යෙදුමෙන් කියවන්න

3. ඤාණවත්‍ථුසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. ඤාණවත්‍ථුසුත‍්තවණ‍්ණනා

3. ඤාණවත්ථු සූත්‍ර වර්ණනාව

තතියෙ තං සුණාථාති තං ඤාණවත්‍ථුදෙසනං සුණාථ. ඤාණවත්‍ථූනීති චෙත්‍ථ ඤාණමෙව ඤාණවත්‍ථූති වෙදිතබ‍්බං.

තෙවන සූත්‍රයේ “තං සුණාථ” යනු ඒ ඥාණවත්ථු දේශනාව අසවු යනුයි. “ඤාණවත්ථු” යනු මෙහි ප්‍රඥාව ම ඤාණවත්ථුව යැයි දතයුතුයි.

ජරාමරණෙ ඤාණන‍්තිආදීසු චතූසු පඨමං සවනමයඤාණං සම‍්මසනඤාණං පටිවෙධඤාණං පච‍්චවෙක‍්ඛණඤාණන‍්ති චතුබ‍්බිධං වට‍්ටති, තථා දුතියං. තතියං පන ඨපෙත්‍වා සම‍්මසනඤාණං තිවිධමෙව හොති, තථා චතුත්‍ථං. ලොකුත‍්තරධම‍්මෙසු හි සම‍්මසනං නාම නත්‍ථි. ජාතියා ඤාණන‍්තිආදීසුපි එසෙව නයො.

“ජරාමරණෙ ‘ඤාණං’” ආදී සතරෙහි පළමුව ශ්‍රවණමය ඤාණය වේ. දෙවැන්න විමසා බලන ඤාණයයි. තෙවැන්න සත්‍යාවබෝධ ඤාණයයි. සිවුවැන්න ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණයයි. මෙසේ ජරාමරණ ඤාණය සිවුවැදෑරුම් වේ. දෙවැනි වූ ඤාණයත් මෙසේ ප්‍රභේදවන බව දතයුතුයි. තෙවැනි ඤාණයෙහි ‘විමසා බැලීම’ හැර සෙසු කරුණු තුන ඇත. සතරවන ඤාණයෙහි ද එම තුන පමණක් ඇත. ලෝකෝත්තර ධර්මයන්හි ‘විමසා බැලීමක්’ (සම්මසනයක්) නම් නැත. “ජාතියා ඤාණං” ආදියෙහිද මේ ක්‍රමයමයි.

ඉමිනා ධම‍්මෙනාති ඉමිනා චතුසච‍්චධම‍්මෙන වා මග‍්ගඤාණධම‍්මෙන වා.

“ඉමිනා ධම්මෙන” යනු මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් හෝ මාර්ග ඤාණ ධර්මයෙන් හෝය.

දිට‍්ඨෙනාතිආදීසු දිට‍්ඨෙනාති ඤාණචක‍්ඛුනා දිට‍්ඨෙන. විදිතෙනාති පඤ‍්ඤාය විදිතෙන. අකාලිකෙනාති කිඤ‍්චි කාලං අනතික‍්කමිත්‍වා පටිවෙධානන‍්තරංයෙව ඵලදායකෙන. පත‍්තෙනාති අධිගතෙන. පරියොගාළ‍්හෙනාති පරියොගාහිතෙන පඤ‍්ඤාය අනුපවිට‍්ඨෙන. අතීතානාගතෙ නයං නෙතීති “යෙ ඛො කෙචී”තිආදිනා නයෙන අතීතෙ ච අනාගතෙ ච නයං නෙති. එත්‍ථ ච න චතුසච‍්චධම‍්මෙන වා මග‍්ගඤාණධම‍්මෙන වා සක‍්කා අතීතානාගතෙ නයං නෙතුං, චතුසච‍්චෙ පන මග‍්ගඤාණෙන පටිවිද‍්ධෙ පරතො පච‍්චවෙක‍්ඛණඤාණං නාම හොති. තෙන නයං නෙතීති වෙදිතබ‍්බා. අබ‍්භඤ‍්ඤංසූති අභිඅඤ‍්ඤංසු ජානිංසු. සෙය්‍යථාපාහං, එතරහීති යථා අහං එතරහි චතුසච‍්චවසෙන ජානාමි. අන්‍වයෙ ඤාණන‍්ති අනුඅයෙ ඤාණං, ධම‍්මඤාණස‍්ස අනුගමනෙ ඤාණං, පච‍්චවෙක‍්ඛණඤාණස‍්සෙතං නාමං. ධම‍්මෙ ඤාණන‍්ති මග‍්ගඤාණං. ඉමස‍්මිං සුත‍්තෙ ඛීණාසවස‍්ස සෙක‍්ඛභූමි කථිතා හොති.

