2. දුතියදසබලසුත්තවණ්ණනා අට්ඨකථා
2. දුතියදසබලසුත්තවණ්ණනා
2. දෙවැනි දසබල සූත්‍ර වර්ණනාව
දුතියං භගවතා අත්තනො අජ්ඣාසයස්ස වසෙන වුත්තං. තත්ථ දසබලසමන්නාගතොති දසහි බලෙහි සමන්නාගතො. බලඤ්ච නාමෙතං දුවිධං කායබලඤ්ච ඤාණබලඤ්ච. තෙසු තථාගතස්ස කායබලං හත්ථිකුලානුසාරෙන වෙදිතබ්බං. වුත්තඤ්හෙතං පොරාණෙහි –
දෙවන සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් තම අදහසක් වශයෙන් (අත්තජ්ඣාසය නික්ෂේප) දේශනා කරන ලදහ. එහි “දසබල සමන්නාගතො” යනු බල දහයකින් යුක්ත වූ යනුයි. මෙහි ප්‍රධාන වශයෙන් බල දෙකකි. කාය බලය හා ඤාණ බලය වශයෙනි. මේ බල අතුරින් තථාගතයන් වහන්සේ ගේ කාය බලය ඇත් කුලය ඇසුරින් දත යුතුයි. පැරැන්නෝ මෙසේ කීහ.
“කාළාවකඤ්ච ගඞ්ගෙය්යං, පණ්ඩරං තම්බපිඞ්ගලං; ගන්ධමඞ්ගලහෙමඤ්ච, උපොසථඡද්දන්තිමෙ දසා”ති.(ම· නි· අට්ඨ· 1.148; විභ· අට්ඨ· 760); –
“කාළාවකඤ්ච ගන්ගෙයිය්යං පණ්ඩරං තම්බ පිංගලං ගන්ධ මංගල හෙමඤ්ච උපොසථ ඡද්දන්ත මේ දසා”ති
“කළාවකයෝ ද ගංගය්යයෝ ද - පණ්ඩරයෝ තම්බ පිංගලයෝ ගන්ධ-මංගල-හේමයෝ-සථයෝ ඡදන්තයෝ යි ඇත්කුල දහයකි.”
ඉමානි දස හත්ථිකුලානි. තත්ථ කාළාවකන්ති පකතිහත්ථිකුලං දට්ඨබ්බං. යං දසන්නං පුරිසානං කායබලං, තං එකස්ස කාළාවකස්ස හත්ථිනො. යං දසන්නං කාළාවකානං බලං, තං එකස්ස ගඞ්ගෙය්යස්ස. යං දසන්නං ගඞ්ගෙය්යානං, තං එකස්ස පණ්ඩරස්ස. යං දසන්නං පණ්ඩරානං, තං එකස්ස තම්බස්ස. යං දසන්නං තම්බානං, තං එකස්ස පිඞ්ගලස්ස. යං දසන්නං පිඞ්ගලානං, තං එකස්ස ගන්ධහත්ථිනො. යං දසන්නං ගන්ධහත්ථීනං, තං එකස්ස මඞ්ගලස්ස. යං දසන්නං මඞ්ගලානං, තං එකස්ස හෙමවතස්ස. යං දසන්නං හෙමවතානං, තං එකස්ස උපොසථස්ස. යං දසන්නං උපොසථානං, තං එකස්ස ඡද්දන්තස්ස. යං දසන්නං ඡද්දන්තානං, තං එකස්ස තථාගතස්ස. නාරායනසඞ්ඝාතබලන්තිපි ඉදමෙව වුච්චති. තදෙතං පකතිහත්ථිගණනාය හත්ථීනං කොටිසහස්සානං, පුරිසගණනාය දසන්නං පුරිසකොටිසහස්සානං බලං හොති. ඉදං තාව තථාගතස්ස කායබලං. “දසබලසමන්නාගතො”ති එත්ථ පන එතං සඞ්ගහං න ගච්ඡති. එතඤ්හි බාහිරකං ලාමකං තිරච්ඡානගතානං සීහාදීනම්පි හොති. එතඤ්හි නිස්සාය දුක්ඛපරිඤ්ඤා වා සමුදයප්පහානං වා මග්ගභාවනා වා ඵලසච්ඡිකිරියා වා නත්ථි. අඤ්ඤං පන දසසු ඨානෙසු අකම්පනත්ථෙන උපත්ථම්භනත්ථෙන ච දසවිධං ඤාණබලං නාම අත්ථි. තං සන්ධාය වුත්තං “දසබලසමන්නාගතො”ති.
මේ දස ඇත් කුලයන් ය. මෙහි “කාළාවක” යනු ස්වාභාවික ඇත් කුළයකියි දතයුතුයි. පුරුෂයෝ දසදෙනෙකුගේ කාය බලය එක් කාළාවක ඇතෙකුට ඇත. කාළාවක කුල ඇතුන් දස දෙනෙකුගේ කාය බලය එක් ගංගෙය්යයකුට ඇත. ගංගෙය්යයන් දසදෙනෙකුගේ කාය බලය එක් පණ්ඩර නම් ඇතෙකුට ඇත. පණ්ඩරයෝ දස දෙනෙකුගේ කාය බලය එක් තම්බ නම් ඇතෙකුට ඇත. තම්බයෝ දස දෙනෙකුගේ කාය බලය එක් පිංගල නම් ඇතෙකුට ඇත. පිංගලයෝ දස දෙනෙකුගේ කාය බලය එක් ගන්ධ හස්තියෙකුට ඇත. ගන්ධ හස්තීන් දස දෙනෙකුගේ කාය බලය එක් මංගල නම් ඇතෙකුට ඇත. මංගල ඇත්තු දස දෙනෙකුගේ කාය බලය හේම නම් එක් ඇතෙකුට ඇත. හේම ඇත්තු දසයකගේ කාය බලය එක් උපෝසථ ඇතෙකුට ඇත. උපෝසථ ඇත්තු දස දෙනෙකුගේ කාය බලය ඡද්දන්ත ඇතෙකුට ඇත. ඡද්දන්ත ඇත්තු දස දෙනෙකුගේ කාය බලය තථගතයන් වහන්සේට ඇත. “නාරායණ” නම් වූ බලය යැයි ද මෙයටම කියති. එය මේ ස්වභාවික ඇත් ගණයාගෙන් ඇතුන් කෙළදහස් ගණනකගේ ද පුරුෂයන් දසකෙළ දහසකගේ ද කාය ශක්තිය තථාගතයන්ට ඇති බැවින් - උන්වහන්සේ “දසබල සමන්නාගත” නම් වේ. මෙම සංග්‍රහ කිරීමට ඇතුන් හා මිනිසුන්ට පරිබාහිර වූ, ළාමක වූ සිංහාදී තිරිසන් ගනයෝ අයත් නොවෙති. මේ කායබලය නිසා දුක පිරිසිඳ දැනීම හෝ තණ්හාව දුරුකිරීම හෝ අර්හත් මාර්ගය වැඩීම හෝ ඵල ශාක්ෂාත් කිරීම හෝ කළ නොහැක. එනිසා ම බුදුරජාණන් වහන්සේට දස ස්ථායන්හි කම්පා නොවන, උපස්ථම්භනය වන දශවිධ ඥාන බලයක් ද ඇත. ඒ සඳහා “දසබල සමන්නාගත” යන්න යොදන ලදී.
