3. උපනිසසුත්තවණ්ණනා අට්ඨකථා
3. උපනිසසුත්තවණ්ණනා
3. උපනිස සූත්‍ර වර්ණනාව
තතියෙ “ජානතො අහ”න්තිආදීසු ජානතොති ජානන්තස්ස. පස්සතොති පස්සන්තස්ස. ද්වෙපි පදානි එකත්ථානි, බ්යඤ්ජනමෙව නානං. එවං සන්තෙපි “ජානතො”ති ඤාණලක්ඛණං උපාදාය පුග්ගලං නිද්දිසති. ජානනලක්ඛණඤ්හි ඤාණං. “පස්සතො”ති ඤාණප්පභාවං උපාදාය. පස්සනප්පභාවඤ්හි ඤාණං, ඤාණසමඞ්ගීපුග්ගලො චක්ඛුමා විය චක්ඛුනා රූපානි, ඤාණෙන විවටෙ ධම්මෙ පස්සති. ආසවානං ඛයන්ති එත්ථ ආසවානං පහානං අසමුප්පාදො ඛීණාකාරො නත්ථිභාවොති අයම්පි ආසවක්ඛයොති වුච්චති, භඞ්ගොපි මග්ගඵලනිබ්බානානිපි. “ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්ති”න්තිආදීසු (ම· නි· 1.438; විභ· 831) හි ඛීණාකාරො ආසවක්ඛයොති වුච්චති. “යො ආසවානං ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධාන”න්ති (විභ· 354) එත්ථ භඞ්ගො.
තෙවැනි සූත්‍රයේ “ජානතො අහං” යනාදියෙහි “ජානතො” යනු දන්නා හටය. “පස්සතො” යනු දකින්නා හට ය. මේ දෙපදයෙහිම එකම අර්ථය වේ. බ්‍යඤ්ජන වශයෙන් නා නා විධ වේ. මෙසේ ඇතිකල්හි “ජානතො” යනුවෙන් ඥාන ලක්ෂණය දැඩිසේ ගත් පුද්ගලයා දක්වයි. දැනගැනීමේ ලක්ෂණය වනාහී ඥානයමයි. “පස්සතො” යනු ඥාන ප්‍රභාවය දැඩිසේ ගත් දැක්ම - ප්‍රභාව වූ ඥානයයි. ඥානයෙන් යුක්ත වූ පුද්ගලයා ඇස් ඇති අයෙකු ඇසින් රූප දකින්නාක් මෙන් ඥානයෙන් විවෘත්ත වූ ධර්මකරුණු දකියි. බලයි. “ආසවානං ඛයං” මෙහි ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමයි. නූපදීමයි. ක්ෂය වීමයි. නැතිබවයි. මෙයම ආශ්‍රවයන් ක්ෂය කිරීම යැයි කියයි. එමෙන්ම භංග, මාර්ගඵල, නිවන යන නම්ද මේ සදහාම යෙදේ. “ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන්, ආශ්‍රව වූ චේතෝ විමුක්තිය” යන තැන්හි “ක්ෂීණාකාර ආශ්රවක්ෂය” කියැවේ. “යමෙක් ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන්, ව්‍යය කිරීමෙන්, බිඳීයාමෙන් හාත්පසින් බිඳීයෑමෙන්, අනිත්‍යතාවට-අතුරුදහන් වීමට පැමිණීම” යනාදියේදී ආශ්‍රවයන්ගේ භංග වීම අදහස් කෙරේ.
“සෙක්ඛස්ස සික්ඛමානස්ස, උජුමග්ගානුසාරිනො; ඛයස්මිං පඨමං ඤාණං, තතො අඤ්ඤා අනන්තරා”ති. (ඉතිවු· 62); –
සෙඛස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනො ඛයස්මිං පඨමං ඤාණං තතො අඤ්ඤා අනන්තරා
“ආර්ය මාර්ගය පිළිපදින්නා වූ හික්මෙන සේඛ පුද්ගලයාට පළමුව කෙලෙස් ක්ෂය කරන බැවින් ක්ෂය නම් වූ මාර්ග ඤාණය උපදී. ඒ චුතුර්ත්ථ මාර්ග ඤාණයෙන් අනතුරුව අර්හත්ඵලය උපදින්නේය.”
එත්ථ මග්ගො. සො හි ආසවෙ ඛෙපෙන්තො වූපසමෙන්තො උප්පජ්ජති, තස්මා ආසවානං ඛයොති වුත්තො. “ආසවානං ඛයා සමණො හොතී”ති එත්ථ ඵලං. තඤ්හි ආසවානං ඛීණන්තෙ උප්පජ්ජති, තස්මා ආසවානං ඛයොති වුත්තං.
මෙහි මාර්ග ආශ්රවක්ෂය දක්වන ලදී. එය ආශ්‍රව ක්ෂයවීමෙන්, සංසිදීමෙන් උපදියි. එනිසා ආශ්‍රවයන්ගේ ක්ෂයවීමයැයි කියන ලදී. “ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ශ්‍රමණයෙක් වේ” යනුවෙන් මෙහි ‘ඵල ආසවක්ඛය’ කියන ලදී. එහි වනාහී “ආශ්‍රවයන්ගේ ක්‍ෂීණවීමෙන් උපදියි” යන අර්ථයෙන් “ආශ්‍රවයන්ගේ ක්ෂයවීම”යැයි කියන ලදී.
“ආසවා තස්ස වඩ්ඪන්ති, ආරා සො ආසවක්ඛයා”ති; (ධ· ප· 253) – එත්ථ නිබ්බානං. තඤ්හි ආගම්ම ආසවා ඛීයන්ති, තස්මා ආසවානං ඛයොති වුත්තං. ඉධ පන මග්ගඵලානි අධිප්පෙතානි. නො අජානතො නො අපස්සතොති යො පන න ජානාති න පස්සති, තස්ස නො වදාමීති අත්ථො. එතෙන යෙ අජානතො අපස්සතොපි සංසාරාදීහියෙව සුද්ධිං වදන්ති, තෙ පටික්ඛිත්තා හොන්ති. පුරිමෙන පදද්වයෙන උපායො වුත්තො, ඉමිනා අනුපායං පටිසෙධෙති.
“ඔහුගේ ආශ්‍රව වැඩෙයි. ඔහු ආශ්රවක්ෂයෙන් දුරුවෙයි” යන තැන්හි “නිවන” ආසවක්ඛය යන වදනින් අදහස් විය. නිවණ පැමිණීමෙන් ආශ්‍රවයන් ක්ෂය කරන බැවින් එම නාමය යෙදේ. මෙම සූත්‍රයේ දී මාර්ග ඵලයන් අදහස් කරන ලදී. “නො අජානතො නො අපස්සතො” යනු යමෙක් වනාහී නොදනියි. නොදකියි. ඔහුට නොපවසමි යන අර්ථයි. මෙයින් යමෙක් නොදැන-නොදැක සංසාරාදියේ ශුද්ධිය පවසත්ද ඔවුහු ප්‍රතික්ෂේප කරන ලදහ. මුල්පද දෙකින් දේශනාවේ යොමුවීම හෙවත් අදාළවන්නෝ අදහස් වෙති. මේ පද දෙකින් දේශනාවේ යොමුනොවීම හෙවත් දෙසුම අදාළ නොවන්නේ අදහස් කෙරෙති.
