යෙදුමෙන් කියවන්න

උපනිසසුත‍්තං

1. 3. 3.

1. 3. 3.

උපනිසසුත‍්තං

උපනිස සූත්‍රය

23. සාවත්‍ථියං–

23 සැවැත්නුවර–

ජානතො අහං භික‍්ඛවෙ, පස‍්සතො ආසවානං ඛයං වදාමි. නො අජානතො නො අපස‍්සතො. කිඤ‍්ච භික‍්ඛවෙ ජානතො කිං පස‍්සතො ආසවානං ඛයො හොති? “ඉති රූපං ඉති රූපස‍්ස සමුදයො ඉති රූපස‍්ස අත්‍ථංගමො, ඉති වෙදනා -පෙ- ඉති සඤ‍්ඤා -පෙ- ඉති සඞ‍්ඛාරා -පෙ- ඉති විඤ‍්ඤාණං ඉති විඤ‍්ඤාණස‍්ස සමුදයො ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථංගමොති”. එවං ඛො භික‍්ඛවෙ ජානතො එවං පස‍්සතො ආසවානං ඛයො හොති.

මහණෙනි, මම දන්නහුට දක්නහුට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නහුට නො දක්නහුට නො වේ. මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රවක්‍ෂය වේ ද? “මේ රූපය. රූපයේ හටගැන්ම මෙසේ ය. රූපයේ නිරෝධය මෙසේ ය. මේ වේදනා ය. ... මේ සංඥාය. ... මේ සංස්කාර ය. ... මේ විඥානය ය. විඥානයේ හටගැන්ම මෙසේ ය. විඥානයේ නිරෝධය මෙසේ ය”යි මහණෙනි මෙ සේ දන්නහුට මෙසේ දක්නහුට ආස්‍රවක්‍ෂය වේ.

යම‍්පිස‍්ස තං භික‍්ඛවෙ, ඛයස‍්මිං ඛයෙ ඤාණං, තම‍්පි සඋපනිසං වදාමි. නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ ඛයෙ ඤාණස‍්ස උපනිසා? විමුත‍්තීතිස‍්ස වචනීයං. විමුත‍්තිම‍්පහං භික‍්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ, විමුත‍්තියා උපනිසා? විරාගොතිස‍්ස වචනීයං. විරාගම‍්පහං භික‍්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ, විරාගස‍්ස උපනිසා? නිබ‍්බිදාතිස‍්ස වචනීයං. නිබ‍්බිදම‍්පහං භික‍්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ, නිබ‍්බිදාය උපනිසා? යථාභූතඤාණදස‍්සනන‍්තිස‍්ස වචනීයං.

මහණෙනි, ආස්‍රවක්‍ෂය වූ කල්හි අර්‍හත්ඵලසඞ්ඛ්‍යාත ක්‍ෂයයෙහි යම් ඒ ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙක් වන්නේ ද, එය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ක්‍ෂයඥානයෙහි ප්‍රත්‍යය කුමක් ද? (අර්‍හත්ඵල) විමුක්තිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විමුක්තිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නොකියමි. මහණෙනි, විමුක්තියට ප්‍රත්‍යය කුමක් ද? විරාගය (මාර්‍ගය) යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විරාගය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, විරාගයට ප්‍රත්‍යය කුමක් ද? නිර්වේදය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, නිර්වේදය ද ප්‍රත්‍යය සහිත යයි මම කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, නිර්වේදයට ප්‍රත්‍යය කුමක් ද? යථාභූතඥානදර්‍ශනය යි කිය යුතු වන්නේ ය.

යථාභූතඤාණදස‍්සනම‍්පහං භික‍්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ, යථාභූතඤාණදස‍්සනස‍්ස උපනිසා? සමාධීතිස‍්ස වචනීයං. සමාධිම‍්පහං භික‍්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ, සමාධිස‍්ස උපනිසා? සුඛන‍්තිස‍්ස වචනීයං. සුඛම‍්පහං භික‍්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ, සුඛස‍්ස උපනිසා? පස‍්සද‍්ධීතිස‍්ස වචනීයං. පස‍්සද‍්ධිම‍්පහං භික‍්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ, පස‍්සද‍්ධියා උපනිසා? පීතීතිස‍්ස වචනීයං. පීතිම‍්පහං භික‍්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ පීතියා උපනිසා? පාමුජ‍්ජන‍්තිස‍්ස වචනීයං. පාමුජ‍්ජම‍්පහං භික‍්ඛවෙ සඋපනිසං වදාමි, නො අනුපනිසං.

