍්තං “විඤ‍්ඤාණාහාරො ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්තියා පච‍්චයො”ති. එත්‍ථ ච විඤ‍්ඤාණාහාරොති පටිසන්‍ධිචිත‍්තං. ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්තීති තෙනෙව විඤ‍්ඤාණෙන සහුප‍්පන‍්නනාමරූපං. තස‍්මිං භූතෙ සති සළායතනන‍්ති තස‍්මිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්තිසඞ‍්ඛාතෙ නාමරූපෙ ජාතෙ සති සළායතනං හොතීති අත්‍ථො.

එහි “නොකල්ලො” යනු නුසුදුසුයි. අයුතුයි. “ආහාරෙතීති අයහං න වදාමී” යනු මම කිසියම් සතෙක් හෝ පුද්ගලයෙක් හෝ අනුභව කරයි යනුවෙන් නොදෙසමි. “ආහාරෙතීති චාහං වදෙය්‍යං” ඉදින් මම “අනුභව කරයි” යනුවෙන් කියත්නම් “තත්‍රස්ස කල්ල පඤ්හො” යනු එවිට මේ ප්‍රශ්නය සුදුසු වේ. “කිස්සනු ඛො භන්තෙ! විඤ්ඤාණාහාරො” යනු ස්වාමීනි! මේ විඤ්ඤාණාහාරය කවරකට ප්‍රත්‍ය වන්නේ ද? යන අර්ථයි. “තත්‍ර කල්ලං වෙය්‍යාකරණං” යනුවෙන් මෙසේ ප්‍රශ්නය විචාළවිට, “විඤ්ඤාණාහාරය අනාගතයේ නැවත ඉපදීමට, පලවීමට හේතුවේ” යන ව්‍යාකරණය සුදුසුය. මෙහි ද “විඤ්ඤාණාහාරො” යනු ප්‍රතිසන්ධියයි. “ආයතිං පුනබ්භවා භිනිබ්බත්ති” යනු ඒ විඤ්ඤාණයෙන් ම හටගත් නාමරූප දෙකයි. “තස්මිං භූතෙ සති සළායතනං” එහි නැවත ඉපදීම් පළවීම් සංඛ්‍යාත වූ නාමරූපයන් පහළවූ කල්හි ආයතන සය ඇතිවන්නේය යන අර්ථයයි.

සළායතනපච‍්චයා ඵස‍්සොති ඉධාපි භගවා උත‍්තරි පඤ‍්හස‍්ස ඔකාසං දෙන‍්තො දෙසනං නිට‍්ඨාපෙසි. දිට‍්ඨිගතිකො හි නවපුච‍්ඡං උප‍්පාදෙතුං න සක‍්කොති, නිද‍්දිට‍්ඨං නිද‍්දිට‍්ඨංයෙව පන ගණ‍්හිත්‍වා පුච‍්ඡති, තෙනස‍්ස භගවා ඔකාසං අදාසි. අත්‍ථො පනස‍්ස සබ‍්බපදෙසු වුත‍්තනයෙනෙව ගහෙතබ‍්බො. “කො නු ඛො, භන‍්තෙ, භවතී”ති කස‍්මා න පුච‍්ඡති? දිට‍්ඨිගතිකස‍්ස හි සත‍්තො නාම භූතො නිබ‍්බත‍්තොයෙවාති ලද‍්ධි, තස‍්මා අත‍්තනො ලද‍්ධිවිරුද‍්ධං ඉදන‍්ති න පුච‍්ඡති. අපිච ඉදප‍්පච‍්චයා ඉදං ඉදප‍්පච‍්චයා ඉදන‍්ති බහූසු ඨානෙසු කථිතත‍්තා සඤ‍්ඤත‍්තිං උපගතො, තෙනාපි න පුච‍්ඡති. සත්‍ථාපි “ඉමස‍්ස බහුං පුච‍්ඡන‍්තස‍්සාපි තිත‍්ති නත්‍ථි, තුච‍්ඡපුච‍්ඡමෙව පුච‍්ඡතී”ති ඉතො පට‍්ඨාය දෙසනං එකාබද‍්ධං කත්‍වා දෙසෙසි. ඡන‍්නං ත්‍වෙවාති යතො පට‍්ඨාය දෙසනාරුළ‍්හං, තමෙව ගහෙත්‍වා දෙසනං විවට‍්ටෙන‍්තො එවමාහ. ඉමස‍්මිං පන සුත‍්තෙ විඤ‍්ඤාණනාමරූපානං අන‍්තරෙ එකො සන්‍ධි, වෙදනාතණ‍්හානං අන‍්තරෙ එකො, භවජාතීනං අන‍්තරෙ එකොති.

“සළායතන පච්චයා ඵස්සො” මෙහිදී ද භාග්‍යවතුන් වහන්සේ තවත් ප්‍රශ්නයකට ඉඩ සළසමින් දේශනාව නිමාකළ සේක. දෘෂ්ටි ගතිකයා වනාහි නැවත ප්‍රශ්නයක් ඉපිදවීමට සමත් නොවේ. විස්තර කළ ප්‍රශ්නම ය නැවතත් විචාරයි. මෙනිසා භාග්‍යවතුන් වහන්සේ ඔහුට ඒ අවසරය දුන් සේක. අර්ථ වනාහි සියලු පදවල කියූ ක්‍රමයෙන් ගතයුතුයි. “ස්වාමීනි! කවරෙක් නම් වන්නේද?” යනුවෙන් කුමක් නිසා විමසුවේද? දෘෂ්ටිගතිකයා හට සත්වයා නම් සත්‍ය වශයෙන්ම ඇත්තෙකි. හටගත්තෙක්මයැ” යි යන පිළිගැනීම ඇත. එනිසා තම පිළිගැනීමට විරුද්ධ වන හෙයින් “මෙය” යැයි ද්‍රව්‍යාත්මකව නොවිචාළේය. තවද “මෙය තවත් ප්‍රත්‍යයක් හේතුකොටගෙන වන්නේයැ” යි යන්න බොහෝ තැනෙක්හි දේශිත බැවින් ද තමා විසින් අවබෝධ කරගැනීමට පැමිණි හෙයින් ද ඔහු විසින් එසේ නොවිචාරයි. බුදුරජාණන් වහන්සේ ද මේ බොහෝ සෙයින් විමසන්නාගේ සෑහීමකට පත්වීමක් නැති බැවින් - “හිස් ප්‍රශ්නයම අසයි” සිතා එතැන් පටන් දේශනාව ඒකාබද්ධ කර දෙසූ සේක. “ඡන්නත්වෙවා” යනුවෙන් යම්තැනක සිට දේශනාවට නංවන ලද අර්ථයම ගෙන දෙසුම නැවත සසර නැවැත්ම වශයෙන් දක්වන සේක මෙසේ වදාළහ. මේ සූත්‍රයේ වනාහී විඤ්ඤාණය හා නාමරූප දෙක අතර එක් සන්ධියකි. වේදනා හා තණ්හා ප්‍රත්‍ය දෙක අතර එක් සන්ධියකි. භව හා ජාති ප්‍රත්‍ය දෙක අතර එක් සන්ධියකි. මෙලෙස සන්ධි තුනකි.

දුතියං.

දෙවන සූත්‍රයයි.

3. සමණබ්‍රාහ‍්මණසුත‍්තවණ‍්ණනා

3. සමණබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව

තතියෙ සමණා වා බ්‍රාහ‍්මණා වාති සච‍්චානි පටිවිජ‍්ඣිතුං අසමත්‍ථා බාහිරකසමණබ්‍රාහ‍්මණා. ජරාමරණං නප‍්පජානන‍්තීතිආදීසු ජරාමරණං න ජානන‍්ති දුක‍්ඛසච‍්චවසෙන, ජරාමරණසමුදයං න ජානන‍්ති සහ තණ‍්හාය ජාති ජරාමරණස‍්ස සමුදයොති සමුදයසච‍්චවසෙන, ජරාමරණනිරොධං න ජානන‍්ති නිරොධසච‍්චවසෙන, පටිපදං න ජානන‍්ති මග‍්ගසච‍්චවසෙන. ජාතිං න ජානන‍්ති දුක‍්ඛසච‍්චවසෙන, ජාතිසමුදයං න ජානන‍්ති සහ තණ‍්හාය භවො ජාතිසමුදයොති සමුදයසච‍්චවසෙන. එවං සහ තණ‍්හාය සමුදයං යොජෙත්‍වා සබ‍්බපදෙසු චතුසච‍්චවසෙන අත්‍ථො වෙදිතබ‍්බො. සාමඤ‍්ඤත්‍ථං වා බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං වාති එත්‍ථ අරියමග‍්ගො සාමඤ‍්ඤඤ‍්චෙව බ්‍රහ‍්මඤ‍්ඤඤ‍්ච. උභයත්‍ථාපි පන අත්‍ථො නාම අරියඵලං වෙදිතබ‍්බං. ඉති භගවා ඉමස‍්මිං සුත‍්තෙ එකාදසසු ඨානෙසු චත‍්තාරි සච‍්චානි කථෙසීති.

තෙවන සූත්‍රයේ “සමණා වා බ්‍රාහ්මනා වා” යනු සත්‍ය අවබෝධ කරගැනීමට අසමත් බැවින් බුදුසසුනින් බැහැර වූ මහණ බමුණෝ. “ජරා මරණං නප්පජානන්ති” ආදියේ ජරාමරණ දෙක දුක්ඛ සත්‍ය වශයෙන් නොදනිති. සමුදය සත්‍ය වශයෙන් ජරා මරණ දෙකේ ඇතිවීම නොදනිති. තණ්හාවත් සමග ජාති-ජරා-මරණ ආදියේ ඇතිවීම වේයැයි නොදනිති. නිරෝධ සත්‍යය වශයෙන් ජරා මරණ දෙකේ නැතිවීම නොදනිති. මාර්ග සත්‍ය වශයෙන් දුක ජයගන්නා ප්‍රතිපදාව නොදනිති. දුක්ඛ සත්‍යය වශයෙන් ඉපදීම නොදනියි. සමුදය සත්‍ය වශයෙන් “තණ්හාවත් සමග භවය, ජාතිය හටගනියි” යන ඉපදීමේ හේතුව නොදනිති. මෙසේ තණ්හාවත් සමග හටගැනීමේ හේතුව සෑම පදයකම යොදා චතුරාර්‍ය සත්‍යය මූලිකව අර්ථය දතුයුතුයි. “සාමඤ්ඤත්ථං වා බ්‍රහ්මඤ්ඤත්ථං වා” යනු මේ ආර්‍ය මාර්ගයෙහි ශ්‍රමණ බව, බ්‍රහ්ම බව යන වදන් දෙකෙහිම අර්ථය නම් “ආර්‍ය ඵලයම වන බව දතයුතුයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයෙහි එකොළොස් තැනක චතුරාර්‍ය සත්‍යය දක්වා ඇත.

තතියං.

තෙවන සූත්‍රයයි.

4. දුතියසමණබ්‍රාහ‍්මණසුත‍්තවණ‍්ණනා

4. දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ ඉමෙ ධම‍්මෙ කතමෙ ධම‍්මෙති එත‍්තකං පපඤ‍්චං කත්‍වා කථිතං, දෙසනං පටිවිජ‍්ඣිතුං සමත්‍ථානං පුග‍්ගලානං අජ‍්ඣාසයෙන ඉමෙ ධම‍්මෙ නප‍්පජානන‍්තීතිආදි වුත‍්තං. සෙසං පුරිමසදිසමෙව.

සිවුවන සූත්‍රයේ - “ඉමෙ ධම්මෙ-කතමෙ ධම්මෙ” යනු මේ දක්වා විස්තර කර, දේශනා කරන ලද, ධර්මය අවබෝධ කරගැනීමට සමත් පුද්ගලයන්ගේ අදහසට අනුව - “ඉමෙ ධම්මා නප්පජානන්තී” ආදිය දක්වන ලදී. සෙසු පද විස්තර මුල් සූත්‍රයන්ට සමානය.

චතුත්‍ථං.

සිවුවන සූත්‍රයයි.

