පච්චයසුත්තං
1. 3. 7.
1. 3. 7.
පච්චයසුත්තං
පච්චය සූත්රය
27. සාවත්ථියං–
27. සැවැත්නුවර–
අවිජ්ජාපච්චයා භික්ඛවෙ සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
මහණෙනි, අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්රත්යයයෙන් විඥානය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.
කතමඤ්ච භික්ඛවෙ, ජරාමරණං? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, අයං වුච්චති ජරා. යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භෙදො කලෙබරස්ස නික්ඛෙපො ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදො, ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා ඉදං ච මරණං ඉදං වුච්චති භික්ඛවෙ ජරාමරණං. ජාතිසමුදයා ජරාමරණසමුදයො, ජාතිනිරොධා ජරාමරණනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ජරාමරණනිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
මහණෙනි, ජරාමරණ කවරේ ද යත්: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙහි යම් දිරීමෙක් දිරන බවෙක් දත් වැටීමෙක් කෙස් පැසීමෙක් ඇඟ රැලි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන්ගේ පැසීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ. ඒ ඒ සත්ත්වනිකායෙන් ඒ ඒ සත්ත්වයන්ගේ යම් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්චු නම් වූ මරණයෙක් සම්මුති මරණයෙක් ස්කන්ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් ජීවිතින්ද්රියයාගේ සිඳී යෑමෙක් වේ ද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මහණෙනි, මේ ජරාමරණ ය යි කියනු ලැබේ. ජාතිසමුදයෙන් ජරාමරණ සමුදය වේ. ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ. මේ ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය ම ජරාමරණ නිරොධගාමිනී ප්රතිපදාව ය. එනම්: සම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යි.
කතමා ච භික්ඛවෙ, ජාති? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති නිබ්බත්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චති භික්ඛවෙ ජාති. භවසමුදයා ජාති සමුදයො. භවනිරොධා ජාති නිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ජාතිනිරොධගාමිනී පටිපදා. සෙය්යථීදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
මහණෙනි, ජාතිය නම් කවර යත්: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායෙහි හටගැණීමෙක් පිරිපුන් හටගැණීමෙක් කුසට බැස ගැන්මෙක් ඉපැද්මෙක් වෙසෙස් ඉපැද්මෙක් ස්කන්ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ පිළි ගැබීමෙක් වේ ද, මහණෙනි, මේ ජාතිය යි කියනු ලැබේ. භවසමුදයෙන් ජාති සමුදය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. මේ ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය ම ජාති නිරෝධගාමිනී ප්රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසම්ධිය යි.
කතමො ච භික්ඛවෙ, භවො -පෙ- කතමඤ්ච භික්ඛවෙ උපාදානං -පෙ- කතමා ච භික්ඛවෙ තණ්හා -පෙ- කතමා ච භික්ඛවෙ වෙදනා -පෙ- කතමො ච භික්ඛවෙ ඵස්සො -පෙ- කතමං ච භික්ඛවෙ සළායතනං -පෙ- කතමං ච භික්ඛවෙ නාමරූපං -පෙ- කතමං ච භික්ඛවෙ විඤ්ඤාණං -පෙ- කතමෙ ච භික්ඛවෙ සඞ්ඛාරා තයො මෙ භික්ඛවෙ, සඞ්ඛාරා: කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරො. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, සඞ්ඛාරා. අවිජ්ජාසමුදයා සඞ්ඛාරසමුදයො. අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛාරනිරොධගාමිනී පටිපදා. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
මහණෙනි, භවය නම් කවර යත්: ... මහණෙනි, උපාදාන නම් කවර යත්: ... මහණෙනි, තෘෂ්ණා නම් කවර යත්: ... මහණෙනි, වේදනා නම් කවර යත්: ... මහණෙනි, ස්පර්ශය නම් කවර යත්: ... මහණෙනි, ෂඩායතන නම් කවර යත්: ... මහණෙනි, නාම රූප නම් කවර යත්: ... මහණෙනි, විඥාන නම් කවර යත්: ... මහණෙනි, සංස්කාර නම් කවර යත්: මහණෙනි, මේ සංස්කාර තුණෙකි: කායසංස්කාරය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර ය යි. මහණෙනි, මේ සංස්කාර ය යි කියනු ලැබේ. අවිද්යා සමුදයෙන් සංස්කාර සමුදය වේ. අවිද්යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ ආර්ය්ය අෂ්ටාඞ්ගිකමාර්ගය ම සංස්කාරනිරෝධගාමිනී ප්රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසම්ධි යි.
යතො ඛො භික්ඛවෙ, අරියසාවකො එවං පච්චයං පජානාති, එවං පච්චයසමුදයං පජානාති, එවං පච්චයනිරොධං පජානාති, එවං පච්චයනිරොධගාමිනිං පටිපදං පජානාති, අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො දිට්ඨිසම්පන්නො ඉතිපි, දස්සනසම්පන්නො ඉතිපි, ආගතො ඉමං සද්ධම්මං ඉතිපි, පස්සති ඉමං සද්ධම්මං ඉතිපි, සෙඛෙන ඤාණෙන සමන්නාගතො ඉතිපි, සෙඛාය විජ්ජාය සමන්නාගතො ඉතිපි, ධම්මසොතං සමාපන්නො ඉතිපි, අරියො නිබ්බෙධිකපඤ්ඤො ඉතිපි, අමතද්වාරං ආහච්ච තිට්ඨති ඉතිපීති.
මහණෙනි, යම් කලෙක ආර්ය්යශ්රාවක තෙමේ මෙසේ ප්රත්යය දනී ද, මෙසේ ප්රත්යයසමුදය දනී ද, මෙසේ ප්රත්යයනිරෝධය දනී ද, මෙසේ ප්රත්යය නිරෝධගාමිනීප්රතිපදාව දනී ද, මහණෙනි, මේ ආර්ය්යශ්රාවක තෙමේ මාර්ගදෘෂ්ටියෙන් යුක්ත ය යි ද, මාර්ගදර්ශනයෙන් යුක්ත ය යි ද, මේ සදහමට පැමිණියේ ය යි ද, මේ සදහම දකී ය යි ද, ශෛක්ෂඥානයෙන් සමන්වාගත ය යි ද, ශෛක්ෂවිද්යාවෙන් සමන්වාගත ය යි ද, (මාර්ගසඞ්ඛ්යාත) ධර්මස්රෝතසට පැමිණියේ ය යි ද, ආර්ය්ය වූ නිර්වේධිප්රඥා ඇත්තේ ය යි ද නිවන් දොරට හැනී සිටි ය යි ද කියනු ලැබෙයි.