2. කළාරසුත්තවණ්ණනා අට්ඨකථා
2. කළාරසුත්තවණ්ණනා
2. කළාර සූත්‍ර වර්ණනාව
දුතියෙ කළාරඛත්තියොති තස්ස ථෙරස්ස නාමං. දන්තා පනස්ස කළාරා විසමසණ්ඨානා, තස්මා “කළාරො”ති වුච්චති. හීනායාවත්තොති හීනස්ස ගිහිභාවස්ස අත්ථාය නිවත්තො. අස්සාසමලත්ථාති අස්සාසං අවස්සයං පතිට්ඨං න හි නූන අලත්ථ, තයො මග්ගෙ තීණි ච ඵලානි නූන නාලත්ථාති දීපෙති. යදි හි තානි ලභෙය්ය, න සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තෙය්යාති අයං ථෙරස්ස අධිප්පායො. න ඛ්වාහං, ආවුසොති අහං ඛො, ආවුසො, “අස්සාසං පත්තො, න පත්තො”ති න කඞ්ඛාමි. ථෙරස්ස හි සාවකපාරමීඤාණං අවස්සයො, තස්මා සො න කඞ්ඛති. ආයතිං පනාවුසොති ඉමිනා “ආයතිං පටිසන්ධි තුම්හාකං උග්ඝාටිතා, න උග්ඝාටිතා”ති අරහත්තප්පත්තිං පුච්ඡති. න ඛ්වාහං, ආවුසො, විචිකිච්ඡාමීති ඉමිනා ථෙරො තත්ථ විචිකිච්ඡාභාවං දීපෙති.
දෙවන සූත්‍රයේ “කළාර ඛත්තියො” යනු ඒ තෙරුන් වහන්සේගේ නමයි. උන්වහන්සේගේ දත් කලුපාටය. විෂම වූ පිහිටීම් ඇත. එනිසා, “කළාරො” යි අමතයි. “හීනායාවත්තො” යනු හීනබවට, ගිහිබවට පත්වූ, යහපත නැවතුණු යනුයි. “න අස්සමලත්ථා” යනු සැනසිල්ලක්, උපකාරයක්, පිහිටක් නොලැබුවේමය. ත්‍රිවිධ මාර්ගය ද ත්‍රිවිධ ඵලයන් ද ඒකාන්තයෙන් නොලැබුවේය යන්න දක්වයි. “ඉදින් ඒ මගඵල ලැබුවේ නම් උන්වහන්සේ ශික්ෂා ප්‍රතික්ෂේප කර, ගිහිබවට නො පැමිණේන්නේ ය” මේ තෙරුන්ගේ අදහසයි. “නඛ්වාහං ආවුසො” යනු “ඇවැත්නි! මම සැනසිල්ලකට පත්වීමි. නොපත්වූයේ යැයි සැක නොකරමි” යන ලෙස තෙරුන් වහන්සේට ශ්‍රාවක පාරමී ඤාණය පිහිටාධාර වේ. එනිසා උන්වහන්සේ සැක නොකරති. “ආයතිං පනාවුසො” යනු අනාගත ප්‍රතිසන්ධියයි. නුඹවහන්සේගේ මතු පිළිසිඳ ගැනීම ගලවා දැමුවේ ද? නොගැලවූයේ ද? යි යනුවෙන් රහත් බවට පත්වීම විචාරයි. “නඛ්වාහං ආවුසො! විචිකිච්ඡාමි” යන මෙයින් තෙරුන් වහන්සේ එහි සැක රහිත බව දක්වයි.
යෙන භගවා තෙනුපසඞ්කමීති “ඉමං සුතකාරණං භගවතො ආරොචෙස්සාමී”ති උපසඞ්කමි. අඤ්ඤා බ්යාකතාති අරහත්තං බ්යාකතං. ඛීණා ජාතීති න ථෙරෙන එවං බ්යාකතා, අයං පන ථෙරො තුට්ඨො පසන්නො එවං පදබ්යඤ්ජනානි ආරොපෙත්වා ආහ. අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසීති තං සුත්වා සත්ථා චින්තෙසි – “සාරිපුත්තො ධීරො ගම්භීරො. න සො කෙනචි කාරණෙන එවං බ්යාකරිස්සති. සංඛිත්තෙන පන පඤ්හො බ්යාකතො භවිස්සති. පක්කොසාපෙත්වා නං පඤ්හං බ්යාකරාපෙස්සාමී”ති අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි.
“යෙන භගවා තෙනුපසංකමි” යනු “මේ යහපත් කාරණය භාග්‍යවතුන් වහන්සේට දන්වන්නෙමි” යි සමීපයට පැමිණියේය. “අඤ්ඤා බ්යාකතා” යනු රහත්බව ප්‍රකාශකරන ලදී. “ඛීණා ජාති” යනුවෙන් තෙරුන් වහන්සේ නොපැවසූහ. මොහු වනාහි තෙරුන්වහන්සේ වෙත සතුටු වූයේ, ප්‍රසන්න වූයේ, මෙසේ පදබ්‍යඤ්ජන ආරෝපණය කර පැවසීය. “අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසී” - එය අසා ශාස්තෲන් වහන්සේ මෙසේ සිතූහ. සැරියුත් තෙරුන් වහන්සේ වනාහි නුවණැත්තාහ. ගැඹුරු ප්‍රඥා ඇතියහ. උන්වහන්සේ කිසිහේතුවක් නිසා මෙසේ පිළිතුරු නොදෙති. මේ ප්රශ්නය ඉතා සංක්ෂිප්ත පිළිතුරක් අපේක්ෂිත වූවක් විය යුතුයි. “කැඳවා උන්වහන්සේ ලවාම මේ ප්රශ්නය විමසන්නෙමි”යි එක්තරා භික්ෂුවක් ඇමතූ සේක.