කතමං පන තන්ති? ඨානාට්ඨානාදීනං යථාභූතං ජානනං. සෙය්යථිදං – ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො ජානනං එකං, අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො යථාභූතං විපාකජානනං එකං, සබ්බත්ථගාමිනිපටිපදාජානනං එකං, අනෙකධාතුනානාධාතුලොකජානනං එකං, පරසත්තානං පරපුග්ගලානං නානාධිමුත්තිකතාජානනං එකං, තෙසංයෙව ඉන්ද්රියපරොපරියත්තජානනං එකං, ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසවොදානවුට්ඨානජානනං එකං, පුබ්බෙනිවාසජානනං එකං, සත්තානං චුතූපපාතජානනං එකං, ආසවක්ඛයජානනං එකන්ති. අභිධම්මෙ පන –
එම දසය නම්; සුදුසු නුසුදුසු තැන් තත්වූ පරිද්දෙන් දන්නා බවයි. එනම්; සුදුසු තැන සුදුසු වශයෙනුත් නුසුදුසු තැන නුසුදුසු වශයෙනුත් දන්නා බව එක් ඥානයකි. අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න කර්ම සමාදානයන්ගේ ස්ථාන වශයෙන් ද හේතු වශයෙන්ද තත්වූ පරිද්දෙන් විපාක දන්නා බව එක් ඥානයකි. සෑම තැනකටම යා හැකි ප්‍රතිපදාව-පිළිවෙල දන්නා බව එකකි. අනේකවිධ වූ නොයෙක් ලෝකධාතූන් පිළිබඳව දන්නා බව තවත් ඥානයකි. අන්‍ය සත්ත්වයන්ගේ නානාධිමුක්නිකතාව දන්නා බව තව ඥානයකි. ඔවුන් පිළිබඳව ම ඉන්ද්රිය පරෝපරියත්තිය දන්නා බව තවත් ඥානයකි. ධ්‍යාන-විමෝක්ෂ-සමාධි සමාපත්තීන්ගේ කිලිටිවීම්, පිරිසිදුවීම් හා කෙලෙස් වලින් නැගිටීම් ආදිය දන්නා බව තවත් ඥානයකි. සත්ත්වයන්ගේ චුති උප්පත්ති දන්නා බව තවත් ඥානයකි. ආශ්‍රවයන් ක්ෂය කිරීම දන්නා බව තව ඥානයකි. අභිධර්මයේ වනාහී මෙසේ පැවසේ. -
“ඉධ තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති. යම්පි තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති. ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙතී”ති.
“මෙහි තථාගතයන් වහන්සේ සුදුසු තැන, සුදුසු වශයෙනුත්, නුසුදුසු තැන නුසුදුසු වශයෙනුත් තත්වූ පරිද්දෙන් දන්නා සේක. එසේ තත්වූ පරිදි සුදුසු-නුසුදුසු ස්ථාන දන්නා බවම තථාගතයන් වහන්සේගේ “තථාගත බලය” වේ. යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨතම ස්ථානය දැනගන්නා සේක් ද, පිරිස් මැද සීහනාද පවත්වන සේක් ද බ්‍රහ්මචක්‍රය පවත්වන සේක් ද ඒ තථාගත බලයෙන්ම වේ.”
ආදිනා (විභ· 760) නයෙන විත්ථාරතො ආගතානෙව. අත්ථවණ්ණනාපි නෙසං විභඞ්ගට්ඨකථායඤ්චෙව (විභ· අට්ඨ· 760) පපඤ්චසූදනියා ච මජ්ඣිමට්ඨකථාය (ම· නි· අට්ඨ· 1.148) සබ්බාකාරතො වුත්තා. සා තත්ථ වුත්තනයෙනෙව ගහෙතබ්බා.
මෙලෙස විස්තර වේ. මෙහි විස්තරාර්ථ වර්ණනාව විභංග අටුවාවේ ද පපංච සුදනී නම් මජ්ඣිමනිකාය අටුවාවේද සියලුම ආකාරයෙන් කියන ලදී. එම විස්තර එහි පැවසූ පරිදි දතයුතුය.
චතූහි ච වෙසාරජ්ජෙහීති එත්ථ සාරජ්ජපටිපක්ඛං වෙසාරජ්ජං, චතූසු ඨානෙසු වෙසාරජ්ජභාවං පච්චවෙක්ඛන්තස්ස උප්පන්නසොමනස්සමයඤාණස්සෙතං නාමං. කතමෙසු චතූසු? “සම්මාසම්බුද්ධස්ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධා”තිආදීසු චොදනාවත්ථූසු. තත්රායං පාළි –
“චතුහි ච වෙසාරජ්ජෙහී” යනු මෙහි කාමයෙන් බැඳීමට විරුද්ධ වූ විශාරද බවයි. සතර ස්ථානයන්හි පවත්නා විශාරද බවයි. එය “සිහි කරන්නහුට උපදින සෝමනස්සමය වූ ඥානයට මේ තවත් සමාන වදනකි. කවර ස්ථාන සතරක ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේට “මේ ධර්මයෝ ඔබවහන්සේ අවබෝධ නොකළේයැ”යි චෝදනා කිරීමට නොහැකි වීමයි. ත්‍රිපිටක පාළියේ -
“චත්තාරිමානි, භික්ඛවෙ, තථාගතස්ස වෙසාරජ්ජානි…පෙ…. කතමානි චත්තාරි? ‘සම්මාසම්බුද්ධස්ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධා’ති තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහ ධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං, භික්ඛවෙ, න සමනුපස්සාමි. එතමහං, භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි. ‘ඛීණාසවස්ස තෙ පටිජානතො ඉමෙ ආසවා අපරික්ඛීණා’ති තත්ර වත මං…පෙ… ‘යෙ ඛො පන තෙ අන්තරායිකා ධම්මා වුත්තා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා’ති තත්ර වත මං…පෙ… ‘යස්ස ඛො පන තෙ අත්ථාය ධම්මො දෙසිතො, සො න නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’ති තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා…පෙ… වෙසාරජ්ජප්පත්තො විහරාමී”ති (අ· නි· 4.8).
“මහණෙනි! මෙහි චතුර් වෛශාරද්‍ය ඥානයක් තථාගතයක් වහන්සේට ඇත. කවර සතරක් ද? මහණෙනි! මා හට “සම්මා සම්බුද්ධයැයි ප්‍රතිඥා දෙන නුඹවහන්සේ විසින් මේ ධර්මයෝ අවබෝධ නොකරන ලද සේකැ”යි පවසමින් කරුණු සහිතව චෝදනා කිරීමට සමත් පැවිද්දෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ මම නොමදකිමි. මහණෙනි! මම මෙබඳු පුද්ගලයෙක් නොදක්නේ නම් ක්ෂේමයට පැමිණියෙමි, අභයට පැමිණියෙමි, විශාරදත්වයට පැමිණියෙම් වාසය කරමි. මහණෙනි! මා හට “ක්ෂීණාශ්රව වූහයි ප්‍රතිඥා කරන නුඹවහන්සේ විසින් මේ මේ ආශ්‍රවයෝ ප්‍රහීණ නොකරන ලදහ”යි කී කරුණු සහිතව -පෙ- මහණෙනි! මාහට “නුඹවහන්සේ විසින් අන්තරායකර යැයි දෙසූ ධර්මයන් ඇසුරු කරන්නාට අන්තරායක් නොවේ” යැයි කරුණු සහිතව -පෙ- මහණෙනි! මාහට “නුඹවහන්සේ විසින් යම් අර්ථයක් සඳහා දහම් දෙසන ලද නම් ඒ ධර්මය සම්පූර්ණ කරන්නාගේ දුක් මැනවින් විනාශයට පත්නොවේ” යැයි පවසමින් කරුණු සහිතව -පෙ- මහණෙනි! මම මෙබඳු පුද්ගලයෙක් නොදක්නෙම් -පෙ- විශාරදත්වයට පැමිණියෙම් වාසය කරමි”
ආසභං ඨානන්ති සෙට්ඨට්ඨානං උත්තමට්ඨානං. ආසභා වා පුබ්බබුද්ධා, තෙසං ඨානන්ති අත්ථො. අපිච ගවසතජෙට්ඨකො උසභො, ගවසහස්සජෙට්ඨකො වසභො, වජසතජෙට්ඨකො වා උසභො, වජසහස්සජෙට්ඨකො වසභො, සබ්බගවසෙට්ඨො සබ්බපරිස්සයසහො සෙතො පාසාදිකො මහාභාරවහො අසනිසතසද්දෙහිපි අසම්පකම්පියො නිසභො, සො ඉධ උසභොති අධිප්පෙතො. ඉදම්පි හි තස්ස පරියායවචනං. උසභස්ස ඉදන්ති ආසභං. ඨානන්ති චතූහි පාදෙහි පථවිං උප්පීළෙත්වා අවට්ඨානං (ම· නි· 1.150). ඉදං පන ආසභං වියාති ආසභං. යථෙව හි නිසභසඞ්ඛාතො උසභො උසභබලෙන සමන්නාගතො චතූහි පාදෙහි පථවිං උප්පීළෙත්වා අචලට්ඨානෙන තිට්ඨති, එවං තථාගතොපි දසහි තථාගතබලෙහි සමන්නාගතො චතූහි වෙසාරජ්ජපාදෙහි අට්ඨපරිසපථවිං උප්පීළෙත්වා සදෙවකෙ ලොකෙ කෙනචි පච්චත්ථිකෙන පච්චාමිත්තෙන අකම්පියො අචලට්ඨානෙන තිට්ඨති. එවං තිට්ඨමානො ච තං ආසභං ඨානං පටිජානාති උපගච්ඡති න පච්චක්ඛාති, අත්තනි ආරොපෙති. තෙන වුත්තං “ආසභං ඨානං පටිජානාතී”ති.
