චෙතනාසුත්තං
1. 4. 8.
1. 4. 8.
චෙතනාසුත්තං
චේතනා සූත්රය
38. සාවත්ථියං–
38. සැවැත්නුවර–
යඤ්ච භික්ඛවෙ, චෙතෙති යඤ්ච පකප්පෙති, යඤ්ච අනුසෙති, ආරම්මණමෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා. ආරම්මණෙ සති පතිට්ඨා විඤ්ඤාණස්ස හොති. තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤාණෙ විරූළ්හෙ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති. ආයතිං පුනබ්භවාභිනිබ්බත්තියා සති ආයතිං ජාති ජරා මරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
මහණෙනි, යමකුත් සිතයි ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇතිකල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි, වැඩුනු කල්හි මතු පුනර්භවය හටගැණීම වේ. මතු පුනර්භවය හට ගැණීම ඇති කල්හි මතු ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැණීම වේ.
නො චෙ භික්ඛවෙ, චෙතෙති, නො චෙ පකප්පෙති, අථ චෙ අනුසෙති, ආරම්මණමෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා. ආරම්මණෙ සති පතිට්ඨා විඤ්ඤාණස්ස හොති. තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤාණෙ විරූළ්හෙ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති. ආයතිං පුනබ්භවාභිනිබ්බත්තියා සති ආයතිං ජාතිජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
මහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නො කෙරේ ද, එහෙත් අනුසයනය කෙරේ ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුනු කල්හි මතු පුනර්භවය හටගැණීම වේ. මතු පුනර්භවය හටගැණීම ඇති කල්හි මතු ජාතිජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැණීම වේ.
යතො ච ඛො භික්ඛවෙ, නො චෙව චෙතෙති, නො ච පකප්පෙති, නො ච අනුසෙති, ආරම්මණමෙතං න හොති විඤ්ඤාණස්ස ඨිතියා. ආරම්මණෙ අසති පතිට්ඨා විඤ්ඤාණස්ස න හොති. තදප්පතිට්ඨිතෙ විඤ්ඤාණෙ අවිරූළ්හෙ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති න හොති. ආයතිං පුනබ්භවාභිනිබ්බත්තියා අසති ආයතිං ජාතිජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
මහණෙනි, යම් කලෙක නො ද සිතා ද, නො ද කල්පනා කෙරේ ද, නො ද පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ නො වේ. අරමුණ නැති කල්හි විඥානයේ පිහිටීම නො වේ. ඒ විඥානය නො පිහිටි කල්හි නො වැඩුනු කල්හි මතු පුනර්භවය හට ගැණීම නොවේ. මතු පුනර්භවය හටගැණීම නැති කල්හි මතු ජාති ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.