සචෙ තං සාරිපුත්තාති ඉදං භගවා “න එස අත්තනො ධම්මතාය අඤ්ඤං බ්යාකරිස්සති, පඤ්හමෙතං පුච්ඡිස්සාමි, තං කථෙන්තොව අඤ්ඤං බ්යාකරිස්සතී”ති අඤ්ඤං බ්යාකරාපෙතුං එවං පුච්ඡි. යංනිදානාවුසො, ජාතීති, ආවුසො, අයං ජාති නාම යංපච්චයා, තස්ස පච්චයස්ස ඛයා ඛීණස්මිං ජාතියා පච්චයෙ ජාතිසඞ්ඛාතං ඵලං ඛීණන්ති විදිතං. ඉධාපි ච ථෙරො පඤ්හෙ අකඞ්ඛිත්වා අජ්ඣාසයෙ කඞ්ඛති. එවං කිරස්ස අහොසි – “අඤ්ඤා නාම තණ්හා ඛීණා, උපාදානං ඛීණං, භවො ඛීණො, පච්චයො ඛීණො, කිලෙසා ඛීණාතිආදීහි බහූහි කාරණෙහි සක්කා බ්යාකාතුං, කථං කථෙන්තො පන සත්ථු අජ්ඣාසයං ගහෙතුං සක්ඛිස්සාමී”ති.
“සචෙ තං සාරිපුත්ත!” මෙහි භාග්‍යවතුන් වහන්සේ, “මුන් වහන්සේ තමාගේ ධර්මතාවක් බැවින් රහත්ඵලය නොපවසන්නේය. මේ ප්රශ්නය විමසන්නෙමි. එයට පිළිතුරු දෙමින් ම රහත්ඵලය විස්තර කරන්නේය”යි යනුවෙන් සිතා රහත්ඵලය විස්තර කරවීමට ම මෙසේ විචාළ සේක. “යන්නිදානාවුසො! ජාති” යනු “ඇවැත්නි! මේ ජාතිය නම් යම් ප්රත්යයකින්, ඒ ප්‍රත්‍යයාගේ ගෙවීයාමෙන් ක්ෂය වූ කල්හි ජාති ප්‍රත්‍යයෙහි ‘ජාති’ නම් වූ ඵලය ක්ෂීණ වූයේ යැයි දන්නා ලදී. මෙහිදී ද සැරියුත් තෙරණුවෝ ප්රශ්නය පිළිබඳ සැකයක් නැතිමුත් අදහසෙහි සැක කරයි. උන්වහන්සේට මෙසේ සිතුණි. රහත්ඵලය නම් තණ්හාව ක්ෂය වීමයි. උපාදානය, භවය, ප්‍රත්‍යය යනාදිය ක්ෂය වීමයි. කෙලෙස් ක්ෂය වීමයි. මේ අයුරින් බොහෝ කරුණුවලින් රහත්ඵලය විස්තර කළ හැකිය. කෙසේ පිළිතුරු දුන්විට භාග්‍යවතුන් වහන්සේන්ගේ අදහස ගැනීමට හැකිවේද?
කිඤ්චාපි එවං අජ්ඣාසයෙ කඞ්ඛති, පඤ්හං පන අට්ඨපෙත්වාව පච්චයාකාරවසෙන බ්යාකාසි. සත්ථාපි පච්චයාකාරවසෙනෙව බ්යාකරාපෙතුකාමො, තස්මා එස බ්යාකරොන්තොව අජ්ඣාසයං ගණ්හි. තාවදෙව “ගහිතො මෙ සත්ථු අජ්ඣාසයො”ති අඤ්ඤාසි. අථස්ස නයසතෙන නයසහස්සෙන පඤ්හබ්යාකරණං උපට්ඨාසි. යස්මා පන භගවා උත්තරි පඤ්හං පුච්ඡති, තස්මා තෙන තං බ්‍යාකරණං අනුමොදිතන්ති වෙදිතබ්බං.
මේ අයුරින් පිළිතුරු දැන සිටියත් අදහසෙහි සැක කරන සේක්, ප්රශ්නය තබා ම ප්‍රත්‍යාකාර වශයෙන් පිළිතුර විස්තර කළ සේක. ශාස්තෘන් වහන්සේ ද ප්‍රත්‍යකාර වශයෙන්ම විස්තර කරවනු කැමති වූ සේක. එනිසා මෙසේ විස්තර කරන තෙරුන්ගේ අදහස ගත් සේක. එකෙණෙහිම තෙරුන් වහන්සේ “මවිසින් ශාස්තෘන් වහන්ගේ අදහස ගන්නා ලදැ”යි දැනගත් සේක. ඉක්බිති උන්වහන්සේට න්‍යාය සිය දහස් ගණනින් පැන-විසඳුම් මැනවින් වැටහුණු සේක. යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ තවත් ප්‍රශ්නයක් විචාරන්නේ ද එනිසා මේ පිළිතුර පිළිබඳව සතුටුවීම නොකළ බව දතයුතුයි.