“ආසභණ්ඨානං” යනු ශ්‍රේෂ්ඨ ස්ථානයට, උත්තම ස්ථානයට යනුයි. ශ්‍රේෂ්ඨයෝ හෝ පූර්ව බුදුවරු පැමිණියා වූ ස්ථානයට යන අර්ථයි. තවද ගවයන් සීයකට ජ්‍යෙෂ්ඨයා ‘උසභ’ යායි. ගවයන් දහසකට ජ්‍යෙෂ්ඨයා ‘වසභ’ යායි. ගාල් සීයකට ජ්‍යෙෂ්ඨයා ‘උසභ’ යායි. ගාල් දහසකට ජ්‍යෙෂ්ඨයා ‘වසභ’ යායි. සියලු ගවයන්ට ශ්‍රේෂ්ඨ වූ සියලු හිරිහැර ඉවසන්නා වූ සුදු වූ ප්‍රසාදාවහ වූ මහබර උසුලන්නා වූ හෙණ සීයක ශබ්දයකින් පවා කම්පා නොවන්නා වූ අතිශ්‍රේෂ්ඨ ම ගවයා මෙහිදී ‘උසභ’ යන්නෙන් අදහස් කරන ලදී. මෙය ඒ ගවයාට යෙදෙන තවත් නාමයකි. ‘උසභස්ස ඉදං’ යන විග්‍රහයෙන් “ආසභං” පදය සිද්ධ වේ. සතර පයින් බිම තදින් මිරිකාගෙන සිටීමට සමත් වේ. වෘෂභ ශ්‍රේෂ්ඨයා මෙන් යැයි “ආසභං” වේ. යම්සේ අතිශ්‍රේෂ්ඨ ගවයා වූ උසභයා, සිය වෘෂභ බලයෙන් යුක්ත වූයේ සතර පයින් බිම දැඩිව මිරිකාගෙන නොසෙල්වී සිටී ද එලෙසින් ම තථාගතයන් වහන්සේ ද දසවිධ තථාගත බලයෙන් යුතුවූයේ සතර වෛශාරද්‍ය නම් වූ පාද සතරින් අට පිරිස නම් වූ භූමිය මිරිකාගෙන දෙවියන් සහිත ලෝකයේ කිසිම සතුරෙකු-පස මිතුරෙකු විසින් කම්පා කල නොහැකි වූ සේක් නොසෙල්වී සිටින සේක. මෙසේ සිටිනුයේ ම ඒ “ආසභණ්ඨානං පටිජානාති” යි ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණෙන සේක. ප්‍රතික්ෂේප නොකරයි. තමා කෙරෙහි දොස් ආදිය නොනගයි. එනිසා “ශ්‍රේෂ්ඨ ම ස්ථානයට පැමිණේ” යැයි කියන ලදී.
පරිසාසූති “අට්ඨ ඛො ඉමා, සාරිපුත්ත, පරිසා. කතමා අට්ඨ? ඛත්තියපරිසා බ්රාහ්මණපරිසා ගහපතිපරිසා සමණපරිසා චාතුමහාරාජිකපරිසා තාවතිංසපරිසා මාරපරිසා බ්රහ්මපරිසා”ති, ඉමාසු අට්ඨසු පරිසාසු.
“පරිසාසු” යනු “ශාරිපුත්‍රයනි! මේ සසුනෙහි පිරිස් අටකි. ක්ෂත්රිය පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගහපති පිරිස, ශ්‍රමණ පිරිස, චාතුම්මහාරාජික දේව පිරිස, තව්තිසා වැසි දේව පිරිස, මාර පිරිස හා බ්‍රහ්ම පිරිසයි.” මේ අටපිරිස් මැද.
සීහනාදං නදතීති සෙට්ඨනාදං අභීතනාදං නදති, සීහනාදසදිසං වා නාදං නදති. අයමත්ථො සීහනාදසුත්තෙන දීපෙතබ්බො. යථා වා සීහො සහනතො චෙව හනනතො ච සීහොති වුච්චති, එවං තථාගතො ලොකධම්මානං සහනතො පරප්පවාදානඤ්ච හනනතො සීහොති වුච්චති. එවං වුත්තස්ස සීහස්ස නාදං සීහනාදං. තත්ථ යථා සීහො සීහබලෙන සමන්නාගතො සබ්බත්ථ විසාරදො විගතලොමහංසො සීහනාදං නදති, එවං තථාගතසීහොපි තථාගතබලෙහි සමන්නාගතො අට්ඨසු පරිසාසු විසාරදො විගතලොමහංසො, “ඉති රූප”න්තිආදිනා නයෙන නානාවිධදෙසනාවිලාසසම්පන්නං සීහනාදං නදති. තෙන වුත්තං “පරිසාසු සීහනාදං නදතී”ති.
“සීහනාදං නදති” යනු ශ්‍රේෂ්ඨ නාදය, අභීත නාදය කරයි. සිංහ හඬක් සමාන වූ ශබ්දයක් හෝ පිටකරයි. මෙහි අර්ථ විස්තර සීහනාද සූත්‍රයේ දක්වන ලදී. යම්සේ සිංහයා ඉවසන විටත්, නසනවිටත් සිංහයාම යැයි කියත් ද එසේම තථාගතයන් වහන්සේ ලෝක ධර්මතාවයන් ඉවසන විට ද පරවාදයන් වනසා දමන විට ද සිංහයෙක් යැයි කියති. මෙහි කියූ ලෙසම සිංහයාගේ හඬ සිංහ හඬයි. (සීහස්ස නාදං - සීහනාදං) යම්සේ සිංහයා, සිංහ බලයෙන් යුක්තවූයේ සැමතැන්හි විශාරදව දුරුකළ ලොමුඩැහැගැනීම් ඇතිව සිංහනාදය කරයි. එලෙසින්ම තථාගත නම් සිංහයාණෝ ද තථාගත බලයෙන් යුතුවූ සේක් අටපිරිස් හි විශාරදව, දුරුකළ ලොමුඩැහැගැනීම් ඇතිසේක්, “මෙය රූපය” යැයි ආදී වශයෙන් නානාවිධ වූ දේශනා විලාසයන්ගෙන් යුක්තව සිංහනාද කරන සේක. එනිසා “අටපිරිස් මැද සිංහනාද කරයි” යනුවෙන් කියන ලදී.
බ්රහ්මචක්කං පවත්තෙතීති එත්ථ බ්රහ්මන්ති සෙට්ඨං උත්තමං, විසුද්ධස්ස ධම්මචක්කස්සෙතං අධිවචනං. තං පන ධම්මචක්කං දුවිධං හොති පටිවෙධඤාණඤ්ච දෙසනාඤාණඤ්ච. තත්ථ පඤ්ඤාපභාවිතං අත්තනො අරියඵලාවහං පටිවෙධඤාණං, කරුණාපභාවිතං සාවකානං අරියඵලාවහං දෙසනාඤාණං. තත්ථ පටිවෙධඤාණං උප්පජ්ජමානං උප්පන්නන්ති දුවිධං. තඤ්හි අභිනික්ඛමනතො පට්ඨාය යාව අරහත්තමග්ගා උප්පජ්ජමානං, ඵලක්ඛණෙ උප්පන්නං නාම. තුසිතභවනතො වා යාව මහාබොධිපල්ලඞ්කෙ අරහත්තමග්ගා උප්පජ්ජමානං, ඵලක්ඛණෙ උප්පන්නං නාම. දීපඞ්කරතො වා පට්ඨාය යාව අරහත්තමග්ගා උප්පජ්ජමානං, ඵලක්ඛණෙ උප්පන්නං නාම. දෙසනාඤාණම්පි පවත්තමානං පවත්තන්ති දුවිධං. තඤ්හි යාව අඤ්ඤාසිකොණ්ඩඤ්ඤස්ස සොතාපත්තිමග්ගා පවත්තමානං, ඵලක්ඛණෙ පවත්තං නාම. තෙසු පටිවෙධඤාණං ලොකුත්තරං, දෙසනාඤාණං ලොකියං. උභයම්පි පනෙතං අඤ්ඤෙහි අසාධාරණං බුද්ධානංයෙව ඔරසඤාණං.
