යෙදුමෙන් කියවන්න

1. භූතසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. භූතසුත‍්තවණ‍්ණනා

1. භූත සූත්‍ර වර්ණනාව

කළාරඛත‍්තියවග‍්ගස‍්ස පඨමෙ අජිතපඤ‍්හෙති අජිතමාණවෙන පුච‍්ඡිතපඤ‍්හෙ.

කළාරඛත්තිය වර්ගයේ පළමු සූත්‍රයෙහි “අජිත පඤ්හෙ” යනු අජිත මානවකයා විසින් ඇසූ ප්‍රශ්නයෙහිය.

සඞ‍්ඛාතධම‍්මාසෙති සඞ‍්ඛාතධම‍්මා වුච‍්චන‍්ති ඤාතධම‍්මා තුලිතධම‍්මා තීරිතධම‍්මා. සෙක‍්ඛාති සත‍්ත සෙක‍්ඛා. පුථූති තෙයෙව සත‍්ත ජනෙ සන්‍ධාය පුථූති වුත‍්තං. ඉධාති ඉමස‍්මිං සාසනෙ. නිපකොති නෙපක‍්කං වුච‍්චති පඤ‍්ඤා, තාය සමන‍්නාගතත‍්තා නිපකො, ත්‍වං පණ‍්ඩිතො පබ්‍රූහීති යාචති. ඉරියන‍්ති වුත‍්තිං ආචාරං ගොචරං විහාරං පටිපත‍්තිං. මාරිසාති භගවන‍්තං ආලපති. සෙක‍්ඛානඤ‍්ච සඞ‍්ඛාතධම‍්මානඤ‍්ච ඛීණාසවානඤ‍්ච පටිපත‍්තිං මයා පුච‍්ඡිතො පණ‍්ඩිත, මාරිස, මය‍්හං කථෙහීති අයමෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො.

“සංඛාත ධම්මාසෙ” යනුවෙන් සංඛත ධර්ම ලෙස දැනගත් ධර්මය, සමාන කළ ධර්මය, තීරණය කළ ධර්මය අදහස් කරන ලදී. “සෙඛ” යනු සේඛ පුදගලයෝ සත් දෙනයි. “පුථූ” යනු එම සත්දෙනා සඳහාම “පුථූ” යැයිද කියන ලදී. “ඉධ” යනු මේ බුද්ධශාසනයෙහිය. “නිපකො” යනු නුවණැති බවයි. ඒ ප්‍රඥාවෙන් යුක්ත වූ බැවින් “නිපක” නම් වේ. නුවණැති වූ පණ්ඩිත වූ නුඹවහන්සේ මෙය දේශනා කරන සේක්වා!” යි ඉල්ලයි. “ඉරියං” යනු දිවිපැවැත්මයි. පිළිපැදීමයි. හැසිරීමයි. වාසය කිරීමයි. ප්‍රතිපත්තියයි. “මාරිස” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේට කථාකරයි. සේඛයන්ගේ ද සංඛත ධර්මයන්ගේද රහතන් වහන්සේලාගේ ද ක්‍රියාපිළිවෙල මවිසින් විචාරන ලදී. පණ්ඩිතයාණෙනි! නිදුකාණෙනි! එය මාහට වදාළ මැනවි මේ මෙහි සංක්ෂිප්ත අර්ථයයි.

තුණ‍්හී අහොසීති කස‍්මා යාව තතියං පුට‍්ඨො තුණ‍්හී අහොසි? කිං පඤ‍්හෙ කඞ‍්ඛති, උදාහු අජ‍්ඣාසයෙති? අජ‍්ඣාසයෙ කඞ‍්ඛති, නො පඤ‍්හෙ. එවං කිරස‍්ස අහොසි – “සත්‍ථා මං සෙක‍්ඛාසෙක‍්ඛානං ආගමනීයපටිපදං කථාපෙතුකාමො; සා ච ඛන්‍ධවසෙන ධාතුවසෙන ආයතනවසෙන පච‍්චයාකාරවසෙනාති බහූහි කාරණෙහි සක‍්කා කථෙතුං. කථං කථෙන‍්තො නු ඛො සත්‍ථු අජ‍්ඣාසයං ගහෙත්‍වා කථෙතුං සක‍්ඛිස‍්සාමී”ති? අථ සත්‍ථා චින‍්තෙසි – “ඨපෙත්‍වා මං අඤ‍්ඤො පත‍්තං ආදාය චරන‍්තො සාවකො නාම පඤ‍්ඤාය සාරිපුත‍්තසමො නත්‍ථි. අයම‍්පි මයා පඤ‍්හං පුට‍්ඨො යාව තතියං තුණ‍්හී එව. පඤ‍්හෙ නු ඛො කඞ‍්ඛති, උදාහු අජ‍්ඣාසයෙ”ති. අථ “අජ‍්ඣාසයෙ”ති ඤත්‍වා පඤ‍්හකථනත්‍ථාය නයං දදමානො භූතමිදන‍්ති, සාරිපුත‍්ත, පස‍්සසීති ආහ.