කථං ජානතො පන තෙති ඉදං කස්මා ආරභි? සවිසයෙ සීහනාදං නදාපෙතුං. ථෙරො කිර සූකරනිඛාතලෙණද්වාරෙ දීඝනඛපරිබ්බාජකස්ස වෙදනාපරිග්ගහසුත්තෙ කථියමානෙ තාලවණ්ටං ගහෙත්වා සත්ථාරං බීජයමානො ඨිතො තිස්සො වෙදනා පරිග්ගහෙත්වා සාවකපාරමීඤාණං අධිගතො, අයමස්ස සවිසයො. ඉමස්මිං සවිසයෙ ඨිතො සීහනාදං නදිස්සතීති නං සන්ධාය සත්ථා ඉදං පඤ්හං පුච්ඡි. අනිච්චාති හුත්වා අභාවට්ඨෙන අනිච්චා. යදනිච්චං තං දුක්ඛන්ති එත්ථ කිඤ්චාපි සුඛා වෙදනා ඨිතිසුඛා විපරිණාමදුක්ඛා, දුක්ඛා වෙදනා ඨිතිදුක්ඛා විපරිණාමසුඛා, අදුක්ඛමසුඛා ඤාණසුඛා අඤ්ඤාණදුක්ඛා, විපරිණාමකොටියා පන සබ්බාව දුක්ඛා නාම ජාතා. විදිතන්ති යස්මා එවං වෙදනාත්තයං දුක්ඛන්ති විදිතං, තස්මා යා තත්ථ තණ්හා, සා න උපට්ඨාසීති දස්සෙති.
“කථං ජානතො පන තෙ” යන මේ ප්රශ්නය කුමක් නිසා ඇරඹූ සේක් ද? සිය විෂයෙහි සිංහනාද ඇතිකරවීම සඳහායි. තෙරුන් වහන්සේ වනාහී ඌරන් හැරූ ලෙන් දොර හෙවත් සූකරඛත ලෙනේ දී දීඝනඛ නම් පිරිවැජියාට වේදනා පරිග්‍රහ සූත්‍රය දේශනා කරන ලබන භාග්‍යවතුන් වහන්සේට විජිනිපත ගෙන පවන් සළමින් සිටිසේක්, ත්‍රිවිධ වේදනාවන් සලකා බලා ශ්‍රාවක පාරමී ඤාණයෙන් අවබෝධ කළ සේක. එනිසා මෙය උන්වහන්සේට ගෝචර වූ විෂයකි. “මෙම තම විෂයෙහි සිට සිංහනාද කරන්නේය” යන මේ කාරණය සඳහා ශාස්තෘන් වහන්සේ මේ ප්රශ්නය විමසූ සේක. “අනිච්චා” යනු තිබී-නැතිවීම් අර්ථයෙන් අනිත්‍යය.“යදනිච්චං තං දුක්ඛං” යන මෙහි “කෙසේ වුවත් සැප වේදනාව පැවතීම් වශයෙන් සැපයකි. වෙනස්වීම් වශයෙන් දුකකි. දුක් වේදනාව පැවතීම් වශයෙන් දුකකි. වෙනස්වීම් වශයෙන් සැපයකි. අදුක්ඛමසුඛ වේදනාව දැනීම සුවයකි. නොදැනීම දුකකි.” යනාදී ලෙස වෙනස්වීම කෙළවර කරගත් සියල්ල “දුක්ඛ” නම් වේ. “විදිතං” යනු මේ වේදනාත්රයම “දුක” යැයි දන්නේ ද එහෙයින් මාහට ඒ තණ්හාව නැතැ”යි දක්වයි.
සාධු සාධූති ථෙරස්ස වෙදනාපරිච්ඡෙදජානනෙ සම්පහංසනං. ථෙරො හි වෙදනා එකාති වා ද්වෙ තිස්සො චතස්සොති වා අවුත්තෙපි වුත්තනයෙන තාසං තිස්සොති පරිච්ඡෙදං අඤ්ඤාසි, තෙන තං භගවා සම්පහංසන්තො එවමාහ. දුක්ඛස්මින්ති ඉදං භගවා ඉමිනා අධිප්පායෙන ආහ – “සාරිපුත්ත, යං තයා ‘ඉමිනා කාරණෙන වෙදනාසු තණ්හා න උපට්ඨාසී’ති බ්යාකතං, තං සුබ්යාකතං. ‘තිස්සො වෙදනා’ති විභජන්තෙන පන තෙ අතිප්පපඤ්චො කතො, තං ‘දුක්ඛස්මි’න්ති බ්යාකරොන්තෙනපි හි තෙ සුබ්යාකතමෙව භවෙය්ය. යංකිඤ්චි වෙදයිතං, තං දුක්ඛන්ති ඤාතමත්තෙපි හි වෙදනාසු තණ්හා න තිට්ඨති”.
“සාධු සාධූ” යන තෙරුන්ගේ වේදනාව බෙදා දැක්වීමෙහි, එම ඥානයෙහි සතුටුවීමයි. තෙරුන්වහන්සේ වේදනා එකකි හෝ දෙකකි, තුනකි, සතරකි ආදී වශයෙන් නොපවසා කියන ලද ක්‍රමයෙන් වේදනා තුනකැයි බෙදා දැක්වීම දැනගත් සේක. එනිසා උන්වහන්සේට, භාග්‍යවතුන් වහන්සේ සිය සතුට ප්‍රකාශකරන සේක් මෙසේ වදාළහ. “දුක්ඛස්මිං” මෙහි භාග්‍යවතුන් වහන්සේ මෙම අදහසින් මෙසේ වදාළහ. “සාරිපුත්‍රය! යම්හෙයකින් නුඹ විසින් මේ කාරණයෙන් වේදනා කෙරෙහි තණ්හාව නොවැටහේ යැයි පිළිතුරු දෙන ලද්දේ, ත්‍රිවිධ වේදනාව යැයි බෙදා දක්වන තැනැත්තා විසින් එය අධික ප්‍රමාණයෙන් කරන ලදී. “එය දුක” යැයි විස්තර කරන්නා විසින් එය මැනවින් විස්තර කරන ලද්දේ වේ. යම්කිසි විඳීමක් වේ නම් එය දුකකැයි දැනගත් පමණින් ම වේදනා කෙරෙහි තණ්හාව නොපිහිටයි.