“බ්රහ්මචක්කං පවත්තෙති” යන මෙහි “බ්‍රහ්ම” යනු ශ්‍රේෂ්ඨ-උත්තම යනුයි. මෙය විශුද්ධ වූ ධර්ම චක්රයටම යෙදෙන තවත් සමාන වදනකි. ඒ ධර්මචක්රය දෙයාකාරය. ප්‍රතිවේධ ඤාණය සහ දේශනා ඤාණය යනුවෙනි. එහි ප්‍රඥාවෙන් වඩනාලදුව තමාට ආර්ය මාර්ග ඵල කැඳවනුයේ ප්‍රතිවේධ ඤාණයයි. කරුණාවෙන් වඩනා ලදුව ශ්‍රාවකයන්ගේ ආර්යඵල කැඳවනුයේ දේශනා ඤාණයයි. එහි ප්‍රතිවේධ ඤාණය “උප්පජ්ජමාන” හා “උප්පන්න” වශයෙන් දෙයාකාරය. අරහත්ඵලය ලැබූ කෙනෙහි “උප්පන්න” නම් වේ. තුසිත භවනයේ පටන් මහබෝමැඩ අපරාජිත පර්යංකයෙන් සිට අර්හත් මාර්ගය ඉපදීම දක්වා “උප්පජ්ජමාන” ප්‍රතිවේධ ඤාණයයි. අර්හත් ඵලය ලැබූ ක්ෂණයෙහි “උප්පන්න ප්‍රතිවේධ ඤාණයයි. දීපංකර පාදමූලයේ පටන් අර්හත් මාර්ගය දක්වා උප්පජ්ජමාන ප්‍රතිවේධ ඥානයයි. අර්හත්ඵලය ලැබූ කෙනෙහි උප්පන්න ප්‍රතිවේධ ඤාණයයි. දේශනා ඥානය ද “පවත්තමාන” හා “පවත්ත” වශයෙන් දෙයාකාරය. එහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ගේ සෝවාන් මාර්ගයට එළඹීම දක්වා “පවත්තමාන” දේශනා ඤාණයයි. අර්හත් මාර්ග ඵලය ලැබූ කෙණෙහි “පවත්ත” දේශනා ඤාණය ඇතිවිය. මේ ඤාණ දෙකින් ප්‍රතිවේධ ඤාණය ලෝකෝත්තරය. දේශනා ඤාණය ලෞකිකය. මේ ඤාණ දෙකම අන්‍යයන්ට අසාධාරණ වන බුදුවරුන්ටම පමණක් ඇතිවන ඖරස ඤාණයකි. (හදවතින්ම උපදින ඤාණයකි.)
ඉදානි යං ඉමිනා ඤාණෙන සමන්නාගතො සීහනාදං නදති, තං දස්සෙතුං ඉති රූපන්තිආදිමාහ. තත්ථ ඉති රූපන්ති ඉදං රූපං එත්තකං රූපං, ඉතො උද්ධං රූපං නත්ථීති රුප්පනසභාවඤ්චෙව භූතුපාදායභෙදඤ්ච ආදිං කත්වා ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානවසෙන අනවසෙසරූපපරිග්ගහො වුත්තො. ඉති රූපස්ස සමුදයොති ඉමිනා එවං පරිග්ගහිතස්ස රූපස්ස සමුදයො වුත්තො. තත්ථ ඉතීති එවං සමුදයො හොතීති අත්ථො. තස්ස විත්ථාරො “අවිජ්ජාසමුදයා රූපසමුදයො තණ්හාසමුදයා, කම්මසමුදයා ආහාරසමුදයා රූපසමුදයොති නිබ්බත්තිලක්ඛණං පස්සන්තොපි රූපක්ඛන්ධස්ස උදයං පස්සතී”ති (පටි· ම· 1.50) එවං වෙදිතබ්බො. අත්ථඞ්ගමෙපි “අවිජ්ජානිරොධා රූපනිරොධො…පෙ… විපරිණාමලක්ඛණං පස්සන්තොපි රූපක්ඛන්ධස්ස නිරොධං පස්සතී”ති අයං විත්ථාරො.
දැන් යමෙක් මේ ඤාණයන්ගෙන් සමන්විතව සීහනාද කරත් ද එය දැක්වීමට “ඉතිරූපං” යනාදිය දෙසූහ. එහි “ඉතිරූපං” යනු මේ රූපයයි. මෙපමණ රූපයකි. මෙයින් වෙනත් වූ හෝ මෙයින් මතු රූපයක් නැත. වෙනස්වන ස්වභාවය ද සුවුමහාභූත දැඩිව ගත් භේදාදිය මුල් කරගත් ලක්ෂණ - රස - පච්චුපට්ඨාන - පදට්ඨාන ආදී වශයෙන් සියලු ආකාරයෙන් ම රූපය විමසීම කියන ලදී. “ඉති රූපස්ස සමුදයො” යනු දැන් මෙසේ විමසන ලද රූපයේ හටගැනීම කියන ලදී. එහි “ඉති” යනු මෙසේ “හටගැනීම වේ” යන අර්ථයි. එහි විස්තර වශයෙන් - “අවිද්‍යාව ඇතිවීමෙන් රූපය ඇතිවේ. තණ්හාව ඇතිවීමෙන් ක්‍රියා ඇතිවේ. ආහාර ඇතිවීමෙන් රූපය ඇතිවේ. මෙසේ ඉපදීම් ලක්ෂණ දකින්නා විසින් රූපස්කන්ධයේ ඇතිවීම දකින්නේයැ” යි මෙසේ දතයුතුයි. විනාශවීමෙහි ද -අවිද්‍යාව නැතිකිරීමෙන් රූපය නැතිවේ. -පෙ- විපරිණාමී ලක්ෂණ දකින්නා විසිනුදු රූපස්කන්ධයාගේ නැතිවීම දකින්නේ ය” යනු මේ විස්තරයයි.
ඉති වෙදනාතිආදීසුපි අයං වෙදනා එත්තකා වෙදනා, ඉතො උද්ධං වෙදනා නත්ථි, අයං සඤ්ඤා, ඉමෙ සඞ්ඛාරා, ඉදං විඤ්ඤාණං එත්තකං විඤ්ඤාණං, ඉතො උද්ධං විඤ්ඤාණං නත්ථීති වෙදයිතසඤ්ජානනඅභිසඞ්ඛරණවිජානනසභාවඤ්චෙව සුඛාදිරූපසඤ්ඤාදිඵස්සාදිචක්ඛුවිඤ්ඤාණාදිභෙදඤ්ච ආදිං කත්වා ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානවසෙන අනවසෙසවෙදනාසඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණපරිග්ගහො වුත්තො. ඉති වෙදනාය සමුදයොතිආදීහි පන එවං පරිග්ගහිතානං වෙදනාසඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණානං සමුදයො වුත්තො. තත්රාපි ඉතීති එවං සමුදයො හොතීති අත්ථො. තෙසම්පි විත්ථාරො “අවිජ්ජාසමුදයා වෙදනාසමුදයො”ති (පටි· ම· 1.50) රූපෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. අයං පන විසෙසො – තීසු ඛන්ධෙසු “ආහාරසමුදයා”ති අවත්වා “ඵස්සසමුදයා”ති වත්තබ්බං, විඤ්ඤාණක්ඛන්ධෙ “නාමරූපසමුදයා”ති. අත්ථඞ්ගමපදම්පි තෙසංයෙව වසෙන යොජෙතබ්බං. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරතො පන උදයබ්බයවිනිච්ඡයො සබ්බාකාරපරිපූරො විසුද්ධිමග්ගෙ වුත්තො.
