යෙදුමෙන් කියවන්න

පච‍්චය පච‍්චයුප‍්පන‍්න සුත‍්තං

1. 2. 10.

1. 2. 10.

පච‍්චය (පච‍්චයුප‍්පන‍්න) සුත‍්තං

පච්චය (පච්චයුප්පන්න) සූත්‍රය

20. සාවත්‍ථියං–

20. සැවැත්නුවර–

පටිච‍්චසමුප‍්පාදඤ‍්ච වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි පටිච‍්චසමුප‍්පන‍්නෙ ච ධම‍්මෙ. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති. එවම‍්භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මහණෙනි, තොපට පටිච්චසමුප්පාදය ද පටිච්චසමුප්පන්න ධර්‍ම ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමියි. වහන්ස, එසේ යි භාග්‍යවතුන් වහන්සේට ඒ භික්‍ෂුහු පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

කතමො ච භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පාදො? ජාතිපච‍්චයා භික‍්ඛවෙ ජරාමරණං උප‍්පාදා වා තථාගතානං අනුප‍්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා ඉදප‍්පච‍්චයතා. තං තථාගතො අභිසම‍්බුජ‍්ඣති, අභිසමෙති. අභිසම‍්බුජ‍්ඣිත්‍වා අභිසමෙත්‍වා ආචික‍්ඛති දෙසෙති පඤ‍්ඤපෙති පට‍්ඨපෙති විවරති විභජති උත‍්තානීකරොති. පස‍්සථාති චාහ. “ජාතිපච‍්චයා භික‍්ඛවෙ ජරාමරණං” [ඉති ඛො භික‍්ඛවෙ, යා තත්‍ර තථතා අවිතථතා අනඤ‍්ඤථතා ඉදපච‍්චයතා. අයං වුච‍්චති භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පාදො.]

මහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද යත්: මහණෙනි, තථාගතයන්ගේ උත්පාදයෙහි දු තථාගතයන්ගේ අනුත්පාදයෙහි දු ජාතිප්‍රත්‍යයයෙන් මරණය වේ යන ඒ ප්‍රත්‍යයස්වභාවය ධර්‍මස්ථිතිය (ප්‍රත්‍යයෝත්පන්න කාරණය) ධර්‍මනියාමය (ප්‍රත්‍යයසමුත්පන්නධර්‍මනියමය) ඉදප්පච්චයතාව (මේ ප්‍රතීත්‍යසමුත්පන්නභාවය) සිටියේ ම ය. (පවත්නේම ය) ඒ ඉදම්ප්‍රත්‍යයතාව තථාගත තෙමේ අවබෝධ කෙරෙයි. අභිසමය කෙරෙයි. අවබෝධ කොට අභිසමය කොට දක්වයි. දේශනා කරයි. පණවයි. පිහිටුවයි. විවෘත කරයි. බෙදයි. ප්‍රකට කෙරෙයි. බලවු යි පවසයි. “මහණෙනි, ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ.” මහණෙනි, මෙසේ “ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ” (යන මෙහි යම් ප්‍රත්‍යය ස්වභාවයෙක්, යම් අමෘෂාභාවයෙක්, යම් අනන්‍ය ස්වභාවයෙක්, යම් ප්‍රත්‍යයොත්පන්නභාවයෙක් ඇද් ද, මේ ප්‍රතීත්‍යසමුත්පාදය යි කියනු ලැබේ.)

භවපච‍්චයා භික‍්ඛවෙ ජාති -පෙ- උපාදානපච‍්චයා භික‍්ඛවෙ භවො -පෙ- තණ‍්හාපච‍්චයා භික‍්ඛවෙ උපාදානං - වෙදනාපච‍්චයා භික‍්ඛවෙ තණ‍්හා - ඵස‍්සපච‍්චයා භික‍්ඛවෙ වෙදනා - සළායතනපච‍්චයා භික‍්ඛවෙ ඵස‍්සො - නාමරූපපච‍්චයා භික‍්ඛවෙ සළායතනං - විඤ‍්ඤාණපච‍්චයා භික‍්ඛවෙ නාමරූපං - සඞ‍්ඛාරපච‍්චයා භික‍්ඛවෙ විඤ‍්ඤාණං - අවිජ‍්ජාපච‍්චයා භික‍්ඛවෙ සඞ‍්ඛාරා උප‍්පාදා වා තථාගතානං අනුප‍්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා ඉදප‍්පච‍්චයතා. තං තථාගතො අභිසම‍්බුජ‍්ඣති, අභිසමෙති. අභිසම‍්බුජ‍්ඣිත්‍වා අභිසමෙත්‍වා ආචික‍්ඛති දෙසෙති පඤ‍්ඤපෙති පට‍්ඨපෙති විවරති විභජති උත‍්තානීකරොති. පස‍්සථාති චාහ. “අවිජ‍්ජාපච‍්චයා භික‍්ඛවෙ සඞ‍්ඛාරා” ඉති ඛො භික‍්ඛවෙ, යා තත්‍ර තථතා අවිතථතා අනඤ‍්ඤථතා ඉදප‍්පච‍්චයතා, අයං වුච‍්චති භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පාදො.

