යෙදුමෙන් කියවන්න

දුතිය චෙතනා සුත‍්තං

1. 4. 9.

1. 4. 9.

දුතිය චෙතනා සුත‍්තං

දෙවැනි චේතනා සූත්‍රය

39. සාවත්‍ථියං–

39. සැවැත්නුවර–

යඤ‍්ච භික‍්ඛවෙ, චෙතෙති, යඤ‍්ච පකප‍්පෙති, යඤ‍්ච අනුසෙති, ආරම‍්මණමෙතං හොති විඤ‍්ඤාණස‍්ස ඨිතියා. ආරම‍්මණෙ සති පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස හොති. තස‍්මිං පතිට‍්ඨිතෙ විඤ‍්ඤාණෙ විරූළ‍්හෙ නාමරූපස‍්ස අවක‍්කන‍්ති හොති. නාමරූපපච‍්චයා සළායතනං, සළායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා -පෙ- තණ‍්හා -පෙ- උපාදානං -පෙ- භවො -පෙ- ජාති -පෙ- ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

මහණෙනි, යමකුත් සිතා ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැන්ම වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ... තෘෂ්ණාව ... උපාදාන ... භවය ... ජාතිය ... ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හට ගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැණීම වේ.

නො චෙ භික‍්ඛවෙ, චෙතෙති, නො චෙ පකප‍්පෙති, අථ චෙ අනුසෙති, ආරම‍්මණමෙතං හොති විඤ‍්ඤාණස‍්ස ඨිතියා. ආරම‍්මණෙ සති පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස හොති. තස‍්මිං පතිට‍්ඨිතෙ විඤ‍්ඤාණෙ විරූළ‍්හෙ නාමරූපස‍්ස අවක‍්කන‍්ති හොති. නාමරූපපච‍්චයා සළායතනං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

මහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නො කෙරේ ද, එහෙත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැන්ම වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැන්ම වේ.

යතො ච ඛො භික‍්ඛවෙ, නො චෙව චෙතෙති, නො ච පකප‍්පෙති, නො ච අනුසෙති, ආරම‍්මණමෙතං න හොති විඤ‍්ඤාණස‍්ස ඨිතියා. ආරම‍්මණෙ අසති පතිට‍්ඨා විඤ‍්ඤාණස‍්ස න හොති. තදප‍්පතිට‍්ඨිතෙ විඤ‍්ඤාණෙ අවිරූළ‍්හෙ නාමරූපස‍්ස අවක‍්කන‍්ති න හොති. නාමරූපනිරොධා සළායතන නිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති.

මහණෙනි, යම් කලෙක නො ද සිතා ද, නො ද කල්පනා කෙරේ ද, නො ද පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ නො වේ. අරමුණ නැති කල්හි විඥානයේ පිහිටීම නො වේ. ඒ විඥානය නො පිහිටි කල්හි නො වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැණීම නො වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.