“ඉති වේදනා” ආදියෙහිද මේ වේදනාවයි. වේදනාව මෙපමණි. මින් මතු වේදනාවක් නැත. මේ සංඥාවයි. මේ සංස්කාරයයි. මේ විඤ්ඤාණයයි. විඤ්ඤාණය මෙපමණි. මින්මතු විඤ්ඤාණයක් නැත. විඳින ලද, හැඳිනගත්, අභිසංස්කරණය කළ, දැනගන්නා ලද ස්වභාවයන් ද සැප-රූප සංඥා-ඵස්ස-චක්ෂු විඤ්ඤාණාදී භේදයන් ද මුල් කරගත් ලක්ෂණ-රස-පච්චුපට්ඨාන-පදට්ඨාන වශයෙන් සියලු ආකාර වේදනා-සංඥා-සංස්කාර-විඤ්ඤාණාදිය පිළිබඳ විමසා බැලීම කියන ලදී. “ඉති වේදනාය සමුදයො” ආදී වශයෙන් මෙසේ විමසූ වේදනා-සංඥා-සංස්කාර-විඤ්ඤාණයන්ගේ හටගැනීම කියන ලදී. එහි ද “ඉති” යනුවෙන් මෙසේ “හටගනී” යැයි කියන ලදී. මෙහි විස්තරාර්ථයන්ද “අවිද්‍යාව ඇතිවීමෙන් වේදනාව ඇතිවේ” යනාදී ලෙස රූප විස්තරයේදී පෙර කියූ පරිදිම දතයුතුයි. මෙහිදී ඇති විශේෂත්වය නම්; වේදනා, සංඥා, සංස්කාර යන ත්‍රිවිධ ස්කන්ධයන්හි “ආහාරයෙන් හටගනියි” යන්න නොපවසා, “ස්පර්ශයෙන් හටගනියි” යනුවෙන් කිව යුතුයි. විඤ්ඤාණස්කන්ධයේ දී “නාමරූපයන්ගෙන් හටගනියි” යනුවෙන් කිව යුතුයි. විනාශවීමේදී ද මේ අයුරින්ම යෙදිය යුතුයි. මේ දැක්වූයේ සංක්ෂිප්ත විස්තරයකි. ඉපදීම්-නැතිවීම් ආදී සවිස්තරාත්මක විනිශ්චය සියලු ආකාරයෙන් පරිපූර්ණව විසුද්ධිමාර්ගයේ විස්තර වේ.
ඉමස්මිං සති ඉදං හොතීති අයම්පි අපරො සීහනාදො. තස්සත්ථො – ඉමස්මිං අවිජ්ජාදිකෙ පච්චයෙ සති ඉදං සඞ්ඛාරාදිකං ඵලං හොති. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජතීති ඉමස්ස අවිජ්ජාදිකස්ස පච්චයස්ස උප්පාදා ඉදං සඞ්ඛාරාදිකං ඵලං උප්පජ්ජති. ඉමස්මිං අසති ඉදං න හොතීති ඉමස්මිං අවිජ්ජාදිකෙ පච්චයෙ අසති ඉදං සඞ්ඛාරාදිකං ඵලං න හොති. ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣතීති ඉමස්ස අවිජ්ජාදිකස්ස පච්චයස්ස නිරොධා ඉදං සඞ්ඛාරාදිකං ඵලං නිරුජ්ඣති. ඉදානි යථා තං හොති චෙව නිරුජ්ඣති ච, තං විත්ථාරතො දස්සෙතුං යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරාතිආදිමාහ.
“ඉමස්මිං සති ඉදං හොති” මෙය ද තවත් සිංහ නාදයකි. එහි අර්ථය මෙසේය. මේ අවිද්‍යාදී ප්‍රත්‍යයන් ඇතිකල්හි මේ සංස්කාරාදී ඵලයන් වේ. “ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති” මේ අවිද්‍යාදිය උපන් කල්හි මේ සංස්කාරාදී ඵලයන් හටගනියි. “ඉමස්මිං අසති ඉදං නහොති” යනු මේ අවිද්‍යාදී ප්‍රත්‍යයන් නැතිකල්හි මේ සංස්කාරාදී ඵලයෝ නැති වෙති. “ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති” මේ අවිද්‍යාදී ප්‍රත්‍යයන්ගේ නැතිවීමෙන් මේ සංස්කාරාදී ඵලයෝ නැතිවෙති. දැන් යම්සේ ඒ හේතු-ඵලයන්ගේ ඇතිවීමත්, නැතිවීමත් විස්තර කිරීම සඳහා “යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා” ආදිය දක්වන ලදී.
එවං ස්වාක්ඛාතොති එවං පඤ්චක්ඛන්ධවිභජනාදිවසෙන සුට්ඨු අක්ඛාතො කථිතො. ධම්මොති පඤ්චක්ඛන්ධපච්චයාකාරධම්මො. උත්තානොති අනිකුජ්ජිතො. විවටොති විවරිත්වා ඨපිතො. පකාසිතොති දීපිතො ජොතිතො. ඡින්නපිලොතිකොති පිලොතිකා වුච්චති ඡින්නං භින්නං තත්ථ තත්ථ සිබ්බිතගණ්ඨිතං ජිණ්ණවත්ථං, තං යස්ස නත්ථීති අට්ඨහත්ථං නවහත්ථං වා අහතසාටකං නිවත්ථො, සො ඡින්නපිලොතිකො නාම. අයම්පි ධම්මො තාදිසො. න හෙත්ථ කොහඤ්ඤාදිවසෙන ඡින්නභින්නසිබ්බිතගණ්ඨිතභාවො අත්ථි. අපිච ඛුද්දකසාටකොපි පිලොතිකාති වුච්චති, සා යස්ස නත්ථි, අට්ඨනවහත්ථො මහාපටො අත්ථි, සොපි ඡින්නපිලොතිකො, අපගතපිලොතිකොති අත්ථො. තාදිසො අයං ධම්මො. යථා හි චතුහත්ථං සාටකං ගහෙත්වා පරිග්ගහණං කරොන්තො පුරිසො ඉතො චිතො ච අඤ්ඡන්තො කිලමති, එවං බාහිරකසමයෙ පබ්බජිතා අත්තනො පරිත්තකං ධම්මං “එවං සති එවං භවිස්සතී”ති කප්පෙත්වා කප්පෙත්වා වඩ්ඪෙන්තා කිලමන්ති. යථා පන අට්ඨහත්ථනවහත්ථෙන පරිග්ගහණං කරොන්තො යථාරුචි පාරුපති න කිලමති, නත්ථි තත්ථ අඤ්ඡිත්වා වඩ්ඪනකිච්චං; එවං ඉමස්මිම්පි ධම්මෙ කප්පෙත්වා කප්පෙත්වා විභජනකිච්චං නත්ථි, තෙහි තෙහි කාරණෙහි මයාව අයං ධම්මො සුවිභත්තො සුවිත්ථාරිතොති ඉදම්පි සන්ධාය “ඡින්නපිලොතිකො”ති ආහ. අපිච කචවරොපි පිලොතිකාති වුච්චති, ඉමස්මිඤ්ච සාසනෙ සමණකචවරං නාම පතිට්ඨාතුං න ලභති. තෙනෙවාහ –
“එවං ස්වාක්ඛාතො” යනු මෙසේ රූපස්කන්ධය බෙදා දැක්වීම් වශයෙන් මැනවින් කියන ලද්දේ (සුට්ඨු අක්ඛාතො) -ස්වාක්ඛාතො යි කියන ලදී. “ධම්මො” යනු පංචස්කන්ධ ප්‍රත්‍යාකාර ධර්මයයි. “උත්තානො” යනු උඩුකුරු කරන ලද්දේ යනුයි. “විවටො” විවෘත කර තබන ලද්දේ “පකාසීතො’’ යනු දක්වන ලද්දේ. ප්‍රකට කරන ලද්දේ යනුයි. “ඡින්නපිළොතිකො” යන්නෙන් කඩමාලු-දිරූ රෙද්ද අදහස් වේ. ඒ ඒ තැන කැඩී-ඉරී ගිය හා මැසූ, ගැටගැසූ සිඳුණු වස්ත්‍රයක්, අටරියනක් හෝ නවරියනක් ලෙස නොනැසූ සුලුවක් යමෙකුට නැතිද ඔහු “ඡින්න පිළොතිකා” නම් වේ. මේ ධර්මය හා සමාන වූ වෙනත් කිසිදු දහමක් නැත. කුහක බව ආදී වශයෙන් සිඳුනු-බිඳුණු-මැසූ-ගැට ගැසූ අපිරිසිදු දහමක් ඇත යන අරුතින් ද ඡින්න පිලොතිකා නම් වේ. තවද කුඩා සලුවක් ඇත්තාට ද ‘පිළොතිකා’ යැයි කියනු ලැබේ. යමකුට අට-නව රියන් මහා සලුවක් නොමැත්තේද ඔහුට ද “ඡින්නපිළොතිකා” -පහවූ, දිරූ වස්ත්‍ර ඇත්තෙකැයි කියයි. මොහුගේ ධර්මයත් එසේමය. යම්සේ පුරුෂයෙන් සිවුරියන් සලුවක් ඇඳගෙන සිටිනුයේ එහෙ-මෙහෙ ඇඳීම් වශයෙන් වෙහෙසේද එලෙසින්ම වෙනත් සසුන්වල පැවිදිවූවෝ, තම අල්ප වූ ධර්මය “මෙසේ අතිකල්හි මෙසේ වන්නේයැ”යි මෙනෙහි කරමින් වඩනුයේ වෙහෙසීමට පත්වෙති. යම්සේ අට-නවරියන් වූ වස්ත්‍රයක් හැඳගත් තැනැත්තා කැමති සේ-රිසි සේ එය පොරවා ද නොවෙහෙසේ ද එම වස්ත්‍රයේ එහෙ-මෙහෙ ඇඳ වැඩිය යුතු කිසිවක් නොමැතිද එලෙසින්ම මේ බුදුසසුනේ කල්පනා කර කර, බෙදා දැක්විය යුතු කිසිවක් නැත. ඒ ඒ කාරණාවලින් මවිසින් මේ ධර්මය මනාව බෙදන ලදී මනාව විස්තර කරන ලදී. මේ නිසාද “ඡින්න පිළොතිකා” යැයි කියයි. තවද කසල ඇත්තාද “පිළොතිකා” නමින් හැඳින්වේ. මේ බුදුසසුනෙහි ශ්‍රමණ කසලයා නම් කිසිදු පිහිටක් නොලබන බව මෙසේ කියැවේ.
