අචෙලකස්සපසුත්තං
1. 2. 7.
1. 2. 7.
අචෙලකස්සපසුත්තං
අචේලකස්සප සූත්‍රය
17. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො අචෙලො කස්සපො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො අචෙලො කස්සපො භගවන්තං එතදවොච: පුච්ඡෙය්යාම මයං භවන්තං ගොතමං කඤ්චිදෙව දෙසං, සචෙ නො භවං ගොතමො ඔකාසං කරොති පඤ්හස්ස වෙය්යාකරණායාති.
17. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. අචේලකාශ්‍යප තෙමේ වැඩම කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු වූ ද , සිත් ඇලවියයුතු වූ ද කථාව කොට නිමවා එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටියා වූ අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ඉදින් භවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීම පිණිස අපට අවකාශ කෙරේ නම්, අපි භවත් ගෞතමයන්ගෙන් කිසි යම් කරුණක් විචාරන්නෙමු” යි මෙය සැළ කෙළ් ය.
අකාලො ඛො තාව කස්සප, පඤ්හස්ස. අන්තරඝරං පවිට්ඨම්හාති. දුතියම්පි ඛො අචෙලො කස්සපො භගවන්තං එතදවොච: පුච්ඡෙය්යාම මයං භවන්තං ගොතමං කඤ්චිදෙව දෙසං, සචෙ නො භවං ගොතමො ඔකාසං කරොති පඤ්හස්ස වෙය්යාකරණායාති. අකාලො ඛො තාව කස්සප පඤ්හස්ස, අන්තරඝරං පවිට්ඨම්හාති. තතියම්පි ඛො අචෙලො කස්සපො භගවන්තං එතදවොච: පුච්ඡෙය්යාම මයං භවන්තං ගොතමං කඤ්චිදෙව දෙසං, සචෙ නො භවං ගොතමො ඔකාසං කරොති පඤ්හස්ස වෙය්යාකරණායාති. අකාලො ඛො තාව කස්සප පඤ්හස්ස, අන්තරඝරං පවිට්ඨම්හාති.
“කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෝ වෙමු. (එහෙයින්) ප්‍රශ්නයට තව ම කල් නො වෙයි.” දෙවනු ව ද අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ඉදින් භවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීම පිණිස අපට අවකාශ කෙරේ නම්, අපි භවත් ගෞතමයන්ගෙන් කිසි යම් කරුණක් විචාරන්නෙමු” යි මෙය සැළ කෙළේ ය. “කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෝ වෙමු. (එහෙයින්) ප්‍රශ්නයට තව ම කල් නො වෙයි.” තෙවනු ව ද අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ඉදින් භවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීම පිණිස අපට අවකාශ කෙරේ නම්, අපි භවත් ගෞතමයන්ගෙන් කිසි යම් කරුණක් විචාරන්නෙමු” යි මෙය සැළ කෙළේ ය. “කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෝ වෙමු. (එහෙයින්) ප්‍රශ්නයට තව ම කල් නො වෙයි.”
එවං වුත්තෙ අචෙලකස්සපො භගවන්තං එතදවොච: න ඛො පන මයං භවන්තං ගොතමං බහුදෙව පුච්ඡිතුකාමාති.
මෙසේ වදාළ කල්හි අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “අපි භවත් ගෞතමයන්ගෙන් බොහෝ වූ යමක් ම විචාරණු කැමැත්තෝ නො වෙමු” යි මෙය කී ය.
පුච්ඡ කස්සප, යදාකඞ්ඛසීති.
“කාශ්‍යපය, යමක් කැමැතියෙහි නම් එය විචාරව.”
කින්නු ඛො භො ගොතම, සයංකතං දුක්ඛන්ති? මා හෙවං කස්සපාති භගවා අවොච.
“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසින් කරණ ලද්දක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
කිම්පන භො ගොතම, පරංකතං දුක්ඛන්ති? මා හෙවං කස්සපාති භගවා අවොච.
“භවත් ගෞතමයෙනි, කිම, දුක මෙරමා විසින් කරණ ලද්දක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
කින්නු ඛො භො ගොතම, සයංකතඤ්ච පරංකතංච දුක්ඛන්ති? මා හෙවං කස්සපාති භගවා අවොච.
“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද්දක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
කිම්පන භො ගොතම, අසයංකාරං අපරං කාරං අධිච්චසමුප්පන්නං දුක්ඛන්ති? මා හෙවං කස්සපාති භගවා අවොච.
“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මිකව (ඉබේ) හටගත්තක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
කින්නු ඛො භො ගොතම, නත්ථි දුක්ඛන්ති. න ඛො කස්සප, නත්ථි දුක්ඛං. අත්ථි ඛො කස්සප, දුක්ඛන්ති.