ඉදානි යං ජානතො ආසවානං ඛයො හොති, තං දස්සෙතුකාමො කිඤ්ච, භික්ඛවෙ, ජානතොති පුච්ඡං ආරභි. තත්ථ ජානනා බහුවිධා. දබ්බජාතිකො එව හි කොචි භික්ඛු ඡත්තං කාතුං ජානාති, කොචි චීවරාදීනං අඤ්ඤතරං, තස්ස ඊදිසානි කම්මානි වත්තසීසෙ ඨත්වා කරොන්තස්ස සා ජානනා සග්ගමග්ගඵලානං පදට්ඨානං න හොතීති න වත්තබ්බං. යො පන සාසනෙ පබ්බජිත්වා වෙජ්ජකම්මාදීනි කාතුං ජානාති, තස්සෙවං ජානතො ආසවා වඩ්ඪන්තියෙව. තස්මා යං ජානතො පස්සතො ච ආසවානං ඛයො හොති, තදෙව දස්සෙන්තො ඉති රූපන්තිආදිමාහ. එවං ඛො, භික්ඛවෙ, ජානතොති එවං පඤ්චන්නං ඛන්ධානං උදයබ්බයං ජානන්තස්ස. ආසවානං ඛයො හොතීති ආසවානං ඛයන්තෙ ජාතත්තා “ආසවානං ඛයො”ති ලද්ධනාමං අරහත්තං හොති.
දැන් යමකින් දැන දැනම ආශ්‍රවයන් ක්ෂය කරයි ද එය දක්වනු කැමතිව “කිඤ්ච භික්ඛවෙ! ජානතො” යනුවෙන් ප්‍රශ්න විචාරීම ඇරඹූ සේක. එහි “දැනගැනීම” බහුවිධය. පණ්ඩිත ස්වභාව ඇති යම්කිසි භික්ෂුවක් කුඩයක් සෑදීමට දනියි. තවත් භික්ෂුවක් සිවුරු ආදී වෙනත් මෙබඳු නිෂ්පාදන කිරීමට, සමත් වෙයි. මේ භික්ෂූන්ට වත්පිළිවෙත් හිසින් ගෙන සිදුකරනුයේ දැන දැනම මාර්ග ඵලාවබෝධය නොවේයැයි නොකිව යුතුයි. යමෙක් වනාහී සසුනේ පැවිදි වී වෙදකම් ආදිය කිරීමට දනියි ද ඔහුට එම ක්‍රියාව නිසා දැන දැනම ආශ්‍රව වැඩෙන්නේය. එනිසා යම් ක්‍රියාවක් දන්නේ - දකින්නේ එය ආශ්‍රවයන් ක්ෂය කරයිද එයම දක්වමින් “ඉති රූපං” යනාදිය දෙසූහ. “එවං ඛො භික්ඛවෙ! ජානතො” යනු මේ පංචස්කන්ධයේ ඇතිවීම හා නැතිවීම මැනවින් දන්නා පුද්ගලයාටය. “ආසවානං ඛයො හොති” ආශ්‍රව නැති කරමින්ම උපන් බැවින් “ආසවක්ඛය” නම් වූ රහත්බව වේ.
එවං අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨපෙත්වා ඉදානි ඛීණාසවස්ස ආගමනීයං පුබ්බභාගපටිපදං දස්සෙතුං යම්පිස්ස තං, භික්ඛවෙතිආදිමාහ.
මෙලෙස රහත්බවට මූලික අභිමතාර්ථය වූ මෙම සූත්‍ර දේශනාව නිමවා, දැන් රහතන් වහන්සේගේ පැමිණීම් ඇති පූර්වභාව ප්‍රතිපදාව දැක්වීමට “යම්පිස්ස තං භික්ඛවෙ!” යනාදිය දෙසූහ.
තත්ථ ඛයස්මිං ඛයෙඤාණන්ති ආසවක්ඛයසඞ්ඛාතෙ අරහත්තඵලෙ පටිලද්ධෙ සති පච්චවෙක්ඛණඤාණං. තඤ්හි අරහත්තඵලසඞ්ඛාතෙ ඛයස්මිං පඨමවාරං උප්පන්නෙ පච්ඡා උප්පන්නත්තා ඛයෙඤාණන්ති වුච්චති. සඋපනිසන්ති සකාරණං සප්පච්චයං. විමුත්තීති අරහත්තඵලවිමුත්ති. සා හිස්ස උපනිස්සයපච්චයෙන පච්චයො හොති. එවං ඉතො පරෙසුපි ලබ්භමානවසෙන පච්චයභාවො වෙදිතබ්බො.
එහි “ඛයස්මිං ඛයෙ ඤාණං” යනු ආශ්රවක්ෂය නම් වූ රහත්ඵලය ලැබූ කල්හි පවතින ප්රත්යවේක්ෂණ ඤාණයයි. එය වනාහී “රහත්ඵලය” නම් වූ ආශ්‍රවයන් ක්ෂයවීමේදී, එය කෙලෙස් ක්ෂයවීමන් පසුව උපදින බැවින් මෙය “ඛය ඤාණ” නම යෙදේ. “සඋපනිසං” යනු කරුණු-හේතු සහිතව. ප්රත්යසහිතවයි. “විමුත්ති” යනු අර්හත් ඵල විමුක්තියයි. එය උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. මෙසේ මීට වෙනස් වූ ප්‍රත්‍ය කෙරෙහිත් ලැබීම් වශයෙන් ප්‍රත්‍ය වන බව දතයුතුය.
විරාගොති මග්ගො. සො හි කිලෙසෙ විරාජෙන්තො ඛෙපෙන්තො උප්පන්නො, තස්මා විරාගොති වුච්චති. නිබ්බිදාති නිබ්බිදාඤාණං. එතෙන බලවවිපස්සනං දස්සෙති. බලවවිපස්සනාති භයතූපට්ඨානෙ ඤාණං ආදීනවානුපස්සනෙ ඤාණං මුඤ්චිතුකම්යතාඤාණං සඞ්ඛාරුපෙක්ඛාඤාණන්ති චතුන්නං ඤාණානං අධිවචනං. යථාභූතඤාණදස්සනන්ති යථාසභාවජානනසඞ්ඛාතං දස්සනං. එතෙන තරුණවිපස්සනං දස්සෙති. තරුණවිපස්සනා හි බලවවිපස්සනාය පච්චයො හොති. තරුණවිපස්සනාති සඞ්ඛාරපරිච්ඡෙදෙ ඤාණං කඞ්ඛාවිතරණෙ ඤාණං සම්මසනෙ ඤාණං මග්ගාමග්ගෙ ඤාණන්ති චතුන්නං ඤාණානං අධිවචනං. සමාධීති පාදකජ්ඣානසමාධි. සො හි තරුණවිපස්සනාය පච්චයො හොති. සුඛන්ති අප්පනාය පුබ්බභාගසුඛං. තඤ්හි පාදකජ්ඣානස්ස පච්චයො හොති. පස්සද්ධීති දරථපටිප්පස්සද්ධි. සා හි අප්පනාපුබ්බභාගස්ස සුඛස්ස පච්චයො හොති. පීතීති බලවපීති. සා හි දරථපටිප්පස්සද්ධියා පච්චයො හොති. පාමොජ්ජන්ති දුබ්බලපීති. සා හි බලවපීතියා පච්චයො හොති. සද්ධාති අපරාපරං උප්පජ්ජනසද්ධා. සා හි දුබ්බලපීතියා පච්චයො හොති. දුක්ඛන්ති වට්ටදුක්ඛං. තඤ්හි අපරාපරසද්ධාය පච්චයො හොති. ජාතීති සවිකාරා ඛන්ධජාති. සා හි වට්ටදුක්ඛස්ස පච්චයො හොති. භවොති කම්මභවො. (සො හි සවිකාරාය ජාතියා පච්චයො හොති.) එතෙනුපායෙන සෙසපදානිපි වෙදිතබ්බානි.