“කාරණ්ඩවං නිද්ධමථ, කසම්බුං අපකස්සථ; තතො පලාපෙ වාහෙථ, අස්සමණෙ සමණමානිනෙ.
“කසල ගොඩක් බඳු ඔහු බැහැර කරවු. කෙලෙස් කසට සහිත ඔහු නෙරපාලවු. මේ අයුරින් ශ්‍රමණයෙක් නොවී ශ්‍රමණයෙකැයි සිතන්නා වූ බොල් පුද්ගලයන් පිඹ හරිවු. ලාමක දේවල් කැමති පවිටු ඇවතුම්-පැවතුම් ඇති ඔවුහු බැහැර ලා කාය හැසිරීමාදියෙන් පිරිසිදුව ඔහුනොවුන් කෙරේ ගෞරවයෙන් පිරිසිදු පුද්ගලයන් හා වෙසෙවු. ඉන්පසු සමගිව - දක්ෂව දුක් කෙළවර කරවු.”
“නිද්ධමිත්වාන පාපිච්ඡෙ, පාපආචාරගොචරෙ; සුද්ධා සුද්ධෙහි සංවාසං, කප්පයව්හො පතිස්සතා; තතො සමග්ගා නිපකා, දුක්ඛස්සන්තං කරිස්සථා”ති. (අ· නි· 8.10);
ඉති සමණකචවරස්ස ඡින්නත්තාපි අයං ධම්මො ඡින්නපිලොතිකො නාම හොති.
මෙසේ ශ්‍රමණ කසළයාගේ සිදීම ඇති බැවින් මේ ධර්මය “ඡින්න පිළෝතිකා” නම් වේ.
අලමෙවාති යුත්තමෙව. සද්ධාපබ්බජිතෙනාති සද්ධාය පබ්බජිතෙන. කුලපුත්තෙනාති ද්වෙ කුලපුත්තා ආචාරකුලපුත්තො ජාතිකුලපුත්තො ච. තත්ථ යො යතො කුතොචි කුලා පබ්බජිත්වා සීලාදයො පඤ්ච ධම්මක්ඛන්ධෙ පූරෙති, අයං ආචාරකුලපුත්තො නාම. යො පන යසකුලපුත්තාදයො විය ජාතිසම්පන්නකුලා පබ්බජිතො, අයං ජාතිකුලපුත්තො නාම. තෙසු ඉධ ආචාරකුලපුත්තො අධිප්පෙතො. සචෙ පන ජාතිකුලපුත්තො ආචාරවා හොති, අයං උත්තමොයෙව. එවරූපෙන කුලපුත්තෙන. වීරියං ආරභිතුන්ති චතුරඞ්ගසමන්නාගතං වීරියං කාතුං. ඉදානිස්ස චතුරඞ්ගං දස්සෙන්තො කාමං තචො චාතිආදිමාහ. එත්ථ හි තචො එකං අඞ්ගං, න්හාරු එකං, අට්ඨි එකං, මංසලොහිතං එකන්ති. ඉදඤ්ච පන චතුරඞ්ගසමන්නාගතං වීරියං අධිට්ඨහන්තෙන නවසු ඨානෙසු සමාධාතබ්බං පුරෙභත්තෙ පච්ඡාභත්තෙ පුරිමයාමෙ මජ්ඣිමයාමෙ පච්ඡිමයාමෙ ගමනෙ ඨානෙ නිසජ්ජාය සයනෙති.
“අලමෙව” යනු සුදුසුමය. “සද්ධාපබ්බජිතෙන” යනු ශ්‍රද්ධාවෙන් පැවිදි වූවහු විසින්ය. “කුලපුත්තෙන” යන මෙහි කුල පුත්‍රයෝ දෙදෙනෙකි. ආචාර කුල පුත්‍රයා සහ ජාති කුල පුත්‍රයා වශයෙනි. එහි යම් අයෙක් කිසියම් කුසලයකින් පැවිදි වී සීලාදී පස්විධ ධර්ම ස්කන්ධයන් සම්පූර්ණ කරයි ද ඔහු “ආචාර කුලපුත්‍ර” නම් වේ. යමෙක් යසකුල පුතු මෙන් උසස් කුලයක උපිද පැවිදි වූවො ද, ඔවුහු “ජාතිකුල පුත්‍රයා” නම් වේ. ඔවුන් දෙදෙනා අතුරින් මෙහිදී ආචාරය කුලපුත්‍රයා අදහස් කරන ලදී. ඉදින් ජාති කුලපුත්‍රයා පැවිදි වීමෙන් ආචාර කුලපුත්‍රයෙක් බවටද පත්වේද ඔහු ඉතා උතුම් ය. මෙබඳු කුලපුත්‍රයා විසින් “විරියං ආරභිතුං” යනු චතුරංග සමන්නාගත වීර්යය කිරීමටයි දැන් ඔහුට චතුරංගයන් දක්වමින් “කාමං තචො ච” යනාදිය දෙසූහ. මෙහි “සම” එකකි. “නහර” යනු දෙවන අංගයයි. තෙවන අංගයට “ඇට” වෙයි. සිවුවන අංගය “මස්-ලේ” දෙකයි. මෙහිදී චතුරංග සමන්නාගත වීර්යය අධිෂ්ඨාන කරන්නහු විසින් තව තැනෙක් හි එය සමාදන් විය යුතුයි. පෙර බත් කල, පසු බත් කල, පෙර යාමයේ, මැදුම් යාමයේ, පශ්චිම යාමයේ, ගමන්කිරීමේදී, සිටගෙන සිටීමේදී, හිඳීමේදී හා නිදීමේදී යන නව ස්ථානයේදී
දුක්ඛං, භික්ඛවෙ, කුසීතො විහරතීති ඉමස්මිං සාසනෙ යො කුසීතො පුග්ගලො, සො දුක්ඛං විහරති. බාහිරසමයෙ පන යො කුසීතො, සො සුඛං විහරති. වොකිණ්ණොති මිස්සීභූතො. සදත්ථන්ති සොභනං වා අත්ථං සකං වා අත්ථං, උභයෙනාපි අරහත්තමෙව අධිප්පෙතං. පරිහාපෙතීති හාපෙති න පාපුණාති. කුසීතපුග්ගලස්ස හි ඡ ද්වාරානි අගුත්තානි හොන්ති, තීණි කම්මානි අපරිසුද්ධානි, ආජීවට්ඨමකං සීලං අපරියොදාතං, භින්නාජීවො කුලූපකො හොති. සො සබ්රහ්මචාරීනං අක්ඛිම්හි පතිතරජං විය උපඝාතකරො හුත්වා දුක්ඛං විහරති, පීඨමද්දනො චෙව හොති ලණ්ඩපූරකො ච, සත්ථු අජ්ඣාසයං ගහෙතුං න සක්කොති, දුල්ලභං ඛණං විරාධෙති, තෙන භුත්තො රට්ඨපිණ්ඩොපි න මහප්ඵලො හොති.