“දිට්ඨෙන” යනාදියෙහි ඤාණ නම් ඇසින් දැකීමෙන්ය. “විදිතෙන” යනු ප්‍රඥාවෙන් දැනීමෙන්ය. “අකාලිකො” යනු කල් නොයවා අවබෝධ කරගත් මොහොතෙහිම විපාක දීමෙන් යනුයි. “පත්තෙන” යනු අවබෝධ කිරීමෙන්ය. “පරියොගාළ්හෙන” යනු හාත්පසින් බැසගත්, ප්‍රඥාවෙන් ඇතුලට පිවිසි යනුයි. “අතීතානාගතෙ නයං නෙති” “යෙ ඛො කෙචි” ආදී වශයෙන් අතීතයෙහි ද අනාගතයෙහි ද නය පමුණුවයි. මෙම සූත්‍රයේ දී ද චතුරාර්ය සත්‍යය ධර්මයෙන් හෝ මාර්ග ඤාණ ධර්මයෙන් හෝ අතීත-අනාගතයන්හි නය පැමිණවීමට හැකිය. චතුරාර්ය සත්‍යය මාර්ග ඤාණයෙන් අවබෝධ කළ කල්හි “පරතො ප්‍රතවේක්‍ෂණ ඥාණය” නම් වේ. එයින් නය පැමිණවී යැයි දතයුතුයි. “අබ්භඤ්ඤංසු” යනු විශේෂයෙන් දැනගත්හ. අවබෝධ කරගත්හ. “සෙය්‍යාථාපහං එතරහි” යනු යම්සේ මම දැන් චතුරාර්ය සත්‍යය ධර්මය දන්නේ නම් එසේ යනුයි. “අන්වයෙ ඤාණං” යනු අනු + අයෙ - අනුවයන ඤාණයයි. ධර්ම ඥාණයේ අනුගමන කිරිමේ ඤාණයයි. “ප්‍රත්‍යවේක්‍ෂණ ඥාණය” යන්න ද මෙයට යෙදේ. “ධම්මෙ ඤාණං” යනු මාර්ග ඤාණයයි. මේ සූත්‍රයෙහි රහතන් වහන්සේගේ සේඛ භූමිය කියන ලදී.

තතියං.

තෙවැනි සූත්‍රයයි.

4. දුතියඤාණවත්‍ථුසුත‍්තවණ‍්ණනා

4. දුතියඤාණවත්ථු සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ සත‍්තසත‍්තරීති සත‍්ත ච සත‍්තරි ච. බ්‍යඤ‍්ජනභාණකා කිර තෙ භික‍්ඛූ, බහුබ්‍යඤ‍්ජනං කත්‍වා වුච‍්චමානෙ පටිවිජ‍්ඣිතුං සක‍්කොන‍්ති, තස‍්මා තෙසං අජ‍්ඣාසයෙන ඉදං සුත‍්තං වුත‍්තං. ධම‍්මට‍්ඨිතිඤාණන‍්ති පච‍්චයාකාරෙ ඤාණං. පච‍්චයාකාරො හි ධම‍්මානං පවත‍්තිට‍්ඨිතිකාරණත‍්තා ධම‍්මට‍්ඨිතීති වුච‍්චති, එත්‍ථ ඤාණං ධම‍්මට‍්ඨිතිඤාණං, එතස‍්සෙව ඡබ‍්බිධස‍්ස ඤාණස‍්සෙතං අධිවචනං. ඛයධම‍්මන‍්ති ඛයගමනසභාවං. වයධම‍්මන‍්ති වයගමනසභාවං. විරාගධම‍්මන‍්ති විරජ‍්ජනසභාවං. නිරොධධම‍්මන‍්ති නිරුජ‍්ඣනසභාවං. සත‍්තසත‍්තරීති එකෙකස‍්මිං සත‍්ත සත‍්ත කත්‍වා එකාදසසු පදෙසු සත‍්තසත‍්තරි. ඉමස‍්මිං සුත‍්තෙ විපස‍්සනාපටිවිපස‍්සනා කථිතා.

සිවුවන සූත්‍රයේ “සත්ත සත්තරි” යනු සතක් ද සැත්තෑවක් ද වූ සැත්තෑසතකි. අර්ථ-ව්‍යඤජන භාණක මහතෙරවරු බොහෝ කොට බෙදා දක්වා දේශනා කරනු ලබන විට, අවබෝධ කරගැනීමට සමත්වෙති. එනිසා ඔවුන්ගේ අදහස් වශයෙන් මේ සූත්‍රය දේශනා කරන ලදී. “ධම්මට්ඨිති ඤාණං” යනු ප්‍රත්‍යකාර ඤාණයයි. ‘ප්‍රත්‍යකාර’ යනු ධර්මයන්ගේ පැවතීම-සිටීම වන බැවින් “ධම්මට්ඨිති” යැයි කියයි. මෙහි ඤාණය ධර්මස්ථිති ඤාණයයි. මේ සවැදෑරුම් ජරාමරණ ඥාණයටම යෙදෙන තවත් නාමයකි. “ඛය ධම්මං” ක්‍ෂය වන භාවයයි. “වය ධම්මං” යනු ව්‍යය වන ස්වභාවයයි. “විරාග ධම්මං” නො ඇලෙන ස්වභාවයයි. “නිරෝධ ධමමං” යනු නිරුද්ධවන ස්වභාවයයි. “සත්ත සත්තරී” යනු එක් එක් පදයෙහි සත, සත බැගින් පද එකොළොසෙහි (7x11) සැත්තෑ සතකි. (77) මේ සූත්‍රයෙහි “විදර්ශනාපත්ති විදර්ශනාව” පවසන ලදී.

චතුත්‍ථං.

සිවුවන සූත්‍රයයි.

