යෙදුමෙන් කියවන්න

අඤ‍්ඤතිත්‍ථියසුත‍්තං

1. 3. 4.

1. 3. 4.

අඤ‍්ඤතිත්‍ථියසුත‍්තං

අඤ්ඤතිත්‍ථිය සූත්‍රය

24. රාජගහෙ –

24. රජගහනුවර –

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය රාජගහං පිණ‍්ඩාය පාවිසි. අථ ඛො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස එතදහොසි: අතිප‍්පගො ඛො තාව රාජගහෙ පිණ‍්ඩාය චරිතුං. යන‍්නූනාහං යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍යන‍්ති. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එතදවොචුං:

ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පා සිවුරැ ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට, “රජගහ නුවර පිඬු පිණිස හැසිරීමට ඉතා අලුයම මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹෙන්නෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ අදහස පහළ විය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළැඹියහ. එළැඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීවාහු ය:

සන‍්තාවුසො සාරිපුත‍්ත, එකෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා සයංකතං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති. සන‍්ති පනාවුසො සාරිපුත‍්ත, එකෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා පරංකතං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති. සන‍්තාවුසො සාරිපුත‍්ත, එකෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා සයංකතඤ‍්ච පරංකතඤ‍්ච දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති. සන‍්ති පනාවුසො සාරිපුත‍්ත, එකෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති. ඉධ පනාවුසො සාරිපුත‍්ත, සමණො ගොතමො කිංවාදී, කිමක‍්ඛායී? කථං බ්‍යාකරමානා ච මයං වුත‍්තවාදිනො චෙව සමණස‍්ස ගොතමස‍්ස අස‍්සාම? න ච සමණං ගොතමං අභූතෙන අබ‍්භාචික‍්ඛෙය්‍යාම? ධම‍්මස‍්ස චානුධම‍්මං බ්‍යාකරෙය්‍යාම න ච කොචි සහධම‍්මිකො වාදානුපාතො ගාරය‍්හං ඨානං ආගච‍්ඡෙය්‍යාති?

ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවත්. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක මෙරමා විසින් කරණ ලද්දේ ය යි පණවත්. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලදැ යි පණවත්. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි. කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මිකව (ඉබේ) හට ගත්තේ ය යි පණවත්. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මෙහි ලා මහණ ගොයුම් තෙමේ කිනම් වාද ඇත්තේ ද, කුමක් කියන සුලු වූයේ ද, කෙසේ විසඳන්නා වූ අපි මහණ ගොයුම්හු විසින් කියන ලද්දක් කියන්නමෝ ද? මහණ ගොයුම්හට බොරුවෙන් නො ම අබිබවා කියන්නමෝ ද? දහමට ද අනුදහමක් පවසන්නමෝ ද? කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොම පැමිණෙන්නේ ද’යි.

පටිච‍්චසමුප‍්පන‍්නං ඛො ආවුසො දුක‍්ඛං වුත‍්තං භගවතා. කිම‍්පටිච‍්ච? ඵස‍්සං පටිච‍්ච. ඉති වදං වුත‍්තවාදී චෙව භගවතො අස‍්ස. න ච භගවන‍්තං අභූතෙන අබ‍්භාචික‍්ඛෙය්‍ය ධම‍්මස‍්ස චානුධම‍්මං බ්‍යාකරෙය්‍ය. න ච කොචි සහධම‍්මිකො වාදානුපාතො ගාරය‍්හං ඨානං ආගච‍්ඡෙය්‍ය.

ඇවැත්නි, දුක ප්‍රත්‍යයයෙන් හට ගත්තෙකැ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නේ වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ ය.

තත්‍ර ආවුසො යෙ තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා සයංකතං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තදපි ඵස‍්සපච‍්චයා. යෙපි තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා පරංකතං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තදපි ඵස‍්සපච‍්චයා. යෙපි තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා සයංකතඤ‍්ච පරංකතඤ‍්ච දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තදපි ඵස‍්සපච‍්චයා. යෙපි තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තදපි ඵස‍්සපච‍්චයා.

ඇවැත්නි, කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවත් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක මෙරමා විසින් කරණ ලදැ යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු කරණ ලදැ යි පණවත් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මිකව හටගත්තේ ය යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයෙනි.