“විරාගො” යනු ආර්ය මාර්ගයයි. එය කෙලෙස් හි නො ඇලීමෙන්, ගතකිරීමෙන් උපන් බැවින් “විරාගො” යනු ආර්ය මාර්ගයයි. එය කෙලෙස් හි නො ඇලීමෙන්, ගතකිරීමෙන් උපන් බැවින් ‘විරාග’ යැයි කියයි. “නිබ්බිදා” යනු සංවේගය පිළිබඳ ඥානයයි. මෙයින් බලවත් විදර්ශනාව දක්වයි. බලවත් විදර්ශනාව යනු භයතුපට්ඨාන ඥානය, ආදීනවානුපස්සනා ඥානය, මුඤ්චිතුකාමපතා ඥානය හා සංඛාරුපෙක්ඛාය ඥානය යන සතර ඥානයන්ට දෙදුණු තවත් වදනකි. “යථාභූත ඤාණ දස්සනං” යනු යථාස්වභාවය දැනගැනීම නම් වූ දර්ශනයයි. මෙම වදනින් මෘදුවූ විදර්ශනාව දක්වන ලදී. මෘදුවූ විදර්ශනාව, බලවත් විදර්ශනාවට ප්‍රත්‍ය වේ. මෘදු වූ විදර්ශනාව යනු සංස්කාර, පරිච්ඡේදඤාණය, කංඛා විතරණ ඤාණය, සම්මසන ඤාණය හා මග්ගාමග්ග ඤාණය යන ඤාණ සතරට යෙදෙන තවත් නාමයකි. “සමාධි” යනු අත්තිවාරම වූ ධ්‍යාන සමාධියයි. එය මෘදු වූ විදර්ශනාවට ප්‍රත්‍ය වේ. “සුඛං” යනු ධ්‍යානයේ පූර්වභාග සුවයයි. එය අත්තිවාරම වූ ධ්‍යානයට ප්‍රත්‍ය වේ. “පස්සද්ධි” යනු මෙහිදී සිදුවන දැවිල්ල හා විඩාවේ සංසිදීමයි. එය ධ්‍යානයාගේ පූර්වභාග වූ සැපයට ප්‍රත්‍ය වේ. “පීති” යනු බලවත් ප්‍රීතියයි. එය දැවීම්-විඩාව සංසිඳවීමට හේතු වේ. “පාමුජ්ජං” යනු දුර්වල (දුබල) ප්‍රීතියයි. එය බලවත් ප්‍රීතියට ප්‍රත්‍ය වේ. “සද්ධා” යනු භවයෙන් භවයට උපදින ශ්රද්ධාවයි. එය දුර්වල ප්‍රීතියට ප්‍රත්‍ය වේ. “දුක්ඛං” යනු සසර පැවැත්මට හේතුවන දුකයි. එය භවයෙන් භවයට උපදින ශ්රද්ධාවට ප්‍රත්‍ය වේ. “ජාති” යනු වෙනස්වීම් සහිත ස්කන්ධයන්ගේ පහළවීමයි. එය වනාහී සසර පැවැත්මට හේතුවන දුකට ප්‍රත්‍ය වේ. “භවො” යනු කර්ම භවයයි. එය වනාහී වෙනස්වීම් සහිත ස්කන්ධයන්ගේ ඉපදීමට ප්‍රත්‍ය වේ. මේ ක්‍රමයෙන් සෙසු පදයන්ගේ අර්ථ ද දත යුතුයි.
ථුල්ලඵුසිතකෙති මහාඵුසිතකෙ. පබ්බතකන්දරපදරසාඛාති එත්ථ කන්දරං නාම ‘ක’න්තිලද්ධනාමෙන උදකෙන දාරිතො උදකභින්නො පබ්බතපදෙසො, යො “නිතම්බො”තිපි “නදීකුඤ්ඡො”තිපි වුච්චති. පදරං නාම අට්ඨමාසෙ දෙවෙ අවස්සන්තෙ ඵලිතො භූමිප්පදෙසො. සාඛාති කුසුම්භගාමිනියො ඛුද්දකමාතිකායො. කුසොබ්භාති ඛුද්දකආවාටා. මහාසොබ්භාති මහාආවාටා. කුන්නදියොති ඛුද්දකනදියො. මහානදියොති ගඞ්ගායමුනාදිකා මහාසරිතා. එවමෙව ඛො, භික්ඛවෙ, අවිජ්ජූපනිසා සඞ්ඛාරාතිආදීසු අවිජ්ජා පබ්බතොති දට්ඨබ්බා. අභිසඞ්ඛාරා මෙඝොති, විඤ්ඤාණාදිවට්ටං කන්දරාදයොති, විමුත්ති සාගරොති.
“ඵුල්ලඵුසිතකෙ” යනු මහත් වූ දියබිඳු ඇති යනුයි. “පබ්බත කන්දර -පෙ- සාගරං පරිපූරෙන්ති” යන මෙහි “කන්දරං” කඳුර නම් වනුයේ “කන්” නම ලද ජලයෙන් බිඳී, ජලයෙන් බිඳින ලද පර්වත ප්රදේශයයි. යමෙක් ඊට “පර්වත පාර්ශවය” යැයිද “වැල් ආදියෙන් වැසුණු කුඩා නදිය” යැයිද පවසත්. ඒ කඳුබෑවුමයි. “පදරං” යනු අටමසක් වැසි නැති කල්හි පැලෙන බිම් පෙදෙසයි. “සාඛා” යනු ගමේ කුඩා වලවල් ය. කුඩා ජලමාර්ග ආදියයි. “කුස්සුබ්භා” යනු කුඩා වලවල් ය. “මහා සුබ්භා” යනු විශාල වලවල් ය. “කුන්නදියො” යනු කුඩා නදීහුය. “මහානදියො” යනු ගංගා, යමුනා ආදී මහා ගංගාවෝය. “එවමෙව ඛො භික්ඛවෙ! අවිජ්ජූපනිසා සංඛාරා” යනාදියෙහි අවිද්‍යාව පර්වතයකැයි දැකිය යුතුයි. අභිසංස්කාරයෝ නම් වර්ෂාවයි. විඤ්ඤාණය ප්‍රධාන සසර පැවැත්මට හේතුවන ධර්ම දියකදුරු ලෙස දැකිය යුතුයි. විමුක්තිය සාගරයයි.
යථා පබ්බතමත්ථකෙ දෙවො වස්සිත්වා පබ්බතකන්දරාදීනි පූරෙන්තො අනුපුබ්බෙන මහාසමුද්දං සාගරං පූරෙති, එවං අවිජ්ජාපබ්බතමත්ථකෙ තාව අභිසඞ්ඛාරමෙඝස්ස වස්සනං වෙදිතබ්බං. අස්සුතවා හි බාලපුථුජ්ජනො අවිජ්ජාය අඤ්ඤාණී හුත්වා තණ්හාය අභිලාසං කත්වා කුසලාකුසලකම්මං ආයූහති, තං කුසලාකුසලකම්මං පටිසන්ධිවිඤ්ඤාණස්ස පච්චයො හොති, පටිසන්ධිවිඤ්ඤාණාදීනි නාමරූපාදීනං. ඉති පබ්බතමත්ථකෙ වුට්ඨදෙවස්ස කන්දරාදයො පූරෙත්වා මහාසමුද්දං ආහච්ච ඨිතකාලො විය අවිජ්ජාපබ්බතමත්ථකෙ වුට්ඨස්ස අභිසඞ්ඛාරමෙඝස්ස පරම්පරපච්චයතාය අනුපුබ්බෙන විඤ්ඤාණාදිවට්ටං පූරෙත්වා ඨිතකාලො. බුද්ධවචනං පන පාළියං අගහිතම්පි “ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති, අගාරස්මා අනගාරියං පබ්බජතී”ති ඉමාය පාළියා වසෙන ගහිතමෙවාති වෙදිතබ්බං.