5. කච‍්චානගොත‍්තසුත‍්තවණ‍්ණනා

5. කච්චානගොත්ත සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ සම‍්මාදිට‍්ඨි සම‍්මාදිට‍්ඨීති යං පණ‍්ඩිතා දෙවමනුස‍්සා තෙසු තෙසු ඨානෙසු සම‍්මාදස‍්සනං වදන‍්ති, සබ‍්බම‍්පි තං ද‍්වීහි පදෙහි සඞ‍්ඛිපිත්‍වා පුච‍්ඡති. ද‍්වයනිස‍්සිතොති ද‍්වෙ කොට‍්ඨාසෙ නිස‍්සිතො. යෙභුය්‍යෙනාති ඉමිනා ඨපෙත්‍වා අරියපුග‍්ගලෙ සෙසමහාජනං දස‍්සෙති. අත්‍ථිතන‍්ති සස‍්සතං. නත්‍ථිතන‍්ති උච‍්ඡෙදං. ලොකසමුදයන‍්ති ලොකො නාම සඞ‍්ඛාරලොකො, තස‍්ස නිබ‍්බත‍්ති. සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතොති සම‍්මාපඤ‍්ඤා නාම සවිපස‍්සනා මග‍්ගපඤ‍්ඤා, තාය පස‍්සන‍්තස‍්සාති අත්‍ථො. යා ලොකෙ නත්‍ථිතාති සඞ‍්ඛාරලොකෙ නිබ‍්බත‍්තෙසු ධම‍්මෙසු පඤ‍්ඤායන‍්තෙස‍්වෙව යා නත්‍ථීති උච‍්ඡෙදදිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය, සා න හොතීති අත්‍ථො. ලොකනිරොධන‍්ති සඞ‍්ඛාරානං භඞ‍්ගං. යා ලොකෙ අත්‍ථිතාති සඞ‍්ඛාරලොකෙ භිජ‍්ජමානෙසු ධම‍්මෙසු පඤ‍්ඤායන‍්තෙස‍්වෙව යා අත්‍ථීති සස‍්සතදිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය, සා න හොතීති අත්‍ථො.

පස්වන සූත්‍රයේ - “සම්මාදිට්ඨි” යනු යම් පණ්ඩිත වූ දිව්‍ය මනුෂ්‍යයෝ, ඒ ඒ තැන්හි “සම්‍යක් දර්ශනය” යැයි යමකට කියත් ද ඒ සියල්ල ම මෙම දෙපදයෙන් හකුළුවා දක්වන ලද්දේ, විමසයි. “ද්වයං නිස්සිතො” යනු දෙකොටසක් ඇසුරු කළයුතුය. “යෙභුය්‍යෙත” යනුවෙන් ආර්‍ය පුද්ගලයන් හැර - සෙසු මහජනයා අදහස් කරයි. “අත්ථිතං” යනු ශාස්වත වාදයයි. “නත්ථිතං” යනු උච්ඡේද වාදයයි. “ලෝකසමුදයං” යනු ලෝකය නම් සංස්කාරික ලෝකයයි. එහි ඉපදීමයි. “සම්මප්පඤ්ඤාය පස්සතො” යනු සම්‍යක් ප්‍රඥාව නම් විදර්ශනාව සහිත මාර්ග ප්‍රඥාවයි. එය දකින්නා යන අර්ථයයි. “යා ලොකෙ නත්ථිතා” යනු සංස්කාරයමය ලෝකයෙහි හටගත් ධර්මයන් පිළිබඳව ප්‍රඥාවෙන්ම “යමක් නැතැ”යි යන උච්ඡේද දෘෂ්ටිය උපදින්නේ නම්, “එබඳු දෘෂ්ටියක් නැත” යන අර්ථයයි. “ලොක නිරොධං” යනු සංස්කාරයන්ගේ බිඳීයාමයි. නැසීයාමයි. “යා ලොකෙ අත්ථිතා” යනු සංස්කාර ලෝකයෙහි විද්‍යාමාන වූ ධර්ම පිළිබඳ ප්‍රඥාවෙන් ම ‘යමක් ඇත’ යි යන ශාස්වත දෘෂ්ටිය උපදින්නේ නම්, “එබඳු දෘෂ්ටියක් නොමැත” යන අර්ථයි.

අපිච ලොකසමුදයන‍්ති අනුලොමපච‍්චයාකාරං. ලොකනිරොධන‍්ති පටිලොමපච‍්චයාකාරං. ලොකනිස‍්සයෙ පස‍්සන‍්තස‍්සාපි හි පච‍්චයානං අනුච‍්ඡෙදෙන පච‍්චයුප‍්පන‍්නස‍්ස අනුච‍්ඡෙදං පස‍්සතො යා නත්‍ථීති උච‍්ඡෙදදිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය, සා න හොති. පච‍්චයනිරොධං පස‍්සන‍්තස‍්සාපි පච‍්චයනිරොධෙන පච‍්චයුප‍්පන‍්නනිරොධං පස‍්සතො යා අත්‍ථීති සස‍්සතදිට‍්ඨි උප‍්පජ‍්ජෙය්‍ය, සා න හොතීති අයම‍්පෙත්‍ථ අත්‍ථො.

තවද “ලොකසමුදයං” යනු ප්‍රතීත්‍ය සමුත්පාදය අනුලෝම වශයෙන් දැක්වීමයි. “ලොකනිරොධං” යනු ප්‍රතීත්‍ය සමුප්පාදය ප්‍රතිලෝම වශයෙන් දැක්වීමයි. ලෝකය ආශ්‍රයෙන් දකින්නහුට, ප්‍රත්‍යයන්ගේ නොසිඳීමෙන් ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ නොසිඳී පැවැත්ම දැකීමෙන්, ‘යමක් නැත’යි යන උච්ඡේද දෘෂ්ටිය උපදින්නේ නම් එය නැත. ප්‍රත්‍යයන්ගේ නිරෝධය දකින්නහුට ද ප්‍රත්‍යයන්ගේ නැතිවීමෙන් ප්‍රත්‍යුත්පන්න ධර්මයන්ගේ නිරුද්ධවීම දැකීමෙන්, “යමක් ඇතැ”යි යන “ශාස්වත දෘෂ්ටිය නූපදින්නේය” යන අර්ථයි.

උපයුපාදානාභිනිවෙසවිනිබන්‍ධොති උපයෙහි ච උපාදානෙහි ච අභිනිවෙසෙහි ච විනිබන්‍ධො. තත්‍ථ උපයාති ද‍්වෙ උපයා තණ‍්හුපයො ච දිට‍්ඨුපයො ච. උපාදානාදීසුපි එසෙව නයො. තණ‍්හාදිට‍්ඨියො හි යස‍්මා අහං මමන‍්තිආදීහි ආකාරෙහි තෙභූමකධම‍්මෙ උපෙන‍්ති උපගච‍්ඡන‍්ති, තස‍්මා උපයාති වුච‍්චන‍්ති. යස‍්මා පන තෙ ධම‍්මෙ උපාදියන‍්ති චෙව අභිනිවිසන‍්ති ච, තස‍්මා උපාදානාති ච අභිනිවෙසාති ච වුච‍්චන‍්ති. තාහි චායං ලොකො විනිබන්‍ධො. තෙනාහ “උපයුපාදානාභිනිවෙසවිනිබන්‍ධො”ති.

“උපායුපාදානා භි නිවෙස විනිබද්ධො” යනු උපායෙහි ද උපාදානයෙහි ද අභිනිවේසනයෙහිද එකට බැඳී සම්භන්ධ වූ යන අර්ථයයි. එහි ‘උපාය’ යනු උපාය දෙකකි. තණ්හා උපායත, දිට්ඨි උපායත්‍ ය. උපාදානයෙහි ද මේ ක්‍රමයම යෙදේ. තණ්හා දෘෂ්ටියෙහි යම් හෙයකින් “මම” “මගේ” යනාදී ආකාරයෙන් ත්‍රෛභූමික ධර්මයන්ට පැමිණෙයි. ළඟට පැමිණෙයි. යන අරුතින් ‘උපාය’ යැයි කියනු ලැබේ. යම්හෙයකින් ඒ ධර්මයන්හි අල්ලාගනියි ද එසේම ඇලීමට පැමිණෙයි ද එනිසා “උපාදාන” යැයි ද “අභිනිවෙස” යැයිද කියනු ලැබේ. මේවායින් සත්වයා ලෝකයට බැඳුණේය. එබැවින් “උපාය-උපාදාන-අභිනිවේසාදියෙන් බැඳුණේ” යැයි කියන ලදී.

තඤ‍්චායන‍්ති තඤ‍්ච උපයුපාදානං අයං අරියසාවකො. චෙතසො අධිට‍්ඨානන‍්ති චිත‍්තස‍්ස පතිට‍්ඨානභූතං. අභිනිවෙසානුසයන‍්ති අභිනිවෙසභූතඤ‍්ච අනුසයභූතඤ‍්ච. තණ‍්හාදිට‍්ඨීසු හි අකුසලචිත‍්තං පතිට‍්ඨාති, තා ච තස‍්මිං අභිනිවිසන‍්ති චෙව අනුසෙන‍්ති ච, තස‍්මා තදුභයං චෙතසො අධිට‍්ඨානං අභිනිවෙසානුසයන‍්ති ච ආහ. න උපෙතීති න උපගච‍්ඡති. න උපාදියතීති න ගණ‍්හාති. නාධිට‍්ඨාතීති න අධිට‍්ඨාති, කින‍්ති? අත‍්තා මෙති. දුක‍්ඛමෙවාති පඤ‍්චුපාදානක‍්ඛන්‍ධමත‍්තමෙව. න කඞ‍්ඛතීති “දුක‍්ඛමෙව උප‍්පජ‍්ජති, දුක‍්ඛං නිරුජ‍්ඣති, න අඤ‍්ඤො එත්‍ථ සත‍්තො නාම අත්‍ථී”ති කඞ‍්ඛං න කරොති. න විචිකිච‍්ඡතීති න විචිකිච‍්ඡං උප‍්පාදෙති.

“තඤ්චාය” යනු ඒ උපාදාන ඇති මේ ආර්‍ය ශ්‍රාවකයායි. “චෙතසො අධිට්ඨානං” යනු සිතේ තදින් පිහිටියා වූ යනුයි. “අභිනිවෙසානුසයං” යනු නිවාස වූ ද සැඟවී පවතින්නා වූ ද තණ්හා, දෘෂ්ටි ආදී අකුසල සිත් පිහිටියේය. එහි තදින් ඇලී පවතිනුයේ ද අත්නොහැර පවතිනුයේ ද වේ. එනිසා ඒ දෙක සිතේ අධිෂ්ඨාන වශයෙන් තදින් ඇලී පවතිනුයේ ඇයි කියන ලදී. “න උපෙති” යනු නොපැමිණෙයි. “න උපාදියති” යනු නොගනියි. “නාධිට්ඨාති” යනු අධිෂ්ඨාන නොකරයි. කුමක්ද? “අත්තා මෙ” යනු ‘මගේ ආත්මය’ යනුවෙනි. “දුක්ඛමෙව” යනු පංච උපාදානස්කන්ධයම පමණක්ම. “න කඞඛතී” යනු දුකම උපදියි. දුකම නිරුද්ධ වේ. මෙහි අනෙක් සත්ත්වයෙක් නම් ඇතැයි සැක නොකරයි. “ත විචිකිච්ඡතී” යනු සැකයක් නූපදවයි.

අපරප‍්පච‍්චයාති න පරප‍්පච‍්චයෙන, අඤ‍්ඤස‍්ස අපත‍්තියායෙත්‍වා අත‍්තපච‍්චක‍්ඛඤාණමෙවස‍්ස එත්‍ථ හොතීති. එත‍්තාවතා ඛො, කච‍්චාන, සම‍්මාදිට‍්ඨි හොතීති එවං සත‍්තසඤ‍්ඤාය පහීනත‍්තා එත‍්තකෙන සම‍්මාදස‍්සනං නාම හොතීති මිස‍්සකසම‍්මාදිට‍්ඨිං ආහ. අයමෙකො අන‍්තොති එස එකො නිකූටන‍්තො ලාමකන‍්තො පඨමකං සස‍්සතං. අයං දුතියොති එස දුතියො සබ‍්බං නත්‍ථීති උප‍්පජ‍්ජනකදිට‍්ඨිසඞ‍්ඛාතො නිකූටන‍්තො ලාමකන‍්තො දුතියකො උච‍්ඡෙදොති අත්‍ථො. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

“අපරප්පච්චයා” යනු අන්‍යයන්ගේ පිහිට නොසොයන, අන්‍යයකුගේ ප්‍රාර්ථනාවක් නොමැතිව, ආත්ම ප්‍රත්‍යක්ෂ ඤාණ වශයෙන් මෙහි වේ යනුයි. “එත්තාවතා ඛො කච්චාන! සම්මා දිට්ඨි හොති” මෙසේ ‘සත්ව’ සංඥාව ප්‍රහීණ කළ බැවින් මෙපමණකින් යහපත් දර්ශනය නම් වන්නේ යැයි මිශ්‍ර වූ සම්‍යක් දෘෂ්ටිය කියන ලදී. “අයමෙකො අන්තො” මෙය එක්තරා පහත් වූ-ළාමක වූ අන්තයකි. පළමු ශාස්වතවාදයයි. “අයං දුතියො” මෙය දෙවැන්නයි. සියල්ල නැතැයි හටගත් දෘෂ්ටි සංඛ්‍යාත පහත්වූ-ළාමකවූ අන්තයකි. දෙවැනි උච්ඡේද වාදයයි යන අර්ථයි. මෙහි සෙසු පද විභාග ඉතා ප්‍රකටමය.