කථං විමොක්ඛාති කතරා විමොක්ඛා, කතරෙන විමොක්ඛෙන තයා අඤ්ඤා බ්යාකතාති අත්ථො? අජ්ඣත්තං විමොක්ඛාති අජ්ඣත්තවිමොක්ඛෙන, අජ්ඣත්තසඞ්ඛාරෙ පරිග්ගහෙත්වා පත්තඅරහත්තෙනාති අත්ථො.
“කථං විමොක්ඛා” යනු “කවර විමෝක්ෂයක්ද?” “කවර විමෝක්‍ෂයකින් නුඹ විසින් රහත්බව ප්‍රකාශ කරන ලදද?. යන අර්ථයි. “අජ්ඣත්ත විමොක්ඛා” යනු “ආධ්‍යාත්මික විමෝක්ෂයෙන්” - “ආධ්‍යාත්මික සංස්කාරයන් පරිග්‍රහණය කරගෙන පැමිණි රහත්බව ඇති” යන අර්ථයි.
තත්ථ චතුක්කං වෙදිතබ්බං – අජ්ඣත්තං අභිනිවෙසො අජ්ඣත්තං වුට්ඨානං, අජ්ඣත්තං අභිනිවෙසො බහිද්ධා වුට්ඨානං, බහිද්ධා අභිනිවෙසො බහිද්ධා වුට්ඨානං, බහිද්ධා අභිනිවෙසො අජ්ඣත්තං වුට්ඨානන්ති. අජ්ඣත්තඤ්හි අභිනිවෙසිත්වා බහිද්ධාධම්මාපි දට්ඨබ්බායෙව, බහිද්ධා අභිනිවෙසිත්වා අජ්ඣත්තධම්මාපි. තස්මා කොචි භික්ඛු අජ්ඣත්තං සඞ්ඛාරෙසු ඤාණං ඔතාරෙත්වා තෙ වවත්ථපෙත්වා බහිද්ධා ඔතාරෙති, බහිද්ධාපි පරිග්ගහෙත්වා පුන අජ්ඣත්තං ඔතාරෙති, තස්ස අජ්ඣත්ත සඞ්ඛාරෙ සම්මසනකාලෙ මග්ගවුට්ඨානං හොති. ඉති අජ්ඣත්තං අභිනිවෙසො අජ්ඣත්තං වුට්ඨානං නාම. කොචි අජ්ඣත්තං සඞ්ඛාරෙසු ඤාණං ඔතාරෙත්වා තෙ වවත්ථපෙත්වා බහිද්ධා ඔතාරෙති, තස්ස බහිද්ධා සඞ්ඛාරෙ සම්මසනකාලෙ මග්ගවුට්ඨානං හොති. ඉති අජ්ඣත්තං අභිනිවෙසො බහිද්ධා වුට්ඨානං නාම. කොචි බහිද්ධා සඞ්ඛාරෙසු ඤාණං ඔතාරෙත්වා, තෙ වවත්ථපෙත්වා අජ්ඣත්තං ඔතාරෙති, අජ්ඣත්තම්පි පරිග්ගහෙත්වා පුන බහිද්ධා ඔතාරෙති, තස්ස බහිද්ධා සඞ්ඛාරෙ සම්මසනකාලෙ මග්ගවුට්ඨානං හොති. ඉති බහිද්ධා අභිනිවෙසො බහිද්ධා වුට්ඨානං නාම. කොචි බහිද්ධා සඞ්ඛාරෙසු ඤාණං ඔතාරෙත්වා තෙ වවත්ථපෙත්වා අජ්ඣත්තං ඔතාරෙති, තස්ස අජ්ඣත්තසඞ්ඛාරෙ සම්මසනකාලෙ මග්ගවුට්ඨානං හොති. ඉති බහිද්ධා අභිනිවෙසො අජ්ඣත්තං වුට්ඨානං නාම. තත්ර ථෙරො “අජ්ඣත්තසඞ්ඛාරෙ පරිග්ගහෙත්වා තෙසං වවත්ථානකාලෙ මග්ගවුට්ඨානෙන අරහත්තං පත්තොස්මී”ති දස්සෙන්තො අජ්ඣත්තං විමොක්ඛා ඛ්වාහං, ආවුසොති ආහ.