5. අවිජ‍්ජාදිපච‍්චය දෙසනා සුත‍්තවණ‍්ණනා

5. අවිජ්ජාදිපච්චය දේසනා සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ සමුදයො හොතීති සත්‍ථා ඉධෙව දෙසනං ඔසාපෙසි. කිංකාරණාති? දිට‍්ඨිගතිකස‍්ස ඔකාසදානත්‍ථං. තස‍්සඤ‍්හි පරිසති උපාරම‍්භචිත‍්තො දිට‍්ඨිගතිකො අත්‍ථි, සො පඤ‍්හං පුච‍්ඡිස‍්සති, අථස‍්සාහං විස‍්සජ‍්ජෙස‍්සාමීති තස‍්ස ඔකාසදානත්‍ථං දෙසනං ඔසාපෙසි. නො කල‍්ලො පඤ‍්හොති අයුත‍්තො පඤ‍්හො. දුප‍්පඤ‍්හො එසොති අත්‍ථො. නනු ච “කතමං නු ඛො, භන‍්තෙ, ජරාමරණ”න‍්ති? ඉදං සුපුච‍්ඡිතන‍්ති. කිඤ‍්චාපි සුපුච‍්ඡිතං, යථා පන සතසහස‍්සග‍්ඝනිකෙ සුවණ‍්ණථාලෙ වඩ‍්ඪිතස‍්ස සුභොජනස‍්ස මත්‍ථකෙ ආමලකමත‍්තෙපි ගූථපිණ‍්ඩෙ ඨපිතෙ සබ‍්බං භොජනං දුබ‍්භොජනං හොති ඡඩ‍්ඩෙතබ‍්බං, එවමෙව “කස‍්ස ච පනිදං ජරාමරණ”න‍්ති? ඉමිනා සත‍්තූපලද‍්ධිවාදපදෙන ගූථපිණ‍්ඩෙන තං භොජනං දුබ‍්භොජනං විය අයම‍්පි සබ‍්බො දුප‍්පඤ‍්හොව ජාතොති.

පස්වන සූත්‍රයේ “සමුදයො හොති” යන මෙහිදී ශාස්තෘන් වහන්සේ මෙම සූත්‍ර දේශනාව අවසන් කළ සේක. කවර කරුණකින්ද? දෘෂ්ටිගතිකයාට අවසර දීම පිණිසයි. “ඒ පිරිසෙහි දෝෂාරෝපණ කිරිමෙහි සිත් ඇති දෘෂ්ටිගතිකයෙක් ඇත. ඔහු ප්‍රශ්නයක් අසයි. එවිට මම එය විසඳනෙමි”යි ඒ භික්ෂුවට අවසරයක් ලබාදීමට මේ සූත්‍ර දේශනාව අවසන් කළ සේක. “නො කල්ලො පඤ්හො” යනු නුසුදුසු ප්‍රශ්නයකි. මෝඩ ප්‍රශ්නයකි යන අර්ථයි. “ස්වාමීනි! ජරාමරණ කවරේද?”.....යනාදී ප්‍රශ්නය මැනවින් අසන ලද්දක් නොවේද? එය මනාව විමසන ලද්දක් වුවත්, - යම්සේ දහසක් අගනා රන් තලියකින් ගෙනැවිත් තැබූ ඉතා රසවත් භෝජනයක් මතට, නෙල්ලි ගෙඩියක් පමණ කුඩා වූ අශූචි පිඩක් වැටුනහොත් මුලු භෝජනය ම ආහාරයට නුසුදුසු වී ඉවත දැමිය යුතු වන්නේද ඒ අයුරින්ම “ජරා මරණ කවරකුගේද?” යන ප්‍රශ්නය මැනවින් ගැලපුනත්, සත්ව-පුද්ගලවාදී පදය නිසා, අශූචි පිඬ නිසා රසවත් භෝජනය ආහාරයට නුසුදුසු වූවාක් මෙන් මුලු ප්‍රශ්නය ම අනුවණ -මෝඩ ප්‍රශ්නයක් බවට පත්විය.

බ්‍රහ‍්මචරියවාසොති අරියමග‍්ගවාසො. තං ජීවං තං සරීරන‍්ති යස‍්ස හි අයං දිට‍්ඨි, සො “ජීවෙ උච‍්ඡිජ‍්ජමානෙ සරීරං උච‍්ඡිජ‍්ජති, සරීරෙ උච‍්ඡිජ‍්ජන‍්තෙ ජීවිතං උච‍්ඡිජ‍්ජතී”ති ගණ‍්හාති. එවං ගණ‍්හතො සා දිට‍්ඨි “සත‍්තො උච‍්ඡිජ‍්ජතී”ති ගහිතත‍්තා උච‍්ඡෙදදිට‍්ඨි නාම හොති. සචෙ පන සඞ‍්ඛාරාව උප‍්පජ‍්ජන‍්ති චෙව නිරුජ‍්ඣන‍්ති චාති ගණ‍්හෙය්‍ය, සාසනාවචරා සම‍්මාදිට‍්ඨි නාම භවෙය්‍ය. අරියමග‍්ගො ච නාමෙසො වට‍්ටං නිරොධෙන‍්තො වට‍්ටං සමුච‍්ඡින්‍දන‍්තො උප‍්පජ‍්ජති, තදෙව තං වට‍්ටං උච‍්ඡෙදදිට‍්ඨියා ගහිතාකාරස‍්ස සම‍්භවෙ සති විනාව මග‍්ගභාවනාය නිරුජ‍්ඣතීති මග‍්ගභාවනා නිරත්‍ථකා හොති. තෙන වුත‍්තං “බ්‍රහ‍්මචරියවාසො න හොතී”ති.