පඤ‍්චමං.

පස්වන සූත්‍රයයි.

6. ධම‍්මකථිකසුත‍්තවණ‍්ණනා

6. ධම්මකථික සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ නිබ‍්බිදායාති නිබ‍්බින්‍දනත්‍ථාය. විරාගායාති විරජ‍්ජනත්‍ථාය. නිරොධායාති නිරුජ‍්ඣනත්‍ථාය. පටිපන‍්නො හොතීති එත්‍ථ සීලතො පට‍්ඨාය යාව අරහත‍්තමග‍්ගා පටිපන‍්නොති වෙදිතබ‍්බො. ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නොති ලොකුත‍්තරස‍්ස නිබ‍්බානධම‍්මස‍්ස අනුධම‍්මභූතං පටිපදං පටිපන‍්නො. අනුධම‍්මභූතන‍්ති අනුරූපසභාවභූතං. නිබ‍්බිදා විරාගා නිරොධාති නිබ‍්බිදාය චෙව විරාගෙන ච නිරොධෙන ච. අනුපාදා විමුත‍්තොති චතූහි උපාදානෙහි කිඤ‍්චි ධම‍්මං අනුපාදියිත්‍වා විමුත‍්තො. දිට‍්ඨධම‍්මනිබ‍්බානප‍්පත‍්තොති දිට‍්ඨෙව ධම‍්මෙ නිබ‍්බානප‍්පත‍්තො. අලං වචනායාති, එවං වත‍්තබ‍්බතං අරහති, යුත‍්තො අනුච‍්ඡවිකොති අත්‍ථො. එවමෙත්‍ථ එකෙන නයෙන ධම‍්මකථිකස‍්ස පුච‍්ඡා කථිතා, ද‍්වීහි තං විසෙසෙත්‍වා සෙක‍්ඛාසෙක‍්ඛභූමියො නිද‍්දිට‍්ඨාති.

සයවන සූත්‍රයේ - “නිබ්බිදාය” යනු කළකිරීම පිණිස. “විරාගාය” නොඇලීම පිණිස. “නිරොධාය” නිරුද්ධ කිරීම සඳහා. “පටිපන්නො හොති” යන මෙහි සීලයේ පටන් රහත් බව දක්වා පිළිපන්නේ යැයි දතයුතුයි. “ධම්මානුධම්ම පටිපන්නො” යනු ලෝකෝත්තර නිර්වාණ ධර්මයාගේ සුළු ශික්ෂාපද හා ප්‍රතිපත්ති සහිත පිළිවෙතට එළඹි, “අනුධම්මභූත” -එනම් ධර්මයට යෝග්‍ය වූ සුදුසු වූ යන අර්ථයි. “නිබ්බිදා විරාගා නිරෝධා” යනු කළකිරීමෙන්-විරාගයෙන් මෙන්ම නිරෝධයෙන් ද යනුයි. “අනුපාදා විමුත්තො” යනු උපාදානයන් සතරින් කිසිවක් දැඩිව නොගෙන ඉන් මිදුණු. “දිට්ඨ ධම්ම නිබ්බාණප්පත්තො” යනු මෙලොවදීම නිවනට පැමිණියේ. “අලං වචනාය” යනු මෙසේ කිවයුතු බවට පැමිණේ. ඊට සුදුසු වේ. ඉතා යෝග්‍ය වේ. මෙලෙස මෙම සූත්‍රයේදී එක් ක්‍රමයකින් ධර්මකථිකයන් වහන්සේගේ ප්‍රශ්නයන් විමසන ලදී. ක්‍රම දෙකකින් එය විශේෂත්වයට ගෙන - සේඛ හා අසේඛ භූමිහු නිර්දිෂ්ඨයහ.

ඡට‍්ඨං.

සයවන සූත්‍රයයි.

7. අචෙලකස‍්සපසුත‍්තවණ‍්ණනා

7. අචෙලකස්සප සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ අචෙලො කස‍්සපොති ලිඞ‍්ගෙන අචෙලො නිච‍්චෙලො, නාමෙන කස‍්සපො. දූරතොවාති මහතා භික‍්ඛුසඞ‍්ඝෙන පරිවුතං ආගච‍්ඡන‍්තං දූරතො එව අද‍්දස. කිඤ‍්චිදෙව දෙසන‍්ති කිඤ‍්චිදෙව කාරණං. ඔකාසන‍්ති පඤ‍්හබ්‍යාකරණස‍්ස ඛණං කාලං. අන‍්තරඝරන‍්ති “න පල‍්ලත්‍ථිකාය අන‍්තරඝරෙ නිසීදිස‍්සාමී”ති එත්‍ථ අන‍්තොනිවෙසනං අන‍්තරඝරං. “ඔක‍්ඛිත‍්තචක‍්ඛු අන‍්තරඝරෙ ගමිස‍්සාමී”ති එත්‍ථ ඉන්‍දඛීලතො පට‍්ඨාය අන‍්තොගාමො. ඉධාපි අයමෙව අධිප‍්පෙතො. යදාකඞ‍්ඛසීති යං ඉච‍්ඡසි.

සත්වන සූත්‍රයේ “අචෙල කස්සපො” යනු ආකාරයෙන් අචේලයෙකි වස්ත්‍ර නැත්තෙකි. නාමයෙන් කස්සප නමැයි “ඔකාසං” යනු ප්‍රශ්න-ව්‍යාකරණයට ක්ෂණික කාලයක්. “අන්තරඝරං” යන මෙහි “දෙඅත් බැඳගෙන අන්තරඝරයෙහි නොහිඳින්නෙමි” යන මෙහි අන්තරඝර යනු නිවසේ ඇතුලයි. “පහතට හෙලූ ඇතිව අන්තරඝරයෙහි ඇවිදින්නෙමි”1 යන මෙහි අන්තරඝර යනු ඉන්ද්‍රඛීලයේ පටන් මුලු ඇතුළු ගම්මානය යි. මෙම සූත්‍රයේ ද මේ දෙවන අදහස ගත යුතුයි. “යදාකඞඛසී” යනු යමක් කැමති නම් එයයි.

කස‍්මා පන භගවා කථෙතුකාමො යාවතතියං පටික‍්ඛිපීති? ගාරවජනනත්‍ථං. දිට‍්ඨිගතිකා හි ඛිප‍්පං කථියමානෙ ගාරවං න කරොන‍්ති, “සමණං ගොතමං උපසඞ‍්කමිතුම‍්පි පුච‍්ඡිතුම‍්පි සුකරං, පුච‍්ඡිතමත‍්තෙයෙව කථෙතී”ති වචනම‍්පි න සද‍්දහන‍්ති. ද‍්වෙ තයො වාරෙ පටික‍්ඛිත‍්තෙ පන ගාරවං කරොන‍්ති, “සමණං ගොතමං උපසඞ‍්කමිතුම‍්පි පඤ‍්හං පුච‍්ඡිතුම‍්පි දුක‍්කර”න‍්ති යාවතතියං යාචිතෙ කථියමානං සුස‍්සූසන‍්ති සද‍්දහන‍්ති. ඉති භගවා “අයං සුස‍්සූසිස‍්සති සද‍්දහිස‍්සතී”ති යාවතතියං යාචාපෙත්‍වා කථෙසි. අපිච යථා භිසක‍්කො තෙලං වා ඵාණිතං වා පචන‍්තො මුදුපාකඛරපාකානං පාකකාලං ආගමයමානො පාකකාලං අනතික‍්කමිත්‍වාව ඔතාරෙති. එවං භගවා සත‍්තානං ඤාණපරිපාකං ආගමයමානො “එත‍්තකෙන කාලෙන ඉමස‍්ස ඤාණං පරිපාකං ගමිස‍්සතී”ති ඤත්‍වාව යාවතතියං යාචාපෙසි.

මේ සූත්‍රය වදාරනු කැමති වුවත් භාග්‍යවතුන් වහන්සේ තෙවනවර දක්වා ම ප්‍රතික්ෂේප කරන ලද්දේ කුමක් නිසාද? ගෞරවය දැන්වීම පිණිසය. දෘෂ්ටිගතිකයෝ වනාහී ප්‍රශ්නයට වඩා ම පිළිතුරු නොදෙන්නේ නම් ගෞරව නොකරති. “ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණීමත්, ප්‍රශ්න ඇසීමත් පහසුය.” ඇසූ ගමන් ම පිළිතුරු දෙන්නේ නම් ඒ එක් වදනකුදු නො අදහති. පිළිනොගනිති. දෙවරක්-තෙවරක් ප්‍රතික්ෂේප කළවිට “ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත එළඹීමත් ප්‍රශ්න ඇසීමත් ඉතා දුෂ්කර වූවකි” යි ඊට ගරුකරති. තෙවැනි වර දක්වා ඉල්ලීම් කර, පිළිතුරු දුන්කල්හි එය මැනවින් අසති. අදහති. පිළිගනිති. මෙනිසා භාග්‍යවතුන් වහන්සේ “මොහු මනාව අසන්නේය, පිළිගන්නේය” යනුවෙන් තෙවැනිවර දක්වා ඉල්ලීම් කළ කල්හි පිළිතුරු දුන් සේක. තවද වෛද්‍යවරයෙක් තෙල් හෝ පැණි හෝ පිසනුයේ මෘදු වූ පැසීම්, රළු වූ පැසීම් ආදී යෝග්‍ය පැසීම් අවස්ථාව මැනවින් බලනුයේ පැසෙන අවස්ථාව නො ඉක්මවා ම ලිපෙන් එය බස්වයි. මේ අයුරින් ම භාග්‍යවතුන් වහන්සේ ද සත්ත්වයන්ගේ ඤාණය මුහුකුරා යෑම සිදුවන අවස්ථාව මනාව දන්නා සේක් - තෙවැනිවර දක්වා ඉල්ලන තෙක් ම සිටිසේක.

මා හෙවං, කස‍්සපාති, කස‍්සප, මා එවං භණි. සයංකතං දුක‍්ඛන‍්ති හි වත‍්තුං න වට‍්ටති, අත‍්තා නාම කොචි දුක‍්ඛස‍්ස කාරකො නත්‍ථීති දීපෙති. පරතොපි එසෙව නයො. අධිච‍්චසමුප‍්පන‍්නන‍්ති අකාරණෙන යදිච‍්ඡාය උප‍්පන‍්නං. ඉති පුට‍්ඨො සමානොති කස‍්මා එවමාහ? එවං කිරස‍්ස අහොසි – “අයං ‘සයංකතං දුක‍්ඛ’න‍්තිආදිනා පුට‍්ඨො ‘මා හෙව’න‍්ති වදති, ‘නත්‍ථී’ති පුට‍්ඨො ‘අත්‍ථී’ති වදති. ‘භවං ගොතමො දුක‍්ඛං න ජානාති න පස‍්සතී’ති පුට‍්ඨො ‘ජානාමි ඛ‍්වාහ’න‍්ති වදති. කිඤ‍්චි නු ඛො මයා විරජ‍්ඣිත්‍වා පුච‍්ඡිතො”ති මූලතො පට‍්ඨාය අත‍්තනො පුච‍්ඡමෙව සොධෙන‍්තො එවමාහ.

“මා හෙවං කස්සප” යනු කස්සපය! එසේ නොකියන්න. දුක තමා විසින් කරන ලදැයි පැවසීම නුසුදුසුය. දුක කරන්නා වූ - කාරකයක් වූ “ආත්මය” නම් වූ කිසිවක් නැතැයි දක්වයි. සෙසු ප්‍රශ්නයන්හි අර්ථ ද මෙලෙසින්ම දතයුතුයි. “අධිච්ච සමුප්පන්නං” යනු කරුණක් - හේතුවක් නොමැතිව යමක් කැමැත්තෙන් - අහඹු ලෙස ඉපදීමයි. “ඉති පුට්ඨො සමානො” යන්න කුමක් නිසා කියන ලද්දේ ද? මෙලෙස වූ සිතක් පිළිබඳව කස්සට ඇතිවිය. මේ තැනැත්තා දුක තමා විසින් කරන ලදැයි ආදී වශයෙන් විමසනු ලැබූ විට ‘එසේ නොකියව’ යි පවසයි. ‘දුකක් නැතිද?’යි විමසූවිට ‘ඇතැ’යි කියයි. ‘භාග්‍යවත්හු දුක නොදනියි. නොදකියි’ යනුවෙන් විමසූවිට ‘දුක මම දනිමි’යි කියයි. මෙලෙස පවසනුයේ ඇයි? මවිසින් වැරදි ලෙස ප්‍රශ්න අසන ලදද?”යි සිතා නැවත එම ප්‍රශ්නාවලිය දෙස මුලසිට පරීක්ෂා කර බලමින් පිරිසිදු කරමින් මෙලෙස පැවසීය.

