දසබලසුත‍්තං
1. 3. 1.
1. 3. 1.
දසබලසුත‍්තං
දසබල සූත්‍රය
21. සාවත්‍ථියං–
21. සැවැත්නුවර–
දසබලසමන‍්නාගතො භික‍්ඛවෙ, තථාගතො චතූහි ච වෙසාරජ‍්ජෙ හි සමන‍්නාගතො ආසභං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙති: ඉති රූපං, ඉති රූපස‍්ස සමුදයො, ඉති රූපස‍්ස අත්‍ථංගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්‍ථංගමො. ඉති සඤ‍්ඤා, ඉති සඤ‍්ඤාය සමුදයො, ඉති සඤ‍්ඤාය අත්‍ථංගමො. ඉති සඞ‍්ඛාරා, ඉති සඞ‍්ඛාරානං සමුදයො, ඉති සඞ‍්ඛාරානං අත්‍ථංගමො. ඉති විඤ‍්ඤාණං, ඉති විඤ‍්ඤාණස‍්ස සමුදයො, ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථංගමො. ඉති ඉමස‍්මිං සති ඉදං හොති, ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජති. ඉමස‍්මිං අසති ඉදං න හොති, ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣති.
මහණෙනි, දශබලයෙන් සමන්‍විත වූ සිවුවැදෑරුම් විසාරද බැවින් ද යුක්ත වූ තථාගත තෙමේ ශ්‍රේෂ්ඨස්ථානයට පැමිණෙයි. පිරිස්මැද සිංහනාද කෙරෙයි. බ්‍රහ්මචක්‍රය (=ධර්‍මචක්‍රය) පවත්වයි. (කෙසේ ද යත්:) මේ රූපය. රූපයේ හටගැන්ම මෙසේ ය. රූපයාගේ නිරෝධය මෙසේ ය. මේ ව්දනාව. වේදනාවේ හටගැන්ම මෙසේ ය. වේදනාවේ නිරෝධය මෙසේ ය. මේ සංඥාව. සංඥාවේ හටගැන්ම මෙසේ ය. සංඥාවේ නිරෝධය මෙසේ ය. මේ සංස්කාර. සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේ ය. සංස්කාරයන්ගේ නිරෝධය මෙසේ ය. මේ විඥානය. විඥානයේ හටගැන්ම මෙසේ ය. විඥානයේ නිරෝධය මෙසේ ය. මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපැද්මෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ.
යදිදං: අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. අවිජ‍්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො, සඞ‍්ඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති.
ඒ කෙසේය යත්: අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ. අවිද්‍යාවගේ ම අශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.