තත්‍ර ආවුසො යෙ තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා සයංකතං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තෙ වත අඤ‍්ඤත්‍ර ඵස‍්සා පටිසංවෙදිස‍්සන‍්තීති නෙතං ඨානං විජ‍්ජති. යෙපි තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා පරංකතං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තෙ වත අඤ‍්ඤත්‍ර ඵස‍්සා පටිසංවෙදිස‍්සන‍්තීති නෙතං ඨානං විජ‍්ජති. යෙපි තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා සයංකතඤ‍්ච පරංකතඤ‍්ච දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තෙ වත අඤ‍්ඤත්‍ර ඵස‍්සා පටිසංවෙදිස‍්සන‍්තීති නෙතං ඨානං විජ‍්ජති. යෙපි තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තෙ වත අඤ‍්ඤත්‍ර ඵස‍්සා පටිසංවෙදිස‍්සන‍්තීති නෙතං ඨානං විජ‍්ජතීති.

ඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව (දුක්වේදනා) විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක මෙරමා විසින් කරණ ලදැ යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලදැ යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ. කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ යයි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නොවේ.

අස‍්සොසි ඛො ආයස‍්මා ආනන්‍දො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං ඉමං කථාසල‍්ලාපං. අථ ඛො ආයස‍්මා ආනන්‍දො රාජගහෙ පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො යාවතකො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං අහොසි කථාසල‍්ලාපො, තං සබ‍්බං භගවතො ආරොචෙසි.

ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙම් ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ මේ කථාසල්ලාපය ඇසුයේ ම ය. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ රජගහනුවර පිඬු පිණිස හැසිරැ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේය.

සාධු සාධු ආනන්‍ද, යථා තං සාරිපුත‍්තො ව සම‍්මා බ්‍යාකරමානො බ්‍යාකරෙය්‍ය. පටිච‍්චසමුප‍්පන‍්නං ඛො ආනන්‍ද දුක‍්ඛං වුත‍්තං මයා. කිං පටිච‍්ච? ඵස‍්සං පටිච‍්ච. ඉති වදං වුත‍්තවාදී චෙව මෙ අස‍්ස. න ච මං අභූතෙන අබ‍්භාචික‍්ඛෙය්‍ය, ධම‍්මස‍්ස චානුධම‍්මං බ්‍යාකරෙය්‍ය, න ච කොචි සහධම‍්මිකො වාදානුපාතො ගාරය‍්හං ඨානං ආගච‍්ඡෙය්‍ය.

ආනන්‍ද, මැනවි. මැනවි. ශාරීපුත්‍ර තෙමේ ම පවසන්නේ මොනොවට පවසන්නේ ය. ආනන්‍ද, දුක ප්‍රත්‍යයෙන් හට ගත්තේ ය යි මා විසින් කියන ලදි. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ මා විසින් කියන ලද්දක් කියන්නේ වන්නේ ය. මා බොරුවෙන් නො ම අබිබවා කියන්නේ ය. දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නොද පැමිණෙන්නේ ය.

තත්‍රා’නන්‍ද, යෙපි තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා සයංකතං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තදපි ඵස‍්සපච‍්චයා. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තදපි ඵස‍්සපච‍්චයා.

ආනන්‍ද, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ යයි පණවද් ද, එ ද ස්පර්‍ශ ප්‍රත්‍යයයෙනි. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.

තත්‍රා’නන්‍ද, යෙපි තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා සයංකතං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තෙ වත අඤ‍්ඤත්‍ර ඵස‍්සා පටිසංවෙදිස‍්සන‍්තීති නෙතං ඨානං විජ‍්ජති. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තෙ වත අඤ‍්ඤත්‍ර ඵස‍්සා පටිසංවෙදිස‍්සන‍්තීති නෙතං ඨානං විජ‍්ජති.

ආනන්‍ද, එහි කර්‍මවාදී වූ යම් මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පවසද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නොවේ. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනු දු මෙරමා විසිනු දු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවත් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ.

එකමිදාහං ආනන්‍ද, සමයං ඉධෙව රාජගහෙ විහරාමි වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. අථඛ‍්වාහං ආනන්‍ද, පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය රාජගහං පිණ‍්ඩාය පාවිසිං. තස‍්ස මය‍්හං ආනන්‍ද එතදහොසි: “අතිප‍්පගො ඛො තාව රාජගහෙ පිණ‍්ඩාය චරිතුං. යන‍්නූනාහං යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍යන‍්ති. අථ ඛ‍්වාහං ආනන්‍ද, යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමිං. උපසඞ‍්කමිත්‍වා තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදිං. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිං, එකමන‍්තං නිසින‍්නං ඛො මං ආනන්‍ද, තෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එතදවොචුං:

ආනන්‍ද, එක්කලෙක මම මේ රජගහනුවර ම කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වෙසෙමි. ආනන්‍ද එකල්හි මම පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසියෙමි. ආනන්‍ද, ඒ මට රජගහනුවර පිඬු පිණිස හැසිරීමට කල් වැඩි ය, මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹෙන්නෙම් නම් යෙහෙකැ”යි මේ අදහස වී ය. ආනන්‍ද, එකල්හි මම අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹියෙමි. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමග සතුටු වීමි. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හිඳගත්තෙමි. ආනන්‍ද, එකත්පසෙක හිඳ ගත් මට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ:

සන‍්තාවුසො ගොතම, එකෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා සයංකතං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති. සන‍්ති පනාවුසො ගොතම, එකෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා, පරංකතං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති. සන‍්තාවුසො ගොතම, එකෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා සයංකතඤ‍්ච පරංකතඤ‍්ච දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති. සන‍්ති පනාවුසො ගොතම, එකෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති. ඉධ නො ආයස‍්මා ගොතමො කිංවාදී? කිමක‍්ඛායී? කථං බ්‍යාකරමානා ච මයං වුත‍්තවාදිනො චෙව ආයස‍්මතො ගොතමස‍්ස අස‍්සාම: න ච ආයස‍්මන‍්තං ගොතමං අභූතෙන අබ‍්භාචික‍්ඛෙය්‍යාම, ධම‍්මස‍්ස චානුධම‍්මං බ්‍යාකරෙය්‍යාම, න ච කොචි සහධම‍්මිකො වාදානුපාතො ගාරය‍්හං ඨානං ආගච‍්ඡෙය්‍යාති.

ඇවැත්නි ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසින් කරණ ලදැයි පණවත්. ඇවැත්නි, ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක මෙරමා විසින් කරණ ලදැ යි පණවත්. ඇවැත්නි, ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලදැ යි පණවත්. ඇවැත්නි, ගෞතමයෙනි, කර්‍මවාදී වූ ඇතැම් මහණ බමුණෝ ඇත්තාහ. ඔහු දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ යයි පණවත්. මෙහි ලා අපගේ ආයුෂ්මත් ගෞතම තෙමේ කිනම් වාද ඇත්තේ ද, කුමක් කියන සුලු ද? කෙසේ විසඳන්නා වූ අපි ආයුෂ්මත් ගෞතමයන් විසින් කියන ලද්දක් කියන්නෝත් වන්නමෝ ද; ආයුෂ්මත් ගෞතමයන්ට බොරුවෙන් නො ද අභ්‍යාඛ්‍යාන කියන්නමෝ ද, දහමට අනුදහමක් පවසන්නමෝ ද, කරණු සහිත කිසියම් වාදානුපාතයෙක් පැමිණෙන්නේ ද යි.

එවං වුත‍්තාහං ආනන්‍ද, තෙ අඤ‍්ඤතිත්‍ථියෙ පරිබ‍්බාජකෙ එතදවොචං: පටිච‍්චසමුප‍්පන‍්නං ඛො ආවුසො දුක‍්ඛං වුත‍්තං මයා. කිං පටිච‍්ච? ඵස‍්සං පටිච‍්ච. ඉති වදං වුත‍්තවාදී චෙව මෙ අස‍්ස, න ච මං අභූතෙන අබ‍්භාචික‍්ඛෙය්‍ය, ධම‍්මස‍්ස චානුධම‍්මං බ්‍යාකරෙය්‍ය, න ච කොචි සහධම‍්මිකො වාදානුපාතො ගාරය‍්හං ඨානං ආගච‍්ඡෙය්‍ය.

ආනන්‍ද, මෙසේ කියන ලද මම ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මේ කීයෙමි. ඇවැත්නි, දුක ප්‍රත්‍යයෙන් හට ගත්තෙකැ යි මා විසින් කියන ලදී. කුමක් ප්‍රත්‍යය කොට ද? ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ය. මෙසේ කියන්නේ මා විසින් කියන ලද්දක් කියන්නේත් වන්නේ ය. මට බොරුවෙන් නො ද අභ්‍යාඛ්‍යාන කරන්නේය දහමට ද අනුදහමක් පවසන්නේ ය. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ ය යි.

තත්‍රා’වුසො යෙ තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා සයංකතං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති තදපි ඵස‍්සපච‍්චයා. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තදපි ඵස‍්සපච‍්චයා.

ඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලදැ යි පණවද් ද, එ ද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි, යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවද්ද, එද ස්පර්‍ශප්‍රත්‍යයයෙනි.