ආචික‍්ඛතු ච මෙ, භන‍්තෙ, භගවාති ඉධ සත්‍ථරි සඤ‍්ජාතගාරවො “භව”න‍්ති අවත්‍වා “භගවා”ති වදති. සො කරොතීතිආදි, “සයංකතං දුක‍්ඛ”න‍්ති ලද‍්ධියා පටිසෙධනත්‍ථං වුත‍්තං. එත්‍ථ ච සතොති ඉදං භුම‍්මත්‍ථෙ සාමිවචනං, තස‍්මා එවමත්‍ථො දට‍්ඨබ‍්බො – සො කරොති සො පටිසංවෙදයතීති ඛො, කස‍්සප, ආදිම‍්හියෙව එවං සති පච‍්ඡා සයංකතං දුක‍්ඛන‍්ති අයං ලද‍්ධි හොති. එත්‍ථ ච දුක‍්ඛන‍්ති වට‍්ටදුක‍්ඛං අධිප‍්පෙතං. ඉති වදන‍්ති එතස‍්ස පුරිමෙන ආදිසද‍්දෙන අනන‍්තරෙන ච සස‍්සතසද‍්දෙන සම‍්බන්‍ධො හොති. “දීපෙති ගණ‍්හාතී”ති අයං පනෙත්‍ථ පාඨසෙසො. ඉදඤ‍්හි වුත‍්තං හොති – ඉති එවං වදන‍්තො ආදිතොව සස‍්සතං දීපෙති, සස‍්සතං ගණ‍්හාති. කස‍්මා? තස‍්ස හි තං දස‍්සනං එතං පරෙති, කාරකඤ‍්ච වෙදකඤ‍්ච එකමෙව ගණ‍්හන‍්තං එතං සස‍්සතං උපගච‍්ඡතීති අත්‍ථො.

“ආචික්ඛතු මෙ භන්තෙ! භගවා” යන මෙහි ශාස්තෲන් වහන්සේ කෙරෙහි හටගත් අසීමිත ගෞරවය නිසාම ‘භවං’ යනුවෙන් නොපවසා ‘භගවා’ යැයි පැවසීය. “සො කරොති” යනාදිය ‘දුක තමා විසින් කරන ලදැ’යි යන පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට කියන ලදී. මෙහි “සතො” යනු සත්තමී අර්ථයේ ඡට්ඨි විභක්තිය යෙදුණු පදයකි. එබැවින් අර්ථ මෙසේ දතයුතුයි. “කස්සප! ඔහු කරයි. ඔහු විඳියි. ආදී වශයෙන් මුලදීම ගත්විට; පසුව දුක තමා විසින් ම කරන ලදී” යන පිළිගැනීමට පැමිණීමට සිදුවේ. “ඉතිවදං” මේ මුලින් ඇති ‘ආදී’ ශබ්දය අනන්තර වශයෙන් ශාස්වත ශබ්දයන් හා සම්බන්ධ වේ. දක්වයි. ගනියි යනු මෙහි සෙසු පාඨයන්‍ ය. මෙය කියන ලදී. “මෙසේ දක්වමින් මුලින් ම ශාස්වත වාදය දක්වා, එම වාදය ගන්නා ලද්දේ කුමක් නිසා ද? එහි මෙය දැක්වීමයි. “එතං පරෙ” යනු කාරකයාද විඳින්නාද එකට ම ගෙන මේ ශාස්වත වාදයට පැමිණේය යන අර්ථයි.

අඤ‍්ඤො කරොතීතිආදි පන “පරංකතං දුක‍්ඛ”න‍්ති ලද‍්ධියා පටිසෙධනත්‍ථං වුත‍්තං. “ආදිතො සතො”ති ඉදං පන ඉධාපි ආහරිතබ‍්බං. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – අඤ‍්ඤො කරොති අඤ‍්ඤො පටිසංවෙදියතීති ඛො පන, කස‍්සප, ආදිම‍්හියෙව එවං සති, පච‍්ඡා “කාරකො ඉධෙව උච‍්ඡිජ‍්ජති, තෙන කතං අඤ‍්ඤො පටිසංවෙදියතී”ති එවං උප‍්පන‍්නාය උච‍්ඡෙදදිට‍්ඨියා සද‍්ධිං සම‍්පයුත‍්තාය වෙදනාය අභිතුන‍්නස‍්ස විද‍්ධස‍්ස සතො “පරංකතං දුක‍්ඛ”න‍්ති අයං ලද‍්ධි හොතීති. ඉති වදන‍්තිආදි වුත‍්තනයෙනෙව යොජෙතබ‍්බං. තත්‍රායං යොජනා – එවඤ‍්ච වදන‍්තො ආදිතොව උච‍්ඡෙදං දීපෙති, උච‍්ඡෙදං ගණ‍්හාති. කස‍්මා? තස‍්ස හි තං දස‍්සනං එතං පරෙති, එතං උච‍්ඡෙදං උපගච‍්ඡතීති අත්‍ථො.

“අඤ්ඤො කරොති” ආදිය වනාහි දුක අනුන් විසින් කරන ලදැයි එන පිළිගැනීම දුරුකිරීම සදහා යොදන ලදී. “ආදිතො සතො” මෙය වනාහි මෙහි දී ද පැමිණවිය යුතුය. මෙය මෙහි අර්ථයයි. “කස්සප! අනිකකු කරයි. අනිකකු විඳියි’ යන්න මුලදීම ගත්විට කාරකයා පසුව සිඳ දමයි. ඔහු විසින් කළ දේ වෙනත් අයෙකු විසින් විඳියි යනුවෙන් එසේ පිළිගත් උච්ඡේද දෘෂ්ටිය ඇතිවේ.” උච්ඡේද දෘෂ්ටිය ඇති පහර ලබා වේදනාවෙන් පීඩා වූවන්ට “දුක අනුන් විසින් කරන ලදී” යන පිළිගැනීම ඇති වේ. “ඉති වදං” මුලදී කියන ලද ක්‍රමයෙන් ම යෙදිය යුතුයි. මේ එම අර්ථ යෝජනාවයි. මෙසේ දක්වමින් මුලින්ම උච්ඡේදවාදය දක්වයි, එම උච්ඡේදවාදය ම ගනියි. කුමක් නිසාද? එහි මේ දැක්වීමයි. “එතං පරෙ” යනු මේ උච්ඡේදවාදය පිළිගැනීමට පැමිණේ යන අර්ථයයි.

එතෙ තෙති යෙ සස‍්සතුච‍්ඡෙදසඞ‍්ඛාතෙ උභො අන‍්තෙ (අනුපගම‍්ම තථාගතො ධම‍්මං දෙසෙති, එතෙ තෙ, කස‍්සප, උභො අන‍්තෙ) අනුපගම‍්ම පහාය අනල‍්ලීයිත්‍වා මජ‍්ඣෙන තථාගතො ධම‍්මං දෙසෙති, මජ‍්ඣිමාය පටිපදාය ඨිතො දෙසෙතීති අත්‍ථො. කතරං ධම‍්මන‍්ති චෙ? යදිදං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති. එත්‍ථ හි කාරණතො ඵලං, කාරණනිරොධෙන චස‍්ස නිරොධො දීපිතො, න කොචි කාරකො වා වෙදකො වා නිද‍්දිට‍්ඨො. එත‍්තාවතා සෙසපඤ‍්හා පටිසෙධිතා හොන‍්ති. උභො අන‍්තෙ අනුපගම‍්මාති ඉමිනා හි තතියපඤ‍්හො පටික‍්ඛිත‍්තො. අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති ඉමිනා අධිච‍්චසමුප‍්පන‍්නතා චෙව අජානනඤ‍්ච පටික‍්ඛිත‍්තන‍්ති වෙදිතබ‍්බං.

“එතෙතෙ” යනු සම්බුදු වූ ශාස්වත - උච්ඡේදවාද සංඛ්‍යාත වූ “උභො අන්තෙ අනුපගම්ම” යනු අන්ත දෙක ම අත්හැර - ඊට නොපැමිණ, “මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති” යන මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා තථාගතයන් වහන්සේ දහම් දෙසන සේක. ඉදින් කවර ධර්මයක් ද? “යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා” යනු හේතු වශයෙන් ඵලය ද හේතු නිරෝධ වශයෙන් නිවණ ද දක්වන ලදී. කිසියම් කරන්නෙක් හෝ විඳින්නෙක් මෙහිදී නොදැක්විනි. මෙපමණකින් ඉතිරි ප්‍රශ්න ප්‍රතික්ෂිප්තය. අන්ත දෙකට නොපැමිණ යන මෙහිදී “අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ” යන තෙවන ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන ලදී. මෙයින්ම හේතුවක් නැතුව හටගත් බව ද නොදැනීම ද ප්‍රතික්ෂිප්ත බව දතයුතුයි. ය්‍යරීමෙන් අනුපිළිවෙලින් ධර්මාවබෝධය වේනම් ඔහු විමසා බැලීමෙන් හා කල්‍යාන මිත්‍ර ආශ්‍රයෙන් - භජනයෙන් - පයිරුපාසනයෙ

ලභෙය්‍යන‍්ති ඉදං සො භගවතො සන‍්තිකෙ භික‍්ඛුභාවං පත්‍ථයමානො ආහ.

“ලභෙය්‍යාහං භන්තෙ! භගවතො සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්‍යෙං උපසම්පදං” යන මේ ප්‍රකාශය ඔහු විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ භික්ෂුභාවය පතමින් පවසන ලදී.

අථ භගවා යොනෙන ඛන්‍ධකෙ තිත්‍ථියපරිවාසො (මහාව· 86) පඤ‍්ඤත‍්තො, යං අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බො සාමණෙරභූමියං ඨිතො “අහං, භන‍්තෙ, ඉත්‍ථන‍්නාමො අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බො ඉමස‍්මිං ධම‍්මවිනයෙ ආකඞ‍්ඛාමි උපසම‍්පදං. ස‍්වාහං, භන‍්තෙ, සඞ‍්ඝං චත‍්තාරො මාසෙ පරිවාසං යාචාමී”තිආදිනා නයෙන සමාදියිත්‍වා පරිවසති, තං සන්‍ධාය යො ඛො, කස‍්සප, අඤ‍්ඤතිත්‍ථියපුබ‍්බොතිආදිමාහ. තත්‍ථ පබ‍්බජ‍්ජන‍්ති වචනසිලිට‍්ඨතාවසෙන වුත‍්තං. අපරිවසිත්‍වායෙව හි පබ‍්බජ‍්ජං ලභති. උපසම‍්පදත්‍ථිකෙන පන නාතිකාලෙන ගාමප‍්පවෙසනාදීනි අට‍්ඨ වත‍්තානි පූරෙන‍්තෙන පරිවසිතබ‍්බං. ආරද‍්ධචිත‍්තාති අට‍්ඨවත‍්තපූරණෙන තුට‍්ඨචිත‍්තා. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පනෙස තිත්‍ථියපරිවාසො සමන‍්තපාසාදිකාය විනයට‍්ඨකථාය පබ‍්බජ‍්ජක‍්ඛන්‍ධකවණ‍්ණනායං (මහාව· අට‍්ඨ· 86) වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ - ඛන්ධක විනයේ දී තිත්ථිය පරිවාසය පනවන ලද සේක් ද - එනම්; පෙර අන්‍ය තීර්ථක වූවෙක් සාමණේර බවට පත්ව, “මම පෙර මෙනම් අන්‍යාගමිකයෙක් වූයෙමි. ස්වාමීනි! ඒ මම ධර්ම විනයෙහි උපසම්පදාව කැමැත්තෙමි. ඒ සඳහා සංඝයාගෙන් සිවුමසක පරිවාසය ඉල්ලමි.” ආදී වශයෙන් පරිවාසය සමාදන්ව විසීමයි. ඒ සඳහා මෙය දක්වන ලදී. “යෙ ඛො කස්සප! අඤ්ඤතිත්ථිය පුබ්බො” යනාදිය දේශනා කළ සේක. එහි “පබ්බජ්ජං” යන්න මෘදු වචන වශයෙන් කියන ලදී. පරිවාසයක් නැතිවීම පැවිද්ද ලබයි. උපසම්පදාව කැමැත්තා විසින් ‘කල් ඉක්මවා ගමට පිවිසීම්’ ආදී අටවත් පුරමින් පිරිවෙස් විසිය යුතුයි. “ආරද්ධ චිත්තා” යනු අටවත් පිරීම් වශයෙන් සතුටු සිත් ඇති. මේ අර්ථ ඉතා සංක්ෂිප්තව දැක්විණි. අන්‍ය තීර්ථ පරිවාසය පිළිබඳ සවිස්තරව දැනගනු කැමැත්තෝ, සමන්තපාසාදිකා විනය අටුවාවේ පබ්බජ්ජක්ඛන්ධක වර්ණනාව බැලිය යුතුයි.