“තුණ්හී අහොසි” යනු කුමක් නිසා තෙවැනිවර දක්වාත් ප්‍රශ්න කරන ලදුව නිශ්ශබ්දව සිටිසේක් ද? ප්‍රශ්නයෙහි ද නැතිනම් අදහසෙහි සැකකිරීමෙන්ද? අදහස පිළිබඳ සැක කිරීමෙනි. ප්‍රශ්නයේ සැකයක් නොවේ. මෙලෙස උන්වහන්සේට සිතුනි. “ශාස්තෲන් වහන්සේ මාහට සේඛ-අසේඛයන්ගේ පැමිණීම් ප්‍රතිපදාව දේශනා කරනු කැමතිවන සේක. එය ස්කන්ධ, ධාතු, ආයතන, ප්‍රත්‍යාකාර ආදී වශයෙන් බොහෝ කරුණුවලින් පැවසීමට පුළුවන. “ශාස්තෲන් වහන්සේගේ අදහස ගෙන පිළිතුරු දීමට කෙසේනම් හැකිවන්නෙම් ද? යනුවෙනි. ඉක්බිති ශාස්තෲන් වහන්සේ මෙසේ සිතූ සේක. “මා හැර පාත්‍රයක ගෙන, හැසිරෙන අන්‍ය ශ්‍රාවකයන් අතරින් ප්‍රඥාවෙන් සැරියුත් තෙරුන්ට සමවන්නෙක් නැත. මම මොහුගෙන් ප්‍රශ්නයක් විමසන ලදුයෙම්, ඔහු තෙවැනිවර දක්වා ප්‍රශ්නයෙහි හා අදහසෙහි දැයි සිතමින් නිෂ්ශබ්දව ම සිටින්නේය.” ඉක්බිති අදහසෙහි යැයි දැන ප්‍රශ්නයට පිළිතුරු දෙන න්‍යාය දක්වන සේක් “භූත මිදන්ති සාරිපුත්ත! පස්සසි” යනුවෙන් දේශනා කළ සේක.

තත්‍ථ භූතන‍්ති ජාතං නිබ‍්බත‍්තං, ඛන්‍ධපඤ‍්චකස‍්සෙතං නාමං. ඉති සත්‍ථා “පඤ‍්චක‍්ඛන්‍ධවසෙන, සාරිපුත‍්ත, ඉමං පඤ‍්හං කථෙහී”ති ථෙරස‍්ස නයං දෙති. සහනයදානෙන පන ථෙරස‍්ස තීරෙ ඨිතපුරිසස‍්ස විවටො එකඞ‍්ගණො මහාසමුද‍්දො විය නයසතෙන නයසහස‍්සෙන පඤ‍්හබ්‍යාකරණං උපට‍්ඨාසි. අථ නං බ්‍යාකරොන‍්තො භූතමිදන‍්ති, භන‍්තෙතිආදිමාහ. තත්‍ථ භූතමිදන‍්ති ඉදං නිබ‍්බත‍්තං ඛන්‍ධපඤ‍්චකං. සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතීති සහ විපස‍්සනාය මග‍්ගපඤ‍්ඤාය සම‍්මා පස‍්සති. පටිපන‍්නො හොතීති සීලතො පට‍්ඨාය යාව අරහත‍්තමග‍්ගා නිබ‍්බිදාදීනං අත්‍ථාය පටිපන‍්නො හොති. තදාහාරසම‍්භවන‍්ති ඉදං කස‍්මා ආරභි? එතං ඛන්‍ධපඤ‍්චකං ආහාරං පටිච‍්ච ඨිතං, තස‍්මා තං ආහාරසම‍්භවං නාම කත්‍වා දස‍්සෙතුං ඉදං ආරභි. ඉති ඉමිනාපි පරියායෙන සෙක‍්ඛපටිපදා කථිතා හොති. තදාහාරනිරොධාති තෙසං ආහාරානං නිරොධෙන. ඉදං කස‍්මා ආරභි? තඤ‍්හි ඛන්‍ධපඤ‍්චකං ආහාරනිරොධා නිරුජ‍්ඣති, තස‍්මා තං ආහාරනිරොධසම‍්භවං නාම කත්‍වා දස‍්සෙතුං ඉදං ආරභි. ඉති ඉමිනාපි පරියායෙන සෙක‍්ඛස‍්සෙව පටිපදා කථිතා. නිබ‍්බිදාති ආදීනි සබ‍්බානි කාරණවචනානීති වෙදිතබ‍්බානි. අනුපාදා විමුත‍්තොති චතූහි උපාදානෙහි කඤ‍්චි ධම‍්මං අගහෙත්‍වා විමුත‍්තො. සාධු සාධූති ඉමිනා ථෙරස‍්ස බ්‍යාකරණං සම‍්පහංසෙත්‍වා සයම‍්පි තථෙව බ්‍යාකරොන‍්තො පුන “භූතමිද”න‍්තිආදිමාහාති.