මහණෙනි, යථාභූතඥානදර්‍ශනය ද ප්‍රත්‍යය සහිත ය යි මම කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, යථාභූතඥානදර්‍ශනයට ප්‍රත්‍යය කුමක් ද? සමාධිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම සමාධිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, සමාධියට ප්‍රත්‍යය කුමක් ද? සුඛය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම සුඛය ද ප්‍රත්‍යය සහිත යයි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, සුඛයට ප්‍රත්‍යය කුමක් ද? පස්සද්ධි ය යි කියයුතු වන්නේ ය. මහණෙනි, මම පස්සද්ධිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, පස්සද්ධියට ප්‍රත්‍යය කුමක්ද? ප්‍රීතිය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ප්‍රීතිය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ප්‍රීතියට ප්‍රත්‍යය කුමක් ද? ප්‍රාමෝද්‍යය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ප්‍රාමෝද්‍යය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි.

කා ච භික‍්ඛවෙ, පාමුජ‍්ජස‍්ස උපනිසා? සද‍්ධාතිස‍්ස වචනීයං. සද‍්ධම‍්පහං භික‍්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ, සද‍්ධාය උපනිසා? දුක‍්ඛන‍්තිස‍්ස වචනීයං. දුක‍්ඛම‍්පහං භික‍්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ, දුක‍්ඛස‍්ස උපනිසා? ජාතීතිස‍්ස වචනීයං. ජාතිම‍්පහං භික‍්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ, ජාතියා උපනිසා? භවොතිස‍්ස වචනීයං. භවම‍්පහං භික‍්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ, භවස‍්ස උපනිසා? උපාදානන‍්තිස‍්ස වචනීයං. උපාදානම‍්පහං භික‍්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ, උපාදානස‍්ස උපනිසා? තණ‍්හාතිස‍්ස වචනීයං. තණ‍්හම‍්පහං භික‍්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ, තණ‍්හාය උපනිසා? වෙදනාතිස‍්ස වචනීයං. වෙදනම‍්පහං භික‍්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ, වෙදනාය උපනිසා? ඵස‍්සොතිස‍්ස වචනීයං. ඵස‍්සම‍්පහං භික‍්ඛවෙ, සඋපනිසං වදාමි, නො අනුපනිසං.

මහණෙනි, ප්‍රාමෝද්‍යයට ප්‍රත්‍යය කුමක් ද? ශ්‍රද්ධාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ශ්‍රද්ධාව ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ශ්‍රද්ධාවට ප්‍රත්‍යය කුමක් ද? දුඃඛය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම දුඃඛය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි මහණෙනි, දුඃඛයට ප්‍රත්‍යය කුමක් ද? ජාතිය යි කියයුතු වන්නේ ය. මහණෙනි, මම ජාතිය ද ප්‍රත්‍යය සහිත යයි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ජාතියට ප්‍රත්‍යය කුමක් ද? භවය යි කිය යුතු වන්නේය. මහණෙනි, මම භවය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, භවයට ප්‍රත්‍යය කුමක් ද? උපාදානය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම උපාදානය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, උපාදානයට ප්‍රත්‍යය කුමක් ද? තෘෂ්ණාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම තෘෂ්ණාව ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, තෘෂ්ණාවට ප්‍රත්‍යය කුමක් ද? වේදනාව යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම වේදනාව ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, වේදනාවට ප්‍රත්‍යය කුමක් ද? ස්පර්‍ශය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ස්පර්‍ශය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි.