එහි අධ්‍යාත්මික සුවය සතර වැදෑරුම්ව දතයුතුයි. අධ්‍යාත්මික ධර්මයන්හි අභිනිවේෂණයෙන් අධ්‍යාත්මික ධර්ම නැගී සිටීම, අධ්‍යාත්මික ධර්මයන්හි අභිනිවේෂණයෙන් බාහිර ධර්ම නැගීසිටීම, බාහිර ධර්මයන්හි අභිනිවේෂණයෙන් බාහිර ධර්ම නැගීසිටීම සහ බාහිර ධර්මයන්හි අභිනිවේෂණයෙන් අධ්‍යාත්මික ධර්ම නැගී සිටීම යනුවෙනි. ආධ්‍යාත්මික ධර්ම අභිනිවේෂණය කර බාහිර ධර්මයෝත් බාහිර ධර්ම අභිනිවේෂණය කර අධ්‍යාත්මික ධර්මයෝත් දැකිය යුතුයි. එනිසා ඇතැම් භික්ෂුවක් අධ්‍යාත්මික සංස්කාරයන්හි ප්‍රඥාව බස්වා ඒවා වෙන් වෙන් වශයෙන් දක්වා, බැහැරට බස්වයි. බාහිර වූ ධර්ම මැනවින් පරිග්‍රහණය කර නැවත අධ්‍යාත්මයෙහි බස්වයි. ඔහුට අධ්‍යාත්මික සංස්කාරයන් විමසා බලන කල්හි අර්හත් මාර්ගය නැගී සිටීම වේ. මෙසේ අධ්‍යාත්මික ධර්මයන්හි අභිනිවේෂණයෙන් අධ්‍යාත්මික ධර්ම නැගීසිටීම වේ. කිසිවෙක් අධ්‍යාත්මික සංස්කාරයන්හි ප්‍රඥාව බස්වා, ඒවා වෙන් වෙන් වශයෙන් දක්වා බැහැරට බස්වයි. ඔහුට බාහිර සංස්කාරයන් විමසා බලනවිට අර්හත් මාර්ගය නැගීසිටීම වේ. මෙසේ අධ්‍යාත්මික ධර්මයන්හි අභිනිවේෂණයෙන් බාහිර ධර්මයන්ගේ නැගීසිටීම නම් වේ. ඇතැමෙක් බාහිර සංස්කාර ධර්මයන්හි ප්‍රඥාව බස්වා ඒවා වෙන් වෙන් වශයෙන් දක්වා අධ්‍යාත්මික ධර්මයන්හි බස්වයි. අධ්‍යාත්මික ධර්මයන්ද පරිග්‍රහණය කර, නැවත බාහිර ධර්මයන්හි බස්වයි. ඔහුට බාහිර සංස්කාර ධර්මයන් විමසා බලනවිට අරහත් මාර්ගය නැගීසිටීම වේ. මෙසේ බාහිර ධර්මයන්හි අභිනිවේෂණයෙන් බාහිර ධර්මයන්ගේ නැගීසිටීම වේ. ඇතැමෙක් බාහිර සංස්කාර ධර්මයන්හි ප්‍රඥාව බස්වා ඒවා වෙන් වෙන් වශයෙන් දක්වා අධ්‍යාත්මයෙහි බස්වයි. ඔහුට අධ්‍යාත්මික සංස්කාර ධර්මයන් විමසන කල්හි අරහත් මාර්ගය නැගීසිටීම වේ. මෙසේ බාහිර ධර්මයන්හි අභිනිවේෂණයෙන් අධ්‍යාත්මික ධර්මයගේ නැගීසිටීම වේ. එහි තෙරුන්වහන්සේ අධ්‍යාත්මික සංස්කාරයන් පරිග්‍රහණය කර, ඒවා වෙන් වෙන් වශයෙන් දක්වන කල්හි, “අර්හත් මාර්ගය නැගිට සිටීමෙන් රහත් බවට පත්වූයෙමි”යි දක්වන සේක්, “අජ්ඣත්ත විමොක්ඛාක්වාහං ආවුසො” යනාදිය දෙසූහ.
සබ්බුපාදානක්ඛයාති සබ්බෙසං චතුන්නම්පි උපාදානානං ඛයෙන. තථා සතො විහරාමීති තෙනාකාරෙන සතියා සමන්නාගතො විහරාමි. යථා සතං විහරන්තන්ති යෙනාකාරෙන මං සතියා සමන්නාගතං විහරන්තං. ආසවා නානුස්සවන්තීති චක්ඛුතො රූපෙ සවන්ති ආසවන්ති සන්දන්ති පවත්තන්තීති එවං ඡහි ද්වාරෙහි ඡසු ආරම්මණෙසු සවනධම්මා කාමාසවාදයො ආසවා නානුස්සවන්ති නානුප්පවඩ්ඪන්ති, යථා මෙ න උප්පජ්ජන්තීති අත්ථො. අත්තානඤ්ච නාවජානාමීති අත්තානඤ්ච න අවජානාමි. ඉමිනා ඔමානපහානං කථිතං. එවඤ්හි සති පජානනා පසන්නා හොති.
“සබ්බූපාදානක්ඛයාති” යනු සියලු සිවුවැදෑරුම් වූ උපාදානයන්ගේ ක්ෂයවීමෙන් ය. “තථා සතො විහරාමි” යනු ඊට අනුගත වූ සිහියකින් යුක්තව වාසය කරමි යනුයි. “යථා සතං විහරන්තං” යනු යම් ආකාර වූ සිහියකින් වෙසෙන මාහටයි. “ආසවා නානුස්සවන්ති” යනු ඇසින් රූපයෝ ගලාබසිති. වැගිරෙති. ගලායති. පවතිති. මෙසේ සදොරෙහිම ෂඩ් ආරම්මණයන්හි ගලන ස්වභාව ඇති කාමාශ්‍රවාදී ආශ්‍රවයෝ ගලා නොබසිති. නොවැගිරෙති. නොවැඩෙති. යම් සේ මට ආශ්‍රවයෝ නූපදින්නාක් මෙන් යන අර්ථයයි. “අත්තානඤ්ච නාවජානාමි” යනු තමාට ද අවමන් නොකරමි. මෙයින් අවසාන ප්රහාණය කියන ලදී. මෙසේ ඇති කල්හි විශේෂ දැනීම පැහැදුනේ වේ.
සමණෙනාති බුද්ධසමණෙන. තෙස්වාහං න කඞ්ඛාමීති තෙසු අහං “කතරො කාමාසවො, කතරො භවාසවො, කතරො දිට්ඨාසවො, කතරො අවිජ්ජාසවො”ති එවං සරූපභෙදතොපි, “චත්තාරො ආසවා”ති එවං ගණනපරිච්ඡෙදතොපි න කඞ්ඛාමි. තෙ මෙ පහීනාති න විචිකිච්ඡාමීති තෙ මය්හං පහීනාති විචිකිච්ඡං න උප්පාදෙමි. ඉදං භගවා “එවං බ්යාකරොන්තෙනපි තයා සුබ්යාකතං භවෙය්ය ‘අජ්ඣත්තං විමොක්ඛා ඛ්වාහං, ආවුසො’තිආදීනි පන තෙ වදන්තෙන අතිප්පපඤ්චො කතො”ති දස්සෙන්තො ආහ.
