භූමිජසුත්තං
1. 3. 5.
1. 3. 5.
භූමිජසුත්තං
භූමිජ සූත්‍රය
25. සාවත්ථියං–
25. සැවැත්නුවර–
අථ ඛො ආයස්මා භූමිජො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා භූමිජො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් භූමිජ ස්ථිවිර තෙමේ සවස්කල පටිසල්ලානයෙන් නැඟී සිටියේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ සමග සතුටු වීය. සතුටු වියයුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් භූමිජ ස්ථවිර තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කළේය:
සන්තාවුසො සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති පනාවුසො සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා පරංකතං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති පනාවුසො සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතඤ්ච පරංකතඤ්ච සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති. සන්ති පනාවුසො සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති.
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු සුවදුක් තමා විසින් කරණලද්දේ යයි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ ඔහු සුවදුක් මෙරමා විසින් කරණලද්දේ යයි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු කරණලද්දේ යයි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණලද්දේ ඉබේ හටගත්තකැ යි පණවත්.
ඉධ නො ආවුසො සාරිපුත්ත භගවා කිං වාදී? කිමක්ඛායී? කථං ව්යාකරමානා ච මයං වුත්තවාදිනො චෙව භගවතො අස්සාම? න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්‍යාම? ධම්මස්ස චානුධම්මං බ්‍යාකරෙය්‍යාම? න ච කො චි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්යාති?
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙහි ලා අපගේ භාග්‍යවතුන් වහන්සේ කිනම් වාද ඇති සේක් ද? කුමක් කියන සුලු සේක් ද? කෙසේ විසඳන්නා වූ අපි භාග්‍යවතුන් වහන්සේ විසින් කියනලද්දක් කියන්නෝත් වන්නමෝ ද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද අබිබවා කියන්නමෝ ද? දහමට ද අනුදහමක් පවසන්නමෝ ද? කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහියයුතු තැනට නො ද පැමිණෙන්නේ ද? යී.
පටිච්චසමුප්පන්නං ඛො ආවුසො සුඛදුක්ඛං වුත්තං භගවතා. කිං පටිච්ච? ඵස්සං පටිච්ච. ඉති වදං වුත්තවාදී චෙව. භගවතො අස්ස, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛෙය්‍ය, ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්ය. න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්ය.
ඇවැත්නි, සුවදුක් ප්‍රත්‍යයෙන් හටගත්තේ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නේ වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරණු සහිත කිසි යම් වාදානුපාතයෙක් ගැරහියයුතු තැනට නො ද පැමිණෙන්නේ ය.
තත්‍රා’වුසො යෙ තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති, තදපි ඵස්සපච්චයා. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති, තද’පි ඵස්සපච්චයා.
ඇවැත්නි, එහි කර්මවාදී වූ යම් ඒ මහණබමුණු කෙනෙක් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවත් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්මවාදී වූ මහණබමුණු කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.
තත්‍රා’වුසො යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති, තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
ඇවැත්නි, එහි කර්මවාදී වූ ඒ මහණ බමුණු කෙනෙකුත් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වන්නේ ය. යම් ඒ .. යම් ඒ ... යම් ඒ කර්මවාදී වූ මහණබමුණු කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්ශයෙන් වෙන්ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වේ.
අස්සොසි ඛො ආයස්මා ආනන්දො ආයස්මතො සාරිපුත්තස්ස ආයස්මතා භූමිජෙන සද්ධිං ඉමං කථාසල්ලාපං. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො යාවතකො ආයස්මතො සාරිපුත්තස්ස ආයස්මතා භූමිජෙන සද්ධිං අහොසි කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි.
ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ ආයුෂ්මත් භූමිජ තෙරුන් සමග පැවැති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ මේ කථාසල්ලාපය ඇසී ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ ආයුෂ්මත් භූමිජ තෙරුන් සමග ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ යම් තාක් කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
සාධු සාධු ආනන්ද, යථා තං සාරිපුත්තො සම්මා ව්යාකරමානො ව්යාකරෙය්ය. පටිච්චසමුප්පන්නං ඛො ආනන්ද සුඛදුක්ඛං වුත්තං මයා, කිං පටිච්ච, ඵස්සං පටිච්ච. ඉති වදං වුත්තවාදී චෙව මෙ අස්ස න ච මං අභූතෙන අබ්භාචික්ඛෙය්‍ය, ධම්මස්ස චානුධම්මං බ්යාකරෙය්ය, න ච කොචි සහධම්මිකො වාදානුපාතො ගාරය්හං ඨානං ආගච්ඡෙය්ය.
ආනන්ද, මැනවි, මැනවි, ශාරීපුත්‍රස්ථවිර තෙමේ ම විසඳන්නේ ඒ තත්වූ පරිදි මොනවට විසඳන්නේ ය. ආනන්ද, සුවදුක් ප්‍රත්‍යයයෙන් හටගත්තේ යයි මා විසින් කියන ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ මා විසින් කියනලද්දක් කියන ලද්දේත් වන්නේ ය. මට බොරුවෙන් නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත වූ කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ ය.