කා ච භික‍්ඛවෙ, ඵස‍්සස‍්ස උපනිසා? සළායතනන‍්තිස‍්ස වචනීයං. සළායතනම‍්පහං භික‍්ඛවෙ, සඋපනිසං වදාමි. නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ සළායතනස‍්ස උපනිසා? නාමරූපන‍්තිස‍්ස වචනීයං. නාමරූපම‍්පහං භික‍්ඛවෙ, සඋපනිසං වදාමි. නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ නාමරූපස‍්ස උපනිසා? විඤ‍්ඤාණන‍්තිස‍්ස වචනීයං. විඤ‍්ඤාණම‍්පහං භික‍්ඛවෙ, සඋපනිසං වදාමි. නො අනුපනිසං. කා ච භික‍්ඛවෙ විඤ‍්ඤාණස‍්ස උපනිසා? සඞ‍්ඛාරාතිස‍්ස වචනීයං. සඞ‍්ඛාරෙපහං භික‍්ඛවෙ, සඋපනිසෙ වදාමි, නො අනුපනිසෙ. කා ච භික‍්ඛවෙ, සඞ‍්ඛාරානං උපනිසා? අවිජ‍්ජාතිස‍්ස වචනීයං.

මහණෙනි, ස්පර්‍ශයට ප්‍රත්‍යය කුමක් ද? ෂඩායතනය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම ෂඩායතනය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, ෂඩායතනයට ප්‍රත්‍යය කුමක් ද? නාමරූප යි කිය යුතු වන්නේ යි. මහණෙනි, මම නාමරූප ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, නාමරූපයට ප්‍රත්‍යය කුමක් ද? විඥානය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, මම විඥානය ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, විඥානයට ප්‍රත්‍යය කුමක් ද? සංස්කාර ය යි කිය යුතු වන්නේ ය. මහණෙනි, සංස්කාර ද ප්‍රත්‍යය සහිත ය යි කියමි. ප්‍රත්‍යය රහිත ය යි නො කියමි. මහණෙනි, සංස්කාරයන්ට ප්‍රත්‍යය කුමක් ද? අවිද්‍යාව යි කිය යුතු වන්නේ ය.

ඉති ඛො භික‍්ඛවෙ, අවිජ‍්ජූපනිසා සඞ‍්ඛාරා. සඞ‍්ඛාරූපනිසං විඤ‍්ඤාණං. විඤ‍්ඤාණූපනිසං නාමරූපං. නාමරූපූපනිසං සළායතනං. සළායතනූපනිසො ඵස‍්සො. ඵස‍්සූපනිසා වෙදනා. වෙදනූපනිසා තණ‍්හා. තණ‍්හූපනිසං උපාදානං. උපාදානූපනිසො භවො. භවූපනිසා ජාති. ජාතූපනිසං දුක‍්ඛං. දුක‍්ඛූපනිසා සද‍්ධා. සද‍්ධූපනිසං පාමුජ‍්ජං. පාමුජ‍්ජූපනිසා පීති. පීතූපනිසා පස‍්සද‍්ධි. පස‍්සද‍්ධූපනිසං සුඛං. සුඛූපනිසො සමාධි. සමාධූපනිසං යථාභූතඤාණදස‍්සනං. යථාභූතඤාණදස‍්සනූපනිසා නිබ‍්බිදා. නිබ‍්බිදූපනිසො විරාගො. විරාගූපනිසා විමුත‍්ති. විමුත‍්තූපනිසං ඛයෙඤාණං.

මහණෙනි, මෙසේ සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ. විඥානය සංස්කාර ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නාමරූප විඥානය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ෂඩායතන නාමරූප ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ස්පර්‍ශය ෂඩායතන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. වේදනාව ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. තෘෂ්ණාව වේදනාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය උපාදාන තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. භවය උපාදාන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ජාතිය භවය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. දුඃඛය ජාතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ශ්‍රද්ධාව දුඃඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රමෝද්‍යය ශ්‍රද්ධාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රීතිය ප්‍රමෝද්‍යය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. පස්සද්ධිය ප්‍රීතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සුඛය පස්සද්ධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සමාධිය සුඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. යථාභූතඥානදර්‍ශනය සමාධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නිර්වේදය යථාභූතඥානදර්‍ශනය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විරාගය නිර්වේදය ප්‍රත්‍යය කොට ඇත්තේය. විමුක්තිය විරාගය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රත්‍යවේක්‍ෂාඥානය විමුක්තිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, උපරි පබ‍්බතෙ ථුල‍්ලඵුසිතකෙ දෙවෙ වස‍්සන‍්තෙ තං උදකං යථානින‍්නං පවත‍්තමානං පබ‍්බතකන්‍දර පදරසාඛා පරිපූරෙති. පබ‍්බතකන්‍දර පදරසාඛා පරිපූරා කුසොබ‍්භෙ. පරිපූරෙන‍්ති, කුසොබ‍්භා පරිපූරා මහාසොබ‍්භෙ පරිපූරෙන‍්ති, මහාසොබ‍්භා පරිපූරා කුන‍්නදියො පරිපූරෙන‍්ති. කුන‍්නදියො පරිපූරායො මහානදියො පරිපූරෙන‍්ති. මහානදියො පරිපූරා මහාසමුද‍්දං පරිපූරෙන‍්ති.

