යෙදුමෙන් කියවන්න

භික‍්ඛුසුත‍්තං

1. 3. 8.

1. 3. 8.

භික‍්ඛුසුත‍්තං

භික්ඛු සූත්‍රය

28. සාවත්‍ථියං–

28. සැවැත්නුවර–

තත්‍ර ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති ඛො තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ජරාමරණං පජානාති, ජරාමරණසමුදයං පජානාති, ජරාමරණනිරොධං පජානාති, ජරාමරණ නිරොධගාමිනිං පටිපදං පජානාති. ජාතිං පජානාති -පෙ- භවං පජානාති -පෙ- උපාදානං පජානාති -පෙ- තණ‍්හං පජානාති -පෙ- වෙදනං පජානාති -පෙ- ඵස‍්සං පජානාති -පෙ- සළායතනං පජානාති -පෙ- නාමරූපං පජානාති -පෙ- විඤ‍්ඤාණං පජානාති -පෙ- සඞ‍්ඛාරෙ පජානාති, සඞ‍්ඛාරසමුදයං පජානාති, සඞ‍්ඛාරනිරොධං පජානාති, සඞ‍්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානාති.

මහණෙනි, මෙහි මහණ තෙමේ ජරාමරණ දනී. ජරාමරණ සමුදය දනී. ජරාමරණ නිරෝධය දනී. ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දනී. ජාතිය දනී ... භවය දනී ... උපාදාන දනී ... තෘෂ්ණාව දනී ... වේදනාව දනී ... ස්පර්‍ශය දනී ... ෂඩායතන දනී ... නාමරූප දනී ... විඥානය දනී ... සංස්කාර දනී. සංස්කාර සමුදයය දනී. සංස්කාර නිරෝධය දනී. සංස්කාරනිරෝධගාමිනී ප්‍රතිපදාව දනී.

කතමං ච භික‍්ඛවෙ, ජරාමරණං? යා තෙසං තෙසං සත‍්තානං තම‍්හි තම‍්හි සත‍්තනිකායෙ ජරා ජීරණතා ඛණ‍්ඩිච‍්චං පාලිච‍්චං වලිත‍්තචතා ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො, අයං වුච‍්චති ජරා. යා තෙසං තෙසං සත‍්තානං තම‍්හා තම‍්හා සත‍්තනිකායා චුති චවනතා භෙදො අන‍්තරධානං මච‍්චුමරණං කාලකිරියා ඛන්‍ධානං භෙදො කලෙබරස‍්ස නික‍්ඛෙපො, ඉදං වුච‍්චති මරණං. ඉති අයං ච ජරා ඉදං ච මරණං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ ජරාමරණං. ජාතිසමුදයා ජරාමරණසමුදයො. ජාතිනිරොධා ජරාමරණනිරොධො. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො ජරාමරණනිරොධගාමිනී පටිපදා. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.

මහණෙනි, ජරාමරණ කවරේද යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි දිරීමෙක් දිරුම්බවෙක් දත් වැටිමෙක් කෙස් පැසීමෙක් ඇඟ රැළි වැටීමෙක් ආයුපිරිහීමෙක් ඉඳුරන් මේරීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ. ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙන් යම් වෙන් වීමෙක් වෙන්වන බවෙක් අතුරුදන් වීමෙක් මෘත්‍යු නම් වූ මරණයෙක් කලුරිය කිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් වේ දැ, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද මහණෙනි, මේ ජරාමරණය යි කියනු ලැබේ. ජාතිසමුදයෙන් ජරාමරණ සමුදයය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ම ජරාමරණ නිරෝධගාමිනීප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.

කතමා ච භික‍්ඛවෙ ජාති -පෙ- කතමො ච භික‍්ඛවෙ භවො -පෙ- කතමං ච භික‍්ඛවෙ උපාදානං -පෙ- කතමා ච භික‍්ඛවෙ තණ‍්හා -පෙ- කතමා ච භික‍්ඛවෙ වෙදනා -පෙ- කතමො ච භික‍්ඛවෙ ඵස‍්සො -පෙ- කතමං ච භික‍්ඛවෙ සළායතනං -පෙ- කතමං ච භික‍්ඛවෙ නාමරූපං -පෙ- කතමං ච භික‍්ඛවෙ විඤ‍්ඤාණං -පෙ- කතමෙ ච භික‍්ඛවෙ, සඞ‍්ඛාරා? තයො’මෙ භික‍්ඛවෙ, සඞ‍්ඛාරා: කායසඞ‍්ඛාරො වචීසඞ‍්ඛාරො චිත‍්තසඞ‍්ඛාරො. ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ, සඞ‍්ඛාරා. අවිජ‍්ජාසමුදයා සඞ‍්ඛාරසමුදයො. අවිජ‍්ජානිරොධා සඞ‍්ඛාරනිරොධො. අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සඞ‍්ඛාරනිරොධගාමිනී පටිපදා. සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.