“දුක්ඛං භික්ඛවේ! කුසීතො විහරති” යනු මේ බුදුසසුනෙහි යම් කම්මැලි පුරුෂයෙන් වේද ඔහු දුකසේ වෙසෙයි යනුයි. අන්‍ය සමයන්හි වනාහි කම්මැලි පුද්ගලයෝ සුවසේ වෙසෙති. “වොකිණ්ණො” යනු මිශ්‍ර වූ යන අර්ථයයි. “සදත්ථං” යනු “ශෝභන වූ” හෝ “මහත් වූ” යන අර්ථයයි. මේ දෙකින් ම රහත් බව අදහස් වෙයි. “පාරිහාපෙති” පිරිභවයි. නොපැමිණෙයි. කුසීත පුද්ගලයාගේ ඉන්ද්රිය සය ගෝපනය නොකරන ලද්දේ, ආරක්ෂා නොකරන ලද්දේ වේ. ඔහුගේ තිදොරින් කරන කර්මයෝ (ක්‍රියාවෝ) අතිශය අපිරිසිදු වෙති. ඔහුගේ ආජීවාශ්ඨමක ශීලයද ඉතා අපිරිසිදුය. ඔහු බිඳුනු ආජීව ඇත්තෙකුව ගිහි කුලයන් වෙත නිතර එළඹෙන්නෙකු වේ. මෙනිසා එකට බඹසර පුරන සෙසු භික්ෂූන් වහන්සේලාගේ ඇසෙහි වැටුණු දූවිල්ලක් මෙන් නැසීම්-වැනසීම් කරන්නෙක්ව දුකින් වෙසේ. ශාන්ත වූ නිවන විනාශ කරන්නෙක් මෙන් ම මැටිකැටයක් මෙන් වැටෙන්නෙක් ද වේ. ශාස්තෲන් වහන්සේ ගේ අදහස ගැනීමට ද අසමත් වේ. දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය වරදවා ගනී. ඔහුවිසින් අනුභව කරන ලද දායකයන්ගේ ආහාරය පවා මහත්ඵල ගෙන නොදෙයි.
ආරද්ධවීරියො ච ඛො, භික්ඛවෙති ආරද්ධවීරියො පුග්ගලො ඉමස්මිංයෙව සාසනෙ සුඛං විහරති. බාහිරසමයෙ පන යො ආරද්ධවීරියො, සො දුක්ඛං විහරති. පවිවිත්තොති විවිත්තො වියුත්තො හුත්වා. සදත්ථං පරිපූරෙතීති අරහත්තං පාපුණාති. ආරද්ධවීරියස්ස හි ඡ ද්වාරානි සුගුත්තානි හොන්ති, තීණි කම්මානි පරිසුද්ධානි, ආජීවට්ඨමකං සීලං පරියොදාතං සබ්රහ්මචාරීනං අක්ඛිම්හි සුසීතලඤ්ජනං විය ධාතුගතචන්දනං විය ච මනාපො හුත්වා සුඛං විහරති, සත්ථු අජ්ඣාසයං ගහෙතුං සක්කොති. සත්ථා හි –
“ආරද්ධ වීරියෝ ච භික්ඛවෙ” යනු “අරඹන ලද වීර්යය ඇති පුද්ගලයා මේ සසුනෙහිම සැපසේ වෙසේ” යන්නයි. අන්‍ය සමයන්හි වනාහී අරඹන ලද වීර්යය ඇත්තා දුකසේ වෙසේ. “පවිවිත්තො” විවේකයෙන් යුතු බාහිර කරදර වලින් වියුක්ත වූවෙක් වී. “සදත්ථං පරිපූරෙති” යනු රහත් බවට පැමිණෙයි. අරඹන ලද වීර්යය ඇත්තාගේ ඉඳුරන් සය මනාව ආරක්ෂා කරන ලද්දේ වේ. ත්‍රිවිධ කර්මයෝ පිරිසිදුය. ආජීව අෂ්ඨමක ශීලය ඉතා පිරිසිඳුය. එක්ව බඹසර හැසිරෙන්නවුන්ගේ ඇසෙහි ඉතා සිසිල් අඳුනක් ගාන්නාක් මෙන් ද අතට පත් සඳුනක් මෙන් ප්රියමනාපවද සුවසේ වෙසෙයි. ඔහු ශාස්තෲන් වහන්සේගේ අදහස ගැනීමට සමත් වේ. ශාස්තෲන් වහන්සේ වනාහී -
“චිරං ජීව මහාවීර, කප්පං තිට්ඨ මහාමුනී”ති –
“මහා වීරයන් වහන්ස! බොහෝ කාලයක් ජීවත් වේවා! මහා මුනීන්ද්රයන් වහන්ස! කල්පයක් වැඩසිටින සේක්වා!”
එවං ගොතමියා වන්දිතො, “න ඛො, ගොතමි, තථාගතා එවං වන්දිතබ්බා”ති පටික්ඛිපිත්වා තාය යාචිතො වන්දිතබ්බාකාරං ආචික්ඛන්තො එවමාහ –
මෙසේ ගෞතමිය පවසමින් වඳිනවිට; බුදුරජාණන් වහන්සේ “ගෞතමයෙනි! මෙසේ තථාගතයන් වහන්සේ නොවැඳිය යුතුයි.” යනුවෙන් පවසා ප්‍රතික්ෂේප කළ සේක. ඉන්පසු ඇය විසින් ආරාධිත වූ බුදුපියාණන් වහන්සේ තථාගතයන්ට වැඳිය යුතු ආකාරය දක්වමින් මෙසේ වදාළහ.
“ආරද්ධවීරියෙ පහිතත්තෙ, නිච්චං දළ්හපරක්කමෙ; සමග්ගෙ සාවකෙ පස්ස, එසා බුද්ධාන වන්දනා”ති. (අප· ථෙරී 2.2.171);
“ආරද්ධ විරියෙ පහිතත්තෙ නිච්චං දළ්හ පරක්කමෙ සමග්ගෙ සාවකෙ පස්ස එසා “බුද්ධාන වන්දනා”ති
“ඇරඹූ වීර්ය ඇති, නිවණට මෙයෙයූ සිත් ඇති, නිතර දැඩි පරාක්‍රම ඇති සමගි ශ්‍රාවක සංඝයා සහිත බුදුරදුන්ට වන්දනා කරන්න” යනුවෙනි.
එවං ආරද්ධවීරියො සත්ථු අජ්ඣාසයං ගහෙතුං සක්කොති, දුල්ලභං ඛණං න විරාධෙති. තස්ස හි බුද්ධුප්පාදො ධම්මදෙසනා සඞ්ඝසුප්පටිපත්ති සඵලා හොති සඋද්‍රයා, රට්ඨපිණ්ඩොපි තෙන භුත්තො මහප්ඵලො හොති.
මෙසේ ආරම්භ කළ වීර්යය ඇති තැනැත්තා ශාස්තෲන් වහන්සේගේ අදහස ඉටු කිරීමට සමත් වේ. දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය විනාශ නොකරයි. ඔහු වනාහී බුද්ධෝත්පාදයද ධර්ම දේශනාවද සංඝයාගේ මනාපිළිවෙත සඵල කරයි. ප්‍රතිඵල ගෙන දෙයි. ඔහු විසින් අනුභව කළ දායකයන්ගේ ආහාරයද මහත්ඵල ගෙන දේ.
හීනෙන අග්ගස්සාති හීනාය සද්ධාය හීනෙන වීරියෙන හීනාය සතියා හීනෙන සමාධිනා හීනාය පඤ්ඤාය අග්ගසඞ්ඛාතස්ස අරහත්තස්ස පත්ති නාම න හොති. අග්ගෙන ච ඛොති අග්ගෙහි සද්ධාදීහි අග්ගස්ස අරහත්තස්ස පත්ති හොති. මණ්ඩපෙය්යන්ති පසන්නට්ඨෙන මණ්ඩං, පාතබ්බට්ඨෙන පෙය්යං. යඤ්හි පිවිත්වා අන්තරවීථියං පතිතො විසඤ්ඤී අත්තනො සාටකාදීනම්පි අස්සාමිකො හොති, තං පසන්නම්පි න පාතබ්බං, මය්හං පන සාසනං එවං පසන්නඤ්ච පාතබ්බඤ්චාති දස්සෙන්තො “මණ්ඩපෙය්‍ය”න්ති ආහ.