යම්සේ පර්වතය මත, වැසිදිය වැටී පර්වත-දියකදුරු ආදිය පුරවමින් අනුක්රමයෙන් පැමිණ මහමුහුද, සාගරය පුරවයිද එලෙසින්ම අවිද්‍යා පර්වතය මත අභිසංස්කාර නම් වැහි වලාකුළුවලින් වැසිවැටෙන බව දතයුතුයි. අශ්‍රැතවත් බාල පුහුදුන් පුද්ගලයෝ අවිද්‍යාවෙන් නුවණ නැත්තෙක් වී තණ්හාවෙන් සිය ආශාවන් ඉටුකර ගනිමින් කුශලාකුශල කර්ම රැස්කරයි. ඒ කුසලාකුසල කර්ම ප්රතිසන්ධි විඤ්ඤාණයට ප්‍රත්‍ය වේ. ප්රතිසන්ධි විඤ්ඤාණයෙන් නාමරූපාදීන්ටද වශයෙන් මෙලෙස ප්‍රත්‍ය වේ. මෙසේ පර්වතය මත වැටුණු වැසිදිය දියකදුරු-ගංගාදිය පුරවා මහමුහුදට පැමිණි අවස්ථාව මෙන් අවිද්‍යා පර්වතය මත වැටුණු, අභිසංස්කාර නම් වැස්සේ ප්‍රත්‍ය පරපුර අනුපිළිවෙලින් පැමිණ විඤ්ඤාණාදී දිය කඳුරු පුරවා පැවති අවස්ථාව දතයුතුයි. මෙම බුද්ධ වචනය වනාහී මේ සූත්‍ර පෙළේ නො දැක්වුනත්, “මේ ලෝකයේ තථාගතයන් වහන්සේ උපදින සේක. -පෙ- ගිහිගෙයින් නික්ම පැවිදිවන සේක” යනුවෙන් ත්‍රිපිටක පාළියේ කියන ලද පරිදි අර්ථ ගලපා දතයුතුයි.
යා හි තස්ස කුලගෙහෙ නිබ්බත්ති, සා කම්මභවපච්චයා සවිකාරා ජාති නාම. සො බුද්ධානං වා බුද්ධසාවකානං වා සම්මුඛීභාවං ආගම්ම වට්ටදොසදීපකං ලක්ඛණාහටං ධම්මකථං සුත්වා වට්ටවසෙන පීළිතො හොති, එවමස්ස සවිකාරා ඛන්ධජාති වට්ටදුක්ඛස්ස පච්චයො හොති. සො වට්ටදුක්ඛෙන පීළිතො අපරාපරං සද්ධං ජනෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති, එවමස්ස වට්ටදුක්ඛං අපරාපරසද්ධාය පච්චයො හොති. සො පබ්බජ්ජාමත්තෙනෙව අසන්තුට්ඨො ඌනපඤ්චවස්සකාලෙ නිස්සයං ගහෙත්වා වත්තපටිපත්තිං පූරෙන්තො ද්වෙමාතිකා පගුණං කත්වා කම්මාකම්මං උග්ගහෙත්වා යාව අරහත්තා නිජ්ජටං කත්වා කම්මට්ඨානං ගහෙත්වා අරඤ්ඤෙ වසන්තො පථවීකසිණාදීසු කම්මං ආරභති, තස්ස කම්මට්ඨානං නිස්සාය දුබ්බලපීති උප්පජ්ජති. තදස්ස සද්ධූපනිසං පාමොජ්ජං, තං බලවපීතියා පච්චයො හොති. බලවපීති දරථපටිප්පස්සද්ධියා, සා අප්පනාපුබ්බභාගසුඛස්ස, තං සුඛං පාදකජ්ඣානසමාධිස්ස. සො සමාධිනා චිත්තකල්ලතං ජනෙත්වා තරුණවිපස්සනාය කම්මං කරොති. ඉච්චස්ස පාදකජ්ඣානසමාධි තරුණවිපස්සනාය පච්චයො හොති, තරුණවිපස්සනා බලවවිපස්සනාය, බලවවිපස්සනා මග්ගස්ස, මග්ගො ඵලවිමුත්තියා, ඵලවිමුත්ති පච්චවෙක්ඛණඤාණස්සාති. එවං දෙවස්ස අනුපුබ්බෙන සාගරං පූරෙත්වා ඨිතකාලො විය ඛීණාසවස්ස විමුත්තිසාගරං පූරෙත්වා ඨිතකාලො වෙදිතබ්බොති.
ඔහුගේ කුලයෙහි ඉපදීම ගෙනදුන් ඒ කර්මභව ප්‍රත්‍ය “වෙනස්වීම් සහිත ජාති” නම් වේ. ඔහු බුදුවරුන්ගේ හෝ බුද්ධ ශ්‍රාවකයන්ගේ හෝ ඉදිරියට පැමිණ සසර පැවැත්මේ දෝෂ දක්වමින් කරන ලද ධර්ම කථාව අසා දීර්ඝ සංසාරික දුක් මෙනෙහි කිරීම් වශයෙන් පීඩාවට-කළකිරීමට පැමිණේ. ඔහු මෙසේ වෙනස්වන ස්කන්ධාදියේ පැවතීම් වශයෙන් දුක ඇතිවන බව වටහා ගනියි. ඔහු සංසාරික පැවැත්ම නිසා දුක ඇතිවන බව වටහාගෙන, භවයෙන් භවයට උපදින ශ්‍රද්ධාව වැඩිදියුණු කරවා, ගිහිගෙයින් නික්ම අනගාරී සසුනෙහි පැවිදි වේ. මෙසේ ඔහුගේ සසර පැවතීම් වශයෙන් උපදින දුකට, භවයෙන් භවයට යන ශ්‍රද්ධාව ප්‍රත්‍ය වේ. පැවිදි වීමෙන් නොනවතින ඔහු වස් පහක් ගතවීමට පෙර, නිස සමාදන්ව - වත් පිළිවෙත් මැනවින් සම්පූර්ණ කර - උභය ප්රාතිමෝක්ෂය මනාව ප්‍රගුන කර - කළයුතු නොකළයුතු දේ ඉගෙන - රහත්බව දක්වා නිරවුල්ව කමටහන් ගෙන අරණ්යෙයෙහි වැඩවසන්නේ පඨවි ආදී කසිණ කර්ම භාවනාව ආරම්භ කරයි. ඔහුට එම කමටහන් නිසා දුර්වල ප්‍රීතිය උපදියි. එම දුර්වල ප්‍රීතිය නිසා ඔහුට ශ්‍රද්ධාවම මූලික වූ ප්‍රමෝදය - බලවත් ප්‍රීතිය උපදියි. බලවත් ප්‍රීතිය, විඩාව සංසිඳවීමට හේතුවේ. ඉන් ධ්‍යානයේ පූර්වභාග සුවය ඇතිවේ. එය සැප පාදක වූ ධ්‍යාන සමාධියට ප්‍රත්‍ය වේ. මෙම සමාධියෙන් සිතේ යෝග්‍ය බව උපදවා - මෘදු වූ විදර්ශනාවට අවශ්‍ය කටයුතු සම්පාදනය කරයි. මෙලෙස ඔහුගේ පාදක ධ්‍යාන සමාධිය මෘදුවූ විදර්ශනාවට උපකාර වේ. මෘදු වූ විදර්ශනාව නිසා බලවත් විදර්ශනාව ඇතිවේ. බලවත් විදර්ශනාව ආර්ය මාර්ගයටත්, ආර්ය මාර්ගය ඵල විමුක්තියටත්, ඵල විමුක්තිය ප්රත්යවේක්ෂණ ඤාණයටත් ප්‍රත්‍ය වේ. හේතුවේ. මෙසේ අනුක්රමයෙන් පැමිණි වැසිදිය, සාගරය පුරවා සිටියාක් මෙන් රහතන් වහන්සේ විමුක්ති සාගරය පුරවා ගෙන සිටින අවස්ථාව දත යුතුයි.