“භවත් ගෞතමයෙනි, කිම, දුක නැත්තේ ද?” “කාශ්‍යපය, දුක නොම නැත්තේ ය. කාශ්‍යපය, දුක ඇත්තේ ම ය.”
තෙන හි භවං ගොතමො දුක්ඛං න ජානාති න පස්සතීති? නඛ්වාහං කස්සප, දුක්ඛං න ජානාමි, න පස්සාමි. ජානාමි ඛ්වාහං කස්සප, දුක්ඛං, පස්සාමි ඛ්වාහං කස්සප, දුක්ඛන්ති.
“එසේ නම් භවත් ගෞතම තෙමේ දුක නො දනී ද? නො දකී ද?” “කාශ්‍යපය, මම දුක නො ම නො දනිමි. නො ම නො දකිමි. කාශ්‍යපය, මම දුක දනිම් ම ය. කාශ්‍යපය, මම දුක දකිම් ම ය.”
‘කින්නු ඛො භො ගොතම, සයංකතං දුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං කස්සපා’ති වදෙසි. ‘කිම්පන භො ගොතම පරංකතංදුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං කස්සපා’ති වදෙසි. ‘කින්නු ඛො භො ගොතම, සයංකතඤ්ච පරකතඤ්ච දුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං කස්සපා’ති වදෙසි. ‘කිම්පන භො ගොතම අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං කස්සපා’ති වදෙසි. ‘කින්නු ඛො භො ගොතම නත්ථි දුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘න ඛො කස්සප නත්ථි දුක්ඛං, අත්ථි ඛො කස්සප දුක්ඛ’න්ති වදෙසි. ‘තෙන හි භවං ගොතමො දුක්ඛං න ජානාති, න පස්සතී’ති ඉති පුට්ඨො සමානො ‘න ඛ්වාහං කස්සප, දුක්ඛං න ජානාමි, න පස්සාමි. ජානාමි ඛ්වාහං කස්සප දුක්ඛං, පස්සාමි ඛ්වාහං කස්සප දුක්ඛ’න්ති වදෙසි. ‘ආචික්ඛතු මෙ භන්තෙ භගවා දුක්ඛං, දෙසෙතු මෙ භන්තෙ භගවා දුක්ඛ’න්ති.
“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසින් කරණ ලද්දක් දැ”යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, එසේ නො කියව”යි වදාරනෙහි යි. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක මෙරමා විසින් කරණ ලද්දක් දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය එසේ නො කියව”යි වදාරනෙහි ය. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද්දක් දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, එසේ නො කියව”යි වදාරනෙහි යි. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නොකරණ ලද්දේ ඉබේ හටගත්තක් දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, එසේ නො කියව”යි වදාරනෙහි ය. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක නැත්තේ දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, දුක නො ම නැත්තේ ය. කාශ්‍යපය, දුක ඇත්තේ ම ය”යි වදාරනෙහි ය. “එසේ නම් භවත් ගෞතම තෙමේ දුක නො දනී ද? දුක නො දකී දැ”යි මෙසේ විචාරණ ලද්දේ ම “කාශ්‍යපය; මම දුක නො ම නො දනිමි. නො ම නො දකිමි. කාශ්‍යපය, මම දුක දනිම් ම ය. කාශ්‍යපය, මම දුක දකිම් ම ය”යි වදාරනෙහි ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට දුක කියන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට දුක දේශනා කරණ සේක්වා.”
“සො කරොති සො පටිසංවෙදියතී”ති ඛො කස්සප, ආදිතො සතො “සයං කතං දුක්ඛ”න්ති ඉති වදං සස්සතං එතං පරෙති. “අඤ්ඤො කරොති අඤ්ඤො පටිසංවෙදියතී”ති ඛො කස්සප, වෙදනාභිතුන්නස්ස සතො “පරංකතං දුක්ඛ”න්ති ඉති වදං උච්ඡෙදං එතං පරෙති.
කාශ්‍යප, “හේ කෙරෙයි, හේ විඳී ය”යි මුල දී ම මෙබඳු ලබ්ධි ඇති කල්හි (පසුව “දුක තමා විසින් ම කරණ ලද්දකැ”යි මෙබඳු ලබ්ධි වෙයි. එබැවින්) “දුක තමා විසින් කරණ ලදැ”යි මෙසේ කියන්නේ තෙල ශාශ්වතදෘෂ්ටියට පැමිණේ. කාශ්‍යප, “අනෙකෙක් කෙරෙයි, අනෙකෙක් විඳී ය”යි (මුලදී ම මෙබඳු ලබ්ධි ඇති කල්හි පසුව එයින් උපදනා උච්ඡේදදිට්ඨි සහගත) වේදනාවෙන් පෙළුනහුට (“දුක මෙරමා විසින් කරණ ලද්දකැ” යි මෙබඳු ලබ්ධි වෙයි එබැවින්) “දුක මෙරමා විසින් කරණ ලදැ”යි මෙසේ කියන්නේ තෙල උච්ඡේදදෘෂ්ටියට පැමිණෙයි.