“බ්‍රහ්මචරියවාසො” යනු ආර්ය මාර්ගයේ වාසය කිරීමයි. “තං ජීවං තං සරීරං” යනු යමෙකුට මේ දෘෂ්ටිය වේනම් ඔහු “ජීවය වැනසෙනවිට මේ ශරීරය ද වැනැසේ. මේ ශරීරය වැනසෙනවිට ජීවිතය ද වැනසෙයි” යනුවෙන් පිළිගනියි. මෙසේ ගන්නා ලද දෘෂ්ටි ඇත්තා, “සිඳේ” - “විනාශ වේ” යැයි ගත් බැවින් උච්ඡේද “දෘෂ්ටි ඇත්තා” නම් වේ. ඉදින් “සංස්කාරයෝම උපදිති. නිරුද්ධ වෙති”යි යන අදහස පිළිගන්නේ නම් එය ධර්මයෙහි හැසිරෙන “සම්‍යක් දෘෂ්ටිය” නම් වන්නේය. “ආර්ය මාර්ගය” නම් වන මෙය, සසර පැවැත්මට හේතුව නිරුද්ධ කරමින් - සසර පැවැත්ම විනාශ කරමින් උපදියි. එහිම ඒ සසර පැවැත්ම උච්ඡේද දෘෂ්ටියෙන් ගත් තැනැත්තා, “සත් භාවය ඇති කල්හි ආර්ය මාර්ගය වැඩීමෙන් තොරව නිරුද්ධවන්නේ යැ”යි ආර්ය මාර්ගය වැඩීම නිරර්ථක වේ. එනිසා මෙය පවසන ලදී. “බ්‍රහ්මචරිය (බඹසර) වාසයට මෙය අයත් නොවේ” යනුවෙනි.

දුතියනයෙ අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති යස‍්ස අයං දිට‍්ඨි, සො “සරීරං ඉධෙව උච‍්ඡිජ‍්ජති, න ජීවිතං, ජීවිතං පන පඤ‍්ජරතො සකුණො විය යථාසුඛං ගච‍්ඡතී”ති ගණ‍්හාති. එවං ගණ‍්හතො සා දිට‍්ඨි “ඉමස‍්මා ලොකා ජීවිතං පරලොකං ගත”න‍්ති ගහිතත‍්තා සස‍්සතදිට‍්ඨි නාම හොති. අයඤ‍්ච අරියමග‍්ගො තෙභූමකවට‍්ටං විවට‍්ටෙන‍්තො උප‍්පජ‍්ජති, සො එකසඞ‍්ඛාරෙපි නිච‍්චෙ ධුවෙ සස‍්සතෙ සති උප‍්පන‍්නොපි වට‍්ටං විවට‍්ටෙතුං න සක‍්කොතීති මග‍්ගභාවනා නිරත්‍ථකා හොති. තෙන වුත‍්තං “අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති වා භික‍්ඛු දිට‍්ඨියා සති බ්‍රහ‍්මචරියවාසො න හොතී”ති.

දෙවැනි ක්‍රමයෙහි දී “අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං” යමෙකුට මේ දෘෂ්ටිය වේනම් ඔහු “ශරීරය මෙහිදීම වැනැසේ. ජීවය වනාහී කුරුළු කුඩුවක් මෙන් පාවී ගොස් සැපයට යන්නේ ය.” යනුවෙන් පිළිගනියි. මෙසේ පිළිගත් ඒ අදහස අනුව “මේ ලෝකයෙන් ජීවය නැතිවී පරලොවට ගියේය” යනුවෙන් ගත් බැවින්, “ශාස්වත දෘෂ්ටිය” යන නම යෙදේ. [missing here]

විසූකායිකානීතිආදි සබ‍්බං මිච‍්ඡාදිට‍්ඨිවෙවචනමෙව. සා හි සම‍්මාදිට‍්ඨියා විනිවිජ‍්ඣනට‍්ඨෙන විසූකමිව අත‍්තානං ආවරණතො විසූකායිකං, සම‍්මාදිට‍්ඨිං අනනුවත‍්තිත්‍වා තස‍්සා විරොධෙන පවත‍්තනතො විසෙවිතං, කදාචි උච‍්ඡෙදස‍්ස කදාචි සස‍්සතස‍්ස ගහණතො විරූපං ඵන්‍දිතං විප‍්ඵන්‍දිතන‍්ති වුච‍්චති. තාලාවත්‍ථුකතානීති තාලවත්‍ථු විය කතානි, පුන අවිරුහණට‍්ඨෙන මත්‍ථකච‍්ඡින‍්නතාලො විය සමූලං තාලං උද‍්ධරිත්‍වා තස‍්ස පතිට‍්ඨිතට‍්ඨානං විය ච කතානීති අත්‍ථො. අනභාවංකතානීති අනුඅභාවං කතානීති.

“විසූකායිතානී” යනාදී සියලු පද මිසදිටු බව හැඟවීමට යෙදූ වදන්ය. ඒ සම්‍යක් දෘෂ්ටිය (යහපත් දැක්ම) පසාරු කරගෙන යන වී නන්ඩුවක් මෙන් තමාගේ නපුරු හැසිරීමෙන් “විසූකායිතං”. සම්‍යක් දෘෂ්ටිය අනුව නොපවතින, එයට විරුද්ධ වශයෙන් පැවතීමෙන් “විසෙවිත” නම් වේ. කිසිවිටෙක උච්ඡේද දෘෂ්ටියත්, තව අවස්ථාවක ශාස්වත දෘෂ්ටියත් ගැනීම් වශයෙන් විරූප වූ ‘එහෙ-මෙහෙ පැනීම්’ ඇති හෙයින් “විප්ඵන්දිතං” යැයි කියයි. “තාලාවත්ථුකතානි” යනු තල්ගසක් මෙන් මුදුන සිඳී. නැවත නොවැඩෙන අර්ථයෙන් මුදුන සිඳි තල්ගසක් මෙන්, “මුල් සහිත තල්ගසක් උදුරා එහි මුදුන්මුල සිඳ නැවත තිබූ තැන තැබූ” යන අර්ථයි. “අනභාවකතානි” යනු නැවත නූපදින බවට පමුණුවන ලද යනුයි.