තත්‍රා’වුසො යෙ තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා සයංකතං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තෙ වත අඤ‍්ඤත්‍ර ඵස‍්සා පටිසංවෙදිස‍්සන‍්තීති නෙතං ඨානං විජ‍්ජති. යෙපි තෙ -පෙ- යෙපි තෙ -පෙ- යෙපි තෙ සමණබ්‍රාහ‍්මණා කම‍්මවාදා අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං දුක‍්ඛං පඤ‍්ඤාපෙන‍්ති, තෙ වත අඤ‍්ඤත්‍ර ඵස‍්සා පටිසංවෙදිස‍්සන‍්තීති නෙතං ඨානං විජ‍්ජතීති.

ඇවැත්නි, එහි කර්‍මවාදී වූ යම් ඒ මහණ බමුණු කෙනෙක් දුක තමා විසින් කරණ ලද්දේ ය යි පණවද් ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව (වේදනා) විඳින්නාහු ය යන් මේ කාරණය විද්‍යාමාන නො වේ. යම් ඒ ... යම් ඒ ... යම් ඒ කර්‍මවාදී වූ මහණ බමුණු කෙනෙකුත් දුක තමා විසිනුදු මෙරමා විසිනුදු නො කරණ ලද්දේ ඉබේ හට ගත්තේ ය යි පණවද්ද, ඔහු ඒකාන්තයෙන් ස්පර්‍ශයෙන් වෙන් ව විඳින්නාහු ය යන් මේ කාරණය විද්‍යාමාන නො වේ යි.

අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ, යත්‍ර හි නාම එකෙන පදෙන සබ‍්බො අත්‍ථො වුත‍්තො භවිස‍්සති. සියා නු ඛො භන‍්තෙ එසෙවත්‍ථො විත්‍ථාරෙන වුච‍්චමානො ගම‍්භීරො චෙව අස‍්ස, ගම‍්භීරාවභාසො චාති. තෙනහානන්‍ද, තඤ‍්ඤෙවෙත්‍ථ පටිභාතූති.

වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි! වහන්ස, පුදුමයෙකි යම් හෙයෙකින් නම් එක් පදයකින් සියලු අර්‍ත්‍ථය කියන ලද්දේ වන්නේ ද, (එහෙයිනි.) වහන්ස, මේ අරුත ම විතර විසින් කියනු ලබන්නේ ගැඹුරු වූයේත් ගැඹුරැ වැටහීම් ඇත්තේත් වන්නේ දෝ, ආනන්‍ද, එසේ වූ නම් එය ම මෙහි ලා වැටහේ වා.

සචෙ මං භන‍්තෙ එවං පුච‍්ඡෙය්‍යුං, ජරාමරණං ආවුසො ආනන්‍ද, කින‍්නිදානං කිංසමුදයං කිඤ‍්ජාතිකං කිම‍්පභවන‍්ති: එවං පුට‍්ඨොහං භන‍්තෙ එවං බ්‍යාකරෙය්‍යං, ජරාමරණං ඛො ආවුසො ජාතිනිදානං, ජාතිසමුදයං, ජාතිජාතිකං, ජාතිප‍්පභවන‍්ති. එවං පුට‍්ඨොහං භන‍්තෙ, එවං බ්‍යාකරෙය්‍යං.

වහන්ස, ඉදින් මා ඇවැත්නි ආනන්‍දයෙනි, ජරාමරණ කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් උත්පත්තිහේතු කොට ඇත්තේ ද , කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ”යි මෙසේ විචාරන්නාහු නම්, වහන්ස, මෙසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි. ඇවැත්නි, ජරාමරණ ජාතිය නිදාන කොට ඇත්තේ ය. ජාතිය හට ගැණුම් කොට ඇත්තේ ය. ජාතිය ජාති කොට ඇත්තේ ය. ජාතිය ප්‍රභව කොට ඇත්තේ යයි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.

සචෙ මං භන‍්තෙ, එවං පුච‍්ඡෙය්‍යුං ජාති පනාවුසො ආනන්‍ද, කින‍්නිදානා කිංසමුදයා කිඤ‍්ජාතිකා කිම‍්පභවාති, එවං පුට‍්ඨො’හං භන‍්තෙ එවං බ්‍යාකරෙය්‍යං ජාති ඛො ආවුසො භවනිදානා, භවසමුදයා, භවජාතිකා, භවප‍්පභවාති. එවං පුට‍්ඨො’හං භන‍්තෙ එවං බ්‍යාකරෙය්‍යං.