මහණෙනි, කඳුමුදුනක මහත් දියබිඳු ඇති වැස්ස වස්නා කල්හි ඒ දිය පහත් බිම අනුව පවත්නේ කඳු බෑවුම් පැළිවිවර හා කුඩා දිය අගල් යම් සේ පුරවා ද, කඳුබෑවුම් පැළිවිවර සහ කුඩා දිය අගල් පිරුණාහු කුඩා වළවල් පුරවත් ද, කුඩා වළවල් පිරුණාහු මහ වළවල් පුරවත් ද, මහවළවල් පිරුණාහු කුඩා ගඞ්ගා පුරවත් ද, කුඩා ගඞ්ගා පිරුණාහු මහාගඞ්ගා පුරවත් ද, මහාගඞ්ගා පිරුණාහු මහසමුදුර පුරවත් ද,

එවමෙව ඛො භික‍්ඛවෙ, අවිජ‍්ජූපනිසා සඞ‍්ඛාරා. සඞ‍්ඛාරූපනිසං විඤ‍්ඤාණං. විඤ‍්ඤාණූපනිසං නාමරූපං. නාමරූපූපනිසං සළායතනං. සළායතනූපනිසො ඵස‍්සො. ඵස‍්සූපනිසා වෙදනා. වෙදනූපනිසා තණ‍්හා. තණ‍්හූපනිසං උපාදානං. උපාදානූපනිසො භවො. භවූපනිසා ජාති. ජාතූපනිසං දුක‍්ඛං. දුක‍්ඛූපනිසා සද‍්ධා. සද‍්ධූපනිසං පාමොජ‍්ජං. පාමොජ‍්ජූපනිසා පීති. පීතූපනිසා පස‍්සද‍්ධි. පස‍්සද‍්ධූපනිසං සුඛං. සුඛූපනිසො සමාධි. සමාධූපනිසං යථාභූතඤාණදස‍්සනං. යථාභූතඤාණදස‍්සනූපනිසා නිබ‍්බිදා. නිබ‍්බිදූපනිසො විරාගො. විරාගූපනිසා විමුත‍්ති. විමුත‍්තූපනිසං ඛයෙඤාණන‍්ති.

මහණෙනි, එපරිද්දෙන් ම සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇත්තාහ. විඥානය සංස්කාර ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නාමරූප විඥානය ප්‍රත්‍යය කොට ඇත්තේ ය ෂඩායතන නාමරූප ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ස්පර්‍ශය ෂඩායතන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. වේදනාව ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. තෘෂ්ණාව වේදනාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. උපාදාන තෘෂ්ණාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. භවය උපාදාන ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ජාතිය භවය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. දුඃඛය ජාතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ශ්‍රද්ධාව දුඃඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රමෝද්‍යය ශ්‍රද්ධාව ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රීතිය ප්‍රමෝද්‍යය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. පස්සද්ධිය ප්‍රීතිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සුඛය පස්සද්ධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. සමාධිය සුඛය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. යථාභූතඥානදර්‍ශනය සමාධිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. නිර්වේදය යථාභූතඥානදර්‍ශනය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විරාගය නිර්වේදය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. විමුක්තිය විරාගය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. ප්‍රත්‍යවේක්‍ෂාඥානය විමුක්තිය ප්‍රත්‍යය කොට ඇත්තේ ය.