“සමණෙන” යනු බුද්ධශ්රාවකයා විසින්ය. “තෙසාහං න කංඛාමි” යනු ඒ ආශ්‍රව අතර මම කවරක් කාමාශ්‍රව වේ ද කවරක් භවාශ්‍රව වේ ද කවරක් දිට්ඨාශ්‍රව වේ ද කවරක් අවිජ්ජාශ්රව වේ ද යනුවෙන් මෙසේ ස්වරූප භේද වශයෙන් ද සිවු ආශ්‍රව වශයෙන් ද මෙසේ ගණනය කිරීම් - කොටස් කිරීම් වශයෙන් සැක නොකරමි යනුයි. “තෙ මෙ පහිනාති ත විචිකිච්ඡාමි” යනු ඒ ආශ්‍රවයෝ මට ප්‍රහීන විය. සැකයක් නූපදවමි. මෙහි භාග්‍යවතුන් වහන්සේ, “සාරිපුත්‍රය! මෙලෙස විස්තර කරන්නා වූ නුඹ විසින් මැනවින් විවරණය කරන ලදී. “ඇවැත්නි, මම ආධ්‍යාත්මික විමෝක්ෂයෙන්.....” ආදී වශයෙන් කියනු ලබන නුඹ විසින් අධික ප්රපංචයක් කරන ලදැ”යි දක්වනසේ මෙසේ වදාළහ.
උට්ඨායාසනා විහාරං පාවිසීති පඤ්ඤත්තවරබුද්ධාසනතො උට්ඨහිත්වා විහාරං අන්තොමහාගන්ධකුටිං පාවිසි අසම්භින්නාය එව පරිසාය. කස්මා? බුද්ධා හි අනිට්ඨිතාය දෙසනාය අසම්භින්නාය පරිසාය උට්ඨායාසනා ගන්ධකුටිං පවිසන්තා පුග්ගලථොමනත්ථං වා පවිසන්ති ධම්මථොමනත්ථං වා. තත්ථ පුග්ගලථොමනත්ථං පවිසන්තො සත්ථා එවං චින්තෙසි – “ඉමං මයා සංඛිත්තෙන උද්දෙසං උද්දිට්ඨං විත්ථාරෙන ච අවිභත්තං ධම්මපටිග්ගාහකා භික්ඛූ උග්ගහෙත්වා ආනන්දං වා කච්චායනං වා උපසඞ්කමිත්වා පුච්ඡිස්සන්ති, තෙ මය්හං ඤාණෙන සංසන්දෙත්වා කථෙස්සන්ති, තතොපි ධම්මපටිග්ගාහකා පුන මං පුච්ඡිස්සන්ති. තෙසමහං ‘සුකථිතං, භික්ඛවෙ, ආනන්දෙන, සුකථිතං කච්චායනෙන, මං චෙපි තුම්හෙ එතමත්ථං පුච්ඡෙය්යාථ, අහම්පි නං එවමෙව බ්යාකරෙය්ය’න්ති එවං තෙ පුග්ගලෙ ථොමෙස්සාමි. තතො තෙසු ගාරවං ජනෙත්වා භික්ඛූ උපසඞ්කමිස්සන්ති, තෙපි භික්ඛූ අත්ථෙ ච ධම්මෙ ච නියොජෙස්සන්ති, තෙ තෙහි නියොජිතා තිස්සො සික්ඛා පරිපූරෙත්වා දුක්ඛස්සන්තං කරිස්සන්තී”ති.
“උට්ඨායාසනා විහාරං පාවිසි ” යනු පණවන ලද උතුම් බුද්ධාසනයෙන් නැගිට අමිශ්‍ර වූ ම පිරිස ඇතිව විහාරයේ මහා ගඳකිළිය ඇතුලට වැඩිසේක යනුයි. කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ වනාහී දේශනාව නිමනොවූ කල්හිම තනිවම අසුනින් නැගිටි සේක්, ගඳකිළියට වැඩම කරනුයේ පුද්ගල ස්තුති කිරීම හෝ ධර්මයට ස්තුති කිරීම අරමුණු කරගෙනයි. එහි පුද්ගල ස්තුති කිරීම සඳහා පිවිසෙන ශාස්තෘන් වහන්සේ මෙසේ සිතන සේක. “මෙය මවිසින් සංක්ෂිප්තව දක්වන ලදී. උදෙසන ලදී. සවිස්තරව නොබෙදන ලදී. ධර්මය පිළිගන්නා භික්ෂූහු එය ඉගෙන ආනන්ද තෙරුන් වෙත හෝ මහාකච්චාන තෙරුන් වෙත එළඹ ප්‍රශ්න කරති. ඔවුහු මගේ ප්‍රඥාවෙන් සසඳා බලා ඒකාරණය සවිස්තරව දේශනා කරති. අනතුරුව එම ඉගැන්වීම පිළිගන්නා ධර්මකාමී භික්ෂූහු එම සවිස්තර දේශනාව මා වෙත ඉදිරිපත් කරති. එවිට මම ඔවුන්ට “මහණෙනි! ආනන්ද විසින් මැනවින් දේශනා කරන ලදී. කච්චායන විසින් මැනවින් දෙසන ලදී. නුඹලා මෙහි අර්ථ මාගෙන් විමසුවාහු නම් මම ද ඒ අයුරින් ම දේශනා කරන්නෙමි”යි යනුවෙන් ඒ මහතෙරවරු ස්තුතියට භාජනය කරන සේක. මෙය පුද්ගල ස්තුතියයි. මෙසේ ස්තුතිකළ පුද්ගලයන් කෙරෙහි ගෞරව උපදවා භික්ෂූන් වහන්සේලා ඔවුන් වෙත එළඹෙති. ඒ මහතෙරවරු ද තමා වෙත එන එම භික්ෂූන් වහන්සේලා අථයෙහි ද ධර්මයෙහි ද යොදවනෝ ය. එසේ යොදන ලද එම තෙරවරු, ත්රිශික්ෂාවන් සම්පූර්ණ කර මැනවින් දුක් කෙළවර කරන්නෝය.