තත්රානන්ද යෙ තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති. තදපි ඵස්සපච්චයා. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති තදපි ඵස්සපච්චයා.
ආනන්ද, එහි කර්මවාදී වූ යම් ඒ මහණබමුණු කෙනෙක් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්මවාදී වූ මහණබමුණු, කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නොකරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, එය ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.
තත්රානන්ද යෙ තෙ සමණබ්රාහ්මණා කම්මවාදා සයංකතං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති. තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්රාහ්මණා කම්මවාදා අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං පඤ්ඤාපෙන්ති. තෙ වත අඤ්ඤත්ර ඵස්සා පටිසංවෙදිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
ආනන්ද, එහි කර්මවාදී වූ යම් ඒ මහණබමුණු කෙනෙක් සුවදුක් තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නොවේ. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්මවාදී වූ මහණබමුණු කෙනෙකුත් සුවදුක් තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හටගත්තේ යයි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කරුණ විද්‍යාමාන නො වේ.
කායෙ වා හානන්ද සති කායසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, වාචාය වා හානන්ද සති වචීසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. මනෙ වා හානන්ද සති මනොසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං අවිජ්ජාපච්චයා ච.
ආනන්ද, කය ඇති කල්හිත් කායසඤ්චේතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. ආනන්ද, වචනය ඇති කල්හිත් වචීයසඤ්චේතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. ආනන්ද, සිත ඇති කල්හිත් මනෝසඤ්චේතනා හේතු කොට තමා පිළිබඳ සුවදුක් උපදී. අවිද්‍යාප්‍රත්‍යයෙන් ද (සුවදුක්) උපදි.
සාමං වා තං ආනන්ද කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති යම්පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. පරෙවාස්ස තං ආනන්ද කායසඞ්ඛාරං අභිසඞ්ඛරොන්ති යම්පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, සම්පජානො වා තං ආනන්ද කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති. යම්පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. අසම්පජානො වා තං ආනන්ද කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති.
යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද තෙමේත් ඒ කායසංස්කාර රැස් කෙරෙයි. යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද, මෙරමාත් ඔහුගේ ඒ කායසංස්කාර රැස් කෙරෙත්. යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද, මනා දැනුම් ඇත්තේත් ඒ කායසංස්කාර රැස් කෙරෙයි. යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ සුවදුක් උපදී ද, ආනන්ද, මනා දැනුම් නැත්තේත් ඒ කායසංස්කාර රැස් කෙරේ.
යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, සාමං වා තං ආනන්ද වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති. යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, පරෙවාස්ස තං ආනන්ද වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොන්ති. යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, සම්පජානො වා තං ආනන්ද -පෙ- අසම්පජානො වා තං ආනන්ද -පෙ- වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති.
යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ එ සුවදුක් උපදී ද, ආනන්ද තෙමේත් ඒ වාක්සංස්කාර රැස් කෙරෙයි. යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, මෙරමාත් ඔහුගේ ඒ වාක්සංස්කාර රැස් කෙරෙත්. යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද මනා දැනුම් ඇත්තේත් ඒ ... ආනන්ද, මනා දැනුම් නැත්තේත් ඒ වාක්සංස්කාර රැස් කෙරෙයි.
යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං, සාමං වා තං ආනන්ද මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. පරෙ වාස්ස තං ආනන්ද මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොන්ති. යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සම්පජානො වා තං ආනන්ද -පෙ- අසම්පජානො වා තං ආනන්ද මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. ඉමෙසු ආනන්ද ධම්මෙසු අවිජ්ජා අනුපතිතා.
යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද තෙමේත් ඒ මනඃසංස්කාර රැස් කෙරෙයි. යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදි ද, ආනන්ද, මෙරමාත් ඔහුගේ ඒ මනඃසංස්කාර රැස් කෙරෙත්. යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද, මනා දැනුම් ඇත්තේත් ඒ ... යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද, මනා දැනුම් නැත්තේත් ඒ මනඃසංස්කාර රැස් කෙරෙයි. ආනන්ද, මේ ධර්මයන්හි අවිද්‍යාව යුක්තවූවා ය.
අවිජ්ජායත්වෙව ආනන්ද අසෙසවිරාගනිරොධා සො කායො න හොති. යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සා වාචා න හොති. යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සො මනො න හොති යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. ඛෙත්තං තං න හොති. -පෙ- වත්ථු තං න හොති. -පෙ- ආයතනං තං න හොති. -පෙ- අධිකරණං තං න හොති යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛන්ති.
යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ආනන්ද, අවිද්‍යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් ඒ කය නොවේ. යම් ප්‍රත්‍යය කින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ වචනය නො වේ. යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ සිත නොවේ. යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ කෙත නො වේ. ... ඒ වාස්තුව නො වේ. ... ඒ ආයතනය නො වේ. යම් ප්රත්යයකින් ඔහුට තමා පිළිබඳ ඒ සුවදුක් උපදී ද, ඒ අධිකරණය නො වේ.