පඤ‍්චමං.

පස්වන සූත්‍රයයි.

6. දුතියඅවිජ‍්ජාපච‍්චයසුත‍්තවණ‍්ණනා

6. දෙවැනි අවිජ්ජාපච්චය සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ ඉති වා, භික‍්ඛවෙ, යො වදෙය්‍යාති තස‍්සං පරිසති දිට‍්ඨිගතිකො පඤ‍්හං පුච‍්ඡිතුකාමො අත්‍ථි, සො පන අවිසාරදධාතුකො උට‍්ඨාය දසබලං පුච‍්ඡිතුං න සක‍්කොති, තස‍්මා තස‍්ස අජ‍්ඣාසයෙන සයමෙව පුච‍්ඡිත්‍වා විස‍්සජ‍්ජෙන‍්තො සත්‍ථා එවමාහ.

සයවන සූත්‍රයේ “ඉති වා භික්ඛවේ! යො වදෙය්‍ය” යනු ඒ පිරිසේ සිටි දෘෂ්ටිගතිකයා ප්‍රශ්නයක් අසනු කැමැත්තෙන් සිටියි. ඔහු අවිශාරද ස්වභාව ඇති බැවින්, නැගිට බුදුරජාණන් වහන්සේන්ගෙන් එම ප්‍රශ්නය ඍජුව ඇසීමට අසමත් වේ. එනිසා ඔහුගේ අදහස දැන් බුදුපියාණන් වහසේ, එම ප්‍රශ්නය තමන් වහන්සේ විචාරා, ඊට තමන් වහන්සේ ම පිළිතුරු දීම මෙසේ ඇරඹූ සේක.

ඡට‍්ඨං.

සයවන සූත්‍රයයි.

7. නතුම‍්හසුත‍්තවණ‍්ණනා

7. නතුම්හ සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ න තුම‍්හාකන‍්ති අත‍්තනි හි සති අත‍්තනියං නාම හොති. අත‍්තායෙව ච නත්‍ථි, තස‍්මා “න තුම‍්හාක”න‍්ති ආහ. නපි අඤ‍්ඤෙසන‍්ති අඤ‍්ඤො නාම පරෙසං අත‍්තා, තස‍්මිං සති අඤ‍්ඤෙසං නාම සියා, සොපි නත්‍ථි, තස‍්මා “නපි අඤ‍්ඤෙස”න‍්ති ආහ. පුරාණමිදං, භික‍්ඛවෙ, කම‍්මන‍්ති නයිදං පුරාණකම‍්මමෙව, පුරාණකම‍්මනිබ‍්බත‍්තො පනෙස කායො, තස‍්මා පච‍්චයවොහාරෙන එවං වුත‍්තො. අභිසඞ‍්ඛතන‍්තිආදි කම‍්මවොහාරස‍්සෙව වසෙන පුරිමලිඞ‍්ගසභාගතාය වුත‍්තං, අයං පනෙත්‍ථ අත්‍ථො – අභිසඞ‍්ඛතන‍්ති පච‍්චයෙහි කතොති දට‍්ඨබ‍්බො. අභිසඤ‍්චෙතයිතන‍්ති චෙතනාවත්‍ථුකො චෙතනාමූලකොති දට‍්ඨබ‍්බො. වෙදනියන‍්ති වෙදනියවත්‍ථූති දට‍්ඨබ‍්බො.

සත්වන සූත්‍රයේ “න තුම්හා කං” යනු තමාට අයත් වන්නේ නම් “අත්තනිය” නම් වේ. ආත්ම වශයෙන් හෝ තමාගේ වශයෙන් නොපවතින බැවින් “නුඹලාගේ නොවේ”යැයි දෙසූහ. “නාපි අඤ්ඤෙසං” යන්නෙහි අන්‍යයෝ නම් අනිකුත් අයයි. ආත්මය අනුන්ගේ යැයි ගත්විට “අඤ්ඤෙසං” නම් වේ. එයද අනුන්ට අනුව නොපවතී. එනිසා “අනුන්ගේද නොවේ” යැයි දෙසූහ. “පුරාණමිදං භික්ඛවේ! කම්මං” යන මෙහි පුරාණ කර්මයම පමණක් නොවේ. පුරාණ කර්ම හේතුවෙන් උපන් මේ කය ද ඊට අයත් වේ. එහෙයින් ප්‍රත්‍ය ව්‍යවහාර වශයෙන් මෙසේ කියන ලදී. ප්‍රත්‍යයන්ගෙන් කරන ලද බැවින් “අභිසංඛත” නම් වේ යැයි දතයුතුයි. “අභිසංස්කරණය කිරීම”යැයි මුල් කර්ම ව්‍යවහාර වශයෙන්, මුල්ම ලිංග සමානාත්මතාවය ඇති බැවින් කියන ලදී. “අභිසඤ්චෙතයිතං” යනු “චේතනාව වස්තුකොට ඇති”, “චේතනාව මුල්කොට ඇති” යනුවෙන් අර්ථ දතයුතු. “වෙදයිතං” යනු වේදනාවට වස්තු වූයේ යැයි දතයුතුයි.

සත‍්තමං.

සත්වන සූත්‍රයයි.