වහන්ස, ඉදින් මා “ඇවැත්නි, ආනන්‍දයෙනි, ජාතිය කුමක් නිදාන කොට ඇත්තේ ද? කුමක් සමුදය කොට ඇත්තේ ද? කුමක් ජාතිය කොට ඇත්තේ ද? කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ”යි මෙසේ විචාරන්නාහු නම් වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි. “ඇවැත්නි, ජාතිය භවය නිදාන කොට ඇත්තේ ය. භවය සමුදය කොට ඇත්තේ ය. භවය ජාති කොට ඇත්තේ ය. භවහ ප්‍රභව කොට ඇත්තේ ය”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.

සචෙ මං භන‍්තෙ, එවං පුච‍්ඡෙය්‍යුං භවො පනාවුසො ආනන්‍ද, කින‍්නිදානො, කිංසමුදයො, කිඤ‍්ජාතිකො, කිම‍්පභවොති, එවං පුට‍්ඨො’හං භන‍්තෙ එවං බ්‍යාකරෙය්‍යං භවො ඛො ආවුසො උපාදානනිදානො උපාදානසමුදයො උපාදානජාතිකො උපාදානප‍්පභවොති. එවං පුට‍්ඨො’හං භන‍්තෙ එවං බ්‍යාකරෙය්‍යං.

වහන්ස, ඉදින් මා “ඇවැත්නි ආනන්‍දයෙනි, භවහ කුමක් නිදාන කොට ඇත්තේ ද? කුමක් සමුදය කොට ඇත්තේ ද? කුමක් ජාති කොට ඇත්තේ ද? කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ”යි මෙසේ විචාරන්නාහු නම් වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි. “ඇවැත්නි, භවය උපාදාන නිදාන කොට ඇත්තේ ය. උපාදාන සමුදය කොට ඇත්තේ ය. උපාදාන ජාති කොට ඇත්තේ ය. උපාදාන ප්‍රභව කොට ඇත්තේ ය”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.

සචෙ මං භන‍්තෙ, එවං පුච‍්ඡෙය්‍යුං. උපාදානං පනාවුසො -පෙ- තණ‍්හා පනාවුසො -පෙ- වෙදනා පනාවුසො -පෙ-

වහන්ස, ඉදින් මා මෙසේ විචාරන්නාහු නම් “ඇවැත්නි, උපාදාන ... ඇවැත්නි, තෘෂ්ණාව ... ඇවැත්නි, වේදනාව ...

සචෙ මං භන‍්තෙ, එවං පුච‍්ඡෙය්‍යුං ඵස‍්සො පනාවුසො ආනන්‍ද, කින‍්නිදානො, කිංසමුදයො, කිඤ‍්ජාතිකො, කිම‍්පභවොති, එවං පුට‍්ඨො’හං භන‍්තෙ එවං බ්‍යාකරෙය්‍යං, ඵස‍්සො ඛො ආවුසො සළායතනනිදානො සළායතනසමුදයො සළායතනජාතිකො, සළායතනපභවො

වහන්ස, ඉදින් මා “ඇවැත්නි, ආනන්‍දයෙනි, ස්පර්‍ශය කුමක් නිදාන කොට ඇත්තේ ද? කුමක් සමුදය කොට ඇත්තේ ද? කුමක් ජාති කොට ඇත්තේ ද? කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ? යි මෙසේ විචාරන්නාහු නම් වහන්ස, එසේ විචාරන ලද මම මෙසේ විසඳන්නෙමි. “ඇවැත්නි, ස්පර්‍ශය ෂඩායතන නිදාන කොට ඇත්තේ ය, ෂඩායතන සමුදය කොට ඇත්තේ ය, ෂඩායතන ජාති කොට ඇත්තේ ය, ෂඩායතන ප්‍රභව කොට ඇත්තේ ය.

ඡන‍්නං ත්‍වෙව ආවුසො, ඵස‍්සායතනානං අසෙසවිරාගනිරොධා ඵස‍්සනිරොධො. ඵස‍්සනිරොධා වෙදනානිරොධො. වෙදනානිරොධා තණ‍්හානිරොධො. තණ‍්හානිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො. භවනිරොධා ජාතිනිරොධො. ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා නිරුජ‍්ඣන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති. එවං පුට‍්ඨො’හං භන‍්තෙ එවං බ්‍යාකරෙය්‍යන‍්ති.

ඇවැත්නි, ස්පර්‍ශායතන සයෙහි ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ස්පර්‍ශ නිරෝධය වේ ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛ දෝමනස්සුපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ ය”යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ විසඳන්නෙමි.