අපිච මයාති අයමෙත්‍ථ පාඨො, අඤ‍්ඤත්‍ථ පන “අපිච මෙත්‍ථා”ති. පුග‍්ගලවෙමත‍්තතා විදිතාති පුග‍්ගලනානත‍්තං විදිතං. “අයං පුග‍්ගලො පරිවාසාරහො, අයං න පරිවාසාරහො”ති ඉදං මය‍්හං පාකටන‍්ති දස‍්සෙති.

“අපි ච මයා” මෙහි මේ පාඨය විය යුතුයි. අනිකුත් තැන්හි “අපි ච මෙත්ථා” යන්නද යෙදේ. “පුග්ගල වෙමත්තතා විදිතා” යනු පුද්ගලයන්ගේ විවිධත්වය දන්නා ලදී. “මේ පුද්ගලයා පරිවාසයට සුදුසුය. මොහු පරිවාසයට නුසුදුසුය යන මෙකරුණ මට ඉතා ප්‍රකටව වැටහේ” යැයි දක්වන ලදහ.

තතො කස‍්සපො චින‍්තෙසි – “අහො අච‍්ඡරියං බුද‍්ධසාසනං, යත්‍ථ එවං ඝංසිත්‍වා කොට‍්ටෙත්‍වා යුත‍්තමෙව ගණ‍්හන‍්ති, අයුත‍්තං ඡඩ‍්ඩෙන‍්තී”ති. තතො සුට‍්ඨුතරං පබ‍්බජ‍්ජාය සඤ‍්ජාතුස‍්සාහො සචෙ, භන‍්තෙතිආදිමාහ.

ඉක්බිති කස්සප මෙසේ සිතීය - අනේ! බුදුසසුනේ ආශ්චර්‍ය බව පුදුමයකි. යම්හෙයකින් මෙසේ ගටා, කළඹා සුදුසු දේම ගනියි. නුසුදුසු දේ නොගනියි. ඉක්බිති වහා ම ඔහු පැවිද්දට හටගත් ආශාව ඇත්තේ “සචෙ භන්තෙ” යනාදිය පැවසීය.

අථ භගවා තස‍්ස තිබ‍්බච‍්ඡන්‍දතං විදිත්‍වා “න කස‍්සපො පරිවාසං අරහතී”ති අඤ‍්ඤතරං භික‍්ඛුං ආමන‍්තෙසි – “ගච‍්ඡ, භික‍්ඛු, කස‍්සපං නහාපෙත්‍වා පබ‍්බාජෙත්‍වා ආනෙහී”ති. සො තථා කත්‍වා තං පබ‍්බාජෙත්‍වා භගවතො සන‍්තිකං අගමාසි. භගවා ගණෙ නිසීදිත්‍වා උපසම‍්පාදෙසි. තෙන වුත‍්තං අලත්‍ථ ඛො අචෙලො කස‍්සපො භගවතො සන‍්තිකෙ පබ‍්බජ‍්ජං, අලත්‍ථ උපසම‍්පදන‍්ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ තියුණු ආශාව දැන, කස්සපට පරිවාසය අවශ්‍ය නැතැයි එක්තරා භික්ෂුවක් අමතා “යව, මහණ! කස්සප නහවා පැවිදි කරවා ගෙන එව”යි වදාළ සේක. උන්වහන්සේ කස්සප පැවිදි කරවා බුදුරදුන් ඉදිරියට පැමිණවූහ. භාග්‍යවතුන් වහන්සේ සඟමැද සිට කස්සප හිමි උපසම්පදා කළ සේක. එනිසා කියන ලදී - “අලත්ථ ඛො අචෙලකස්සපො භගවතො සන්තිකෙ පබ්බජ්ජං. අලත්ථ උපසම්පදං” - අචේලකස්සප භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිද්ද ලැබුවේය. උපසම්පදාව ලැබුවේය යනුවෙන්.

අචිරූපසම‍්පන‍්නොතිආදි සෙසං බ්‍රාහ‍්මණසංයුත‍්තෙ (සං· නි· 1.187) වුත‍්තමෙවාති.

“අචිරූප සම්පන්නො” යනාදී ලෙස ඉතිරි විස්තර බ්‍රාහ්මණ සංයුත්තයේ කියන ලද්දේමය.

සත‍්තමං.

සත්වන සූත්‍රයයි.

8. තිම‍්බරුකසුත‍්තවණ‍්ණනා

8. තිම්බරුක සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ සා වෙදනාතිආදි “සයංකතං සුඛදුක‍්ඛ”න‍්ති ලද‍්ධියා නිසෙධනත්‍ථං වුත‍්තං. එත්‍ථාපි සතොති භුම‍්මත්‍ථෙයෙව සාමිවචනං. තත්‍රායං අත්‍ථදීපනා – “සා වෙදනා, සො වෙදියතී”ති ඛො, තිම‍්බරුක, ආදිම‍්හියෙව එවං සති “සයංකතං සුඛදුක‍්ඛ”න‍්ති අයං ලද‍්ධි හොති. එවඤ‍්හි සති වෙදනාය එව වෙදනා කතා හොති. එවඤ‍්ච වදන‍්තො ඉමිස‍්සා වෙදනාය පුබ‍්බෙපි අත්‍ථිතං අනුජානාති, සස‍්සතං දීපෙති සස‍්සතං ගණ‍්හාති. කස‍්මා? තස‍්ස හි තං දස‍්සනං එතං පරෙති, එතං සස‍්සතං උපගච‍්ඡතීති අත්‍ථො. පුරිමඤ‍්හි අත්‍ථං සන්‍ධායෙවෙතං භගවතා වුත‍්තං භවිස‍්සති, තස‍්මා අට‍්ඨකථායං තං යොජෙත්‍වාවස‍්ස අත්‍ථො දීපිතො. එවම‍්පාහං න වදාමීති අහං “සා වෙදනා, සො වෙදියතී”ති එවම‍්පි න වදාමි. “සයංකතං සුඛදුක‍්ඛ”න‍්ති එවම‍්පි න වදාමීති අත්‍ථො.

අටවන සූත්‍රයේ - “සා වෙදනා” ආදියේ සැප-දුක් දෙක තමා විසින් කරන ලදැයි යන පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීම සඳහා කියන ලදී. මෙහිද “සතො” යනු සත්තමී අර්ථයේ ඡට්ඨි විභක්ති වචනයකි. මේ එහි අර්ථ විස්තරයයි. “තිම්බරුක! ඒ වේදනාව ඔහු විඳියි’ යනුවෙන් මුලදීම ගත්විට දුක තමා විසින් ම කරන ලදැ’යි යන මේ පිළිගැනීම ඇතිවේ. වේදනාව විසින් ම වේදනාව කරන ලදැයි දේශනා කළවිට, මේ වේදනාව පෙරත් තිබූ අනුදන්නා ලදැයි ශාස්වත වශයෙන් ගනියි. කුමක් නිසාද? මෙහිදී මෙකරුණ දැක්වීමට “මෙය අනිකකි” “මෙය ශාස්වත බවට පැමිණේ” යන අර්ථ යෙදේ. මුල් අර්ථය සඳහා ම භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේ වන්නේය. මෙනිසා අවුවාවෙහි (හෙළටුවාවේ) එය යොදාම මේ අර්ථය දක්වන ලදී. “එවම්පහං න වදාමී” යනු මම “ඒ වේදනාව ඔහු විඳියි” යැයි නොකියමි. දුක තමා විසින් කරන ලදැයි ද නොකියමි යන අර්ථයි.

අඤ‍්ඤා වෙදනාතිආදි “පරංකතං සුඛදුක‍්ඛ”න‍්ති ලද‍්ධියා පටිසෙධනත්‍ථං වුත‍්තං. ඉධාපි අයං අත්‍ථයොජනා –“අඤ‍්ඤා වෙදනා අඤ‍්ඤො වෙදියතී”ති ඛො, තිම‍්බරුක, ආදිම‍්හියෙව එවං සති පච‍්ඡා යා පුරිමපක‍්ඛෙ කාරකවෙදනා, සා උච‍්ඡින‍්නා. තාය පන කතං අඤ‍්ඤො වෙදියතීති එවං උප‍්පන‍්නාය උච‍්ඡෙදදිට‍්ඨියා සද‍්ධිං සම‍්පයුත‍්තාය වෙදනාය අභිතුන‍්නස‍්ස සතො “පරංකතං සුඛදුක‍්ඛ”න‍්ති අයං ලද‍්ධි හොති. එවඤ‍්ච වදන‍්තො කාරකො උච‍්ඡින‍්නො, අඤ‍්ඤෙන පටිසන්‍ධි ගහිතාති උච‍්ඡෙදං දීපෙති, උච‍්ඡෙදං ගණ‍්හාති. කස‍්මා? තස‍්ස හි තං දස‍්සනං එතං පරෙති, එතං උච‍්ඡෙදං උපගච‍්ඡතීති අත්‍ථො. ඉධාපි හි ඉමානි පදානි අට‍්ඨකථායං ආහරිත්‍වා යොජිතානෙව.

“වේදනාව අනිකකි.” ආදී වශයෙන් සැප-දුක් දෙක අනුන් විසින් කරන ලදැයි යන පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම සඳහා කියන ලදී. මෙහි ද මේ අර්ථ යෙදීමයි. “තිම්බරුක! වේදනාව අනිකකි. “අනිකෙක් විඳියි” යනුවෙන් මුලදීම ගත්විට, පසුව ප්‍රථම පක්ෂයේ වූ කාරක-වේදනා-සඤ්ඤා යනාදිය සිඳ දමන ලදී. “තමා විසින් කළ දේ අනිකෙක් විඳී” යනුවෙන් උපන් උච්ඡේද දෘෂ්ටියත් සමග සම්ප්‍රයුක්ත වූ වේදනාව මැඩපැවැත්වූවහට වනාහී “සැපදුක් දෙක අනිකකු විසින් කරන ලදැ”යි යන මේ පිළිගැනීම ඇතිවේ. මෙසේ පවසන කල්හි - “කාරකයා සිඳින ලදී. අනිකකු විසින් ප්‍රතිසන්ධිය ගන්නා ලදී.” යනුවෙන් උච්ඡේද දෘෂ්ටිය දක්වයි. කුමක් හෙයින් උච්ඡේද දෘෂ්ටිය ගන්නේ ද? එහිදී එකරුණ දැක්වීමට-‘මෙය අනිකකි.’ ‘මෙය උච්ඡේදයට පැමිණේ’ යන අර්ථ යෙදේ. මෙහිදී ද මේ පදයන් හෙළටුවාවෙන් ගෙන යොදන ලද්දේ මය.

ඉමස‍්මිං සුත‍්තෙ වෙදනාසුඛදුක‍්ඛං කථිතං. තඤ‍්ච ඛො විපාකසුඛදුක‍්ඛමෙව වට‍්ටතීති වුත‍්තං.

මේ සූත්‍රයේ වනාහි සැප-දුක් වේදනා පවසන ලදී. එහිම සැප-දුක් විපාකයද යෙදීම සුදුසු යැයි කියන ලදී.

අට‍්ඨමං.

අටවන සූත්‍රයයි

9. බාලපණ‍්ඩිතසුත‍්තවණ‍්ණනා

9. බාලපණ්ඩිත සූත්‍ර වර්ණනාව

නවමෙ අවිජ‍්ජානීවරණස‍්සාති අවිජ‍්ජාය නිවාරිතස‍්ස. එවමයං කායො සමුදාගතොති එවං අවිජ‍්ජාය නිවාරිතත‍්තා තණ‍්හාය ච සම‍්පයුත‍්තත‍්තායෙව අයං කායො නිබ‍්බත‍්තො. අයඤ‍්චෙව කායොති අයඤ‍්චස‍්ස අත‍්තනො සවිඤ‍්ඤාණකො කායො. බහිද‍්ධා ච නාමරූපන‍්ති බහිද‍්ධා ච පරෙසං සවිඤ‍්ඤාණකො කායො. අත‍්තනො ච පරස‍්ස ච පඤ‍්චහි ඛන්‍ධෙහි ඡහි ආයතනෙහි චාපි අයං අත්‍ථො දීපෙතබ‍්බොව. ඉත්‍ථෙතං ද‍්වයන‍්ති එවමෙතං ද‍්වයං. ද‍්වයං පටිච‍්ච ඵස‍්සොති අඤ‍්ඤත්‍ථ චක‍්ඛුරූපාදීනි ද‍්වයානි පටිච‍්ච චක‍්ඛුසම‍්ඵස‍්සාදයො වුත‍්තා, ඉධ පන අජ‍්ඣත‍්තිකබාහිරානි ආයතනානි. මහාද‍්වයං නාම කිරෙතං. සළෙවායතනානීති සළෙව ඵස‍්සායතනානි ඵස‍්සකාරණානි. යෙහි ඵුට‍්ඨොති යෙහි කාරණභූතෙහි ආයතනෙහි උප‍්පන‍්නෙන ඵස‍්සෙන ඵුට‍්ඨො. අඤ‍්ඤතරෙනාති එත්‍ථ පරිපුණ‍්ණවසෙන අඤ‍්ඤතරතා වෙදිතබ‍්බා. තත්‍රාති තස‍්මිං බාලපණ‍්ඩිතානං කායනිබ‍්බත‍්තනාදිම‍්හි. කො අධිප‍්පයාසොති කො අධිකපයොගො.

