දුතියදසබලසුත්තං
1. 3. 2.
1. 3. 2.
දුතියදසබලසුත්තං
දෙවැනි දසබල සූත්රය
22. සාවත්ථියං–
22. සැවැත්නුවර–
දසබලසමන්නාගතො භික්ඛවෙ, තථාගතො චතූහි ච වෙසාරජ්ජෙහි සමන්නාගතො ආසභං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්රහ්මචක්කං පවත්තෙති: ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථංගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථංගමො. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථංගමො. ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථංගමො. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථංගමො. ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති.
මහණෙනි, දසබලයෙන් සමන්වාගත වූ සිවුවැදෑරැම් විසාරද බැවින් යුක්ත වූ තථාගත තෙමේ ශ්රේෂ්ඨස්ථානයට පැමිණේ. පිරිස්මැද සිංහනාද කෙරෙයි. ධර්මචක්රය පවත්වයි. (කෙසේ ද යත්:) මේ රූපය. රූපයේ හටගැන්ම මෙසේ ය. රූපයේ නිරෝධය මෙසේ ය. මේ ව්දනාව. වේදනාවේ හටගැන්ම මෙසේ ය. වේදනාවේ නිරෝධය මෙසේ ය. මේ සංඥාව. සංඥාවේ හටගැන්ම මෙසේ ය. සංඥාවේ නිරෝධය මෙසේ ය. මේ සංස්කාරය. සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේ ය. සංස්කාරයන්ගේ නිරෝධය මෙසේ ය. මේ විඥානයැ. විඥානයේ හටගැන්ම මෙසේ ය. විඥානයේ නිරෝධය මෙසේ ය. මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදියි. මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ.
යදිදං: අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
කෙසේය යත්: අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්රත්යයයෙන් විඥානය වේ, ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ. අවිද්යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
එවං ස්වාක්ඛාතො භික්ඛවෙ, මයා ධම්මො උත්තානො විවටො පකාසිතො ඡින්නපිලොතිකො. එවං ස්වාක්ඛාතෙ ඛො භික්ඛවෙ, මයා ධම්මෙ උත්තානෙ විවටෙ පකාසිතෙ ඡින්නපිලොතිකෙ අලමෙව සද්ධා පබ්බජිතෙන කුලපුත්තෙන විරියං ආරභිතුං: කාමං තචො ච නහාරු ච අට්ඨි ච අවසිස්සතු, සරීරෙ උපසුස්සතු මංසලොහිතං. යං තං පුරිසත්ථාමෙන පුරිසවිරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං න තං අපාපුණිත්වා විරියස්ස සණ්ඨානං භවිස්සති.
මහණෙනි, මෙසේ මා විසින් ධර්මය මනාකොට දේශනා කරණලද්දේ ය. ප්රකට කරණලද්දේ ය. විවෘත කරණලද්දේ ය. ප්රකාශ කරණලද්දේය. සුන්වැරහැලි ඇත්තේ ය, හෙවත් සුන්කසට ඇත්තේ ය. මහණෙනි, මෙසේ මා විසින් මොනොවට දේසනා කරණලද ප්රකට කරණලද විවෘත කරණලද ප්රකාශ කරණලද සුන්වැරහැලි ඇති ධර්මය ඇති කල්හි සැදැහැයෙන් පැවිදි වූ කුලපුතු විසින් “සිරුරෙහි සම ද නහර ද ඇට ද ඒකාන්තයෙන් ඉතිරි වේවා. මස් ලේ වියලේවා. පුරුෂ ශක්තියෙන් පුරුෂවීර්ය්යයෙන් පුරුෂපරාක්රමයෙන් පැමිණිය යුතු ඒ යමක් වේ නම් ඊට නො පැමිණ වීර්ය්යයාගේ සිටුමෙක් (=නැවැත්මෙක්) නො වන්නේ ය” යි වැර අරඹන්නට සුදුසු ම ය.
