උපවාණසුත්තං
1. 3. 6.
1. 3. 6.
උපවාණසුත්තං
උපවාණ සූත්‍රය
26. සාවත්ථියං–
26. සැවැත්නුවර–
අථ ඛො ආයස්මා උපවාණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපවාණො භගවන්තං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් උපවාණස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් උපවාණස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
සන්ති හි භන්තෙ, එකෙ සමණබ්රාහ්මණා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති හි පන භන්තෙ එකෙ සමණබ්රාහ්මණා පරංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති හි භන්තෙ එකෙ සමණබ්රාහ්මණා සයංකතඤ්ච පරංකතඤ්ච දුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති හි පන භන්තෙ එකෙ සමණබ්රාහ්මණා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති.
වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසින්ම කරණ ලදැ යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක මෙරමා විසින් ම කරණ ලදැ යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසිනුදු මෙරමා විසිනුදු කරණ ලද්දේ ය යි පණවත්. වහන්ස, ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. (ඔහු) දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ හේතුප්‍රත්‍යය රහිතව (ඉබේ) හටගත්තේය යි පණවත්,
ඉධ නො භන්තෙ භගවා කිං වාදී? කිමක්ඛායී! කථං බ්‍යාකරමානා ච මයං වුත්තවාදිනො චෙව භගවතො අස්සාම? න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්‍යාම? ධම්මස්ස චානුධම්මං බ්‍යාකරෙය්‍යාම? න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්යාති?
වහන්ස, මෙහි ලා අපගේ භාග්‍යවතුන් වහන්සේ කිනම් වාද ඇති සේක් ද? කුමක් කියනසුලු සේක් ද? කෙසේ පවසන්නා වූ අපි භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්ද අනුව කියන්නෝ වන්නමෝ ද? භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් නො ද අබිබවා කියන්නමෝ ද? දහමට ද අනුදහමක් පවසන්නමෝ ද? කරුණු සහිත වූ කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො එන්නේ ද?
පටිච්චසමුප්පන්නං ඛො උපවාණ දුක්ඛං වුත්තං මයා. කිං පටිච්ච? ඵස්සං පටිච්ච. ඉති වදං වුත්තවාදී චෙව මෙ අස්ස න ච මං අභූතෙන අබ්භාචික්ඛෙය්‍ය ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්ය න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්ය.
උපවාණ, දුක ප්‍රත්‍යයයෙන් හටගත්තකැ යි මා විසින් කියන ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්ශය ප්‍රත්‍යය කොටය මෙසේ කියන්නේ මා විසින් කියන ලද්ද අනු ව කියන්නෙක් වන්නේ ය. බොරුවෙන් මා නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත වූ කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොද එන්නේ ය.
තත්ර උපවාණ යෙ තෙ සමණබ්රාහ්මණා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තදපි ඵස්සපච්චයා. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති තදපි ඵස්සපච්චයා.
උපවාණ, එහි යම් ඒ මහණබමුණෝ දුක තමා විසින් කරණ ලදැ යි පණවද්ද, ළු ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ යම් ඒ මහණබමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ ඉබේ හටගත්තේ ය යි පණවද්ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.
තත්ර උපවාණ යෙ තෙ සමණබ්රාහ්මණා සයංකතං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජතීති.
උපවාණ, එහි යම් ඒ මහණබමුණෝ දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවද්ද, ඒකාන්තයෙන් ඔහු ස්පර්‍ශෙයන් වෙන් ව (දුක) විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වේ. යම් ඒ ... යම් ඒ යම් ඒ මහණබමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ ඉබේ හටගත්තේ ය යි පණවද්ද, ඒකාන්තයෙන් ඔහු ස්පර්‍ශෙයන් වෙන් ව (දුක) විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වෙයි.