නවවන සූත්‍රයේ - “අවිජ්ජා නීවරණස්ස” යනු අවිද්‍යාව වැළැක්වූවහටයි. “ඒවමයං කායො සමුදාගතො” යනු අවිද්‍යාවෙන් මිදුණු බැවින් තණ්හාවෙන් යුක්තවූවම මේ කය ඉපදුණි යනුයි. “අයඤ්චෙ ව කායො” යනු තමාගේ සවිඤ්ඤාණක වූ මේ කයයි. “බහිද්ධාච නාමරූපං” යනු බාහිර වූ අන්‍යන්ගේ සවිඤ්ඤාණක කයයි. තමාගේත් අනුන්ගේත් පංචස්කණ්ධයෙන් හා ආයතණ සයෙන් මේ අර්ථ දැක්විය යුතුයි. “ඉත්ථෙතං ද්වයං” යනු මෙසේ මේ නාමරූප දෙකයි. “ද්වයං පටිච්ච ඵස්සො” - අන්‍ය වූ ඇස-රූප යන දෙක ගැටීමෙන් ස්පර්ශාදිය ඇතිවේ යැයි කියන ලදී. මෙහි වනාහී අධ්‍යාත්මික හා බාහිර ආයතන වශයෙනි. “මහාද්වය” යනුවෙන් මේ දෙක හැඳින්වේ. “සළෙවායතනානි” යනු සයක් වූ ස්පර්ශායතන හා ස්පර්ශ කරණායතනයන්‍ ය. “යෙහි ඵුට්ඨො” යනු යම් හේතු-භූත වූ ආයතන වලින් උපන් පහසින්, ස්පර්ශ කරන ලද්දේ යනුයි. “අඤ්ඤාතරෙන” යන මෙහි පරිපූර්ණ - අපරිපූර්ණ වශයෙන් එකකින් හෝ ඊට වැඩි ගණනකින් දතයුතුයි. “තත්‍ර“ යනු ඒ බාල-පණ්ඩිත සැමදෙනාගේම කයින් පහළ වූ දෙයෙහිය. “කො අධිප්පායො” කවර අධික ප්‍රයෝගයක් ද?

භගවංමූලකාති භගවා මූලං එතෙසන‍්ති භගවංමූලකා. ඉදං වුත‍්තං හොති – ඉමෙ, භන‍්තෙ, අම‍්හාකං ධම‍්මා පුබ‍්බෙ කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධෙන උප‍්පාදිතා, තස‍්මිං පරිනිබ‍්බුතෙ එකං බුද‍්ධන‍්තරං අඤ‍්ඤො සමණො වා බ්‍රාහ‍්මණො වා ඉමෙ ධම‍්මෙ උප‍්පාදෙතුං සමත්‍ථො නාම නාහොසි, භගවතා පන නො ඉමෙ ධම‍්මා උප‍්පාදිතා. භගවන‍්තඤ‍්හි නිස‍්සාය මයං ඉමෙ ධම‍්මෙ ආජානාම පටිවිජ‍්ඣාමාති එවං භගවංමූලකා නො, භන‍්තෙ, ධම‍්මාති. භගවංනෙත‍්තිකාති භගවා හි ධම‍්මානං නෙතා විනෙතා අනුනෙතා, යථාසභාවතො පාටියෙක‍්කං පාටියෙක‍්කං නාමං ගහෙත්‍වා දස‍්සෙතාති ධම‍්මා භගවංනෙත‍්තිකා නාම හොන‍්ති. භගවංපටිසරණාති චතුභූමකධම‍්මා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස ආපාථං ආගච‍්ඡමානා භගවති පටිසරන‍්ති නාමාති භගවංපටිසරණා. පටිසරන‍්තීති සමොසරන‍්ති. අපිච මහාබොධිමණ‍්ඩෙ නිසින‍්නස‍්ස භගවතො පටිවෙධවසෙන ඵස‍්සො ආගච‍්ඡති “අහං භගවා කින‍්නාමො”ති? ත්‍වං ඵුසනට‍්ඨෙන ඵස‍්සො නාම. වෙදනා, සඤ‍්ඤා, සඞ‍්ඛාරා, විඤ‍්ඤාණං ආගච‍්ඡති “අහං භගවා කින‍්නාම”න‍්ති, ත්‍වං විජානනට‍්ඨෙන විඤ‍්ඤාණං නාමාති එවං චතුභූමකධම‍්මානං යථාසභාවතො පාටියෙක‍්කං පාටියෙක‍්කං නාමං ගණ‍්හන‍්තො භගවා ධම‍්මෙ පටිසරතීති භගවංපටිසරණා. භගවන‍්තංයෙව පටිභාතූති භගවතොව එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො උපට‍්ඨාතු, තුම‍්හෙයෙව නො කථෙත්‍වා දෙථාති අත්‍ථො.

එම ධර්මයන්ට භාග්‍යවතුන් වහන්සේ මූලික බැවින් “භගවංමූලකා” යැයි යෙදේ. මේ කියන ලදී. - “ස්වාමීණි, අපගේ මේ ධර්මයෝ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විසින් උපදවන ලදහ. උන්වහන්සේගේ පිරිනිවණින් පසුව එක් බුද්ධාන්තරයක් ගතවන තුරු වෙනත් කිසිදු ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මේ ධර්ම උපදවා ගැනීමට අසමත් වූ හ. දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්ම උපදවන ලද බැවින්; ඔබවහන්සේ නිසාම අපි මේ දහම දනිමු. මනාව අවබෝධ කරමු. ස්වාමීනි! මෙලෙසින් අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට පවතින්නෝ ය. “භගවන්නෙත්තිකා” යනු ධර්මයන්ගේ නායකයා, හික්මවන්නා, සමාදන් කරවන්නා භාග්‍යවතුන් වහන්සේ මය. යථා ස්වභාව වශයෙන් ධර්මය වෙන් වෙන් වශයෙන් ගෙන හැර දක්වන ලද බැවින් “භාග්‍යවතුන් වහන්සේම නායක කරගෙන ඇත” නම් වේ. “භගවම්පටිසරණා” යනු චාතූර්භූමික ධර්මයෝ සර්වඥ ඥානයාගේ දැකීමට පැමිණෙමින් භාග්‍යවතුන් වහන්සේම පිහිට කොට ඇතැයි, උන්වහන්සේ වෙතම එක් රැස් වේ යැයි කියන ලදී. පටිසරති යනු එක් රැස්වේ. එක්තැන් වේ යන අර්ථයි. තවද - මහබෝ මැඬ හුන් භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රතිවේධ වශයෙන් ස්පර්ශය පැමිණෙයි. “භාග්‍යවතුන් වහන්ස! මගේ නම කුමක්ද? නුඹ ස්පර්ශ කිරීම් අර්ථයෙන් “ඵස්ස” නම් වේ. මෙලෙස වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදියද උන්වහන්සේ ගේ සිතට පැමිණෙයි. ‘භාග්‍යවතුන් වහන්ස! මගේ නම කුමක්ද? නුඹ දැනගැනීම් අර්ථයෙන් ‘විඤ්ඤාණ නම් වේ.’ මෙසේ චාතූර්භූමික වූ යථා ස්වභාවය වෙන් වෙන් වශයෙන් ගනිමින් භාග්‍යවතුන් වහන්සේ ධර්මයන් රාශිභූත කරයි. මේ අරුතින්-“භගවම්පටිසරණා” නම් වේ. “භගවන්තඤ්ඤෙ ව පටිභාතු” යනු භාග්‍යවතුන් වහන්සේට මේ දේශනයේ අර්ථ වැටහේවා. නුඹ වහන්සේම අපට විස්තර වශයෙන් දේශනා කරන සේක්වා යන අර්ථයයි.

සා චෙව අවිජ‍්ජාති එත්‍ථ කිඤ‍්චාපි සා අවිජ‍්ජා ච තණ‍්හා ච කම‍්මං ජවාපෙත්‍වා පටිසන්‍ධිං ආකඩ‍්ඪිත්‍වා නිරුද‍්ධා, යථා පන අජ‍්ජාපි යං හිය්‍යො භෙසජ‍්ජං පීතං, තදෙව භොජනං භුඤ‍්ජාති සරික‍්ඛකත‍්තෙන තදෙවාති වුච‍්චති, එවමිධාපි සා චෙව අවිජ‍්ජා සා ච තණ‍්හාති ඉදම‍්පි සරික‍්ඛකත‍්තෙන වුත‍්තං. බ්‍රහ‍්මචරියන‍්ති මග‍්ගබ්‍රහ‍්මචරියං. දුක‍්ඛක‍්ඛයායාති වට‍්ටදුක‍්ඛස‍්ස ඛයත්‍ථාය. කායූපගො හොතීති අඤ‍්ඤං පටිසන්‍ධිකායං උපගන‍්තා හොති. යදිදං බ්‍රහ‍්මචරියවාසොති යො අයං මග‍්ගබ්‍රහ‍්මචරියවාසො, අයං බාලතො පණ‍්ඩිතස‍්ස විසෙසොති දස‍්සෙති. ඉති ඉමස‍්මිං සුත‍්තෙ සබ‍්බොපි සපටිසන්‍ධිකො පුථුජ‍්ජනො “බාලො”ති, අප‍්පටිසන්‍ධිකො ඛීණාසවො “පණ‍්ඩිතො”ති වුත‍්තො. සොතාපන‍්නසකදාගාමිඅනාගාමිනො පන “පණ‍්ඩිතා”ති වා “බාලා”ති වා න වත‍්තබ‍්බා, භජමානා පන පණ‍්ඩිතපක‍්ඛං භජන‍්ති.

“සා චෙව අවිජ්ජා” යන මෙහි කෙසේ වුවත්, අවිද්‍යාවද තණ්හාවද කර්මය වේගවත් කරවා ප්‍රතිසන්ධිය ඇද නිරුද්ධ කරන ලදී. යම් සේ යම් බෙහෙතක් අද හෝ ඊයේ පානය කරන විටම “ආහාර අනුභව කරව” යි සමාන වූ ගැලපීන් අර්ථයෙන් “එකණෙහිම” යැයි කියත්ද එලෙසින්ම මෙහිද ඒ අවිද්‍යාවම “ඒ තණ්හාව” යැයි සමානාර්ථයෙන් කියන ලදී. “බ්‍රහ්මචරියං” යනු මාර්ග බ්‍රහ්මචර්‍යාවයි. “දුක්ඛක්ඛයාය” සංසාරික පැවතීම් වශයෙන් ඇති දුකෙහි නැති කිරීම පිණිස. “කායූපගො හොති” අනිත් ප්‍රතිසන්ධි කයට පැමිණියේ වේ. “යදිදං බ්‍රහ්මචරිය වාසො” යමෙක් මේ මාර්ග බ්‍රහ්මචර්‍යාවේ යෙදී වාසය කිරීම. මෙහිදී බාලයාගෙන් පණ්ඩිතයා විශේෂ වේයයි දක්වයි. මෙම සූත්‍රයේ සියලු ආකාර පිළිසිඳ ගැනීම් සහිත පුහුදුන් පුද්ගලයා, “බාලයා” යැයි ද පිළිසිඳ ගැනීම් රහිත ක්ෂීණාස්‍රව රහතන් වහන්සේ “පණ්ඩිතයා” යැයි ද කියන ලදී. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී පුද්ගලයෝ වනාහී පණ්ඩිතයෝමය. ඔවුහු බාලයෝ යැයි නොකිව යුතුයි. ඇසුරු කරන්නෝ වනාහී පණ්ඩිත පක්ෂයම ඇසුරු කරති.

නවමං.

නවවන සූත්‍රයයි.