8. චෙතනාසුත‍්තවණ‍්ණනා

8. චෙතනා සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ යඤ‍්ච, භික‍්ඛවෙ, චෙතෙතීති යං චෙතනං චෙතෙති, පවත‍්තෙතීති අත්‍ථො. යඤ‍්ච පකප‍්පෙතීති යං පකප‍්පනං පකප‍්පෙති, පවත‍්තෙතිච‍්චෙව අත්‍ථො. යඤ‍්ච අනුසෙතීති යඤ‍්ච අනුසයං අනුසෙති, පවත‍්තෙතිච‍්චෙව අත්‍ථො. එත්‍ථ ච චෙතෙතීති තෙභූමකකුසලාකුසලචෙතනා ගහිතා, පකප‍්පෙතීති අට‍්ඨසු ලොභසහගතචිත‍්තෙසු තණ‍්හාදිට‍්ඨිකප‍්පා ගහිතා, අනුසෙතීති ද‍්වාදසන‍්නං චෙතනානං සහජාතකොටියා චෙව උපනිස‍්සයකොටියා ච අනුසයො ගහිතො. ආරම‍්මණමෙතං හොතීති (චෙතනාදිධම‍්මජාතෙ සති කම‍්මවිඤ‍්ඤාණස‍්ස උප‍්පත‍්තියා අවාරිතත‍්තා) එතං චෙතනාදිධම‍්මජාතං පච‍්චයො හොති. පච‍්චයො හි ඉධ ආරම‍්මණන‍්ති අධිප‍්පෙතා. විඤ‍්ඤාණස‍්ස ඨිතියාති කම‍්මවිඤ‍්ඤාණස‍්ස ඨිතත්‍ථං. ආරම‍්මණෙ සතීති තස‍්මිං පච‍්චයෙ සති. පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස හොතීති තස‍්ස කම‍්මවිඤ‍්ඤාණස‍්ස පතිට‍්ඨා හොති. තස‍්මිං පතිට‍්ඨිතෙ විඤ‍්ඤාණෙති තස‍්මිං කම‍්මවිඤ‍්ඤාණෙ පතිට‍්ඨිතෙ. විරූළ‍්හෙති කම‍්මං ජවාපෙත්‍වා පටිසන්‍ධිආකඩ‍්ඪනසමත්‍ථතාය නිබ‍්බත‍්තමූලෙ ජාතෙ. පුනබ‍්භවාභිනිබ‍්බත‍්තීති පුනබ‍්භවසඞ‍්ඛාතා අභිනිබ‍්බත‍්ති.

අටවන සූත්‍රයේ “යඤ්ච භිකඛවේ! චෙතෙති” යනු “යමක් සිතයි. පවතියි” යන අර්ථයි. “යඤ්ච පකප්පෙති” යනු යම් කරුණක් කල්පනා කරයි. සිතයි. සිතේ එකරුණ බොහෝ වේලාවක් පවත්වාගනියි. “යඤ්ච අනුසෙති” යනු යමක (සිතක) සැඟවී පවතින රාගද්වේෂාදී සිතුවිලි අත්නොහැර පවතියි. පවත්වන්නේ ද වේ යන අර්ථයයි. මෙහිද “සිතයි” යනුවෙන් ත්‍රෛභූමික කුශල චේතනාව ගන්නා ලදී. ‘කල්පනා කරයි’ යනු අටක් වූ ලෝභ සහගත සිත්වල, තණ්හා දෘෂ්ටි විතර්ක ගන්නා ලදි. “අත් නොහැර පවතියි” යන්නෙන් දොළොසක් වූ චේතනාවන්ගෙන් සහජාත ප්‍රත්‍යයේ කෙළවර මෙන් ම උපනිශ්‍රය ප්‍රත්‍යයේ කෙළවර ද සැඟවී පවත්නා සිතුවිලි ගන්නා ලදී. “ආරම්මණං මෙතං හොති” යනු මේ චේතනා ආදී ධර්ම හටගත් ප්‍රත්‍යය වේ. ප්‍රත්‍යය යන්නෙන් මෙහිදී “අරමුණ” අදහස් කරන ලදී. “විඤ්ඤාණස්ස ඨිතියා” යනු කර්ම විඥානයේ පැවැත්මයි. “ආරම්මණෙ සති” යනු ඒ ප්‍රත්‍යයන්හි අරමුණ ඇතිකල්හිය. “පතිට්ඨා විඤ්ඤාණස්ස හොති” යනු ඒ කර්ම විඥානයාගේ පිහිටීම වේ. “තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤාණෙ” යනු එහි කර්ම විඥානය පිහිටි කල්හිය. “විරූළ්හෙ” යනු කර්මය වේගයෙන් දුවගොස් ප්‍රතිසන්ධිය ගැනීමට සමත් වූ, මූලබීජය හටගත් කල්හි. “පුනබ්භවාභිනිබ්බත්ති” යනු පුනර්භවය නම් වූ ඉපදීමයි.

නො චෙ, භික‍්ඛවෙ, චෙතෙතීති ඉමිනා තෙභූමකචෙතනාය අප‍්පවත‍්තනක‍්ඛණො වුත‍්තො. නො චෙ පකප‍්පෙතීති ඉමිනා තණ‍්හාදිට‍්ඨිකප‍්පානං අප‍්පවත‍්තනක‍්ඛණො. අථ චෙ අනුසෙතීති ඉමිනා තෙභූමකවිපාකෙසු පරිත‍්තකිරියාසු රූපෙති එත්‍ථ අප‍්පහීනකොටියා අනුසයො ගහිතො. ආරම‍්මණමෙතං හොතීති අනුසයෙ සති කම‍්මවිඤ‍්ඤාණස‍්ස උප‍්පත‍්තියා අවාරිතත‍්තා එතං අනුසයජාතං පච‍්චයොව හොති.

