යෙදුමෙන් කියවන්න

තිම‍්බරුකසුත‍්තං

1. 2. 8.

1. 2. 8.

තිම‍්බරුකසුත‍්තං

තිම්බරුක සූත්‍රය

18. සාවත්‍ථියං–

18. සැවැත්නුවර–

අථ ඛො තිම‍්බරුකො පරිබ‍්බාජකො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො තිම‍්බරුකො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච:

ඉක්බිති තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:

කින‍්නු ඛො භො ගොතම, සයංකතං සුඛදුක‍්ඛන‍්ති? “මා හෙවං තිම‍්බරුකාති” භගවා අවොච. කිම‍්පන භො ගොතම, පරංකතං සුඛදුක‍්ඛන‍්ති? “මා හෙවං තිම‍්බරුකා”ති භගවා අවොච. කින‍්නු ඛො භො ගොතම, සයංකතඤ‍්ච පරංකතඤ‍්ච සුඛදුක‍්ඛන‍්ති? “මා හෙවං තිම‍්බරුකා”ති භගවා අවොච. කිම‍්පන භො ගොතම, අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං සුඛදුක‍්ඛන‍්ති? “මා හෙවං තිම‍්බරුකා”ති භගවා අවොච. කින‍්නු ඛො භො ගොතම, නත්‍ථි සුඛදුක‍්ඛන‍්ති? න ඛො තිම‍්බරුක නත්‍ථි සුඛදුක‍්ඛං, අත්‍ථි ඛො තිම‍්බරුක, සුඛදුක‍්ඛන‍්ති. තෙන හි භවං ගොතමො සුඛදුක‍්ඛං න ජානාති, න පස‍්සති? නඛ‍්වාහං තිම‍්බරුක, සුඛදුක‍්ඛං න ජානාමි, න පස‍්සාමි. ජානාමි ඛො අහං තිම‍්බරුක, සුඛදුක‍්ඛං. පස‍්සාමි ඛ‍්වාහං තිම‍්බරුක, සුඛදුක‍්ඛන‍්ති.

භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසින් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් මෙරමා විසින් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ, ඉබේ හට ගත්තේ ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් නැත්තේ ද? තිම්බරුක, සුවදුක් නැත්තේ නො වේ. තිම්බරුක, සුවදුක් ඇත්තේ ම ය. එසේ නම් භවත් ගෞතම තෙමේ සුවදුක් නො දනී ද, නො දකී ද? තිම්බරුක, මම සුවදුක් නොම නො දනිමි. නො ම නො දකිමි. තිම්බරුක, මම සුවදුක් දනිම් ම ය. තිම්බරුක, මම සුවදුක් දකිම් ම ය.

කින‍්නු ඛො භො ගොතම, “සයංකතං සුඛදුක‍්ඛන‍්ති” ඉති පුට‍්ඨො සමානො මා හෙවං තිම‍්බරුකාති වදෙසි. “කිම‍්පන භො ගොතම, පරංකතං සුඛදුක‍්ඛන‍්ති” ඉති පුට‍්ඨො සමානො මා හෙවං තිම‍්බරුකාති වදෙසි. “කින‍්නු ඛො භො ගොතම, සයංකතඤ‍්ච පරංකතඤ‍්ච සුඛදුක‍්ඛන‍්ති” ඉති පුට‍්ඨො සමානො මා හෙවං තිම‍්බරුකාති වදෙසි. “කිම‍්පන භො ගොතම, අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං සුඛදුක‍්ඛන‍්ති” ඉති පුට‍්ඨො සමානො මා හෙවං තිම‍්බරුකාති වදෙසි. “කින‍්නු ඛො භො ගොතම, නත්‍ථි සුඛදුක‍්ඛන‍්ති” ඉති පුට‍්ඨො සමානො න ඛො තිම‍්බරුක, නත්‍ථි සුඛදුක‍්ඛං, අත්‍ථි ඛො තිම‍්බරුක, සුඛදුක‍්ඛන‍්ති වදෙසි. “තෙන හි භවං ගොතමො සුඛදුක‍්ඛං න ජානාති න පස‍්සතීති” ඉති පුට‍්ඨො සමානො ‘න ඛ‍්වාහං තිම‍්බරුක, සුඛදුක‍්ඛං න ජානාමි, න පස‍්සාමි. ජානාමි ඛ‍්වාහං තිම‍්බරුක, සුඛදුක‍්ඛං, පස‍්සාමි ඛ‍්වාහං තිම‍්බරුක, සුඛදුක‍්ඛ’න‍්ති වදෙසි. ආචික‍්ඛතු ච මෙ භවං ගොතමො සුඛදුක‍්ඛං. දෙසෙතු ච මෙ භවං ගොතමො සුඛදුක‍්ඛන‍්ති.

“භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසින් කරණ ල දදැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් මෙරමා විසින් කරණ ලද දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව” යි කියහු. ‘භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් නොකරණ ලද්දේ ඉබේ හට ගත්තේ දැ” යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නොකියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් නැත්තේ දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, සුවදුක් නො ම නැත්තේ ය. තිම්බරුක, සුවදුක් ඇත්තේ ම ය”යි කියහු. “එසේ නම් භවත් ගෞතම තෙමේ සුවදුක් නො දනීද, නො දකී දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, මම සුවදුක් නො ම නො දනිමි. නො ම නො දකිමි. තිම්බරුක, මම සුවදුක් දනිම් ම ය. මම සුවදුක් දකිම් ම යි”යි කියහු. භවත් ගෞතමයන් වහන්සේ මට සුවදුක් වදාරණ සේක්වා, දේශනා කරණ සේක්වා.

“සා වෙදනා, සො වෙදියතී”ති ඛො තිම‍්බරුක, ආදිතො සතො “සයංකතං සුඛදුක‍්ඛ”න‍්ති එවම‍්පහං න වදාමි. අඤ‍්ඤා වෙදනා “අඤ‍්ඤො වෙදියතී”ති ඛො තිම‍්බරුක, වෙදනාභිතුන‍්නස‍්ස සතො “පරංකතං සුඛදුක‍්ඛ”න‍්ති, එවම‍්පහං න වදාමි.

තිම්බරුක,“ඕ වේදනා ය. හේ විඳී ය”යි මුල දී ම මේ ලබ්ධිය ඇති කල්හි (පසුව “සුවදුක් තමා විසින් කරණ ලදැ”යි මෙබඳු ලබ්ධි වෙයි. එබැවින්) සුවදුක් තමා විසින් කරණ ලදැ” යි මෙසේ මම නො කියමි. තිම්බරුක, “වේදනාව අනෙකක, අනෙකෙක් වි ඳී ය”යි (මුලදී ම මේ ලබ්ධිය ඇති කල්හි පසුව එයින් උපදනා උච්ඡේදදිට්ඨිසහගත) “වේදනාවෙන් පෙළුනහුට (සුවදුක් මෙරමා විසින් කරණ ලදැ”යි මෙබඳු ලබ්ධි වෙයි. එබැවින්) සුවදුක් මෙරමා විසින් කරණ ලදැ” යි මෙසේත් මම නො කියමි.

එතෙ තෙ තිම‍්බරුක, උභො අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣෙන තථාගතො ධම‍්මං දෙසෙති: “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. අවිජ‍්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො. සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතී”ති.

තිම්බරුක, තථාගත තෙමේ ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම් පිළිවෙතින් දහම් දෙසයි: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. මේ අවිද්‍යාවේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ”යි.

එවං වුත‍්තෙ තිම‍්බරුකො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච: අභික‍්කන‍්තං භො ගොතම -පෙ- එසාහං භවන‍්තං ගොතමං සරණං ගච‍්ඡාමි, ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... ඒ මම භවත් ගෞමයන් වහන්සේත් ධර්‍මයත් භික්‍ෂුසඞ්ඝයාත් ශරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් ශරණ ගිය මා උපාසකයකු කොට දරණසේක්වා යි.