10. පච‍්චය (පච‍්චයුප‍්පන‍්න) සුත‍්තවණ‍්ණනා

10. පච්චය (පච්චයුප්පන්න) සූත්‍ර වර්ණනාව

දසමෙ පටිච‍්චසමුප‍්පාදඤ‍්ච වො භික‍්ඛවෙ, දෙසෙස‍්සාමි පටිච‍්චසමුප‍්පන‍්නෙ ච ධම‍්මෙති සත්‍ථා ඉමස‍්මිං සුත‍්තෙ පච‍්චයෙ ච පච‍්චයනිබ‍්බත‍්තෙ ච සභාවධම‍්මෙ දෙසෙස‍්සාමීති උභයං ආරභි. උප‍්පාදා වා තථාගතානන‍්ති තථාගතානං උප‍්පාදෙපි, බුද‍්ධෙසු උප‍්පන‍්නෙසු අනුප‍්පන‍්නෙසුපි ජාතිපච‍්චයා ජරාමරණං, ජාතියෙව ජරාමරණස‍්ස පච‍්චයො. ඨිතාව සා ධාතූති ඨිතොව සො පච‍්චයසභාවො, න කදාචි ජාති ජරාමරණස‍්ස පච‍්චයො න හොති. ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතාති ඉමෙහිපි ද‍්වීහි පච‍්චයමෙව කථෙති. පච‍්චයෙන හි පච‍්චයුප‍්පන‍්නා ධම‍්මා තිට‍්ඨන‍්ති, තස‍්මා පච‍්චයොව “ධම‍්මට‍්ඨිතතා”ති වුච‍්චති. පච‍්චයො ධම‍්මෙ නියමෙති, තස‍්මා “ධම‍්මනියාමතා”ති වුච‍්චති. ඉදප‍්පච‍්චයතාති ඉමෙසං ජරාමරණාදීනං පච‍්චයා ඉදප‍්පච‍්චයා, ඉදප‍්පච‍්චයාව ඉදප‍්පච‍්චයතා. තන‍්ති තං පච‍්චයං. අභිසම‍්බුජ‍්ඣතීති ඤාණෙන අභිසම‍්බුජ‍්ඣති. අභිසමෙතීති ඤාණෙන අභිසමාගච‍්ඡති. ආචික‍්ඛතීති කථෙති. දෙසෙතීති දස‍්සෙති. පඤ‍්ඤාපෙතීති ජානාපෙති. පට‍්ඨපෙතීති ඤාණමුඛෙ ඨපෙති. විවරතීති විවරිත්‍වා දස‍්සෙති. විභජතීති විභාගතො දස‍්සෙති. උත‍්තානීකරොතීති පාකටං කරොති. පස‍්සථාති චාහාති පස‍්සථ ඉති ච වදති. කින‍්ති? ජාතිපච‍්චයා, භික‍්ඛවෙ, ජරාමරණන‍්තිආදි.

දසවන සූත්‍රයේ - “පටිච්ච සමුප්පාදඤච වො භික්ඛවෙ! දෙසිස්සාමි පටිච්ච සමුප්පන්නෙන ච ධම්මෙ” යනුවෙන් ශාස්තෲන් වහන්සේ මේ සූත්‍රයේ ප්‍රත්‍යන්හිද ප්‍රත්‍ය ඉපදීමේහි ද යන දෙකෙහි ධර්ම ස්වභාවය දේශනා කරන්නෙමි’යි ද්විධ දේශනාව ඇරඹූ සේක. “උප්පාදවා තථාගතානං” යනු තථාගතවරු, බුදුවරු පහළ වුවත්-නොවූවත් ජාති ප්‍රත්‍යය නිසාම ජරාමරණ දෙක පවතී. ජාතියම (ඉපදීම ම) ජරාමරණ දෙකට හේතු වේ යනුයි. “ඨිතාව සධාතු” යනු ඒ ප්‍රත්‍යයයේ ස්වභාවය ඒ පරිදිමය. කිසිදිනෙකත් ජාතිය ජරාමරණ දෙකෙහි ප්‍රත්‍යය නොවන්නේ නොවේ යනුයි. (වන්නේමය) “ධම්මට්ඨිතිතා ධම්මනියාමතා” යනු මේ දෙපදයෙන් ප්‍රත්‍ය ගැනම පවසයි. ප්‍රත්‍ය නිසාම ප්‍රත්‍යුත්පන්න ධර්මයෝ පවතිති. එනිසා ප්‍රත්‍යයන්ට ම “ධම්මට්ඨිතිතා” යනුවෙන් කියයි. ප්‍රත්‍යයන්ම ධර්ම මෙහෙයවයි. එනිසා ප්‍රත්‍යයන්ට “ධම්මනියාමතා” යි කියනු ලැබේ. “ඉදප්පච්චතා” මේ ජරාමරණාදීන්ගේ හේතුව-ප්‍රත්‍යය ඉදප්පච්චයතාවයි. මෙය ප්‍රත්‍යකොට පැවතීමම ඉදප්පච්චයතාවයි. “තං” යනු ඒ ප්‍රත්‍යයයි. “අභිසම්බුජ්ඣති” යනු ඤාණයෙන් මනාව අවබෝධ කරගනියි. “අභිසමෙති” යනු ඤාණයෙන් දැනගනියි. “ආචික්ඛතී” යනු කියයි. දේශනා කරයි. “දෙසෙති” යනු දක්වයි. “පඤ්ඤාපෙති” යනු දන්වයි. “පට්ඨපෙති” යනු ඤාණය නැමැති මුවෙහි තබයි. “විවරතී” යනු විවරණය කර දක්වයි. “විභජති” යනු බෙදීම් වශයෙන් දක්වයි. “උත්තානි කරොති” ප්‍රකට කරයි. “පස්සථාති චාහ” බලවු යැයි කියයි. කුමක්ද? “මහණෙනි! ජාති ප්‍රත්‍ය නිසා ජරාමරණ පවතී ආදී වශයෙනි.

ඉති ඛො, භික‍්ඛවෙති එවං ඛො, භික‍්ඛවෙ. යා තත්‍රාති යා තෙසු “ජාතිපච‍්චයා ජරාමරණ”න‍්තිආදීසු. තථතාතිආදීනි පච‍්චයාකාරස‍්සෙව වෙවචනානි. සො තෙහි තෙහි පච‍්චයෙහි අනූනාධිකෙහෙව තස‍්ස තස‍්ස ධම‍්මස‍්ස සම‍්භවතො තථතාති, සාමග‍්ගිං උපගතෙසු පච‍්චයෙසු මුහුත‍්තම‍්පි තතො නිබ‍්බත‍්තානං ධම‍්මානං අසම‍්භවාභාවතො අවිතථතාති, අඤ‍්ඤධම‍්මපච‍්චයෙහි අඤ‍්ඤධම‍්මානුප‍්පත‍්තිතො අනඤ‍්ඤථතාති, ජරාමරණාදීනං පච‍්චයතො වා පච‍්චයසමූහතො වා ඉදප‍්පච‍්චයතාති වුත‍්තො. තත්‍රායං වචනත්‍ථො – ඉමෙසං පච‍්චයා ඉදප‍්පච‍්චයා, ඉදප‍්පච‍්චයා එව ඉදප‍්පච‍්චයතා, ඉදප‍්පච‍්චයානං වා සමූහො ඉදප‍්පච‍්චයතා. ලක‍්ඛණං පනෙත්‍ථ සද‍්දසත්‍ථතො වෙදිතබ‍්බං.

“ඉති ඛො භික්ඛවෙ” යනු “මහණෙනි! මෙසේ යනුයි. “යා තත්‍ර” යනු ඒ ජාතිප්‍රත්‍ය හේතුවෙන් ජරාමරණ වේ. යනාදියෙහිය. “තථතා” යනු ආදිය ප්‍රතීත්‍ය සමුත්පාදයට ම සමාන වදන් වේ. ඒ ඒ ප්‍රත්‍යයන් නිසා අඩුවැඩි වශයෙන් ඒ ඒ ධර්මයන්ගේ පහළවීම “තථතා” තථතාවයි. සාමග්‍රියට, එක්වීමට පැමිණි ප්‍රත්‍යයන්හි මොහොතක් හෝ ඉපදීම ගෙනදුන් ධර්මයන්ගේ විද්‍යමාන නොවීම “අවිතථතා” අවිතථතාවයි. අන්‍ය ධර්ම ප්‍රත්‍යයන්හි අන්‍ය ධර්ම පැමිණීමෙන් “අනඤ්ඤතා” වේ. ජරාමරණාදීන්ගේ ප්‍රත්‍ය වශයෙන් හෝ ප්‍රත්‍ය සමූහ වශයෙන් හෝ “ඉදප්පච්චයතා” යි කියන ලදී. එහි මේ වචනාර්ථයයි. මේ ප්‍රත්‍යයන්ගේ හේතුවෙන් පැවතීම - ඉදප්පච්චයතාවයි. ඉදප්පච්චයම ඉදප්පච්චයතාවයි. ඉදප්පච්චයන්ගේ සමූහය - ඉදප්පච්චයතාවයි. මෙහි ශබ්ද ශාස්ත්‍ර ලක්ෂණ මේ අයුරින් දතයුතුයි.

අනිච‍්චන‍්ති හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චං. එත්‍ථ ච අනිච‍්චන‍්ති න ජරාමරණං අනිච‍්චං, අනිච‍්චසභාවානං පන ඛන්‍ධානං ජරාමරණත‍්තා අනිච‍්චං නාම ජාතං. සඞ‍්ඛතාදීසුපි එසෙව නයො. එත්‍ථ ච සඞ‍්ඛතන‍්ති පච‍්චයෙහි සමාගන‍්ත්‍වා කතං. පටිච‍්චසමුප‍්පන‍්නන‍්ති පච‍්චයෙ නිස‍්සාය උප‍්පන‍්නං. ඛයධම‍්මන‍්ති ඛයසභාවං. වයධම‍්මන‍්ති විගච‍්ඡනකසභාවං. විරාගධම‍්මන‍්ති විරජ‍්ජනකසභාවං. නිරොධධම‍්මන‍්ති නිරුජ‍්ඣනකසභාවං. ජාතියාපි වුත‍්තනයෙනෙව අනිච‍්චතා වෙදිතබ‍්බා. ජනකපච‍්චයානං වා කිච‍්චානුභාවක‍්ඛණෙ දිට‍්ඨත‍්තා එකෙන පරියායෙනෙත්‍ථ අනිච‍්චාතිආදීනි යුජ‍්ජන‍්තියෙව. භවාදයො අනිච‍්චාදිසභාවායෙව.

“අනිච්චං” යනු පැවතී නැතිවීම් අර්ථයෙන් අනිත්‍යයයි. මෙහිද අනිත්‍යයනුවෙන ජරාමරණ අනිත්‍ය නොවේ. අනිත්‍ය ස්වභාවය වනාහී ස්කන්ධයන්ගේ ජරාමරණ වශයෙන් පැවැත්ම අනිත්‍ය නම් වේ. සංඛත ද්‍රව්‍යයන්හි වනාහී මේ ක්‍රමයමයි. මෙහි “සංඛතං” යනු හේතුප්‍රත්‍ය සමවායෙන් කරන ලද යන්නයි. “පටිච්ච සමුප්පන්නං” යනු ප්‍රත්‍යයන් නිසා උපන් යනුයි. “ඛය ධම්මං” යනු ක්ෂයවන ස්වභාවයයි. “වයධම්මං” යනු පහවන - නැතිවන ස්වභාවයයි. “විරාග ධම්මං” යනු නොඇලෙන ස්වභාවයයි. “නිරෝධ ධම්මං” යනු නිරුද්ධ වන - නැතිවන ස්වභාවයයි. උපත-ඉපදීම් ආදිය ද කියන ලද පරිදිම අනිත්‍යය යැයි දතයුතුයි. ජනක ප්‍රත්‍යයන්ගේ හෝ කෘත්‍යානුභාව ක්ෂණයෙහි නිර්දේශ කරන ලද බැවින් එක් පර්‍යායකින් මෙහි “අනිත්‍යය” යැයි ආදී වශයෙන් යෙදෙන්නේමය. භවාදිය අනිත්‍යාදී ස්වභාවයෙන් යුක්තවේමය.