“නො චෙ භික්ඛවෙ! චෙතෙති” යන මෙයින් ත්‍රෛභූමික චේතනාවෙන්හි ‘නොපවත්නා ක්‍ෂණය’ පවසන ලදී. “නො ච පකප්පති” යන මෙයින් තෘෂ්ණා දෘෂ්ටි විතර්කයන්ගේ නොපවත්නා ක්ෂණය පැවසේ. “අථ චෙ අනුසෙති” යන මෙයින් ත්‍රෛභූමික විපාකයන්හි අල්ප වූ ක්‍රියාවන්හි “රූපය” යැයි මෙහි ප්‍රහීන නොවූ කෙළවර ඇති, සැඟවී පවතින රාගාදී සිතුවිලි ගන්නා ලදී. “ආරම්මණමෙතං හොති” යනු සැගවී පවත්නා අනුසයන් පවතින විට කර්ම විඥානයේ උපත, හටගැනීම නොවැලැක්විය හැකිය. එය “අනුසය ජාත” ප්‍රත්‍ය වේ.

නො චෙව චෙතෙතීතිආදීසු පඨමපදෙ තෙභූමකකුසලාකුසලචෙතනා නිවත‍්තා, දුතියපදෙ අට‍්ඨසු චිත‍්තෙසු තණ‍්හාදිට‍්ඨියො, තතියපදෙ වුත‍්තප‍්පකාරෙසු ධම‍්මෙසු යො අප‍්පහීනකොටියා අනුසයිතො අනුසයො, සො නිවත‍්තො.

“නොචෙ ව චෙතෙති” යනාදියෙහි පළමු පදයෙන් ත්‍රෛභූමික කුශලාකුශල චේතනාවන් නවතන ලදී. දෙවැනි පදයෙන් අටවැදෑරුම් වූ සිත්හි තෘෂ්ණා දෘෂ්ඨි ආදිය නවතන ලදී. තෙවැනි පදයෙන් කියූ පරිදිම ධර්මයන්හි ප්‍රහීන නොවී පවත්නා අනුසය ධර්මවේ නම්, ඒවා වලකන ලදී. නවතන ලදී.

අපිචෙත්‍ථ අසම‍්මොහත්‍ථං චෙතෙති පකප‍්පෙති අනුසෙති, චෙතෙති න පකප‍්පෙති අනුසෙති, න චෙතෙති න පකප‍්පෙති අනුසෙති, න චෙතෙති න පකප‍්පෙති න අනුසෙතීති ඉදම‍්පි චතුක‍්කං වෙදිතබ‍්බං. තත්‍ථ පඨමනයෙ ධම‍්මපරිච‍්ඡෙදො දස‍්සිතො. දුතියනයෙ චෙතෙතීති තෙභූමකකුසලචෙතනා චෙව චතස‍්සො ච අකුසලචෙතනා ගහිතා. න පකප‍්පෙතීති අට‍්ඨසු චිත‍්තෙසු තණ‍්හාදිට‍්ඨියො නිවත‍්තා. අනුසෙතීති තෙභූමකකුසලෙ උපනිස‍්සයකොටියා, චතූසු අකුසලචෙතනාසු සහජාතකොටියා චෙව උපනිස‍්සයකොටියා ච අනුසයො ගහිතො. තතියනයෙ න චෙතෙතීති තෙභූමකකුසලාකුසලං නිවත‍්තං, න පකප‍්පෙතීති අට‍්ඨසු චිත‍්තෙසු තණ‍්හාදිට‍්ඨියො නිවත‍්තා, අනුසෙතීති සුත‍්තෙ ආගතං වාරෙත්‍වා තෙභූමකකුසලාකුසලවිපාකකිරියාරූපෙසු අප‍්පහීනකොටියා උපනිස‍්සයො ගහිතො. චතුත්‍ථනයො පුරිමසදිසොව.

තවද මෙහි නොමුලාබව පිණිස සිතයි. කල්පනා කරයි. අත්නොහැර පවතියි; සිතයි. කල්පනා නොකරයි. අත්නොහැර පවත්වයි; නොසිතයි. කල්පනා නොකරයි. අත්නොහැර පවත්වයි; නො සිතයි. කල්පනා නොකරයි. අත්නොහැර නොපවත්වයි. මේ සතර ක්‍රමය දැනගත යුතුයි. මෙහි පළමු ක්‍රමයෙන් ධර්මය බෙදා දැක්වීම දක්වන ලදී. දෙවැනි ක්‍රමයෙන් “සිතයි” යනු ත්‍රෛභූමික කුශල චේතනා, සිවුවැදෑරුම් අකුසල චේතනා ගන්නා ලදී. “කල්පනා නොකරයි” යනුවෙන් සිත් අටෙහි තණ්හා දෘෂ්ටිය නවතන ලදී. “අත්නොහැර පවත්වයි” යනුවෙන් ත්‍රෛභූමික කුසලයන්හි උපනිශ්‍රය වූ ද සතර අකුසල චේතනාවන්හි පවතින සහජාත වූ ද උපනිශ්‍රය වූ ද අනුසයන් ගන්නා ලදී. තෙවැනි ක්‍රමයෙහි “නොසිතයි” යනු ත්‍රෛභූමික කුශලාකුශලයෝ නවතන ලදී. “කල්පනා නොකරයි” යනුවෙන් අටක් වූ සිත්හි තණ්හා දෘෂ්ටිය නවතන ලදී “අත්නොහැර පවත්වයි” යනුවෙන් සූත්‍රයේ පැමිණි කරුණ වලක්වා, ත්‍රෛභූමික කුශලාකුශල, විපාක, ක්‍රියා, රූපාදියෙහි අප්‍රහීන වූ උපනිශ්‍රය ප්‍රත්‍යය ගන්නා ලදී. සතරවන ක්‍රමය පළමු ක්‍රමයට සමාන වේ.