තතියං.
තෙවැනි සූත්‍රයයි.
4. අඤ්ඤතිත්ථියසුත්තවණ්ණනා
4. අඤ්ඤතිත්ථිය සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ පාවිසීති පවිට්ඨො. සො ච න තාව පවිට්ඨො, “පවිසිස්සාමී”ති නික්ඛන්තත්තා පන එවං වුත්තො. යථා කිං? යථා “ගාමං ගමිස්සාමී”ති නික්ඛන්තපුරිසො තං ගාමං අප්පත්තොපි “කහං ඉත්ථන්නාමො”ති වුත්තෙ “ගාමං ගතො”ති වුච්චති, එවං. අතිප්පගොති තදා කිර ථෙරස්ස අතිප්පගොයෙව නික්ඛන්තදිවසො අහොසි, අතිප්පගොයෙව නික්ඛන්තභික්ඛූ බොධියඞ්ගණෙ චෙතියඞ්ගණෙ නිවාසනපාරුපනට්ඨානෙති ඉමෙසු ඨානෙසු යාව භික්ඛාචාරවෙලා හොති, තාව පපඤ්චං කරොන්ති. ථෙරස්ස පන “යාව භික්ඛාචාරවෙලා හොති, තාව පරිබ්බාජකෙහි සද්ධිං එකද්වෙකථාවාරෙ කරිස්සාමී”ති චින්තයතො යංනූනාහන්ති එතදහොසි. පරිබ්බාජකානං ආරාමොති සො කිර ආරාමො දක්ඛිණද්වාරස්ස ච වෙළුවනස්ස ච අන්තරා අහොසි.
සිවුවන සූත්‍රයේ “පාවිසි” යනු පිවිසීමයි. උන්වහන්සේ තවම නොපිවිසි සේක. “පිවිසෙන්නෙමි”යි නික්මුණු බැවින් මෙසේ කියන ලදී. යම්සේ “ගමට යන්නෙමි”යි නික්මුණු මිනිසෙක් ඒ ගමට තවම නොපැමිණියත්; මෙනම් තැනැත්තා කොහිද?”යි කෙනෙකු ඔහු පිළිබඳව විමසූ විට “ඔහු ගමට ගියේය” යනුවෙන් පවසන්නාක් මෙනි. “අතිප්පගො” යනු එදින තෙරුන්වහන්සේ ඉතා උදෑසනින් නික්මුණු දවසක් විය. ඉතා උදෑසන නික්මුණු භික්ෂූහු බෝධි අංගණය, සිවුරු හඳින-පොරවන තැන යනාදී ස්ථානයක හිඳ, පිඬු පිණිස හැසිරෙන වේලාව එන තෙක් කල් ගෙවති. තෙරුන් වහන්සේ වනාහී “පිඬු පිණිස හැසිරෙන වේලාව එන තෙක් පිරිවැජියන් සමඟ සාකච්ඡා එකක් හෝ දෙකක් කරන්නෙමි”යි සිතමින්. “යන්නූනාහං” යනුවෙන් කල්පනා කළ සේක. “පරිබ්බාජිකානං ආරාමො” යනු ඒ ආරාමය වනාහී රජගහනුවර දකුණු වාසල් දොර හා වේළුවනය අතර පිහිටියේය.
ඉධාති ඉමෙසු චතූසු වාදෙසු. කිංවාදී කිමක්ඛායීති කිං වදති කිං ආචික්ඛති, කිං එත්ථ සමණස්ස ගොතමස්ස දස්සනන්ති පුච්ඡන්ති. ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්යාමාති, භොතා ගොතමෙන යං වුත්තං කාරණං, තස්ස අනුකාරණං කථෙය්යාම. සහධම්මිකො වාදානුපාතොති පරෙහි වුත්තකාරණෙන සකාරණො හුත්වා සමණස්ස ගොතමස්ස වාදානුපාතො වාදප්පවත්ති විඤ්ඤූහි ගරහිතබ්බං කාරණං කොචි අප්පමත්තකොපි කථං නාගච්ඡෙය්ය? ඉදං වුත්තං හොති – කථං සබ්බාකාරෙනපි සමණස්ස ගොතමස්ස වාදෙ ගාරය්හං කාරණං න භවෙය්‍යාති?
“ඉධ” යනු මේ සතර වාදයන්හි. “කිංවාදී කිමක්ඛායී” යනු කුමක් කියයිද? කුමක් දේශනා කරයිද? යනුයි. මේ පිළිබඳව ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ දර්ශනය කුමක්ද? යනුවෙන් විචාරති. “ධම්මස්සානුධම්මං බ්‍යාකරෙය්‍යාම” යනු භාග්‍යවත් ගෞතමයන් වහන්සේ විසින් දෙසන ලද යම් කරුණක් වේද එයට ගැලපෙන තව කරුණක් කියනෙමු නම් මැනවි. “සහධම්මිකො වාදානුපාතො” යනු අන්‍යයන් විසින් කියන ලද කරුණකින්, කරුණු සහිතව ශ්‍රමණ භවත් ගෞතමයන් වාදයෙහි පවතින වාග් ප්‍රහාරයක් පිළිබඳව, අල්ප මාත්‍ර වශයෙන්වත් නුවණැත්තන් විසින් ගැරහිය යුතු කාරණයක් නොවන්නේ කෙසේද? මෙය කියන ලදේ “සියලුම ආකාරයෙන් භවත් ගෞතමයන්ගේ ඉගැන්වීමෙහි ගැරහිය යුතු කරුණක් කෙසේ නොවන්ද?” යන අදහසිනි.
ඉති වදන්ති ඵස්සපච්චයා දුක්ඛන්ති එවං වදන්තොති අත්ථො. තත්රාති තෙසු චතූසු වාදෙසු. තෙ වත අඤ්ඤත්ර ඵස්සාති ඉදං “තදපි ඵස්සපච්චයා”ති පටිඤ්ඤාය සාධකවචනං. යස්මා හි න විනා ඵස්සෙන දුක්ඛපටිසංවෙදනා අත්ථි, තස්මා ජානිතබ්බමෙතං යථා “තදපි ඵස්සපච්චයා”ති අයමෙත්ථ අධිප්පායො.
“ඉතිවදං” යනු “ස්පර්ශය නිසා දුක ඇතිවේ” යනාදී ලෙස දේශනා කරමින් යන අර්ථයි. “තත්ර” යනු ඒ සිවුවාදයන්හිය. “තෙ වත අඤ්ඤත්ර ඵස්සා” මේ වාදයෙහි ස්පර්ශ ප්‍රත්‍යයෙන් යනු ප්‍රතිඥාව දක්වන වචනයකි. අනිවාර්ය වූ අවධාරණ වදනකි. යම්හෙයකින්ද ස්පර්ශයෙන් තොරව දුක් අනුභව කිරීමක් නොමැති හෙයිනි. මෙලෙසින්ම මෙකරුණ දතයුතුයි. දුක ඇතිවනුයේ ස්පර්ශ ප්රත්යයෙනි.