අථ වා පනස්ස එවං හොති – “එස මයි පක්කන්තෙ අත්තනො ආනුභාවං කරිස්සති, අථ නං අහම්පි තථෙව ථොමෙස්සාමි, තං මම ථොමනං සුත්වා ගාරවජාතා භික්ඛූ ඉමං උපසඞ්කමිතබ්බං, වචනඤ්චස්ස සොතබ්බං සද්ධාතබ්බං මඤ්ඤිස්සන්ති, තං තෙසං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායා”ති ධම්මථොමනත්ථං පවිසන්තො එවං චින්තෙසි යථා ධම්මදායාදසුත්තෙ චින්තෙසි. තත්ර හිස්ස එවං අහොසි – “මයි විහාරං පවිට්ඨෙ ආමිසදායාදං ගරහන්තො ධම්මදායාදඤ්ච ථොමෙන්තො ඉමිස්සංයෙව පරිසති නිසින්නො සාරිපුත්තො ධම්මං දෙසෙස්සති, එවං ද්වින්නම්පි අම්හාකං එකජ්ඣාසයාය මතියා දෙසිතා අයං දෙසනා අග්ගා ච ගරුකා ච භවිස්සති පාසාණච්ඡත්තසදිසා”ති.
නැතිනම් බුදුපියාණන් වහන්සේට මෙබඳු සිතක් පහළවන සේක. “මෙසේ මා වැඩම කල කල්හි තමාගේ ආනුභාවය ප්‍රකට කරන්නෝය. ඉක්බිති මම ඔවුන්ට ද එසේම ස්තුති කරන්නෙමි. ඒ මාගේ ස්තුතිය අසා ගෞරව හටගත් භික්ෂූහු, මොහු වෙත අප පැමිණිය යුතුයි. ඔහුගේ වදන් ඇසිය යුතුයි. එම වදන් පිළිගත යුතුයි.” යනුවෙන් සිතති. එය උන්වහන්සේලාට බොහෝ කාලයක් හිත-සුව පිණිස පවතින්නේම ය. ධම්මදායාද සූත්‍රයේ මෙන් ධර්මයට ස්තුති කිරීමට පැමිණෙන විටදී බුදුපියාණන් වහන්සේ මෙසේ සිතන සේක. “මා විහාරයට වැඩි කල්හි ආමිස දායාදයට ගරහමින් ධර්ම දායාදයට ස්තුති කරමින් මෙම පිරිස් මැද හිඳ, සැරියුත් තෙරුන් වහන්සේ දහම් දෙසන සේක. මෙසේ අප දෙදෙනා වහන්සේ ම එකම අදහසකින් දෙසන ලද බැවින් මේ සූත්‍ර දේශනාව අග්‍ර වූයේ ද, ගෞරව කළ යුත්තේ ද වන්නේය. පාෂාණමය ඡත්රයක් මෙනි.”
ඉධ පන ආයස්මන්තං සාරිපුත්තං උක්කංසෙත්වා පකාසෙත්වා ඨපෙතුකාමො පුග්ගලථොමනත්ථං උට්ඨායාසනා විහාරං පාවිසි. ඊදිසෙසු ඨානෙසු භගවා නිසින්නාසනෙයෙව අන්තරහිතො චිත්තගතියා විහාරං පවිසතීති වෙදිතබ්බො. යදි හි කායගතියා ගච්ඡෙය්ය, සබ්බා පරිසා භගවන්තං පරිවාරෙත්වා ගච්ඡෙය්ය, සා එකවාරං භින්නා පුන දුස්සන්නිපාතා භවෙය්‍යාති භගවා අදිස්සමානෙන කායෙන චිත්තගතියා එව පාවිසි.
මෙහිදී ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ උසස් බවට පත්කර, බැබලීමට පත්කර තබනු කැමතිවූ බුදුපියාණන් වහන්සේ අසුනින් නැගිට ගඳකිළියට වැඩිසේක. මෙබඳු අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් අසුන්නේදී ම අතුරුදහන්ව, චිත්ත ගමනින් විහාරයට වැඩි බව දතයුතුයි. ඉදින් කාය ගමනින් වැඩම කළසේක් නම් සියලු බුදුපිරිස, උන්වහන්සේ පිරිවරා ගෙන වඩිති. එකවරක් බිඳුණු සිත නැවත එම දේශනාවට යොමුකර ගැනීමෙන් දූෂ්‍ය වන්නේයැයි භාග්‍යවතුන් වහන්සේ නොපෙනෙන කයින් චිත්ත ගතියෙන් ම විහාරයට පිවිසි සේක.