එහි “භූතං” යනු උපන්, පහළ වූ ස්කන්ධ ස්කන්ධ පංචකයට යෙදෙන තවත් නාමයකි. මෙසේ ශාස්තෲන් වහන්සේ “සාරිපුත්‍රය! මේ ප්‍රශ්නය පංචස්කන්ධ වශයෙන් විසඳිය යුතුයැ”යි තෙරුන්ට න්‍යාය දැක්වූ සේක. න්‍යාය දැක්වීමත් සමගම තෙරුන් වහන්සේට “වෙරළේ සිටි පුරුෂයාට විවෘත්තව එකම අංගණයක් ලෙස මහ මුහුද පෙනෙන්නාක් මෙන්” න්‍යාය සිය දහස් ගණනින් ප්‍රශ්නෝත්තර දෙක මැනවින් අවබෝධවිය. ඉක්බිති එය පැහැදිලි කරමින් “භූතමිදං භන්තෙ” යනාදිය දෙසූහ. එහි “භූතමිදං” යනු මෙහි උපන් ස්කන්ධ පඤ්චකයයි. “සම්මප්පඤ්ඤාය පස්සතො” යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් මැනවින් බලන තැනැත්තාට “පටිපන්නො හොති” යනු සීලයේ පටන් අර්හත් මාර්ගය දක්වා කළකිරීම් ආදියේ අර්ථය පිණිස පිළිපන්නේ වේ. “තදාහාරසම්භවං” යන මෙය කුමක් හෙයින් අරඹන ලද්දේ ද? මේ ස්කන්ධ පංචකය ආහාරය නිසා සිටියේය. එනිසා එය “ආහාර සම්භව” යැයි දැක්වීමට මෙය ඇරඹූ සේක. මෙසේ මේ අයුරින් සේඛ ප්‍රතිපදාව දේශනා කරන ලදී. “තදාහාර නිරොධා” යනු ඒ ආහාරයන්ගේ නැතිවී යාමෙන්. මෙය කුමක් නිසා ඇරඹූ සේක් ද? ඒ පංච ස්කන්ධය, ආහාරය නොමැති වීමෙන් නිරුද්ධ වේ. එනිසා ඒ “ආහාර නිරොධ සම්භව” යන නම තබා දැක්වීමට මෙය ඇරඹූ සේක. මෙසේ මෙම සූත්‍රයේ දී ද සේඛයාගේ ප්‍රතිපදාවම කියන ලදී. “නිබ්බිදා” ආදී සියලු වචන තතියා විභක්ති වචනයැයි දතයුතුයි. “අනුපාදා විමුත්තො” යනු සිවු උපාදානයන්ගෙන් කිසිදු ධර්මයක් නොගෙන මිදීමයි. “සාධු සාධු” යනු මේ තෙරුන් වහන්සේගේ පිළිතුරු දීම නිසා තමන් වහන්සේගේ සතුට ප්‍රකාශ කිරීමයි. තමන්වහන්සේ ද එළෙසින් ම පිළිතුරු දෙන සේක් නැවත “භූතමිදං” යනාදිය දෙසූහ.

පඨමං.

පළමු සූත්‍රයයි.