සාධු, සාධු, ආනන්දාති අයං සාධුකාරො සාරිපුත්තත්ථෙරස්ස දින්නො, ආනන්දත්ථෙරෙන පන සද්ධිං භගවා ආමන්තෙසි.
“සාධු සාධු ආනන්ද” යනු මේ සාධුකාරය සැරියුත් තෙරුන්ට දෙන ලද්දකි. භාග්‍යවතුන් වහන්සේ මෙතැනදී ආනන්ද හිමියන් සමග කථා කරති.
එකමිදාහන්ති එත්ථ ඉධාති නිපාතමත්තං, එකං සමයන්ති අත්ථො. ඉදං වචනං “න කෙවලං සාරිපුත්තොව රාජගහං පවිට්ඨො, අහම්පි පාවිසිං. න කෙවලඤ්ච තස්සෙවායං විතක්කො උප්පන්නො, මය්හම්පි උප්පජ්ජි. න කෙවලඤ්ච තස්සෙව සා තිත්ථියෙහි සද්ධිං කථා ජාතා, මය්හම්පි ජාතපුබ්බා”ති දස්සනත්ථං වුත්තං.
“එකමිදාහං” යන මෙහි “ඉධ” යනු නිපාතයකි. “එක් සමයක” යන අර්ථයයි. මේ ප්‍රකාශය “සැරියුත් හිමියන්ම පමණක් නොව මමත් රජගහ නුවරට පිවිසියෙමි. හුදෙක් උන්වහන්සේට පමණක් නොව මටද මේ විතර්කය ඇතිවිය. මෙම අන්‍ය තීර්ථකයන් සමඟ වූ සාකච්ඡාව උන්වහන්සේට මෙන්ම මටද පෙර එසේම විය” යන්න දැක්වීමට වදාළ සේක.
අච්ඡරියං අබ්භුතන්ති උභයම්පෙතං විම්හයදීපනමෙව. වචනත්ථො පනෙත්ථ අච්ඡරං පහරිතුං යුත්තන්ති අච්ඡරියං. අභූතපුබ්බං භූතන්ති අබ්භුතං. එකෙන පදෙනාති “ඵස්සපච්චයා දුක්ඛ”න්ති ඉමිනා එකෙන පදෙන. එතෙන හි සබ්බවාදානං පටික්ඛෙපත්ථො වුත්තො. එසෙවත්ථොති එසොයෙව ඵස්සපච්චයා දුක්ඛන්ති පටිච්චසමුප්පාදත්ථො. තඤ්ඤෙවෙත්ථ පටිභාතූති තඤ්ඤෙවෙත්ථ උපට්ඨාතු.
“අච්ඡරියං අබ්භූතං” යන මේ වචන දෙකම විශ්මය දක්වන වදන්මය. මෙහි වචනාර්ථය වනාහී අසුරක් ගැසීමට සුදුසු වූයේ ආශ්චර්යයකි. (අච්ඡරිය) පෙර නොවූ විරූවක් වීම අත්භූතය. (අබ්භූත) “එකෙන පදෙන” යනු “ස්පර්ශය ප්‍රත්‍යයෙන් දුක ඇතිවේ” යන මේ එක පදයෙන් ය. මෙහිදී සියලු වාදයන් හි ප්‍රතික්ෂේප කිරීම හඟවන ලදී. “එසෙවත්ථො” යනු “ඒ මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ම දුක ඇතිවේ” යන ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මයේ එන අදහසයි. “තඤ්ඤෙවෙත්ථ පටිභාතු” යනු එයම මෙහිදී වැටහේවා යනුයි.
ඉදානි ථෙරො ජරාමරණාදිකාය පටිච්චසමුප්පාදකථාය තං අත්ථගම්භීරඤ්චෙව ගම්භීරාවභාසඤ්ච කරොන්තො සචෙ මං, භන්තෙතිආදිං වත්වා යංමූලකා කථා උප්පන්නා, තදෙව පදං ගහෙත්වා විවට්ටං දස්සෙන්තො ඡන්නංත්වෙවාතිආදිමාහ. සෙසං උත්තානමෙවාති.
දැන් තෙරුන්වහන්සේ ජරාමරණාදිය ප්රමුඛ වූ ප්‍රතීත්‍ය සමුත්පාද කථාවෙන් එහි අර්ථ ගම්භීරභාවයත්, ගම්භීරප්රභාවයත් දක්වමින් “සචෙ මං භන්තෙ” ආදී වශයෙන් යම් මූලික වූ කථාවක් උපන්නාහු ද ඒ කාරණයම ගෙන සසර නැවැත්ම දක්වනුයේ “ඡන්නංත්වෙ” යනාදිය දෙසූහ. සෙසු පදයන්ගේ අර්ථ ඉහත පැවසූ පරිදි දත යුතුයි.
චතුත්ථං.
සිවුවන සූත්‍රයයි.
5. භූමිජසුත්තවණ්ණනා
5. භූමිජ සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ භූමිජොති තස්ස ථෙරස්ස නාමං. සෙසමිධාපි පුරිමසුත්තෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. අයං පන විසෙසො – යස්මා ඉදං සුඛදුක්ඛං න කෙවලං ඵස්සපච්චයා උප්පජ්ජති, කායෙනපි කරියමානං කරීයති, වාචායපි මනසාපි, අත්තනාපි කරියමානං කරීයති, පරෙනපි කරියමානං කරීයති, සම්පජානෙනපි කරියමානං කරීයති, අසම්පජානෙනපි, තස්මා තස්ස අපරම්පි පච්චයවිසෙසං දස්සෙතුං කායෙ වා හානන්ද, සතීතිආදිමාහ. කායසඤ්චෙතනාහෙතූති කායද්වාරෙ උප්පන්නචෙතනාහෙතු. වචීසඤ්චෙතනාමනොසඤ්චෙතනාසුපි එසෙව නයො. එත්ථ ච කායද්වාරෙ කාමාවචරකුසලාකුසලවසෙන වීසති චෙතනා ලබ්භන්ති, තථා වචීද්වාරෙ. මනොද්වාරෙ නවහි රූපාරූපචෙතනාහි සද්ධිං එකූනතිංසාති තීසු ද්වාරෙසු එකූනසත්තති චෙතනා හොන්ති, තප්පච්චයං විපාකසුඛදුක්ඛං දස්සිතං. අවිජ්ජාපච්චයා චාති ඉදං තාපි චෙතනා අවිජ්ජාපච්චයා හොන්තීති දස්සනත්ථං වුත්තං. යස්මා පන තං යථාවුත්තචෙතනාභෙදං කායසඞ්ඛාරඤ්චෙව වචීසඞ්ඛාරඤ්ච මනොසඞ්ඛාරඤ්ච පරෙහි අනුස්සාහිතො සාමං අසඞ්ඛාරිකචිත්තෙන කරොති, පරෙහි කාරියමානො සසඞ්ඛාරිකචිත්තෙනාපි කරොති, “ඉදං නාම කම්මං කරොති, තස්ස එවරූපො නාම විපාකො භවිස්සතී”ති, එවං කම්මඤ්ච විපාකඤ්ච ජානන්තොපි කරොති, මාතාපිතූසු චෙතියවන්දනාදීනි කරොන්තෙසු අනුකරොන්තා දාරකා විය කෙවලං කම්මමෙව ජානන්තො “ඉමස්ස පන කම්මස්ස අයං විපාකො”ති විපාකං අජානන්තොපි කරොති, තස්මා තං දස්සෙතුං සාමං වා තං, ආනන්ද, කායසඞ්ඛාරං අභිසඞ්ඛරොතීතිආදි වුත්තං.
