යෙදුමෙන් කියවන්න

ධම‍්මකථිකසුත‍්තං

1. 2. 6.

1. 2. 6.

ධම‍්මකථිකසුත‍්තං

ධම්මකථික සූත්‍රය

16. සාවත්‍ථියං–

16. සැවැත්නුවර–

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: ‘ධම‍්මකථිකො ධම‍්මකථිකො’ති භන‍්තෙ වුච‍්චති, කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, ධම‍්මකථිකො හොතී’ති?

ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහ්නසේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය: වහන්ස, ධර්‍මකථික ය, ධර්‍මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ධර්‍මකථික වේ ද?

ජරාමරණස‍්ස චෙ භික‍්ඛු නිබ‍්බිදාය විරාගාය නිරොධාය ධම‍්මං දෙසෙති, ධම‍්මකථිකො භික‍්ඛූති අලං වචනාය.

මහණ, ඉදින් මහණ තෙමේ ජරාමරණ පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස දහම් දෙසා නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මකථික’ ය යි කීමට යුතු වෙයි.

ජරාමරණස‍්ස චෙ භික‍්ඛු නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති, ධම‍්මානුධම‍්මපටිපන‍්නො භික‍්ඛූති අලං වචනාය.

මහණ තෙමේ ජරාමරණ දෙක්හි කළකිරීම පිණිස නැති කිරීම පිණිස පිළිපන්නේ වේ නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මානුධර්‍මප්‍රතිපන්න’ ය යි කීමට යුතු වෙයි.

ජරාමරණස‍්ස චෙ භික‍්ඛු නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තො හොති, දිට‍්ඨධම‍්මනිබ‍්බාණප‍්පත‍්තො භික‍්ඛූති අලං වචනාය.

ඉදින් මහණ තෙමේ ජරාමරණ පිළිබඳ ව කළකිරීමෙන් නො ඇලීමෙන් නැති කිරීමෙන් (කිසි ධර්‍මයක්) දැඩි ව නො ගෙණ මිදුනේ නම්, ඒ මහණ තෙමේ ‘මේ අත්බැව්හි ම නිවණට පැමිණියේ’ ය යි කීමට යුතු වෙයි.

ජාතියා චෙ භික‍්ඛු -පෙ- භවස‍්ස චෙ භික‍්ඛු - උපාදානස‍්ස චෙ භික‍්ඛු - තණ‍්හාය චෙ භික‍්ඛු - වෙදනාය චෙ භික‍්ඛු - ඵස‍්සස‍්ස චෙ භික‍්ඛු - සළායතනස‍්ස චෙ භික‍්ඛු - නාමරූපස‍්ස චෙ භික‍්ඛු - විඤ‍්ඤාණස‍්ස චෙ භික‍්ඛු - සඞ‍්ඛාරානං චෙ භික‍්ඛු - අවිජ‍්ජාය චෙ භික‍්ඛු නිබ‍්බිදාය විරාගාය නිරොධාය ධම‍්මං දෙසෙති, ධම‍්මකථිකො භික‍්ඛූති අලං වචනාය.

ඉදින් මහණ තෙමේ ඉපැද්ම පිළිබඳ ව - ... - ඉදින් මහණ තෙමේ භවය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ උපාදාන පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ තෘෂ්ණාව පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ වේදනාව පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ ස්පර්‍ශය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ ෂඩායතන පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ නාමරූප පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ විඤ්ඤාණය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ සඞ්ඛාර පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ අවිද්‍යාව පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස දහම් දෙසා නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මකථික’ ය යි කීමට යුතු වෙයි.

[ජාතියා චෙ භික‍්ඛු -පෙ-] අවිජ‍්ජාය චෙ භික‍්ඛු නිබ‍්බිදාය විරාගාය නිරොධාය පටිපන‍්නො හොති, ධම‍්මානුධම‍්මපටිපන‍්නො භික‍්ඛූති අලං වචනාය.

ඉදින් මහණ තෙමේ ජාතිය පිළිබඳ ව ... ඉදින් මහණ තෙමේ අවිද්‍යාව පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස පිළිපන්නේ වේ නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මානුධර්‍මප්‍රතිපන්න’ ය යි කීමට යුතු වෙයි.

[ජාතියා චෙ භික‍්ඛු -පෙ-] අවිජ‍්ජාය චෙ භික‍්ඛු නිබ‍්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත‍්තො හොති, දිට‍්ඨධම‍්මනිබ‍්බාණප‍්පත‍්තො භික‍්ඛූති අලං වචනායාති.

ඉදින් මහණ තෙමේ ජාතිය පිළිබඳ ව ... ඉදින් මහණ තෙමේ අවිද්‍යාව පිළිබඳ ව කළකිරීමෙන් නො ඇලීමෙන් නැති කිරීමෙන් (කිසි ධර්‍මයක්) දැඩි ව නො ගෙණ මිදුනේ වේ නම්, ඒ මහණ තෙමේ ‘මේ අත්බැව්හි ම නිවණට පැමිණියේ’ ය යි කීමට යුතු වෙයි.