සම‍්මප‍්පඤ‍්ඤායාති සවිපස‍්සනාය මග‍්ගපඤ‍්ඤාය. පුබ‍්බන‍්තන‍්ති පුරිමං අතීතන‍්ති අත්‍ථො. අහොසිං නු ඛොතිආදීසු “අහොසිං නු ඛො නනු ඛො”ති සස‍්සතාකාරඤ‍්ච අධිච‍්චසමුප‍්පත‍්තිආකාරඤ‍්ච නිස‍්සාය අතීතෙ අත‍්තනො විජ‍්ජමානතඤ‍්ච අවිජ‍්ජමානතඤ‍්ච කඞ‍්ඛති. කිං කාරණන‍්ති න වත‍්තබ‍්බං, උම‍්මත‍්තකො විය බාලපුථුජ‍්ජනො යථා වා තථා වා පවත‍්තති. කිං නු ඛො අහොසින‍්ති ජාතිලිඞ‍්ගුපපත‍්තියො නිස‍්සාය “ඛත‍්තියො නු ඛො අහොසිං, බ්‍රාහ‍්මණවෙස‍්සසුද‍්දගහට‍්ඨපබ‍්බජිතදෙවමනුස‍්සානං අඤ‍්ඤතරො”ති කඞ‍්ඛති. කථං නු ඛොති සණ‍්ඨානාකාරං නිස‍්සාය “දීඝො නු ඛො අහොසිං රස‍්සඔදාතකණ‍්හපමාණිකඅප‍්පමාණිකාදීනං අඤ‍්ඤතරො”ති කඞ‍්ඛති. කෙචි පන “ඉස‍්සරනිම‍්මානාදීනි නිස‍්සාය ‘කෙන නු ඛො කාරණෙන අහොසි’න‍්ති හෙතුතො කඞ‍්ඛතී”ති වදන‍්ති. කිං හුත්‍වා කිං අහොසින‍්ති ජාතිආදීනි නිස‍්සාය “ඛත‍්තියො හුත්‍වා නු ඛො බ්‍රාහ‍්මණො අහොසිං…පෙ… දෙවො හුත්‍වා මනුස‍්සො”ති අත‍්තනො පරම‍්පරං කඞ‍්ඛති. සබ‍්බත්‍ථෙව පන අද‍්ධානන‍්ති කාලාධිවචනමෙතං. අපරන‍්තන‍්ති අනාගතං අන‍්තං. භවිස‍්සාමි නු ඛො නනු ඛොති සස‍්සතාකාරඤ‍්ච උච‍්ඡෙදාකාරඤ‍්ච නිස‍්සාය අනාගතෙ අත‍්තනො විජ‍්ජමානතඤ‍්ච අවිජ‍්ජමානතඤ‍්ච කඞ‍්ඛති. සෙසමෙත්‍ථ වුත‍්තනයමෙව.

“පඤ්ඤාය” යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙනි. “පුබ්බංතං” යනු පූර්ව අන්තය, අතීත කාලය යන අර්ථයි. “අහොසිංනුඛො” ආදියෙහිද ඉක්මගිය කාලයයි. “අහොසිං නුඛො තත්‍ර ඛො” යනු ශාස්වත ආකාරයද අධිච්ච සමුප්පන්න ආකාරයද නිසා අතීතයේ තමා විද්‍යමාන වී ද? නොවීද? යනුවෙන් සැක කරන හෙයින් “කවර කරුණකින්ද?” යි නොකිව යුතුයි. උම්මත්තකයෙකු මෙන් බාල පුහුදුන් පුද්ගලයා යම් සේ සිතත්ද එසේ පවතියි. “කිං නුඛො අහොසිං” ජාති-ලිංග-උත්පත්ති ආදිය නිසා ක්ෂත්‍රියෙක් වී ද? බමුණෙක්-වෛශ්‍යයෙක්-ශුද්‍රයෙක්-ගිහියෙක්-පැවිද්දෙක්-දෙවියෙක්-මිනිසෙක් යනාදීන්ගෙන් කවරෙකු වීද? යි සැක කරයි. ඇතැමෙක් වනාහී ඊශ්වර නිර්මාණවාදී අදහස් නිසා කවර කරුණකින් වීද? යි හේතු වශයෙන්ද සැකකරන බව පවසති. “කිං හුත්වා කිං අහොසි” ජාති ආදිය නිසා ක්ෂත්‍රියයෙක් වී බ්‍රාහ්මණයෙක් වී ද? -පෙ- දෙවියෙක් වී මිනිසෙක් වී ද? ආදී ලෙස තමාගේ භව පරපුර සැක කරයි. සැමතැනම වනාහී “අද්ධානං” යනු කාලය හඟවන පදයකි. “අපරන්තං” යනු අනාගත අන්තයකි. “භවිස්සාමිනුඛො නනුඛො” යනුවෙන් ශාස්වත ආකාරයද උච්ඡේද ආකාරයද නිසා අනාගතයේ තමා විද්‍යමාන වීද? අවිද්‍යමාන වීද? යි සැක කරයි. ඉතිරි පදයන්ගේ අර්ථ ද මෙලෙස දතයුතුයි.

එතරහි වා පච‍්චුප‍්පන‍්නං අද‍්ධානන‍්ති ඉදානි වා පටිසන්‍ධිමාදිං කත්‍වා චුතිපරියන‍්තං සබ‍්බම‍්පි වත‍්තමානකාලං ගහෙත්‍වා. අජ‍්ඣත‍්තං කථංකථී භවිස‍්සතීති අත‍්තනො ඛන්‍ධෙසු විචිකිච‍්ඡී භවිස‍්සති. අහං නු ඛොස‍්මීති අත‍්තනො අත්‍ථිභාවං කඞ‍්ඛති. යුත‍්තං පනෙතන‍්ති? යුත‍්තං අයුත‍්තන‍්ති කා එත්‍ථ චින‍්තා. අපිචෙත්‍ථ ඉදං වත්‍ථුම‍්පි උදාහරන‍්ති –

“එතරහි වා පච්චුප්පන්නං අද්ධානං” යනු දැන් ප්‍රතිසන්ධි ආදී කරගත් චුතියෙන් අවසන් වන සියලු කාලය, ‘වර්ථමානය’ යැයි ගෙන යනුයි. “අජ්ඣත්තං කථං කථි භවිස්සතී” තමාගේ ස්කන්ධයන්හි සැක ඇත්තේ වන්නේය. “අහං නු ඛොස්මී” යනු තමාගේ ඇතිබව-පැවැත්ම සැක කරයි. මෙය පිළිගැනීම සුදුසුද? “සුදුසු ද -නුසුදුසු ද යනු මේ කාගේ සිතුවිල්ලක්ද? මෙහිදී මෙම කථාවස්තුව උදාහරණයකි.

චූළමාතාය කිර පුත‍්තො මුණ‍්ඩො, මහාමාතාය පුත‍්තො අමුණ‍්ඩො, තං පුත‍්තං මුණ‍්ඩෙසුං, සො උට‍්ඨාය “අහං නු ඛො චූළමාතාය පුත‍්තො”ති චින‍්තෙසි. එවං අහං නු ඛොස‍්මීති කඞ‍්ඛා හොති. නො නු ඛොස‍්මීති අත‍්තනො නත්‍ථිභාවං කඞ‍්ඛති. තත්‍රාපි ඉදං වත්‍ථු – එකො කිර මච‍්ඡෙ ගණ‍්හන‍්තො උදකෙ චිරට‍්ඨානෙන සීතිභූතං අත‍්තනො ඌරුං මච‍්ඡොති චින‍්තෙත්‍වා පහරි. අපරො සුසානපස‍්සෙ ඛෙත‍්තං රක‍්ඛන‍්තො භීතො සඞ‍්කුටිතො සයි, සො පටිබුජ‍්ඣිත්‍වා අත‍්තනො ජණ‍්ණුකානි ද‍්වෙ යක‍්ඛාති චින‍්තෙත්‍වා පහරි. එවං නො නු ඛොස‍්මීති කඞ‍්ඛති.

චූලමාතාවගේ පුතා හිස මුඩුකර ඇත. මහාමාතාවගේ පුතා හිස මුඩුකර නැත. ඔහුගේ හිස මුඩුකළ කල්හි ඔහු නැගිට මම චූල මාතාවගේ පුතාද? යි සිතීය. මෙසේ “මම් වීම්ද?”යි සැක කරයි. “නොනුඛොස්මී” යි තමාගේ අවිද්‍යමානත්වය, නොපැවැත්ම සැකකරයි. එහි මේ උදාහරණ කථාවයි. එක් මසුන් මරන්නෙක් ජලයේ බොහෝ වේලාවක් තිබීමෙන් සීතල වූ තමාගේම කලවට මාළුවෙක් යැයි සිතා ගැසුවේය. තව අයෙක් සොහොන්බිම අසල කෙතක් රකිමින් සිටියදී තනිව සිටි නිසා බියෙන් හැකිලී නිදාගත්තේය. ඔහු නැගිට තමාගේම තමාගේම දණහිස් දෙකට යක්ෂයෝ දෙදෙනෙකැයි රැවටී පහර දුන්නේය. මේ අයුරින් “මම නොවීම්ද”යි සැක කරයි.

කිං නු ඛොස‍්මීති ඛත‍්තියොව සමානො අත‍්තනො ඛත‍්තියභාවං කඞ‍්ඛති. එසෙව නයො සෙසෙසුපි. දෙවො පන සමානො දෙවභාවං අජානන‍්තො නාම නත්‍ථි, සොපි පන “අහං රූපී නු ඛො අරූපී නු ඛො”තිආදිනා නයෙන කඞ‍්ඛති. ඛත‍්තියාදයො කස‍්මා න ජානන‍්තීති චෙ? අපච‍්චක‍්ඛා තෙසං තත්‍ථ තත්‍ථ කුලෙ උප‍්පත‍්ති. ගහට‍්ඨාපි ච පොත්‍ථලිකාදයො පබ‍්බජිතසඤ‍්ඤිනො, පබ‍්බජිතාපි “කුප‍්පං නු ඛො මෙ කම‍්ම”න‍්තිආදිනා නයෙන ගහට‍්ඨසඤ‍්ඤිනො. මනුස‍්සාපි ච රාජානො විය අත‍්තනි දෙවසඤ‍්ඤිනො හොන‍්ති. කථං නු ඛොස‍්මීති වුත‍්තනයමෙව. කෙවලඤ‍්හෙත්‍ථ අබ‍්භන‍්තරෙ ජීවො නාම අත්‍ථීති ගහෙත්‍වා තස‍්ස සණ‍්ඨානාකාරං නිස‍්සාය “දීඝො නු ඛොස‍්මි රස‍්සචතුරස‍්සඡළංසඅට‍්ඨංසසොළසංසාදීනං අඤ‍්ඤතරප‍්පකාරො”ති කඞ‍්ඛන‍්තො කථං නු ඛොස‍්මීති? කඞ‍්ඛතීති වෙදිතබ‍්බො. සරීරසණ‍්ඨානං පන පච‍්චුප‍්පන‍්නං අජානන‍්තො නාම නත්‍ථි.

“කිං නු ඛො ස්මී” ක්ෂත්‍රියයෙක් වූයේ තමාගේ ක්ෂත්‍රියබව සැක කරයි. සෙසු ජාතිවලද මේ ක්‍රමයයි. දෙවියෙක් වූයේ දෙවි බව නොදෙන්නෙක් නම් නැත. දෙවියාද මම රූපවත්ද? අරූපවත්ද?යි ආදී වශයෙන් සැකකරයි. ක්ෂත්‍රියාදීහු කුමක් නිසා නොදන්නහුද? ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නොවූ බැවිනි. ගෘහස්ථ පෝතලිකාදීහු, ඒ ඒ කුලවල උපන්නාහු පැවිදිවීමේ සංඥාව ඇත. පැවිද්දෝ ද “මගේ ක්‍රියා අස්ථිරයැ”යි ආදී වශයෙන් ගෘහස්ථ සංඥා ඇත. මිනිස්සු ද රජවරුන් මෙන් තමා පිළිබඳව දේව සංඥා ඇත්තෝ වෙති. “කථං නුඛො ස්මී” යන්න කියන ලද පරිදිමය. හුදෙක් මේ ශරීරාභ්‍යන්තරයේ ජීවියෙක් ඇතැයි ගෙන ඔහුගේ රූපාකාරය දැක්වීම් වශයෙන් දික්වූයෙම් ද - කෙටිවී ද - චතුරස්‍රාකාරවී ද - පඤ්චස්‍රාකාර වීද - ෂඩස්‍රාකාර වීද - සප්තාකාරවීද - අෂ්ටාකාර වීද - දසාකාර වීද - සොළසාකාර වීද ආදී වශයෙන් අන්‍යාකාර වීදැයි සැක කරනුයේ “කිම නොවූයෙම්ද?” යි සැකකරන බව දතයුතුයි. ශරීර සටහන් වශයෙන් වත්මන් ස්වභාවය නො දන්නෙක් නම් නැත.

කුතො ආගතො සො කුහිං ගාමී භවිස‍්සතීති අත‍්තභාවස‍්ස ආගතිගතිට‍්ඨානං කඞ‍්ඛන‍්තො එවං කඞ‍්ඛති. අරියසාවකස‍්සාති ඉධ සොතාපන‍්නො අධිප‍්පෙතො, ඉතරෙපි පන තයො අවාරිතායෙවාති.

“කුතො නු ඛො ආගතො සො කුහිං ගාමි භවිස්සති” යනු ආත්මභාවයේ යෑම්-ඊම් වශයෙන් සැක කරනුයේ මෙසේ සැකකරයි. “අරියසාවකස්ස” යනු මෙහි සෝවාන් වූ පුද්ගලයායි. ඉතිරි ආර්‍ය පුද්ගලයන් තිදෙනාද මෙහිදී අදහස් කරන ලදී.

දසමං.

දසවන සූත්‍රයයි

ආහාරවග‍්ගො දුතියො.

දෙවන ආහාර වර්ගය නිමියේය.