“හීනෙන අග්ගස්ස” හීන වූ ශ්‍රද්ධාවෙන්, හීන වූ වීර්යයෙන්, හීන වූ සිහියෙන්, හීන වූ සමාධියෙන්, හීන වූ ප්‍රඥාවෙන් යුතු පුද්ගලයා “අග්‍ර” නම් වූ රහත්බවට පැමිණීම නම් සිදුනොවේමය. “අග්ගෙත ච ඛො” අග්‍ර වූම ශ්‍රද්ධා-වීර්යාදියෙන්ම රහත් බවට පැමිණීම වේ. “මණ්ඩපෙය්යං” යනු ප්‍රසන්න-පිරිසිදු වූ අරුතින් “මණ්ඩ” නම් වේ. පානය කළයුතු අර්ථයෙන් “පෙය්යං” නම් වේ. යමක් බීමෙන් අතරමග වැටී සිහිනැතිව, තමාගේ හැඳි වස්ත්රාදියට ද හිමිකමක් නොමැති වීමට සිදුවේද, ඒ පානය ඉතා පිරිසිදු වුවත් නොම පානය කළයුතුයි. මගේ සසුන් වනාහී මෙසේ ප්‍රසන්න වූත් පානය කළයුතු වූත් එකකැයි දක්වමින් “මණ්ඩපෙය්යං” යනුවෙන් වදාළහ.
තත්ථ තිවිධො මණ්ඩො – දෙසනාමණ්ඩො, පටිග්ගහමණ්ඩො, බ්රහ්මචරියමණ්ඩොති. කතමො දෙසනාමණ්ඩො? චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං, චතුන්නං සතිපට්ඨානානං…පෙ… අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස ආචික්ඛනා…පෙ… උත්තානීකම්මං, අයං දෙසනාමණ්ඩො. කතමො පටිග්ගහමණ්ඩො? භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො දෙවා මනුස්සා යෙ වා පනඤ්ඤෙපි කෙචි විඤ්ඤාතාරො, අයං පටිග්ගහමණ්ඩො. කතමො බ්රහ්මචරියමණ්ඩො? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං – සම්මාදිට්ඨි…පෙ… සම්මාසමාධි, අයං බ්රහ්මචරියමණ්ඩො. අපිච අධිමොක්ඛමණ්ඩො සද්ධින්ද්රියං, අස්සද්ධියං කසටො, අස්සද්ධියං කසටං ඡඩ්ඩෙත්වා සද්ධින්ද්රියස්ස අධිමොක්ඛමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යන්තිආදිනාපි (පටි· ම· 1.238) නයෙනෙත්ථ අත්ථො වෙදිතබ්බො. සත්ථා සම්මුඛීභූතොති ඉදමෙත්ථ කාරණවචනං. යස්මා සත්ථා සම්මුඛීභූතො, තස්මා වීරියසම්පයොගං කත්වා පිවථ එතං මණ්ඩං. බාහිරකඤ්හි භෙසජ්ජමණ්ඩම්පි වෙජ්ජස්ස අසම්මුඛා පිවන්තානං පමාණං වා උග්ගමනං වා නිග්ගමනං වා න ජානාමාති ආසඞ්කා හොති. වෙජ්ජසම්මුඛා පන “වෙජ්ජො ජානිස්සතී”ති නිරාසඞ්කා පිවන්ති. එවමෙව අම්හාකං ධම්මස්සාමි සත්ථා සම්මුඛීභූතොති වීරියං කත්වා පිවථාති මණ්ඩපානෙ නෙසං නියොජෙන්තො තස්මාතිහ, භික්ඛවෙතිආදිමාහ. තත්ථ සඵලාති සානිසංසා. සඋද්රයාති සවඩ්ඪි. ඉදානි නියොජනානුරූපං සික්ඛිතබ්බතං නිද්දිසන්තො අත්තත්ථං වා හි, භික්ඛවෙතිආදිමාහ. තත්ථ අත්තත්ථන්ති අත්තනො අත්ථභූතං අරහත්තං. අප්පමාදෙන සම්පාදෙතුන්ති අප්පමාදෙන සබ්බකිච්චානි කාතුං. පරත්ථන්ති පච්චයදායකානං මහප්ඵලානිසංසං. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
මෙහි පිරිසිදුවීම් හෙවත් මණ්ඩ තුනකි. දේශනා මණ්ඩය, ප්‍රතිග්‍රහණ මණ්ඩය හා බ්‍රහ්මචරිය මණ්ඩය යනුවෙනි. එහි දේශනා මණ්ඩය යනු කුමක් ද? සතර ආර්ය සත්‍යයන්ගේ දැක්වීම, දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, විවරණය කිරීම, බෙදා දැක්වීම, පැහැදිලි කිරීමයි. සතර සතිපට්ඨාන ධර්මයන්ගේත් ආර්ය අශ්ටාංගික මාර්ගයේත් දැන්වීම-පෙ- පැහැදිලි කිරීමයි. මේ විස්තර කරන ලද්දේ දේශනා මණ්ඩයයි. ප්‍රතිග්‍රහණ මණ්ඩය යනු කුමක්ද? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා දී හු ද දෙවියෝද මනුෂ්‍යයෝ ද යම් ඒ අවබෝධ කරවිය යුතු අනික් පිරිසක් වේ ද ඔවුහු ද “ප්‍රතිග්‍රහණ මණ්ඩ” නම් වේ. “බ්‍රහ්මචරිය මණ්ඩය” යනු කුමක් ද? මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය මයි. එනම්; යහපත් දැකීම - පෙ- යහපත් සමාධිය යන මේ අට බ්‍රහ්මචරිය මණ්ඩයයි. තවද “පිරිසිදු අධිමෝක්ෂය, ශ්‍රද්ධා ඉන්ද්රිය, ශ්‍රද්ධාවක් නොමැති කසට යන තුනී අශ්රද්ධාවන්ත කසට හැරදමා ශ්රද්ධින්ද්රියෙහි පිරිසිදු අධිමෝක්ෂය පොවයි” යන අරුතින් “පහන් මිහිරි පැනක් බඳු” යනාදී ක්‍රමයෙන් මෙහි අර්ථ දත යුතුයි. “සත්ථා සම්මුචීභුතෝ” යනුවෙන් මේ හේතු වශයෙන් පැවසූ වදනකි. යම් හෙයකින් ශාස්තෲන් වහන්සේ සම්මුඛ වූ සේක් ද එහෙයින් එකරුණට වීර්යය ද එක්කර “මේ පිරිසිඳු පානය වළඳව්” යන අර්ථයයි. අන්‍ය-පරිබාහිර බෙහෙතක් ඉතා පිරිසිදු වුවත් වෛද්‍යවරයාගේ අනිභිමුඛයෙහි පානය කරන්නහුට “ප්‍රමාණය මතුවීම හෝ පිටවීම නොදනිමු” යි සැක ඇති වේ. වෛද්‍යවරයා අභිමුඛයේදී “වෙදතුමා මෙහි ප්‍රමාණ දන්නේය.” යි සැක නැතිව පානය කරයි. මෙලෙසින්ම අපගේ ධර්ම ස්වාමී වූ ශ්රාස්තෲන් වහන්සේ ඉදිරියේ සිටියේ යැයි සතුටුව වීර්යය වඩා පානය කරව්” යනුවෙන් මිහිරි වූ දහම් පැනි දීමෙහි ඒ භික්ෂූන් වහන්සේ යෙදවූ සේක. “තස්මාතිහ භික්ඛවෙ” යනාදිය වදාළහ. එහි “සඵලා” යනු ආනිසංස සහිතය. “සඋදුයා” අභිවෘද්ධි සහිතය. “අත්තත්ථං” යනු තමාගේ අභිවෘද්ධිය වූ රහත් බවයි. “අප්පමාදේන සම්පාදෙතුං” යනු අප්‍රමාදීව සියලු කටයුතු කිරීමටයි. “පරත්ථං” යන ප්‍රත්‍ය දායකයන්ට මහත්ඵල මහානිසංස වන බවයි. සෙසු වදන්වල අර්ථ ඉතා ප්රකටය.
දුතියං.
දසබල සූත්‍ර වර්ණනාව නිමියේය.