පස්වන සූත්‍රයේ “භුමිජො” යනු ඒ තෙරුන්ගේ නාමයයි. මෙහි ද සෙසු විස්තර මුල් සූත්‍රයේ පැවසූ පරිදි දත යුතුයි. මේ සූත්‍රයේ ඇති විශේෂත්වය නම්; “යම්හෙයකින් මේ සැප-දුක් ආදී ධර්මයෝ හුදෙක් ස්පර්ශය (ගැටීම) හේතුවෙන් ම නූපදිති. කයින් ද කටයුතු කරයි වචනයෙන් හා මනසින් ද කටයුතු කරයි. තමා විසින් ද අනුන් විසින් ද කළයුතු කටයුතු කරයි. දැන දැනම කරයි. නොදැනද කරයි. එනිසා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වෙන් වූ දුකට හේතුවන හේතුප්‍රත්‍ය දැක්වීම පිණිස “කායෙ වාහානන්ද! සති” යනාදිය දේශනා කළහ. “කායසඤ්චෙතනා හෙතු” යන කාය ද්වාරයෙහි උපන් චේතනා හේතුවයි. වාග් ද්වාරයෙහි හා මනෝද්වාරයෙහි උපන් චේතනා හේතු වාග් සඤ්චෙතනා, මනො සඤ්චෙතනා නම් වේ. මෙහිද කායද්වාරයෙහි කාමාවචර කුසල හා අකුසල වශයෙන් චේතනා විස්සක් ලැබේ. වචී ද්වාරයෙහි ද එලෙසම වේ. මනෝද්වාරයේ රෑප-අරූප චේතනා නවයක් සමග චේතනා 29 කි. ද්වාරත්‍රයේ ම චේතනා සැට නවයකි. (69) ඊට හේතු වශයෙන් සුව-දුක් විපාකයෝ දක්වන ලදහ. “අවිජ්ජා පච්චයාච” මෙහි වනාහී චේතනාව අවිද්‍යා ප්‍රත්‍යයෙන් වේයැයි දැක්වීමට කියන ලදී. යම්සේ මෙලෙස දැක්වූ චේතනා භේද ඇති කාය සංස්කාරය ද වාග් සංස්කාරය ද මනෝ සංස්කාරය ද අන්‍යන්ගේ උත්සාහයක් නොමැතිව තමාම අසංඛාරික සිතින් කරයි. අන්යන් විසින් කරවනු ලබන්නේ සසංඛාරික සිතින් කරයි. “මෙනම් ක්‍රියා කරන්නහුට මෙබඳු විපාක වන්නේයැ”යි මෙසේ කර්මය ද විපාකය ද දැන දැන ද සිදුකරයි. මාපියවරු චෛත්‍ය වැඳීම් ආදිය කරන කල්හි ඒ අනුව වඳින්නා වූ දරුවන් මෙන් ක්‍රියාව දැන දැනම කළත් “මේ ක්රියාවේ විපාකය මෙය” යැයි විපාකය නොදැනත් ක්‍රියා කරයි. එනිසා එය දැක්වීමට “සාමං වා තං ආනන්ද! කාය සඛාරා අභිසංඛරොති” යනාදිය කියන ලදී.
ඉමෙසු, ආනන්ද, ධම්මෙසූති යෙ ඉමෙ “සාමං වා තං, ආනන්ද, කායසඞ්ඛාර”න්තිආදීසු චතූසු ඨානෙසු වුත්තා ඡසත්තති ද්වෙසතා චෙතනාධම්මා, ඉමෙසු ධම්මෙසු අවිජ්ජා උපනිස්සයකොටියා අනුපතිතා. සබ්බෙපි හි තෙ “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”ති එත්ථෙව සඞ්ගහං ගච්ඡන්ති.
“ඉමෙසු ආනන්ද! ධම්මෙසු” යනු ආනන්දය! යමෙක් මේ ධර්මයන්හි තමාම හෝ යනුයි. “කාය සංස්කාර” යනාදී සතර තැන්හි කියන ලද දෙසිය සැත්තෑසයක් (276) වූ චේතනා ධර්මයෝ. මේ ධර්මයන්හි අවිද්‍යාව මූලාධාර වූ කෙළවර ඇති - මත්තෙහි වැටුණු ඒ සියල්ල “අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති” යනාදී ලෙස මෙහි ම සංග්‍රහයට පැමිණෙති.
ඉදානි විවට්ටං දස්සෙන්තො අවිජ්ජාය ත්වෙවාතිආදිමාහ. සො කායො න හොතීති යස්මිං කායෙ සති කායසඤ්චෙතනාපච්චයං අජ්ඣත්තං සුඛදුක්ඛං උප්පජ්ජති, සො කායො න හොති. වාචාමනෙසුපි එසෙව නයො. අපිච කායොති චෙතනාකායො, වාචාපි චෙතනාවාචා, මනොපි කම්මමනොයෙව. ද්වාරකායො වා කායො. වාචාමනෙසුපි එසෙව නයො. ඛීණාසවො චෙතියං වන්දති, ධම්මං භණති, කම්මට්ඨානං මනසි කරොති, කථමස්ස කායාදයො න හොන්තීති? අවිපාකත්තා. ඛීණාසවෙන හි කතං කම්මං නෙව කුසලං හොති නාකුසලං. අවිපාකං හුත්වා කිරියාමත්තෙ තිට්ඨති, තෙනස්ස තෙ කායාදයො න හොන්තීති වුත්තං.
දැන් සසර පැවැත්ම දක්වන සේක් - “අවිජ්ජායත්වෙව” යනාදිය දෙසූහ. “සො කායො න හොති” යනු යම්බඳු කයක් ඇති කල්හි, කාය සංචේතනා ප්‍රත්‍යය වූ අධ්‍යාත්මික සුව-දුක් උපදියිද එබඳු කයක් නැත. වචනයෙහිත් මනසෙහිත් මෙසේමය. තවද “කායො” යනු කාය චේතනාවයි. “වාචා’’ යනු වාග් චේතනාවයි. “මනෝ” යනු මනෝ කර්මයයි. කායද්වාරය යනු කයයි. ශරීරයයි. වාග්-මනෝ ද්වාරයන්හිද මේ ක්‍රමය ම දතයුතුයි. රහතන් වහන්සේ චෛත්‍ය වන්දනා කරති. ධර්ම දේශනා කරති. කමටහන් මෙනෙහි කරති. නමුත් උන්වහන්සේගේ කය කෙතක් නොවනුයේ විපාකයක් නැති බැවිනි. රහතන් වහන්සේ විසින් කරන ලද ක්‍රියාවෝ (කර්ම) කුසල් හෝ අකුසල් නොවේ. විපාක නොමැතිව ම ක්‍රියා මාත්‍රය පමණක් සිටියි. මෙනිසා උන්වහන්සේගේ කය මෙහි “කාය” සංඛ්‍යාවෙහි ලා නොසැලකුනි.
ඛෙත්තං තං න හොතීතිආදීසුපි විරුහනට්ඨෙන තං ඛෙත්තං න හොති, පතිට්ඨානට්ඨෙන වත්ථු න හොති, පච්චයට්ඨෙන ආයතනං න හොති, කාරණට්ඨෙන අධිකරණං න හොති.