දුක්ඛං හි භික්ඛවෙ, කුසීතො විහරති වොකිණ්ණො පාපකෙහි අකුසලෙහි ධම්මෙහි. මහන්තඤ්ච සදත්ථං පරිහාපෙති. ආරද්ධවිරියො ච ඛො භික්ඛවෙ සුඛං විහරති පවිවිත්තො පාපකෙහි අකුසලෙහි ධම්මෙහි. මහන්තඤ්ච සදත්ථං පරිපූරෙති.
මහණෙනි, කුසීත පුද්ගල තෙමේ පවිටු අකුසල් දහමින් ගැවසුනේ දුක සේ වෙසෙයි. මහත් වූ ද යහපත් අර්ත්ථය පිරිහෙළයි. මහණෙනි, ඇරඹූ වැර ඇති පුඟුල් තෙමේ පවිටු අකුසල් දහමින් වෙන් වූයේ සුවසේ වෙසෙයි. මහත් වූ ද යහපත් අර්තවය සම්පූර්ණ කෙරෙයි (රහත් බවට පැමිණෙයි)
න භික්ඛවෙ, හීනෙන අග්ගස්ස පත්ති හොති. අග්ගෙන ච ඛො අග්ගස්ස පත්ති හොති. මණ්ඩපෙය්යමිදං භික්ඛවෙ, බ්රහ්මචරියං, සත්ථා සම්මුඛීභූතො. තස්මාතිහ භික්ඛවෙ, විරියං ආරභථ අප්පත්තස්ස පත්තියා, අනධිගතස්ස අධිගමාය, අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. “එවං නො අයං අම්හාකං පබ්බජ්ජා අවඤ්ඣා භවිස්සති, සඵලා සඋද්රයා, යෙසං මයං පරිභුඤ්ජාම චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානප්පච්චය භෙසජ්ජ පරික්ඛාරං, තෙසං තෙ කාරා අම්හෙසු මහප්ඵලා භවිස්සන්ති මහානිසංසා”ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං. අත්තත්ථං වා හි භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුං. පරත්ථං වා හි භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුන්ති. උභයත්ථං වා හි භික්ඛවෙ සම්පස්සමානෙන අලමෙව අප්පමාදෙන සම්පාදෙතුන්ති.
මහණෙනි, හීන වූ ශ්රද්ධාදියෙන් අග්ර වූ රහත් බවට පැමිණීමෙක් නො වේ. අග්ර වූ ශ්රද්ධාදියෙන් අග්ර වූ රහත්බවට පැමිණීම වේ. මහණෙනි, මේ බඹසර පහන් මිහිරි පැනක් බඳු ය. ශාස්තෲන් වහන්සේ හමු වූ සේක. මහණෙනි, එහෙයින් නො පැමිණි ධර්මයට පැමිණීම පිණිස අවබෝධ නො කළ ධර්මය අවබෝධ කිරීම පිණිස පසක් නො කළ ධර්මය පසක් කිරීම පිණිස වැර අරඹවු: “මෙසේ අපගේ පැවිද්ද නො සිස් වන්නේ ය. සඵල වන්නේ ය. වැඩීම් සහිත වන්නේ ය. අපි යම් කෙනකුන්ගේ සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳමෝ නම් ඔවුන්ගේ ඒ සත්කාරයෝ අප විෂයයෙහි මහත්ඵල මහානිසංස වන්නාහ”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ය. මහණෙනි, ආත්මාර්ත්ථය අපේක්ෂා කරන්නහු විසිනුදු නො පමා ව සියලු කටයුතු සපයන්නට සුදුසු ම ය. පරාර්ත්ථය අපේක්ෂා කරන්නහු විසිනුදු නො පමාව සියලු කටයුතු සපයන්නට සුදුසු ම ය. මහණෙනි, උභයාර්ත්ථය අපේක්ෂා කරන්නහු විසිනුදු නො පමා ව සියලු කටයුතු සපයන්නට සුදුසු ම ය.