තදප‍්පතිට‍්ඨිතෙති තස‍්මිං අප‍්පතිට‍්ඨිතෙ. අවිරූළ‍්හෙති කම‍්මං ජවාපෙත්‍වා පටිසන්‍ධිආකඩ‍්ඪනසමත්‍ථතාය අනිබ‍්බත‍්තමූලෙ. එත්‍ථ පන කිං කථිතන‍්ති? අරහත‍්තමග‍්ගස‍්ස කිච‍්චං, ඛීණාසවස‍්ස කිච‍්චකරණන‍්තිපි නවලොකුත‍්තරධම‍්මාතිපි වත‍්තුං වට‍්ටති. එත්‍ථ ච විඤ‍්ඤාණස‍්ස චෙව ආයතිං පුනබ‍්භවස‍්ස ච අන‍්තරෙ එකො සන්‍ධි, වෙදනාතණ‍්හානමන‍්තරෙ එකො, භවජාතීනමන‍්තරෙ එකොති.

“තදප්පතිට්ඨිතෙ” යනු එහි නොපිහිටි කල්හිය. “අවිරූළ්හෙ” යනු කර්මය දුවගොස් ප්‍රතිසන්ධිය ඇදගැනීමට සමත් වූ නොහටගන්නා මුල් ඇති කල්හිය. විඤ්ඤාණය නොවැඩුණු කල්හිය. - මෙහිදී කුමක් කියන ලදද? අර්හත් මාර්ගයේ කටයුතු, රහතන් වහන්සේගේ කටයුතු, නවලෝකෝත්තර ධර්මය යනාදියද මෙහි සඳහන් කිරීම සුදුසුය. මෙහිද විඤ්ඤාණයට මෙන්ම මතු පුනර්භවයට ද අතර එක් සන්ධියක් ඇත. වේදනා හා තණ්හා දෙක අතර එක් සන්ධියකි. භව හා ජාති දෙක අතර තවත් සන්ධියකි. මෙසේ සන්ධි තුනකි.

අට‍්ඨමං.

අටවන සූත්‍රයයි.

9. දුතිය චෙතනා සුත‍්තවණ‍්ණනා

9. දෙවැනි චෙතනා සූත්‍ර වර්ණනාව

නවමෙ විඤ‍්ඤාණනාමරූපානං අන‍්තරෙ එකො සන්‍ධි, වෙදනාතණ‍්හානමන‍්තරෙ එකො, භවජාතීනමන‍්තරෙ එකොති.

නවවන සූත්‍රයේ - විඤ්ඤාණ හා නාමරූප දෙක අතර එක් සන්ධියකි. වේදනා හා තණ්හා දෙක අතර එක් සන්ධියකි. භව හා ජාති දෙක අතර එක් සන්ධියකි. මෙසේ සන්ධි තුනකි.

නවමං.

නවවන සූත්‍රයයි.

10. තතියචෙතනාසුත‍්තවණ‍්ණනා

10. තෙවැනි චෙතනා සූත්‍ර වර්ණනාව

දසමෙ නතීති තණ‍්හා. සා හි පියරූපෙසු රූපාදීසු නමනට‍්ඨෙන “නතී”ති වුච‍්චති. ආගති ගති හොතීති ආගතිම‍්හි ගති හොති, ආගතෙ පච‍්චුපට‍්ඨිතෙ කම‍්මෙ වා කම‍්මනිමිත‍්තෙ වා ගහිනිමිත‍්තෙ වා පටිසන්‍ධිවසෙන විඤ‍්ඤාණස‍්ස ගති හොති. චුතූපපාතොති එවං විඤ‍්ඤාණස‍්ස ආගතෙ පටිසන්‍ධිවිසයෙ ගතියා සති ඉතො චවනසඞ‍්ඛාතා චුති, තත්‍ථූපපත‍්තිසඞ‍්ඛාතො උපපාතොති අයං චුතූපපාතො නාම හොති. එවං ඉමස‍්මිං සුත‍්තෙ නතියා ච ආගතිගතියා ච අන‍්තරෙ එකොව සන්‍ධි කථිතොති.

දසවන සූත්‍රයේ - “නති” යනු තණ්හාවයි. ඒ තණ්හාව වනාහී ප්‍රිය රූපාදියෙහි නැමෙන බැවින් ‘නති’ යැයි කියනු ලැබේ. “අගතිගති හොති” යනු පැමිණීමෙහි “ගමන” (ගති) වේ. කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් පැමිණි කල්හි, එළඹ සිටි කල්හි ප්‍රතිසන්ධි වශයෙන් විඥාණයට “යෑම” වේ. “චුතුපපාතො” යනු මෙසේ විඤ්ඤාණය ප්‍රතිසන්ධි විෂයට පැමිණි කල්හි, පැමිණි කල්හි “චුති” යන වචනය යෙදේ. එහි ඉපදීම් සංඛ්‍යාත වූ “උප්පාතො” (ඉපදීම) යන වචනය යෙදේ. ඒ දෙක එකතු වී මේ “චුතූපපාත” යන වචනය සැකසේ නම් වේ. මෙසේ මෙම සූත්‍රයෙහි තණ්හාවට ද (නතියා) අරමුණෙහි විඥානය පැවතීමට ද (අගතිගතියා) අතර එකම සන්ධියක් කියන ලදී.

දසමං.

දසවන සූත්‍රයයි.

කළාරඛත‍්තියවග‍්ගො චතුත්‍ථො.

සතරවන කළාරඛත්තිය වර්ගය නිමාවිය.