යෙදුමෙන් කියවන්න

බාලපණ‍්ඩිතසුත‍්තං

1. 2. 9.

1. 2. 9.

බාලපණ‍්ඩිතසුත‍්තං

බාලපණ්ඩිත සූත්‍රය

19. සාවත්‍ථියං–

19. සැවැත්නුවර–

අවිජ‍්ජානීවරණස‍්ස භික‍්ඛවෙ, බාලස‍්ස තණ‍්හාය සම‍්පයුත‍්තස‍්ස එවමයං කායො සමුදාගතො. ඉති අයඤ‍්චෙව කායො බහිද‍්ධා ච නාමරූපං ඉත්‍ථෙතං ද‍්වයං ද‍්වයං පටිච‍්ච ඵස‍්සො, සළෙවායතනානි යෙහි පුට‍්ඨො බාලො සුඛදුක‍්ඛං පටිසංවෙදියති එතෙසං වා අඤ‍්ඤතරෙන.

මහණෙනි, අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාවෙන් යුක්ත වූ බාලයාගේ මේ කය මෙසේ හටගත්තේ ය. මෙසේ මේ කය ද බාහිර නාමරූප ද මේ දෙකක් දෙකක් හේතු කොට ස්පර්‍ශය වේ. ආයතනයෝ සයෙකි. මෙයින් හෝ මෙයින් එක්තරා එකකින් හො පහස්නා ලද බාල තෙමේ සුවදුක් විඳී.

අවිජ‍්ජානීවරණස‍්ස භික‍්ඛවෙ, පණ‍්ඩිතස‍්ස තණ‍්හාය සම‍්පයුත‍්තස‍්ස එවමයං කායො සමුදාගතො. ඉති අයඤ‍්චෙව කායො බහිද‍්ධා ච නාමරූපං ඉත්‍ථෙතං ද‍්වයං ද‍්වයං පටිච‍්ච ඵස‍්සො. සළෙවායතනානි යෙහි ඵුට‍්ඨො පණ‍්ඩිතො සුඛදුක‍්ඛං පටිසංවෙදියති එතෙසං වා අඤ‍්ඤතරෙන.

මහණෙනි, අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාවෙන් යුක්ත වූ පණ්ඩිතයාගේ මේ කය මෙසේ හටගත්තේ ය මෙසේ මේ කය ද බාහිර නාමරූප ද මේ දෙකක් දෙකක් හේතු කොට ස්පර්‍ශය වේ. ආයතනයෝ සයෙකි. මෙයින් හො මෙයින් එක්තරා එකකින් හෝ පහස්නා ලද පණ්ඩිත තෙමේ සුවදුක් විඳී.

තත්‍ර හි භික‍්ඛවෙ, කො විසෙසො කො අධිප‍්පායො කිං නානාකරණං පණ‍්ඩිතස‍්ස බාලෙනාති?

මහණෙනි, එහි ලා බාලයා සමග පණ්ඩිතයාගේ කවර වෙසෙසෙක් ද? කිනම් වැඩි ප්‍රයෝගයෙක් ද? කුමන වෙනසෙක් දැ?යි.

භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා, භගවන‍්නෙත‍්තිකා භගවම‍්පටිසරණා. සාධු වත භන‍්තෙ, භගවන‍්තඤ‍්ඤෙව පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො. භගවතො සුත්‍වා භික‍්ඛූ ධාරෙස‍්සන‍්තීති. තෙන හි භික‍්ඛවෙ, සුණාථ සාධුකං මනසි කරොථ භාසිස‍්සාමීති. “එවම‍්භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

වහන්ස, අපගේ ධර්‍මෙයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට භාග්‍යවතුන් වහන්සේ නායක කොට භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහ. වහන්ස මේ දේශනාවෙහි අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහු ය යි. මහණෙනි, එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි. වහන්ස, එසේ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

යාය ච භික‍්ඛවෙ, අවිජ‍්ජාය නිවුතස‍්ස බාලස‍්ස යාය ච තණ‍්හාය සම‍්පයුත‍්තස‍්ස අයං කායො සමුදාගතො, සා චෙව අවිජ‍්ජා බාලස‍්ස අප‍්පහීනා. සා ච තණ‍්හා අපරික‍්ඛීණා. තංකිස‍්ස හෙතු? න හි භික‍්ඛවෙ, බාලො අචරි බ්‍රහ‍්මචරියං සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. තස‍්මා බාලො කායස‍්ස භෙදා කායූපගො හොති. සො කායූපගො සමානො න පරිමුච‍්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි. න පරිමුච‍්චති දුක‍්ඛස‍්මාති වදාමි.

මහණෙනි, යම් අවිද්‍යාවකින් වැසුනු යම් තෘෂ්ණාවකින් යුක්ත වූ බාලයාගේ මේ කය හටගත්තේ ද, බාලයාගේ ඒ අවිද්‍යාවත් ප්‍රහීණ නුවූවා ය. ඒ තෘෂ්ණාවෙන් ක්‍ෂීණ නුවූවාය. කවර හෙයින් යත්: මහණෙනි, බාලතෙමේ මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර නො කෙළේ ය. එහෙයින් බාලතෙමේ කය බිඳීමෙන් (අනෙක් පටිසන්‍ධි) කයකය පැමිණියේ වේ. අන් කයකට පැමිණි හේ ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් නො මිදෙයි. (සියලු) දුකින් නො මිදේ යි කියමි.

යාය ච භික‍්ඛවෙ, අවිජ‍්ජාය නිවුතස‍්ස පණ‍්ඩිතස‍්ස යාය ච තණ‍්හාය සම‍්පයුත‍්තස‍්ස අයං කායො සමුදාගතො. සා චෙව අවිජ‍්ජා පණ‍්ඩිතස‍්ස පහීනා. සා ච තණ‍්හා පරික‍්ඛීණා. තං කිස‍්ස හෙතු? අචරි භික‍්ඛවෙ, පණ‍්ඩිතො බ්‍රහ‍්මචරියං සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. තස‍්මා පණ‍්ඩිතො කායස‍්ස භෙදා න කායූපගො හොති. සො අකායූපගො සමානො පරිමුච‍්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි. පරිමුච‍්චති දුක‍්ඛස‍්මාති වදාමි.

මහණෙනි, යම් අවිද්‍යාවකින් වැසුනු යම් තෘෂ්ණාවකින් යුක්ත වූ පණ්ඩිතයාගේ මේ කය හට ගත්තේ ද, ඒ පණ්ඩිතයාට අවිද්‍යාවත් ප්‍රහීණ වූවා ය. ඒ තෘෂ්ණාවෙන් ක්‍ෂීණ වූවා ය. කවරහෙයින යත්: මහණෙනි, පණ්ඩිත තෙමේ මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර කළේ ය. එහෙයින් පණ්ඩිත තෙමේ කය බිඳීමෙන් (අනෙක්) කයකට නො පැමිණියේ වේ. හෙතෙමේ (අනෙක්) කයකට නො පැමිණියේ ම ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකින් මිදේ යයි කියමි.

අයං ඛො භික‍්ඛවෙ, විසෙසො අයං අධිප‍්පායො ඉදං නානාකරණං පණ‍්ඩිතස‍්ස බාලෙන, යදිදං බ්‍රහ‍්මචරියවාසොති.

මහණෙනි, යම් මේ බඹසර විසීමෙක් වේ ද, මේ වනාහි බාලයා හා පණ්ඩිතයාගේ වෙසෙස යි. මේ අධිකප්‍රයාග ය යි. මේ වෙනස යි.