එතෙ තෙ කස්සප, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති: අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
කාශ්‍යප, තථාගත තෙමේ ඒ මේ දෙඅන්තයට නො පැමිණ මැදුම්පිළිවෙතෙහි සිටියේ දහම් දෙසයි: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ” ය යි.
එවං වුත්තෙ අචෙලො කස්සපො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ: සෙය්යථාපි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය -පෙ- චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො, එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහම්භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්ති.
මෙසේ වදාළ කල්හි අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: “වහන්ස, ඉතා මැනැවි. වහන්ස, ඉතා මැනැවි. වහන්ස, යටිකුරැ වූවක් හෝ යම් සේ උඩුකුරු කරන්නේ ද, ... ඇස් ඇත්තෝ රූප දකිනාහු ය යි එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කරන ලද්දේ ය. වහන්ස, මේ මම භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද සඞ්ඝයා ද සරණ යෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබම්වා, උපසපුව ලබම්වා” යි.
යො ඛො කස්සප, අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං. ආකඞ්ඛති උපසම්පදං, සො චත්තාරො මාසෙ පරිවසති. චතුන්නං මාසානං අච්චයෙන පරිවුත්ථපරිවාසං ආරද්ධචිත්තා භික්ඛූ. ආකඞ්ඛමානා පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය, අපි ච මයා පුග්ගලවෙමත්තතා විදිතාති.
කාශ්‍යප, අන්තොටු වූ විරූ යමෙක් මෙසස්නෙහි පැවිද්ද කැමති වේ ද, උපසපුව කැමති වේ ද, හෙ තෙමේ සිවුමසක් පිරිවෙසෙයි. සිවුමස් ඇවෑමෙන් සතුටු කළ සිත් ඇති භික්ෂූහු කැමති වන්නාහු නම් වුසූ පිරිවෙස් ඇත්තහු භික්ෂුත්වය පිණිස පැවිදි කෙරෙත්, උපසපන් කෙරෙත්. එහෙත් මා විසින් පුද්ගලනානාත්වය දන්නාලද්දේ ය.
සචෙ භන්තෙ, අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛන්තා පබ්බජ්ජං, ආකඞ්ඛන්තා උපසම්පදං චත්තාරො මාසෙ පරිවසන්ති චතුන්නං මාසානං අච්චයෙන පරිවුත්ථපරිවාසෙ ආරද්ධචිත්තා භික්ඛූ ආකඞ්ඛමානා පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය, අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි, චතුන්නඤ්ච වස්සානං අච්චයෙන පරිවුත්ථපරිවාසං ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්තු උපසම්පාදෙන්තු භික්ඛුභාවායාති.
වහන්ස, ඉදින් අන්තොටු වූ විරූවෝ මෙසස්නෙහි පැවිද්ද කැමැත්තාහු උපසපුව කැමැත්තාහු සිවුමසක් පිරිවෙසෙද්ද, සිවුමස ඇවෑමෙන් සතුටුකළ සිත් ඇති භික්ෂූහු කැමැත්තාහු නම් වුසූ පිරිවෙස් ඇත්තවුන් භික්ෂුත්වය පිණිස පැවිදි කෙරෙද්ද, උපසපන් කෙරෙද්ද, මම සිවුවසක් පිරිවෙසෙන් නෙමි. සිවුවස ඇවෑමෙන් සතුටු සිත් ඇති භික්ෂූහු වුසූ පිරිවෙස් ඇති මා භික්ෂුත්වය පිණිස පැවිදි කෙරෙත්වා, උපසපන් කෙරෙත්වා යි.
අලත්ථ ඛො අචෙලො කස්සපො භගවතො සන්තිකෙ පබ්බජ්ජං. අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ච පනායස්මා කස්සපො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා කස්සපො අරහතං අහොසීති.
අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලද්දේ ම ය. උපසපුව ලද්දේ ම ය. උපසපන් වූ නො බෝකල් ඇති අචේලකාශ්‍යප ආයුෂ්මත් තෙමේ එකලා ව (ගණයා කෙරෙන්) වෙන් ව නො පමා ව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති ව නිවන් පිණිස යෙදූ සිත් ඇති ව වෙසෙනුයේ නො බෝ කලෙකින් ම යමක් පිණිස කුලපුත්‍රයෝ මැනැවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද් ද, මගබඹසර කෙළවර වූ ඒ නිරුත්තර වූ අර්‍හත්ත්‍වය මෙ ලොව්හි දී ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ විසුයේ ය. ඉපැද්ම ක්ෂීණ විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස කටයුතු අනෙකක් නැතැයි දැන ගත්තේ ය. ආයුෂ්මත් කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.