“ඛෙත්තං තං න හොති” යනාදියේ වැඩීම් අර්ථයෙන් එය කෙතක් නොවේ. පිහිටීම් අර්ථයෙන් එය වස්තුවක් නොවේ. ප්රත්යාර්ථයෙන් එය ආයතනයක් නොවේ. හේතු අර්ථයෙන් එය අධිකරණයක් නොවේ.
සඤ්චෙතනාමූලකඤ්හි අජ්ඣත්තං සුඛදුක්ඛං උප්පජ්ජෙය්ය, සා සඤ්චෙතනා එතෙසං විරුහනාදීනං අත්ථානං අභාවෙන තස්ස සුඛදුක්ඛස්ස නෙව ඛෙත්තං, න වත්ථු න ආයතනං, න අධිකරණං හොතීති.
සංචේතනා මූලික වූ අධ්‍යාත්මික සුව-දුක් උපදින්නේ නම් ඒ සංචේතනාව - මේ වැඩීම් ආදියේ අභාවයෙන් ද උන්වහන්සේට සුඛදුක්ඛයන්ගේ කෙතක් නොවේ. වස්තුවක් නොවේ. ආයතනයක් නොවේ. අධිකරණයක් නොවේ.
ඉමස්මිං සුත්තෙ වෙදනාදීසු සුඛදුක්ඛමෙව කථිතං, තඤ්ච ඛො විපාකමෙවාති.
මෙම සූත්‍රයෙහි වේදනාදී සුව දුක්ම “ඒවායේ විපාකයැ”යි කියන ලදී.
පඤ්චමං.
පස්වන සූත්‍රයයි.
6. උපවාණසුත්තවණ්ණනා
6. උපවාණ සූත්‍ර වර්ණනාව
ඡට්ඨං උපවාණසුත්තං උත්තානමෙව. එත්ථ පන වට්ටදුක්ඛමෙව කථිතන්ති.
සයවන උපවාණ සූත්‍රයේ අර්ථ ඉතා ප්රකටය. මෙහිදී සසර පැවතුම් දුකම පවසන ලදැයි දතයුතුයි.
ඡට්ඨං.
සයවන සූත්‍රයයි.
7. පච්චයසුත්තවණ්ණනා
7. පච්චය සූත්‍ර වර්ණනාව
සත්තමෙ පටිපාටියා වුත්තෙසු පරියොසානපදං ගහෙත්වා කතමඤ්ච, භික්ඛවෙ, ජරාමරණන්තිආදි වුත්තං. එවං පච්චයං පජානාතීති එවං දුක්ඛසච්චවසෙන පච්චයං ජානාති. පච්චයසමුදයාදයොපි සමුදයසච්චාදීනංයෙව වසෙන වෙදිතබ්බා. දිට්ඨිසම්පන්නොති මග්ගදිට්ඨියා සම්පන්නො. දස්සනසම්පන්නොති තස්සෙව වෙවචනං. ආගතො ඉමං සද්ධම්මන්ති මග්ගසද්ධම්මං ආගතො. පස්සතීති මග්ගසද්ධම්මමෙව පස්සති. සෙක්ඛෙන ඤාණෙනාති මග්ගඤාණෙනෙව. සෙක්ඛාය විජ්ජායාති මග්ගවිජ්ජාය එව. ධම්මසොතං සමාපන්නොති මග්ගසඞ්ඛාතමෙව ධම්මසොතං සමාපන්නො. අරියොති පුථුජ්ජනභූමිං අතික්කන්තො. නිබ්බෙධිකපඤ්ඤොති නිබ්බෙධිකපඤ්ඤාය සමන්නාගතො. අමතද්වාරං ආහච්ච තිට්ඨතීති අමතං නාම නිබ්බානං, තස්ස ද්වාරං අරියමග්ගං ආහච්ච තිට්ඨතීති.
සත්වන සූත්‍රයේ - පිළිවෙලින් කියන ලද සූත්‍රයෙහි අවසාන පදය ගෙන “කතමඤ්ච භික්ඛවෙ! ජරාමරණං” ආදිය කියන ලදී. “එවං පච්චයං පජානාති” යනු මෙසේ දුක්ඛ සත්‍ය වශයෙන් දනියි. ප්‍රත්‍යයන්ගේ හටගැනීම් ආදියද සමුදය සත්‍ය වශයෙන් දතයුතුයි. “දිට්ඨි සම්පන්නො” යනු මාර්ග දෘෂ්ඨියෙන් යුක්ත වූ යනුයි. “දස්සන සම්පන්නො” යනු එයට ම තවත් සමාන වදනකි. “ආගතො ඉමං සද්ධම්මං” යනු මාර්ග සද්ධර්මයට පැමිණි යනුයි. “පස්සති” යනු මාර්ග සද්ධර්මයම බලයි. “සෙඛෙන ඤාණෙන” යනු මාර්ග ඤාණයෙන්ම යනුයි. “සෙඛාය විජ්ජාය” - මාර්ග විද්යාවෙන්ම යනුයි. “ධම්මසොතං සමාපන්නො” යනු මාර්ග සංඛ්‍යාත වූ ධර්ම ශ්‍රෝතයෙන් යුක්ත වූ යනුයි. “අරියො” යනු පුහුදුන් භූමිය ඉක්මවූ යනුයි. “නුබ්බෙධික පඤ්ඤො” යනු තියුනු අවබෝධ - ප්‍රඥාවෙන් යුක්ත වූ යනුයි. “අමතද්වාරං ආහච්ච තිට්ඨති” යන මෙහි “අමත” යනු නිවණයි. නිවණේ දොරටුව, ආර්ය මාර්ගය හැපී සිටියි යන අර්ථයි.
සත්තමං
සත්වන සූත්‍රයයි.
8. භික්ඛුසුත්තවණ්ණනා
8. භික්ඛු සූත්‍ර වර්ණනාව
අට්ඨමං උත්තානමෙව.
අටවන සූත්‍රයේ අර්ථ ඉතා ප්රකටය.
අට්ඨමං
අටවන සූත්‍රයයි.
9. සමණබ්රාහ්මණසුත්තවණ්ණනා
9. සමණබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව
නවමං අක්ඛරභාණකානං භික්ඛූනං අජ්ඣාසයෙන වුත්තං. තෙ හි පරීති උපසග්ගං පක්ඛිපිත්වා වුච්චමානෙ පටිවිජ්ඣිතුං සක්කොන්ති.
නවවන සූත්‍රයේ - අක්ෂර භාණක භික්ෂූන්ගේ අදහස් වශයෙන් කියන ලදී. එහි “පරි” යන උපසර්ගය අත්හැර පවසන විට සම්පූර්ණයෙන්ම අර්ථ දැනගැනීමට හැකිවේ.
නවමං.
නවවන සූත්‍රයයි.
10. දුතියසමණබ්රාහ්මණසුත්තවණ්ණනා
10. දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව
දසමෙ සබ්බං උත්තානමෙව. ඉමෙසු ද්වීසු සුත්තෙසු චතුසච්චපටිවෙධොව කථිතො.
දසවන සූත්‍රයේ අර්ථ විස්තර සියල්ල ද ඉහත කී පරිදි දතයුතුය. මේ සූත්‍ර දෙකෙහිදී චතුරාර්ය සත්‍යාවබෝධයට ම දේශනා කරන ලදී.
දසමං.
දසවන සූත්‍රයයි.
දසබලවග්ගො තතියො.
තෙවැනි දසබල වර්ගය නිමියේය.