එවං පවිට්ඨෙ පන භගවති භගවතො අධිප්පායානුරූපමෙව සීහනාදං නදිතුකාමො තත්ර ඛො ආයස්මා සාරිපුත්තො අචිරපක්කන්තස්ස භගවතො භික්ඛූ ආමන්තෙසි. පුබ්බෙ අප්පටිසංවිදිතන්ති ඉදං නාම පුච්ඡිස්සතීති පුබ්බෙ මයා අවිදිතං අඤ්ඤාතං. පඨමං පඤ්හන්ති, “සචෙ තං, සාරිපුත්ත, එවං පුච්ඡෙය්යුං කථං ජානතා පන තයා, ආවුසො සාරිපුත්ත, කථං පස්සතා අඤ්ඤා බ්යාකතා ඛීණා ජාතී”ති ඉමං පඨමං පඤ්හං. දන්ධායිතත්තන්ති සත්ථු ආසයජානනත්ථං දන්ධභාවො අසීඝතා. පඨමං පඤ්හං අනුමොදීති, “ජාති පනාවුසො සාරිපුත්ත, කිංනිදානා”ති ඉමං දුතියං පඤ්හං පුච්ඡන්තො, “යංනිදානාවුසො, ජාතී”ති එවං විස්සජ්ජිතං පඨමං පඤ්හං අනුමොදි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ පිවිසි කල්හි, උන්වහන්සේගේ අදහස් අනුව ම සිංහනාද පවත්වනු කැමති ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ, බුදුපියාණන් වැඩම කළ නොබෝ වේලාවකින් ම එහිදී භික්ෂූන් වහන්සේ ඇමතූ සේක. “පුබ්බෙ අප්පටි සංවිදිතං” යනු මෙනම් දෙය විචාරන්නේ යැයි මුලදී මවිසින් නොදන්නා ලදී. නො දක්නා ලදී යනුයි. “පඨමං පඤ්හං” යනු “සාරිපුත්‍රය! ඉදින් කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ නුඹවහන්සේ විසින් ජාතිය ක්ෂය කරන ලදී.......ආදී වශයෙන් රහත්බවට ප්‍රකට කරන ලද්දෙහිද?” යන මේ පළමු පැනයයි. “දන්ධායිතත්තං” යනු ශාස්තෘන් වහන්ගේ සිතේ පවතින දෙය දන්නා බවයි. නො ඉක්මන්වන බවයි. පමා වූ බවයි. “පඨමං පඤ්හං අනුමොදි” යනු “ඇවැත්නි! සාරිපුත්‍රය! ජාතිය වනාහි කුමක් නිදාන කර ඇද්ද?....” ආදී ලෙස මෙම දෙවන පැනය විමසන සේක් “ඇවැත්නි! ජාතිය යමක් නිදානකොට ඇත්තෙන්ද, එය.....” යන ලෙස විසඳන ලද පළමු පැනය සතුටින් පිළිගත් සේක.
එතදහොසීති භගවතා අනුමොදිතෙ නයසතෙන නයසහස්සෙන පඤ්හස්ස එකඞ්ගණිකභාවෙන පාකටීභූතත්තා එතං අහොසි. දිවසම්පාහං භගවතො එතමත්ථං බ්යාකරෙය්යන්ති සකලදිවසම්පි අහං භගවතො එතං පටිච්චසමුප්පාදත්ථං පුට්ඨො සකලදිවසම්පි අඤ්ඤමඤ්ඤෙහි පදබ්යඤ්ජනෙහි බ්යාකරෙය්යං.
“එතදහොසි” යනු භාග්‍යවතුන් වහන්සේ විසින් සතුටු වූ කල්හිය. න්‍යාය සියදහස් ගණනින් ප්රශ්නය එකම මිදුලක් මෙන් ප්රකටව වැටහුණු බැවින් මෙසේ සිත්විය. “දිවසං පහං භගවතො එතමත්ථං බ්යාකරෙය්යං” මගෙන් බුදුපියාණන් වහන්සේ මුළු දවස පුරාම මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයෙහි අරුත් විමසුවත්, එය එක් එක් පද- ව්‍යඤ්ජනයක් පාසා ගෙන උන්වහන්සේට විස්තර කරන්නෙමි.
යෙන භගවා තෙනුපසඞ්කමීති එවං කිරස්ස අහොසි – “ථෙරො උළාරසීහනාදං නදති, සුකාරණං එතං, දසබලස්ස නං ආරොචෙස්සාමී”ති. තස්මා යෙන භගවා තෙනුපසඞ්කමි.
“යෙන භගවා තෙනුපසංකමි” යනු මෙසේ උන්වහන්සේට අදහසක් පහළ විය. “මේ යහපත් කරුණු භාග්‍යවතුන් වහන්සේට දන්වන්නෙමි”යි තෙරුන් වහන්සේ මහත් වූ සිංහනාදයක් පවත්වන සේක. මෙසේ සිතා බුදුපියාණන් සමීපයට වැඩම කළහ.
සා හි භික්ඛු සාරිපුත්තස්ස ධම්මධාතූති එත්ථ ධම්මධාතූති පච්චයාකාරස්ස විවටභාවදස්සනසමත්ථං සාවකපාරමීඤාණං. සාවකානඤ්හි සාවකපාරමීඤාණං සබ්බඤ්ඤුතඤ්ඤාණගතිකමෙව හොති. යථා බුද්ධානං අතීතානාගතපච්චුප්පන්නා ධම්මා සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පාකටා හොන්ති, එවං ථෙරස්ස සාවකපාරමීඤාණං සබ්බෙපි සාවකඤාණස්ස ගොචරධම්මෙ ජානාතීති.
“සාහි භිකඛු! සාරිපුත්තස්ස ධම්මධාතු” යන මෙහි “ධම්මධාතු” යනු ප්‍රත්‍යකාර වූ සසර නැවැත්ම දැක්වීමට සමත් වූ ශ්‍රාවකයන්ගේ පාරමී ඤාණයයි. ශ්‍රාවකයන්ගේ ශ්‍රාවක පාරමී ඤාණය සර්වඥ ඤාණ ගතියම වේ. යසේ අතීත-අනාගත-වර්තමාන ධර්මයෝ සර්වඥ ඤාණයේ ප්රකටව පවතිත් ද, එසේම තෙරුන් වහන්සේන්ගේ ශ්‍රාවක පාරමී ඤාණය සියලුම ශ්‍රාවක ඥාණයන්ට අරමුණු වන ධර්ම දනියි.
දුතියං.
දෙවන සූත්‍රයයි.