මහණෙනි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ... මහණෙනි, උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. ... මහණෙනි, තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මහණෙනි, වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ... මහණෙනි, ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ... මහණෙනි, ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ... මහණෙනි, නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ... මහණෙනි, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ... මහණෙනි, සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ... මහණෙනි, තථාගතයන්ගේ උත්පාදයෙහි දු තථාගතයන්ගේ අනුත්පාදයෙහිදු අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති යන ඒ ප්‍රත්‍යයස්වභාවය ධර්‍මස්ථිතිය ධර්‍මනියාමය ඉදප්පච්චයතාව සිටියා ම ය. තථාගත තෙමේ එය අවබෝධ කෙරෙයි. අභිසමය කෙරෙයි අවබෝධ කොට අභිසමය කොට දක්වයි. දේශනා කරයි. පණවයි. පිහිටුවයි. විවරණ - විභජන කෙරෙයි. ප්‍රකට කෙරෙයි. බලවු යි දු පවසයි. “මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති.” යන මෙහි යම් ස්වභාවයෙක් අමෘෂාභාවයෙක් අනන්‍යථාත්‍වයෙක් ඉදම්ප්‍රත්‍යයතායෙක් ඇද් ද, මහණෙනි, මේ පටිච්චසමුප්පාද යයි කියනු ලැබේ.

කතමෙ ච භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පන‍්නා ධම‍්මා? ජරාමරණං භික‍්ඛවෙ, අනිච‍්චං සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං, ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්මං. ජාති භික‍්ඛවෙ, අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා ඛයධම‍්මා වයධම‍්මා විරාගධම‍්මා නිරොධධම‍්මා. භවො භික‍්ඛවෙ, අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්චසමුප‍්පන‍්නො ඛයධම‍්මො වයධම‍්මො විරාගධම‍්මො නිරොධධම‍්මො. උපාදානං භික‍්ඛවෙ -පෙ- තණ‍්හා භික‍්ඛවෙ - වෙදනා භික‍්ඛවෙ - ඵස‍්සො භික‍්ඛවෙ - සළායතනං භික‍්ඛවෙ - නාමරූපං භික‍්ඛවෙ - විඤ‍්ඤාණං භික‍්ඛවෙ - සඞ‍්ඛාරා භික‍්ඛවෙ - අවිජ‍්ජා භික‍්ඛවෙ අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා ඛයධම‍්මා වයධම‍්මා විරාගධම‍්මා නිරොධධම‍්මා. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පන‍්නා ධම‍්මා.

මහණෙනි, ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෝ කවරහ යත්: මහණෙනි, ජරාමරණ අනිත්‍ය ය. සංස්කෘත ය. හේතුප්‍රත්‍යයයෙන් හටගත්තේ ය. ක්‍ෂය ස්වභාවය ඇත්තේ ය. ව්‍යයස්වභාවය ඇත්තේ ය. විරාගස්වභාවය ඇත්තේ ය. නිරෝධස්වභාවය ඇත්තේ ය. මහණෙනි, ඉපැද්ම අනිත්‍ය ය. සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය. ක්‍ෂයධර්‍ම ය . ව්‍යයධර්‍ම ය. විරාගධර්‍ම ය. නිරෝධධර්‍ම ය. මහණෙනි, භවය අනිත්‍ය ය. සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය. ක්‍ෂයධර්‍ම ය. විරාගධර්‍ම ය. නිරොධධර්‍ම ය. මහණෙනි, උපාදාන ... මහණෙනි, තෘෂ්ණාව ... මහණෙනි, වේදනාව ... මහණෙනි, ස්පර්‍ශය ... මහණෙනි, ෂඩායතන ... මහණෙනි, නාමරූප ... මහණෙනි, විඥාන ... මහණෙනි, සංස්කාරයෝ ... මහණෙනි, අවිද්‍යාව අනිත්‍ය ය. සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය ක්‍ෂයධර්‍ම ය. ව්‍යයධර්‍ම ය. විරාගධර්‍ම ය. නිරොධධර්‍ම ය. මහණෙනි, මේ ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෝ යි කියනු ලැබෙත්.

යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස අයඤ‍්ච පටිච‍්චසමුප‍්පාදො ඉමෙ ච පටිච‍්චසමුප‍්පන‍්නා ධම‍්මා යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨා හොන‍්ති, සො වත පුබ‍්බන‍්තං වා පරිධාවිස‍්සති: “අහොසිං නු ඛො අහං අතීතමද‍්ධානං, න නු ඛො අහොසිං අතීතමද‍්ධානං, කිං නු ඛො අහොසිං අතීතමද‍්ධානං, කථං නු ඛො අහොසිං අතීතමද‍්ධානං, කිං හුත්‍වා කිං අහොසිං නු ඛො අහං අතීතමද‍්ධානන‍්ති”; අපරන‍්තං වා උපධාවිස‍්සති: “භවිස‍්සාමි නු ඛො අහං අනාගතමද‍්ධානං, න නු ඛො භවිස‍්සාමි අනාගතමද‍්ධානං, කිං නු ඛො භවිස‍්සාමි අනාගතමද‍්ධානං, කථං නු ඛො භවිස‍්සාමි අනාගතමද‍්ධානං, කිං හුත්‍වා කිං භවිස‍්සාමි නු ඛො අහං අනාගතමද‍්ධානන‍්ති”; එතරහි වා පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං අජ‍්ඣත‍්තං කථඞ‍්කථී භවිස‍්සති: “අහං නු ඛොස‍්මි, නො නු ඛොස‍්මි කිං නු ඛොස‍්මි, කථං නු ඛොස‍්මි, අයං නු ඛො සත‍්තො කුතො ආගතො, සො කුහිං ගාමී භවිස‍්සතී”ති නෙතං ඨානං විජ‍්ජති. තං කිස‍්ස හෙතු? තථා හි භික‍්ඛවෙ, අරියසාවකස‍්ස අයඤ‍්ච පටිච‍්චසමුප‍්පාදො, ඉමෙ ච පටිච‍්චසමුප‍්පන‍්නා ධම‍්මා යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨාති.

මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදයත් මේ පටිච්චසමුප්පන්න ධර්‍මයෝත් තතු සේ සම්‍යක්ප්‍රඥායෙන් මැනැවින් දක්නා ලද්දාහු වෙද්ද, හෙ තෙමේ ‘අතීත කාලයෙහි මම වූයෙම් දෝ? අතීත කාලයෙහි නො වූයෙම් දෝ? අතීත කාලයෙහි කවරෙක් වූයෙම් දෝ? අතීත කාලයෙහි කෙසේ වූයෙම් දෝ? අතීත කාලයෙහි මම කවරෙක් ව කවරෙක් වූයෙම් දෝ?” යි පූර්‍වාන්තය කරාත් දුවන්නේ ය - “මම අනාගත කාලයෙහි වන්නෙම් දෝ? අනාගත කාලයෙහි නො වන්නෙම් දෝ? අනාගත කාලයෙහි කවරෙක් වන්නෙම් දෝ? අනාගත කාලයෙහි කෙසේ වන්නෙම් දෝ? අනාගත කාලයෙහි මම කවරෙක් ව කවරෙක් වන්නෙම් දෝ?”යි අපරාන්තය කරාත් දුවන්නේ ය - දැන් වර්‍තමාන කාලයෙහිත් “මම වෙම් දෝ? නො වෙම් දෝ? කවරෙක් වෙම් දෝ? කෙසේ වෙම් දෝ? මේ සත්ත්‍වතෙමේ කොහි සිට ආයේ දෝ? හෙ තෙමේ කොහි යන්නෙක් වන්නේ දෝ?”යි තමා පිළිබඳ කෙසේ කෙසේ දැ යි පැවැති සැක ඇත්තේ වන්නේය - යන මේ කරුණ විද්‍යාමාන නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, අර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදය ද , මේ පටිච්චසමුප්පන්න ධර්‍මයෝ ද තතු සේ මනා නුවණින් දක්නා ලද්දාහු ය. එහෙයිනි.

ආහාරවග‍්ගො දුතියො.

ආහාරවර්‍ගය දෙවැනි යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය :

ආහාරඵග‍්ගුණා චෙව ද‍්වෙ ච සමණබ්‍රාහ‍්මණා, කච‍්චානගොත‍්තො ධම‍්මකථි අචෙලතිම‍්බරුකෙන ච, බාලපණ‍්ඩිතතො චෙව දසමො පච‍්චයෙන චාති.

ආහාර ය, ඵග්ගුණ ය, සමණබ්‍රාහ්මණ දෙක ය,කච්චානගොත්ත ය, ධම්මකථික ය, අචේලකය, තිම්බරුක ය, බාලපණ්ඩිත ය, දසවැනි ප්‍රත්‍යය සූත්‍රය දැ යි සූත්‍ර දශයෙකි.