මහණෙනි, ජාතිය නම් කවර යත්: ... මහණෙනි, භවය නම් කවර යත් ... මහණෙනි, උපාදාන නම් කවර යත් ... මහණෙනි, තණ්හා නම් කවර යත් ... මහණෙනි, වේදනා නම් කවර යත් ... මහණෙනි, ඵස්ස නම් කවර යත් ... මහණෙනි, සළායතන නම් කවර යත් ... මහණෙනි, නාමරූප නම් කවර යත්: මහණෙනි, විඤ්ඤාණ නම් කවර යත් … මහණෙනි, සඞ්ඛාර නම් කවර යත් … මහණෙනි, සඞ්ඛාර තුණෙකි: කාය සඞ්ඛාරය, විචීසඞ්ඛාරය, චිත්තසඞ්ඛාරය. මහණෙනි, මොහු සඞ්ඛාරයෝ යි කියනු ලැබෙත්. අවිද්‍යාසමුදයෙන් සංස්කාර සමුදය වේ. අවිද්‍යානිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය ම සංස්කාර නිරොධගාමිනී ප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.

යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛු එවං ජරාමරණං පජානාති, එවං ජරාමරණසමුදයං පජානාති, එවං ජරාමරණනිරොධං පජානාති, එවං ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානාති -පෙ- එවං ජාතිං පජානාති -පෙ- එවං භවං -පෙ- එවං උපාදානං -පෙ- එවං තණ‍්හං -පෙ- එවං වෙදනං -පෙ- එවං ඵස‍්සං -පෙ- එවං සළායතනං -පෙ- එවං නාමරූපං -පෙ- එවං විඤ‍්ඤාණං -පෙ- එවං සඞ‍්ඛාරෙ පජානාති, එවං සඞ‍්ඛාරසමුදයං පජානාති, එවං සඞ‍්ඛාරනිරොධං පජානාති. එවං සඞ‍්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානාති, අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු දිට‍්ඨිසම‍්පන‍්නො ඉතිපි, දස‍්සනසම‍්පන‍්නො ඉතිපි, ආගතො ඉමං සද‍්ධම‍්මං ඉතිපි, පස‍්සති ඉමං සද‍්ධම‍්මං ඉතිපි, සෙඛෙන ඤාණෙන සමන‍්නාගතො ඉතිපි, සෙඛාය විජ‍්ජාය සමන‍්නාගතො ඉතිපි, ධම‍්මසොතං සමාපන‍්නො ඉතිපි, අරියො නිබ‍්බෙධිකපඤ‍්ඤො ඉතිපි, අමතද‍්වාරං ආහච‍්ච තිට‍්ඨති ඉතිපීති.

මහණෙනි, යම් කලෙක මහණ තෙමේ මෙසේ ජරාමරණ දනී ද, මෙසේ ජරාමරණසමුදයය දනී ද, මෙසේ ජරාමරණනිරෝධය දනී ද, මෙසේ ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දනී ද, ... මෙසේ ජාතිය දනී ද, ... මෙසේ භවය දනී ද, ... මෙසේ උපාදාන දනී ද, ... මෙසේ තෘෂ්ණාව ... මෙසේ වේදනාව ... මෙසේ ස්පර්‍ශය ... මෙසේ ෂඩායතන .. මෙසේ නාමරූප ... මෙසේ විඥානය ... මෙසේ සංස්කාර දනී ද, මෙසේ සංස්කාර සමුදය දනී ද, මෙසේ සංස්කාර නිරෝධය දනී ද, මෙසේ සංස්කාර නිරොධගාමිනී ප්‍රතිපදාව දනී ද, මහණෙනි, මේ මහණ තෙමේ දෘෂ්ටිසම්පන්න යි ද, දර්‍ශනසම්පන්න යි ද, මේ සද්ධර්‍මයට පැමිණියේ යි ද, මේ සද්ධර්‍මය දකී යි ද, ශෛක්‍ෂඥානයෙන් සමන්‍වාගත යි ද, ශෛක්‍ෂ විද්‍යාවෙන් සමන්‍වාගත යි ද, ධර්‍මෙස්‍රෝතසට පැමිණියේ යි ද, ආර්‍ය්‍ය වූ නිර්වේධිකප්‍රඥා ඇත්තේ යි ද, නිවන් දොරට හැපී සිටී යි ද කියනු ලැබේ.